මූ ජෙප්පෙක් ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    බස්නාහිර පළාත් මන්ත්‍රී අශෝක රන්වල රිමාන්ඩ්
    (ටෝනි කරුණානායක)

    සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා ලබන 19 දක්වා රිමාන්ඩ් කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා අද(5) නියම කළේය.

    පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තමාට පහරදුන් බව කියමින් මන්ත්‍රීවරයා රෝහල් ගත කරනු ලැබිණි. සපුගස්කන්ද පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා රාගම රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන මන්ත්‍රීවරයා නිරීක්ෂණයට ලක්කර එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඌ ජෙප්පෙක් තමා. පොලිසිය කියන්නේ හොරෙක් නිදහස් කරන්න කියලා ගේම ඉල්ලුවා කියලා. ඌ කියන්නේ පොලොසියෙන් අල්ලන් ආපු කොල්ලට ගහලා කකුල් දෙකට හොදටම ඩෑමේජ් හින්දා ඌව ඉස්පිරිතාලේ ගෙනියන්න කිව්වම පොලිස් කාරයා ඌට ගෑහුවා කියලා. පොලිසිය කියන්නේ කොල්ලගේ කකුල් ඩෑමෙජ් වුනේ දුවද්දි උසකින් පෑනපු හින්දා කියලා. කොහොම හරි මූ බේරන්න ගිහින් තියෙන්නේ හොරෙක් වගේ