මම කියන්නේ ප්‍රයෝගික දැනුම ගොඩක් අත්‍යවශ්‍යයි. තියරි පමණක් මදි. එත් කෙනෙක් ප්‍රයෝගික දැනුමෙන් සහ පළපුරුද්දෙන් ගොඩයන්න හිතනවානම් එක විහිළුවක්. ඒක සිමා සහිතයි. එක නිකන් ඉංජිනේරුවෙක් නැතුව නිකන් බාස් කෙනෙක් තට්ටු 50 - 60 බිල්ඩින් එකක් ගහනවා වගේ වැඩක්.
සමහර අවධානම් තත්ත්ව යටතේ තීරණ ගැනීමට තියරි ගොඩක් වැදගත්. ප්‍රයෝගික දැනුම අඩුවෙන්න හේතුව සහ ප්‍රධානම වැරැද්ද තියෙන්නේ ඒ පුද්ගලයාගේ අතේ. අධ්‍යාපන ක්රමයේ වැරද්දක් නොවෙයි. තමන් Industry එකට ආශා වෙන්න ඕනේ. ගවේෂණය කරන්න ඕනේ. අත්හදා බැලීම් කරන්න ඕනේ. එතකොට ස්වයන්වම ප්‍රයෝගික දැනුම එකතු වෙනවා.
මොකද අපිත් එහෙමයි. මේ විෂයට ගොඩාක් ආසා උනා. ගොඩක් දේවල් අත්හදා බැලුවා. ආසාව තුලින් ප්‍රයෝගික දැනුම ලැබුන. එත් එක්ක රක්ෂාව ලැබුන. රැකියාව කරන අතරතුර ප්‍රයෝගික දැනුම වේගයෙන් වර්ධනය උනා.
මම දන්නා ගොඩක් අය ඉන්නවා. එ දවස් වල අපිත් එක්කම ඩිග්‍රිය සම්පුර්න කළා. ඒ අයට First Class ඩිග්රියක් හම්බ උනේ. අපිට Second upper .
නමුත් ඒ අය ඉගන ගත්තේ උපාධියක් කරන්න ඕනේ කියල ඉන්න මට්ටමෙන් විතරයි. නමුත් ඔවුන් විෂයට ඇලුම් කලේ නැහැ. ඉතින් ප්‍රයෝගික දැනුම වර්ධනය නැතිව ගියා. රක්ෂාවක් ලැබුනේ නැහැ . දැන් වේලෙනවා , තොරතුරු තක්ෂණයට බැන වදිනවා.
IT කියන්නේ විශාල පුළුල් පරාසයක් දක්වා පැතිරෙන විෂයක්. ලේසියෙන් ඉහලට යන්න බැහැ. දුක් විඳින්න ඕනේ. නිදි මරන්න ඕනේ.