මෙක්සිකෝව කියූ සැනින් ඔබගේ මතකයට එක් වන දෑ රාශියක් තිබෙන්නට පුළුවන්. දිගු හිස්වැසුම්, ටාකෝස් වැනි ජනප්‍රිය ආහාර වර්ග, සුන්දර වෙරළ තීරයන් වැනි දෑ ලොව පුරා මෙක්සිකානුවන්ට අනන්‍ය සංස්කෘතියක් ගොඩ නැඟීමට සමත් ව තිබෙනවා.
ගහට පොත්ත මෙන් මෙක්සිකෝව සමඟ බැඳී ඇත්තේ මත්ද්‍රව්‍ය යි. මෙක්සිකානු මරිජුවානා වගා මෙන් ම කොලොම්බියාවේ නිෂ්පාදනය කරනා කොකේන්, අමෙරිකාවට බෙදා හැරීමේ මර්මස්ථානයක් ලෙසින් මෙක්සිකෝව හඳුන්වා දිය හැකි වනවා.
අමෙරිකානු භාරයට ගත් මෙක්සිකෝව හරහා පැමිණි මත්ද්‍රව්‍ය තොගයක්
1980 දශකය වන විට අමෙරිකාවට ගමන් කරනා මරිජුවානාවලින් අතිශය බහුතරය මෙක්සිකෝව හරහා පැමිණි ඒවා වුණා. මේ නිසා මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම උදෙසා අමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ (DEA) නිලධාරීන් මෙක්සිකෝවේ රැඳී සිටියා. වැටලීම් සිදු කිරීම මෙන් ම අදාළ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ජාල බිඳ හෙළා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ද ඔවුන්ගේ වගකීම බවට පත්වුණා. මෙලෙස DEA නිලධාරීන්ගේ කාර්යභාරය ගැන කතා කිරීමේදී ඉතිහාසගත චරිතයක් හමුවනවා. ඔහු නමින් මෙක්සිකානු සම්භවයක් තිබූ අමෙරිකානුවෙක් වන කිකී කැමරිනා. අදටත් DEA ඉතිහාසයේ වීරයෙක් ලෙසින් ඔහුගේ නම සටහන් වී තිබෙනවා.
කිකී කැමරිනා
එන්රිකේ කැමරිනා සැලසාර් හෙවත් කිකී කැමරිනා මෙක්සිකෝවේ දී 1947 ජූලි මස 26 වනදා උපත ලැබුවා. ඉන් අනතුරු ව 1965 වසරේ දී අමෙරිකානු හමුදාවට එක් වී වසර 5ක් පමණ මැරීන් සෙබළෙක් ලෙසින් ද ඔහු සේවය කළා. හමුදා සේවයෙන් ඉවත් වීමෙන් අනතුරු ව මත්ද්‍රව්‍ය නිවාරණයට යොමු වන කිකී, 1970 දී Calexico පොලිස් දෙපාර්තමේන්තුවට එක් වුණා. 1973 වසරේදී DEA සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් ලෙසින් ඔහු සේවයට එක් වූ අතර ම ඉන් පසුව දිගට ම DEA නියෝජිතයෙක් වශයෙන් කටයුතු කළා.
1973 වසර වන විටත් මෙක්සිකෝ සහ කොලොම්බියාව අවටින් අමෙරිකාවට වසරකට පැමිණෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් ගණන්වලින් සටහන් වුණා. මෙලෙස පැමිණෙන මත්ද්‍රව්‍ය ජාලයට වැට බැඳීම අමෙරිකාවට අත්‍යවශ්‍ය වූ නිසා DEA සංවිධානය පිහිටුවීමට ඔවුන් තීරණය කළා. විශේෂයෙන් ම මෙක්සිකෝවේ සහ කොලොම්බියාවේ ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ වන නිසා ස්පාඤ්ඤ භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි අයට DEA පුරප්පාඩු නිර්මාණය වුණා. කිකී කැමරිනාගේ අත්දැකීම් සහ ස්පාඤ්ඤ භාෂා දැනුම පහසුවෙන් ම ඔහු DEA නියෝජිතයෙක් බවට පරිවර්තනය කළා.
මේ නිසා ගුආඩලාහාරා ප්‍රදේශයේ බිහි වුණ නව DEA කාර්යාලය සඳහා පුරප්පාඩු ඇති වූ අතර ම කිකී කැමරිනා එහි සේවය කිරීමට උනන්දු වුණා. කැමරිනා 1980 දි මෙක්සිකෝවට පැමිණියේ බිරිය සහ තමන්ගේ දරු තිදෙනාත් සමඟ යි.
80 දශකයේ මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම රජ කළ මිගෙල් ඈන්හෙල් ෆීලික්ස් ගයාර්ඩෝ
1980 වන විට මෙක්සිකෝවේ පිහිටි මත්ද්‍රව්‍ය කාටෙල් සියල්ල ම එකට එකතු කරමින් එක සංවිධානයක් පිහිටුවීමට මිගෙල් ෆීලික්ස් ඈන්හෙල් ගයාර්ඩෝ කටයුතු කරමින් සිටියා. ඔහුත් සමඟින් එක්වන අර්නෙස්ටෝ ෆොන්සේකා කරිල්ලො සහ රෆායෙල් කාරෝ ක්වින්ටේරෝ මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාලය තුළ වෙන ම ගමනක් ආරම්භ කොට සිටියා. මෙලෙස සියලු ම මත්ද්‍රව්‍ය කාටෙල එකතු වෙමින් සිටීම නිසා ඔවුන් බිඳ හෙළීම ද පහසු වුයේ නෑ.
ඉතිහාසයේ විශාලතම මරිජුවානා වගාව නිර්මාණය කළ රෆා කාරෝ ක්වින්ටේරෝ
මේ විශේෂ මරිජුවානා වර්ගය මෙක්සිකෝවේ සිට පැමිණෙන ඒවා බවට සොයා ගත්තත් මේවා වගා කොට තිබෙන්නේ කිනම් ප්‍රදේශයක ද යන්න සොයා ගැනීම අපහසු වී තිබුණා. කිකී කැමරිනා ඒ සම්බන්ධයෙන් සෙවීම සඳහා විශේෂයෙන් කැප වී කටයුතු කළා. ඔහුගේ මහන්සියේ ප්‍රතිඵලයක් වශයෙන් මුල් ම වතාවට, 1982 වසරේ අගෝස්තු මාසයේ දී වගාව තිබෙන ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා. ඒකල ගුවන් ගමන් කිහිපයක් ඔස්සේ අවශ්‍ය ඡායාරූප පවා ලබා ගැනීමට කැමරිනා කටයුතු කළා. එය සැන් ලුයිස් පොටෝසි ප්‍රාන්තයේ වැනෙගාස් නම් කුඩා හුදෙකලා නගරයකට ඔබ්බෙන් පිහිටි කාන්තාර බිමක පිහිටා තිබුණා.
මෙම මරිජුවානා වගාව එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැටලීමකට ලක් වූ විශාලත ම වගාව ලෙස සැලකීම නිවැරදි යි. අක්කර 2500 ක භූමි භාගය තුළ සේවකයන් සිය ගණනක් මරිජුවානා නෙළීමේ නිරත වී සිටියා. වසරක් තුළ සමස්ත අමෙරිකානු මරිජුවානා භාවිතයෙන් 3න් 1ක් පමණ මෙම භූමියෙන් නෙළා ගැනුණා.
එය ටොන් 4000ක් පමණ වන අතර එවක එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 8ක් පමණ වුණා. එකල සෞදි අරාබියේ තෙල් මෙන් ම මෙම වගා භූමියෙන් විශාල ආදායමක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලැබුණ බව අමෙරිකානු පුවත්පත් වාර්තාකර සිටියා. කැමරිනා DEA ඉතිහාසයේ විශාලත ම මරිජුවානා වැටලීමේ ප්‍රධාන හවුල්කරුවෙක් බවට පත්වුණා.
මරිජුවානා වගාව වැටලීමෙන් පසු කැමරිනා
වැටලීමෙන් අනතුරුව සම්පූර්ණ වගාව ම ගිනිතබා විනාශ කිරීමට කටයුතු කළා. මේ හේතුවෙන් රෆායෙල් කාරෝ ක්වින්ටේරෝ ඇතුළු මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වියරු වැටී සිටියා කිවහොත් එය වඩාත් නිවැරදි යි. එය කිකී කැමරිනාගේ පැත්තෙන් එතරම් සුබදායී දෙයක් වූයේ නෑ.
තමන්ගේ මරිජුවානා වගාව විනාශ කිරීම නිසා කුපිත වන රෆායෙල් කාරෝ ක්වින්ටේරෝ ප්‍රධාන මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිකී කැමරිනා පැහැරගෙන ගොස් තිබුණා. අනතුරුව 881 ලෝප් ඩි වේගා හි පිහිටි රෆායෙල්ට අයත් ස්ථානයකට රැගෙන ගොස් කැමරිනා ප්‍රශ්න කිරීමට ලක්කොට තිබුණා.
මේ කාලය ඇතුළත දිගින් දිගට ම කැමරිනා සොයා මෙහෙයුම් සිදු කළත් අවාසනාවකට ඒ මෙහෙයුම් සාර්ථක වුණේ නෑ. පැහැර ගැනීමෙන් මසකට පසුව 1985 මාර්තු මස 5 වනදා මිචාකෝන් ප්‍රාන්තයේ ලා ඇන්ගෝස්ටුරා නගරයෙන් පිට කුඩා ගමක තිබී ප්ලාස්ටික්වලින් ඔතා තිබූ කිකී කැමරිනාගේ සිරුර හමු වුණා.
ගහට පොත්ත මෙන් මෙක්සිකෝව සමඟ බැඳී ඇත්තේ මත්ද්‍රව්‍ය යි. මෙක්සිකානු මරිජුවානා වගා මෙන් ම කොලොම්බියාවේ නිෂ්පාදනය කරනා කොකේන්, අමෙරිකාවට බෙදා හැරීමේ මර්මස්ථානයක් ලෙසින් මෙක්සිකෝව හඳුන්වා දිය හැකි වනවා.
අමෙරිකානු භාරයට ගත් මෙක්සිකෝව හරහා පැමිණි මත්ද්‍රව්‍ය තොගයක්
1980 දශකය වන විට අමෙරිකාවට ගමන් කරනා මරිජුවානාවලින් අතිශය බහුතරය මෙක්සිකෝව හරහා පැමිණි ඒවා වුණා. මේ නිසා මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම උදෙසා අමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ (DEA) නිලධාරීන් මෙක්සිකෝවේ රැඳී සිටියා. වැටලීම් සිදු කිරීම මෙන් ම අදාළ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ජාල බිඳ හෙළා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ද ඔවුන්ගේ වගකීම බවට පත්වුණා. මෙලෙස DEA නිලධාරීන්ගේ කාර්යභාරය ගැන කතා කිරීමේදී ඉතිහාසගත චරිතයක් හමුවනවා. ඔහු නමින් මෙක්සිකානු සම්භවයක් තිබූ අමෙරිකානුවෙක් වන කිකී කැමරිනා. අදටත් DEA ඉතිහාසයේ වීරයෙක් ලෙසින් ඔහුගේ නම සටහන් වී තිබෙනවා.
කිකී කැමරිනා
DEA හෙවත් United States Drug Enforcement Administration ආරම්භ වූයේ 1974 වර්ෂයේදී යි. මුල් කාලයේදී DEA සඳහා විශේෂ සැලකිල්ලක් නොලැබුණු බව සඳහන්. එයට හේතුව වන්නේ CIA, FBI වැනි සංවිධාන මෙන් පරිනත නොවීමත් ආරම්භක අවදිය නිසා විශේෂ යමක් ඉටු නොකිරීමත් යන කාරණා යි. කිකී කැමරිනාගේ සිදුවීමෙන් අනතුරු ව මේ සියල්ල ම කණපිට හැරුණා කිවහොත් වඩා නිවැරදි යි.
කිකී කැමරිනා
එන්රිකේ කැමරිනා සැලසාර් හෙවත් කිකී කැමරිනා මෙක්සිකෝවේ දී 1947 ජූලි මස 26 වනදා උපත ලැබුවා. ඉන් අනතුරු ව 1965 වසරේ දී අමෙරිකානු හමුදාවට එක් වී වසර 5ක් පමණ මැරීන් සෙබළෙක් ලෙසින් ද ඔහු සේවය කළා. හමුදා සේවයෙන් ඉවත් වීමෙන් අනතුරු ව මත්ද්‍රව්‍ය නිවාරණයට යොමු වන කිකී, 1970 දී Calexico පොලිස් දෙපාර්තමේන්තුවට එක් වුණා. 1973 වසරේදී DEA සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් ලෙසින් ඔහු සේවයට එක් වූ අතර ම ඉන් පසුව දිගට ම DEA නියෝජිතයෙක් වශයෙන් කටයුතු කළා.
1973 වසර වන විටත් මෙක්සිකෝ සහ කොලොම්බියාව අවටින් අමෙරිකාවට වසරකට පැමිණෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් ගණන්වලින් සටහන් වුණා. මෙලෙස පැමිණෙන මත්ද්‍රව්‍ය ජාලයට වැට බැඳීම අමෙරිකාවට අත්‍යවශ්‍ය වූ නිසා DEA සංවිධානය පිහිටුවීමට ඔවුන් තීරණය කළා. විශේෂයෙන් ම මෙක්සිකෝවේ සහ කොලොම්බියාවේ ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ වන නිසා ස්පාඤ්ඤ භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි අයට DEA පුරප්පාඩු නිර්මාණය වුණා. කිකී කැමරිනාගේ අත්දැකීම් සහ ස්පාඤ්ඤ භාෂා දැනුම පහසුවෙන් ම ඔහු DEA නියෝජිතයෙක් බවට පරිවර්තනය කළා.
කැමරිනා මෙක්සිකෝවට
80 දශකය ආරම්භ වෙද්දී ම ඉහත සඳහන් මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට අමෙරිකානු බලධාරීන් කටයුතු කරමින් සිටියා. ඒ අනුව යමින් මෙක්සිකෝවේ DEA කාර්යාලයක් පවා බිහි වුණා. ඒ වන විටත් මෙක්සිකෝවේ ගුආඩලාහාරා (Guadalajara) ප්‍රදේශයේ හිස ඔසවමින් සිටි මිගෙල් ෆීලික්ස් ඈන්හෙල් ගයාර්ඩෝ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ඔහුගේ සහචරයන් වැලැක්වීම අමෙරිකාවට අත්‍යවශ්‍ය වී තිබුණා.මේ නිසා ගුආඩලාහාරා ප්‍රදේශයේ බිහි වුණ නව DEA කාර්යාලය සඳහා පුරප්පාඩු ඇති වූ අතර ම කිකී කැමරිනා එහි සේවය කිරීමට උනන්දු වුණා. කැමරිනා 1980 දි මෙක්සිකෝවට පැමිණියේ බිරිය සහ තමන්ගේ දරු තිදෙනාත් සමඟ යි.
80 දශකයේ මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම රජ කළ මිගෙල් ඈන්හෙල් ෆීලික්ස් ගයාර්ඩෝ
1980 වන විට මෙක්සිකෝවේ පිහිටි මත්ද්‍රව්‍ය කාටෙල් සියල්ල ම එකට එකතු කරමින් එක සංවිධානයක් පිහිටුවීමට මිගෙල් ෆීලික්ස් ඈන්හෙල් ගයාර්ඩෝ කටයුතු කරමින් සිටියා. ඔහුත් සමඟින් එක්වන අර්නෙස්ටෝ ෆොන්සේකා කරිල්ලො සහ රෆායෙල් කාරෝ ක්වින්ටේරෝ මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාලය තුළ වෙන ම ගමනක් ආරම්භ කොට සිටියා. මෙලෙස සියලු ම මත්ද්‍රව්‍ය කාටෙල එකතු වෙමින් සිටීම නිසා ඔවුන් බිඳ හෙළීම ද පහසු වුයේ නෑ.
මෙක්සිකෝව තුළ කැමරිනාගේ කාර්යභාරය
මේ කාලය තුළ දී මෙක්සිකෝවේ මරිජුවානා වගාව සෑහෙන තරම් දුරට පැතිරී තිබුණා. එකල වෙළඳපොළ වෙතට පැමිණි නව මරිජුවානා වර්ගයක් අතිශය ජනප්‍රිය වුණා. එය අමෙරිකානු මරිජුවානා වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් ආක්‍රමණය කළා. මේ වර්ගය හැඳින්වුණේ Sinsemilla ලෙසට යි. එහි තේරුම වන්නේ Seedless හෙවත් බීජ රහිත යන්න යි. මරිජුවානාවල වැඩි වශයෙන් බීජ පැවතීම හේතුවෙන් බර සහ ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ ගැටලු පැවතුණා. මේ බීජ රහිත ප්‍රභේදය ඒ සියලු ගැටලු විසඳා දැමීමට සමත් වීම විශේෂත්වයක්.
ඉතිහාසයේ විශාලතම මරිජුවානා වගාව නිර්මාණය කළ රෆා කාරෝ ක්වින්ටේරෝ
මේ විශේෂ මරිජුවානා වර්ගය මෙක්සිකෝවේ සිට පැමිණෙන ඒවා බවට සොයා ගත්තත් මේවා වගා කොට තිබෙන්නේ කිනම් ප්‍රදේශයක ද යන්න සොයා ගැනීම අපහසු වී තිබුණා. කිකී කැමරිනා ඒ සම්බන්ධයෙන් සෙවීම සඳහා විශේෂයෙන් කැප වී කටයුතු කළා. ඔහුගේ මහන්සියේ ප්‍රතිඵලයක් වශයෙන් මුල් ම වතාවට, 1982 වසරේ අගෝස්තු මාසයේ දී වගාව තිබෙන ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා. ඒකල ගුවන් ගමන් කිහිපයක් ඔස්සේ අවශ්‍ය ඡායාරූප පවා ලබා ගැනීමට කැමරිනා කටයුතු කළා. එය සැන් ලුයිස් පොටෝසි ප්‍රාන්තයේ වැනෙගාස් නම් කුඩා හුදෙකලා නගරයකට ඔබ්බෙන් පිහිටි කාන්තාර බිමක පිහිටා තිබුණා.
මරිජුවානා වගාව වැටලීම
කැමරිනාගේ සොයා ගැනීම් සහ ස්ථිර කිරීම්වලින් පසු ව 1984 වර්ෂයේ දී මෙක්සිකෝ හමුදා සෙබළුන් 450ක් සහ හෙලිකොප්ටර් යානා මඟින් මෙම වගාව වැටලීම සිදු කළා. ඒ වන විට ඇට රහිත මරිජුවානා නිෂ්පාදනය කළ වගාව හෙක්ටයාර 1000ක් හෙවත් අක්කර 2500 ක භූමි භාගයක පැතිරී තිබුණා. මෙම වගාවේ මහමොළකරු ලෙසින් රෆායල් කාරෝ ක්වින්ටේරෝ හැඳින්වුණා. වැටලීම අවසානයේ දී වගකිවයුතු ඉහළ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියල්ල ම පාහේ පලා ගොස් තිබුණත් අමෙරිකාවට මරිජුවානා ටොන් ගණනින් පැටවූ වගාව රජයේ හමුදා අත්පත් කරගෙන තිබුණා.මෙම මරිජුවානා වගාව එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැටලීමකට ලක් වූ විශාලත ම වගාව ලෙස සැලකීම නිවැරදි යි. අක්කර 2500 ක භූමි භාගය තුළ සේවකයන් සිය ගණනක් මරිජුවානා නෙළීමේ නිරත වී සිටියා. වසරක් තුළ සමස්ත අමෙරිකානු මරිජුවානා භාවිතයෙන් 3න් 1ක් පමණ මෙම භූමියෙන් නෙළා ගැනුණා.
එය ටොන් 4000ක් පමණ වන අතර එවක එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 8ක් පමණ වුණා. එකල සෞදි අරාබියේ තෙල් මෙන් ම මෙම වගා භූමියෙන් විශාල ආදායමක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලැබුණ බව අමෙරිකානු පුවත්පත් වාර්තාකර සිටියා. කැමරිනා DEA ඉතිහාසයේ විශාලත ම මරිජුවානා වැටලීමේ ප්‍රධාන හවුල්කරුවෙක් බවට පත්වුණා.
මරිජුවානා වගාව වැටලීමෙන් පසු කැමරිනා
වැටලීමෙන් අනතුරුව සම්පූර්ණ වගාව ම ගිනිතබා විනාශ කිරීමට කටයුතු කළා. මේ හේතුවෙන් රෆායෙල් කාරෝ ක්වින්ටේරෝ ඇතුළු මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වියරු වැටී සිටියා කිවහොත් එය වඩාත් නිවැරදි යි. එය කිකී කැමරිනාගේ පැත්තෙන් එතරම් සුබදායී දෙයක් වූයේ නෑ.
කිකී කැමරිනා අතුරුදහන් වෙයි!
මරිජුවානා වගාව විනාශ කිරීමෙන් අනතුරු ව කැමරිනා සුපුරුදු පරිදි ගුආඩලාහාරා හී DEA කාර්යාලයේ සේවය කරමින් සිටියා. 1985 පෙබරවාරි මස 5 වනදා හදිසියේ ඔහු අතුරුදහන් වුණා. ඔහුගේ අතුරුදන් වීමත් සමඟ ම DEA කාර්යාලය සහ මෙක්සිකෝ බලධාරීන් දිගින් දිගට ම කැමරිනා සෙවීමේ මෙහෙයුම්වල නිරත වුණා. අමෙරිකානු තානාපති කාර්යාලය පවා මේ වෙනුවෙන් එක් ව සිටියා.තමන්ගේ මරිජුවානා වගාව විනාශ කිරීම නිසා කුපිත වන රෆායෙල් කාරෝ ක්වින්ටේරෝ ප්‍රධාන මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිකී කැමරිනා පැහැරගෙන ගොස් තිබුණා. අනතුරුව 881 ලෝප් ඩි වේගා හි පිහිටි රෆායෙල්ට අයත් ස්ථානයකට රැගෙන ගොස් කැමරිනා ප්‍රශ්න කිරීමට ලක්කොට තිබුණා.