පුංචි රටක ආර්ථිකය බිඳී ගොස් බංකොලොත්වී කිසිවෙකුට එය පාලනය කිරීමට නොහැකි වූ නිසා ඔවුන් වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති පරාජිත දේශපාලකයකු ජනාධිපති ලෙස පත්කරගත්තා.
ඔහු ඉහළ සිට පහළට රට පරිස්සමින් පරීක්ෂා කළේය. විකුණන්නට සුදුසු සියල්ල නිරික්ෂණය කර අවසන් වූ පසු ඔහු රට වැසියන්ට "මීලඟ සති දෙක වඩා දුශ්කරයි" කීවේය.
ඔහු යම් ස්ථානයකට මෘදු ලෙස බදු එකතු කළේය ඔහු වැඩි කාලයක් නොගෙන මාස කිහිපයකට පසු රටේ ජන ජීවිතය නැවත යථා තත්වයට ගැන්වීමට ඔහු කටයුතු කලේය.
සතියකට පසු දේශපාලකයා සඳහන් කළේ පුංචි රට ගොඩගැනීම සඳහා තමන්ට 2048 වෙනකන් කල් අවශ්‍ය බවයි
"කුමක් ද?!"
ජනතාව පැවසීය.
"ඔබ කිසිවක් කර නැත. අපට සවිස්තරාත්මකව සැලසුමක් දෙන්න."
පිළිතුර සරලයි:
පරණ ණය නොගෙවා ඉන්න: අවු 2 යි.
අලුතෙන් ණය අරන් මාව පත්කරපු අයට සලකලා මේ රට පලවෙනි ලෝකෙ රටක් කරන්න: අවු 24 යි
කෙනෙකුගේ විශේෂතාව සහ අත්දැකීම් අගය කිරීමේ වැදගත්කම තේරුම් ගන්න මන්ද ඒවා, අත්හදා බැලීම් සහ කඳුළු වල ප්‍රතිපල වන බැවිනි.
වැඩිදුරටත් ඔහු මෙසේ පැවසුවා මම මාස කිහිපයකින් කින් වැඩේ අවසන් කලොත් එය අවසන් කරන්න ඉගෙන ගන්න මට අවුරුදු 50 ක් ගතවී තිබෙනවා.
ඔබ මට ගෙවන්නේ මම වැඩේ අවසන් කරන්න ගත් කාලයට නොවේ ඒ වැඩේ අවසන් කරන්න මම ඉගෙනගත් කාලයටයි ඔහු සදහන් කරා.
මිනිසෙක්ට යම් කටයුත්තක් ඉක්මනින් අවසන් කරන්න හැකි වීමට නම් එය ඉක්මනින් සිදුකිරීමට බොහො දේවල් ඉගෙන ගැනීමට සිදුවේ. ඒ ඔහුගේ හැකියාව සහ දක්ෂතාවයයි. කිසිම දිනෙක කිසිවකුගේ හැකියාවක් සහ දක්ෂතාවයක් අඩුවෙන් තක්සේරු නොකරන්න.
-----
Ranil for 2024
*මෙය මුදල් බලාපොරොත්තුවෙන් ප්‍රචාරය කරන ලද්දකි 