[මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    කීකිරිඳිය

    kikiridiya-%2BEclipta_prostrata2.jpg

    ව්‍යාප්තිය - ඉන්දියාවේ සෑම පෙදෙසක ම දක්‌නට ලැබේ. මැලේසියාව, පිලිපීන දූපත් මෙන් ම ශ්‍රී ලංකාවේ තෙතමනය ඇති බොහෝ පෙදෙස්‌වල දක්‌නට ලැබේ.

    රූපාකාරය - සෘජු ව මෙන් ම බිම වැතිරී යන ඖෂධීය පැළෑටියකි. හොඳින් අතු බෙදුණු පැළෑටියකි. පත්‍ර අග උල් වූ දිගැටි හැඩයක්‌ ගනී. දිගින් සෙ.මී. 2.5ත් 6.5ත් අතර වෙයි. වසරේ ජනවාරි, මැයි යන කාල සීමාවේ දී හෝ නොවැම්බර් මාසයේ දී හෝ මල් හට ගනී. මල් සුදු පැහැති ය. මල් ද්විලිංගක ය.

    ඖෂධීය ගුණ - වාතය සමනය කරන ගුණයක්‌ ඇති කීකිරිඳිය මුළු ශාකය ම ඖෂධ පිණිස ගනී. දේශීය වෛද්‍ය විද්‍යාවේ දී හිස කෙස්‌ යැම, අකලට කෙස්‌ පැසීම, ඇස්‌වල ඇඳිරිය හා කන් ඇසීමේ දුර්වලතා යනාදී රෝග රැසක්‌ සඳහා කීකිරිඳිය භාවිතයෙන් සිඳගන්නා භෙංගමාලය නම් තෛලය යොදා ගනී. කීකිරිඳිය කොළ එළවළුවක්‌ ලෙස දෛනික ආහාරයට එකතු කර ගැනීමෙන් අර්ශස්‌ රෝගය සුව වන්නා සේ ම අධික රුධිර පීඩනය, පාණ්‌ඩුව හෙවත් රක්‌තහීනතාව වැනි රෝගී තත්ත්ව සුව වෙයි.

    දෙබර විෂට වදකහ, කීකිරිඳිය සහ රසකිඳ වෙන වෙන ම කොටා මිරිකාගත් ඉස්‌ම බීමට දීමෙන් දෙබර විෂ නැසී යයි. සෙම සහිත කැස්‌සට කීකිරිඳිය, බටු දලු යන දෙවර්ගය ම කොටා වණ්‌ඩුවේ තම්බා මිරිකා ගත් ඉස්‌ම මී පැණි දමා බීම ගුණදායක ය. වියළන ලද කීකිරිඳිය වියළන ලද ගොටු දඬු හා බෙලිමල් එකිනෙකට මිශ්‍ර කිරීමෙන් රසවත් ඔසු පානයක්‌ සාදාගත හැකි ය. උපදංශ රෝගයට කීකිරිඳිය පැළෑටිය යොදා ගනී. කීකිරිඳිය හා මොණර කුඩුම්බිය කොළ මිශ්‍ර කර පිසගත් කැඳ අක්‌මාවේ හා ප්ලීහාවේ රෝග සුව වීමටත් අධික ලෙස මත්පැන් බීම සහ මිරිස්‌ වැඩිපුර භාවිතය නිසා ඇති වන රෝග තත්ත්ව සඳහාත් ගුණදායක වෙයි.

    වගා කිරීම - ගෙවත්තේ ජලාශ්‍රිත පෙදෙස්‌වල පහසුවෙන් වැවේ. විශේෂයෙන් ඕවිටිවල සරුවට වැවේ. දේශීය පලාවක්‌ ලෙසත් ඖෂධීය පැළෑටියක්‌a ලෙසත් වගා කිරීමෙන් ආර්ථික ප්‍රතිලාභයක්‌ ලබාගත හැකි ය.

    රසායනික සංඝටක - විද්‍යාඥයින් විසින් කරන ලද විවිධ පර්යේෂණවලින් පොලිඇසිටිලිනිමය, තයෝෆින සංයෝග 16ක්‌ ඇති බැව් සොයාගෙන ඇත. ඉන්දියානු විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණවලට අනුව Dසපැඑයහකඇdeකදජ්එදබැ ටකමජදිසාe නම් ග්ලුකොසයිඩය අඩංගු බැව් සොයාගෙන ඇත.


    උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    bro පිටවක්කා තම්බලා දවසට පාරක් බිව්වොත් හොදද?
    ----------PITAVAKKA--6 kalan---------VENIVAL GATA ---------KOTTHAMALLI-----------PATHPADAGAM---------KATUVALBATU----------1 kalan each----+WATER ------KASAYA KARA-------UDEY---SAVASA------SEVEN TIMES BONNA.
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    කුප්පමේනිය

    %E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA.jpg

    ව්‍යාප්තිය - ඉන්දියාවේ උණුසුම් ප්‍රදේශවලත් මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, නිවර්තන කලාපීය අප්‍රිකාව, වැනි රටවලත් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේත් අනෙකුත් පළාත්වලත් වල් පැළෑටියක්‌ ලෙස සුලබව දක්‌නට ලැබේ.

    රූපාකාරය - සෙ.මි 35 ත් 75 අතර ප්‍රමාණයක්‌ උසට වැවෙන සෘජු කඳක්‌ හා අතු දක්‌නට ඇති වාර්ෂික පැළෑටියකි. ආයත රොම්භාස (Rයදපඉදසා) හැඩයකින් යුත් පත්‍ර සෙ.මි 2.5 ත් 7.5 ත් අතර දිගකින් යුක්‌ත ය. කුඩා මල් ඒක ලිංගික ය. පිරිමි මල් ඉතා කුඩා ය. සුදු පැහැති ය. පොකුරු වශයෙන් පිහිටයි. මනි පත්‍ර 4ක්‌ ඇත. කෙඳි හෙවත් බූව සහිත වෙයි. ස්‌ත්‍රී මල් තනිව හෝ පොකුරු වශයෙන් පිහිටයි. බොහොමයක්‌ මල් 2 ක්‌ හෝ 3 ක්‌ ඇත. මනිපත්‍ර තුනකි. බූව සහිත ය. ඵලය කරලකි. එහි බීජ සුදු පැහැති ය. අණ්‌ඩාකාරය. මිලි මීටර් 1.4ක්‌ පමණ දිග ය.

    ඖෂධීය ගුණ - ළදරුවන් ගේ මළ බද්ධයේ දි කුප්පමේනිය කොළ අඹරා වැටියක්‌ ලෙස සාදා ගුද මාර්ගයට ඇතුළත් කළ විට ඉක්‌මනින් මළ පහවන බව ආයුර්වේදයේ දී පෙන්වා දෙයි. පිළිස්‌සුම් ප්‍රතිකාරයක්‌ ලෙස කුප්පමේනියා කොළ තලා පිළිස්‌සුණු තැන ආලේප කරයි. රෝගියා ඇද වත (ඊed Saමරුජ) සඳහා කුප්පමේනියා කොළ හොඳ ප්‍රතිකාරයකි. මූත්‍රා අඩස්‌සිය ඇති වූ විට කුප්පමේනියා කොළ අඹරා තුනි රෙදි කැබැල්ලකට අතුරා යටි බඩේ පැලැස්‌තරයක්‌ යෙදීමෙන් මුත්‍රා අඩස්‌සිය සුව වෙයි.

    සර්ප විෂ ශරීරය ගත වූ විට කුප්පමේනියා කොළ කැඳ දේශීය වෛද්‍ය විද්‍යාවේ නිර්දේශ කරයි. දේශීය පලාවක්‌ ලෙස තනිකර ගනු නො ලැබුවත් කලවම් මැල්ලුමක දී කුප්පමේනියා කොළ ස්‌වල්පයක්‌ ගෙන යොදන අවස්‌ථා ඇත.

    ගෙදර දොරේ වතුපිටිවල වල් පැළයක්‌ ලෙස සරුවට වැවෙයි.


    උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    කිරිඅඟුණ

    943978_10153875229379034_815286838807255476_n.jpg

    සිංහල (වෙනත්) නම් - තිත්ත අඟුණ

    ව්‍යාප්තිය - ඉන්දියාව, ඇසෑමය, බෙංගාලය, ජාවා දූපත්, පිලිපීන දූපත් මෙන් ම ශ්‍රී ලංකාවේ ද දක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ මුහුදු මට්‌ටමේ සිට අඩි 3000ක්‌ පමණ උස්‌ ප්‍රදේශ දක්‌වා සරුවට වැවේ.

    රූපාකාරය - දිගු, සිනිඳු, අතු බෙදුණු විශාල වැලකි. පත්‍ර දිගින් සෙ.මී. 8ත් 12ත් අතර හා පළලින් සෙ.මී. 3ත් 6ත් අතර ප්‍රමාණයක්‌ වෙයි. පත්‍ර අග සිහින් ය. වසරේ මාර්තු, අප්‍රේල් කාල සීමාවේ මල් හට ගනී. කොළ හා ළා කොළ පැහැයක්‌ ගන්නා මල් ද්විලිංගික ය. ප්‍රසන්න සුවඳක්‌ ඇත.

    ඖෂධීය ගුණය - ඖෂධීය ගුණ රැසකින් පිරිපුන් කිරිඅඟුණ ආයුර්වේදයේ දී අර්ශස්‌ රෝගය සඳහාත් අර්බුද සඳහාත් ප්‍රතිකාර ලෙස යොදා ගනී. කිරිඅඟුණ කොළ මැල්ලුම ඇදුම රෝගයේ දීත් ශ්වාසනාළිකා ප්‍රදාහයේ දීත් ඖෂධයක්‌ ලෙස යොදා ගත හැකි ආහාරයකි. දේශීය වෛද්‍ය විද්‍යාවේ දීත්, ආයුර්වේදයේ දීත් කිරිඅඟුණ මුල් සර්ප විෂ නැසීම සඳහා මෙන් ම ස්‌ත්‍රීන් ගේ හිසරදය නිවාරණය සඳහා ඖෂධයක්‌ ලෙස ද යොදා ගනී. කිරිඅඟුණ කොළ මැල්ලුම සතියකට දෙවරක්‌ පමණ ආහාරයට ගැනීමෙන් අධිරුධිර පීඩනය සමනය වෙයි.

    කිරි අගුණ කොළ ග්‍රෑම් 100ක තිබෙන පෝෂ්‍ය පදාර්ථ

    පෝෂ්‍ය පදාර්ථය සාන්ද්‍රණය
    කැලරි 45
    ප්‍රොaටීන් ග්‍රෑම් 4
    මේද ග්‍රෑම් 0.5
    පිෂ්ටය ග්‍රෑම් 6.1
    කැල්සියම් මිලි ග්‍රෑම් 397.00
    පොස්‌පරස්‌ මිලි ග්‍රෑම් 83.00
    යකඩ මිලි ග්‍රෑම් 25.00
    විටමින් A මයික්‍රෝ ග්‍රෑම් 2760.00
    තයමින් මයික්‍රෝ ග්‍රෑම් 30.00
    රයිබොෆ්ලෙවින් මයික්‍රෝ ග්‍රෑම් 300.00
    නියසින් මයික්‍රෝ ග්‍රෑම් 1.2
    විටමින් C මයික්‍රෝ ග්‍රෑම් 99.00

    කිරිඅඟුණ කරල් එළවළුවක්‌ ලෙස දෛනික ආහාරයට එකතු කරගත හැකි ය. මැල්ලුම සඳහා කොළ කැපීමේ දී එක අතකට ක්‍රමානුකූලව සහ පිස ගැනීමේ දී භාජනය විවෘතව තබා ගැනීමෙන් තිත්ත අඩු වන බව බොහෝ ගැමි ගෘහණියෝ විශ්වාස කරති.

    වගා කිරීම - ගෙදර දොරේ ප්‍රයෝජනය සඳහා වගා කරගත හැකි ය. වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ ඇති බැවින් සුළු පරිමාණයෙන් හෝ වගා කිරීමෙන් ආර්ථික ලාභයක්‌ ලබාගැනීමට පුළුවන. ගෙවත්තේ සරු පසක්‌ ඇත්නම් ගසක්‌ මුල සිටුවීමෙන් හෝ පන්දලමක්‌ සාදා එයට වැල යෑවීමෙන් හෝ වගා කර ගැනීමට පුළුවන. ගෙමිදුලට අලංකාරය ගෙන දෙන විසිතුරු පැළයක්‌ ලෙස වගා කළ හැකි ය. පසට යට කළ වැලට මුල් ඇදීමෙන් පසු මුල් සහිත වැල කපා වෙන ම සිටුවීමෙන් නව වැලක්‌ සාදා ගැනීමට පුළුවන.


    උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මොණර කුඩුමිබිය

    8364210942_42ce62133c_b.jpg


    vernonia_cinerea_ash_fleabane_in_talakona_forest_ap_w_img_8552.jpg

    ව්‍යාප්තිය - ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය ආසියාතික රටවල ද අප්‍රිකාව හා ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල ද මොරණ කුඩුම්බිය දක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම තැන ම දක්‌නට ලැබෙන මෙම ඖෂධීය පැළෑටිය බොහෝ අය වල් පැළෑටියක්‌ ලෙස සලකා විනාශ කර දමන අවස්‌ථා ද ඇත. සෙ. මී. 15-60ත් අතර ප්‍රමාණයක උසට වැවෙන, සෘජු අතු දෙකක්‌ හෝ තුනක්‌ වැනි සුළු සංඛ්‍යාවකට බෙදුණු පැළෑටියකි. වාර්ෂික පැළෑටියක්‌ වන මෙහි පහළින් ඇති පත්‍ර විශාල වන අතර ඉහළින් ඇති පත්‍ර ප්‍රමාණයෙන් කුඩා වෙයි. ද්විලිංගික මල් කුඩා ය. රෝස පැහැති ය. වසර පුරා ම මල් හට ගනී. මොණරකු ගේ හිසේ පිහිටි කුඩුම්බියක්‌ ආකාරයට පිහිටි මල් 20ක්‌ පමණ හට ගනී.

    ඖෂධීය ගුණය - ලේ පිරිසිදු කිරීමේ ගුණයක්‌ ඇති මොණරකුඩුම්බිය ළදරු මාන්දම රෝගය සඳහා ඖෂධයක්‌ ලෙස භාවිත කෙරෙයි. අළුහම් ඇති විට මොණර කුඩුම්බිය යුෂ සිරුරේ ආලේප කිරීමෙන් සුව වෙයි. දේශීය වෛද්‍ය විද්‍යාවේ දී ලේ විෂ වීමෙන් හටගන්නා සිරුරේ ලේ ගෙඩි ඇති විට මොණරකුඩුම්බිය පැළෑටිය සහමුලින් ගෙන පිටවක්‌කා ගසක්‌ ද සහමුලින් ගෙන වංගෙඩියේ දමා කොටා වතුර දමා මිරිකා එම යුෂවලට හීනටි හාල්, පිටි මේස හැන්දක්‌ පමණ දමා ලිප තබා කකාරා ලේ ගෙඩිවලට ගෑමෙන් ගෙඩි පුපුරා, ලේ ඉහිරී ගෙඩි සුව වන බව සඳහන් වේ.

    ළදරු මාන්දම සඳහා මොණරකුඩුම්බිය කැඳ පිස බීමට දීම සුදුසු ය. සෙම් රෝ උත්සන්න වූ විට සති දෙකක්‌ පමණ දිනපතා මොණර කුඩුම්බිය කැඳ පිස හිස්‌බඩ බීමෙන් රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වෙයි.

    දිනපතා ආහාරයේ දී කලවම් පලා කොළ මැල්ලුමට මොණරකුඩුම්බිය දඬු සමඟ කොළ යොදා ගැනීම නිරෝගී සුවයට හේතු වේ.

    වගා කිරීම - ස්‌වාභාවික පරිසරයේ වල් පැළෑටි සමඟ වැවෙන පැළෑටියකි. සුවිශේෂී වගාවක්‌ ලෙස කෙරේ දැයි සැක සහිත ය. එහෙත් ගෙවත්තේ වගා කළ හැකි ය. ශ්‍රී ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයක වැවෙන බැවින් බොහෝ ගම්බද ප්‍රදේශවල ගාල් වශයෙන් දක්‌නට ලැබේ.


    උපුටා ගැනීම විදුසර පුවත්පතිනි ඡායා රූප අන්තර්ජාලයෙනි
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මහා ගුණ ඇති මදුරුතලා

    madur.jpg


    වනයේ හටගන්නා කුඩා පැළෑටිය මදුරුතලා නම් විය. මේ වර්ගයේ වර්ග හතරකි. එනම්. හීන්, මහ, කළු තලා යන නම්වලින් හඳුන් වන වර්ග හතරකි. ඖෂධීය ගුණය එක සමානය. මෙය පඳුරු සහිත කුඩා පැළෑටියකි.

    මෙම පැළෑටියේ ඖෂධීය ගුණය අති මහත්ය. අපට වැඩිපුර දක්‌නට ලැබෙන්නේ කළු සහ සුදු යන වර්ග දෙකය.

    බෙහෙවින් අතු විහිදෙන බෙදුණු කඳ සතැරැස්‌ කෝණ හතරකින් යුක්‌තය ලපටි අතුවල රතු, දම් පැහැ රෝම දැකිය හැකිය. කොළවල රැළි ගැසුණු දාරයක්‌ද දක්‌නට ඇත.

    මැලේරියාව සෙම් විෂම ජවරවලට මදුරුතලා මුල් විෂ්ණුක්‍රාන්ති, අමු ඉඟුරු, කෂායකර දීම සංක්‍රමණික ජවර සඳහා අතිවිශිෂ්ට යෝගයකි. සෙම්ප්‍රතිශ්‍යාවට, කැස්‌සට මදුරුතලා කොළ යුෂවලට මීපැණි දමා බීම ඉතා හොඳයි. මදුරු තලා වැඩෙන ගෘහවල වැසියනට මදුරුකරදර නැත. මදුරුවන් පලවා හැරීමේ විශේෂ ගුණයක්‌ මෙහි පවතී. එවැනි ගෘහවල පදිංචි අයට මැලේරියාව ආදී සංක්‍රමණික රෝග වැළඳීමේ හැකියාව අඩුය.

    තවද මදුරුතලා කොළ යුෂවලට ගම්මිරිස්‌ කුඩු ස්‌වල්පයක්‌ දමා නස්‌න කළවිට විෂ මූර්ජාවූ අයට ඉතා හොඳය. මූර්ජාව නැතිවේ.

    මදුරුතලා ගසමුල මැටි ස්‌වල්පයක්‌ කබලේ බැද ඇල්දියෙන් අඹරා ආලේප කිරීමෙන් ගෙඩි විසප්පු වහා සුව වන අතර කුඩා දරුවන්ගෙ පෙකණිය පැසවීම ඉදිමීම වහා සුවවෙයි.