[මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    වල් කොත්තමල්ලි (Scoparia dulcis) - Bandara Warakagoda(ඔසු පැල හදුනා ගනිමු ෙප්ජයෙන් උපුටා ගන්නා ලදි)
    මෙය සෙ.මි. 60 දක්වා ඉහලට වර්ධනය වන වාර්ෂික පැළෑටියකි. මෙහි කඳෙන් ශාඛා අතු රාශියක් හට ගනී. මදක් දිගැටි හැඬයෙන් යුත් කුඩා පත්‍රවල පත්‍ර දාරය කඩතොලු සහිතය. පත්‍ර නටුවෙහි මූලයෙන් හට ගන්නා සුදු පැහැතිය මල්වලින් ඔවලාකාරර ඵල රාශියක් හට ගනී.
    වල් කොත්තමල්ලි ඖෂධීය වටිනාකම් රාශීයක් සහිත ශාකයකි. විශේෂයෙන් මෙම ශාකයේ පස්පංගුව තම්බා බීම දියවැඩියාව සඳහා ගුණදායක බව සඳහන්. එමෙන්ම ඔසප් චක්‍රයේ දෝෂ, ශ්‍රවණ ආබාධ, දෘශ්‍ය ආබාධ, වමනය, ආමාශයික රෝග, ලිංගික පද්ධතියේ රොග, පරපෝෂිත ආසාදන, අක්මා රෝග, මුඛ රොග, පෙනහැල්ලේ ආබාධ, අධිරුධිර පීඩනය, කැස්ස ආදී රෝග අවස්ථා බොහොමයක් සදහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ පත්‍ර, බීජ. මුල් සහ සම්පූර්ණ පැළෑටියමත් භාවිතයට ගනී. වල් කොත්තමල්ලි විෂබීජ නසයි. පිළිකා සහ ලියුකේමියාවට ප්‍රතිරොධීතාවයක් දක්වයි. තුවල සුව කරයි.උණ සහ වේදනා නසයි. හෘදයට හිතකරයි.


    11164615_643258052440419_6160101486066414667_n.jpg
     
    • Like
    Reactions: shaminda peiris