මෙතනට ගිය කෙනෙක් ඉන්නවද ??

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මෙතනට ගිය කෙනෙක් ඉන්නවද ??

    1939669_720782047955977_1952306058_n.jpg

    මෙතනට ගිය කෙනෙක් ඉන්නවද ??

    කොලබ ඉඳන් යන විදිය පොඩ්ඩක් කියවන ද ( බස්,කොච්චි , වැන් ) විදියෙන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හ්ම් ගියානම් තමා හැබැයි නොගියානම් හොදයි කියල හිතෙනවා :dull::angry::no::no::no:

    උබත් ගිහින්ම හොදයිද කියල කියපන්කො :dull:
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    මරුසිරා;17048062 said:
    හ්ම් ගියානම් තමා හැබැයි නොගියානම් හොදයි කියල හිතෙනවා :dull::angry::no::no::no:

    උබත් ගිහින්ම හොදයිද කියල කියපන්කො :dull:
    ai ban ehema kiyanne mokakda hethuwa.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කාළඹින් බදුල්ල, නුවර (උඩරට මාර්ගය) කොච්චියේ ගිහින් පොලගහවෙලින් බහින්න. එතනින් ටික දුරයි. ඕන කෙනෙකුගෙන් අහන්න. පාර පෙන්නනවා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ai ban ehema kiyanne mokakda hethuwa.

    උබ ඇත්තටම ඔතනට යන්නේ පන්සලක් කියල හිතන්නේ නැතිව ෆන් එකටනම් වැරද්දක් නැහැ .හැබැයි වදින්න පන්සල් යනවා කියල යනවනම් තමයි අවුල .

    ඔතන තියෙන බුදුපිළිම නිකන් ගැහැණු රුප වගේ
    sambuddha+raja+maligawa+polgahawela+mahamewnawa+10.jpg

    ඔය තියෙන පිළිමයෙන් නිරුපනය කරන්නේ මිහිදු මහරහතන් වහන්සේලු :dull:
    මේ පිළිමේ බලු බැල්මට පෙන්නේ නම් දියරෙද්දක් ඇදගත්තු කාන්තාවක් වගේ කියල :dull:

    ඔය එකක් විතරයි තව බුදුදහම විකුර්ති කල තැන් බොහොමයි .
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කාළඹින් බදුල්ල, නුවර (උඩරට මාර්ගය) කොච්චියේ ගිහින් පොලගහවෙලින් බහින්න. එතනින් ටික දුරයි. ඕන කෙනෙකුගෙන් අහන්න. පාර පෙන්නනවා.

    thanks:yes:

    මරුසිරා;17048515 said:
    උබ ඇත්තටම ඔතනට යන්නේ පන්සලක් කියල හිතන්නේ නැතිව ෆන් එකටනම් වැරද්දක් නැහැ .හැබැයි වදින්න පන්සල් යනවා කියල යනවනම් තමයි අවුල .

    ඔතන තියෙන බුදුපිළිම නිකන් ගැහැණු රුප වගේ
    sambuddha+raja+maligawa+polgahawela+mahamewnawa+10.jpg

    ඔය තියෙන පිළිමයෙන් නිරුපනය කරන්නේ මිහිදු මහරහතන් වහන්සේලු :dull:
    මේ පිළිමේ බලු බැල්මට පෙන්නේ නම් දියරෙද්දක් ඇදගත්තු කාන්තාවක් වගේ කියල :dull:

    ඔය එකක් විතරයි තව බුදුදහම විකුර්ති කල තැන් බොහොමයි .
    :oo::oo:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මරුසිරා;17048515 said:
    උබ ඇත්තටම ඔතනට යන්නේ පන්සලක් කියල හිතන්නේ නැතිව ෆන් එකටනම් වැරද්දක් නැහැ .හැබැයි වදින්න පන්සල් යනවා කියල යනවනම් තමයි අවුල .

    ඔතන තියෙන බුදුපිළිම නිකන් ගැහැණු රුප වගේ
    sambuddha+raja+maligawa+polgahawela+mahamewnawa+10.jpg

    ඔය තියෙන පිළිමයෙන් නිරුපනය කරන්නේ මිහිදු මහරහතන් වහන්සේලු :dull:
    මේ පිළිමේ බලු බැල්මට පෙන්නේ නම් දියරෙද්දක් ඇදගත්තු කාන්තාවක් වගේ කියල :dull:

    ඔය එකක් විතරයි තව බුදුදහම විකුර්ති කල තැන් බොහොමයි .

    matath eka hithuna me photos dakkama,, mokada meka haduwe
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    උබ නියම බෞද්ධයෙක් නම් කවදාවත් ඔතෙන්ට යන්න එපා.. බුදුහාමුදුරුවෝ මාලිගා තුනක් අත ඇරලා බුදු වෙන්න ගියේ.. මුං බුදුහාමුදුරුවන්ට මාලිගා ගහනවා..

    ඔතන්ට ගියාම වෙන්නෙ ඔලුව විකාර වෙන එක විතරයි
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙතනට ගිය කෙනෙක් ඉන්නවද ??

    කොලබ ඉඳන් යන විදිය පොඩ්ඩක් කියවන ද ( බස්,කොච්චි , වැන් ) විදියෙන්

    බස්: කුරුණෑගල බසයක නගින්න (කුරුණෑගලටම ටිකට් කඩාවි). අල්ව්ව (ගග හරහා පාලමේ ගොස් දකුණට හැරෙනවා, පරණ පාලමත් දකින්න පුළුවන්) නගරය පසුවී කොන්දොස්තරට තැන කියා බස්සවන්න කියන්න. මම හිතන්නේ අලව්ව හන්දියේ සිට 5 km විතර ඇති (හරියටම ගානක් නැහැ, නමුත් ඒ තරම් ඇති). බසින තැන පහසුවෙන් අදුනා ගන්න පුළුවන් මොකද එතන පමණයි ඔය බස් එකේ යනකොට ඒ හරියේ රේල් පාර හරහා මහා මාර්ගය යන්නේ. එතනම තමයි බහින්න ඕනෑ. වම් අතට තියෙන පාරේ තවත් 3-4 km විතර ඇතුලට යන්න ඕනෑ. බස් එනවා.

    පෝය දාට ගොඩක් සෙනග ඇති. අනික් දාටත් සාමාන්‍ය සෙනගක් ඉන්නවා. මොකද බස්/වෑන් වලින් වන්දනා යන කන්ඩායම් නිතර එන නිසා.

    වෑන් එකක ගියත් ඔය පාරම තමයි පාවිව්වි කරන්න ලෙහෙසි.

    කෝච්චියේ නම් එක්කෝ අලව්වෙන් බැහැලා කුරුණැගල පැත්තට බස් එකේ යන්න වෙනවා. වලකුඹුර බැස්සොත් තවත් ලග වේවි (හැබැයි මේ ස්ටේෂන් එක මට වැඩිය මතක නැහැ). පොල්ගහවෙල දක්වා ගියොත් අනිත් පැත්තට ආපහු එන්න වෙනවා. අලව්ව පැත්තෙන් ආසන්න වශයෙන් 5km විතර, පොල්ගහවෙල පැත්තෙන් 3 km විතර. ඔය හරස් පාරේ යන බස් පටන්ගන්නේ අලව්වෙන්ද, පොල්ගහවෙලින්ද කියලා හොයලා බලලා, ඒ කෝච්චි ස්ටේෂමේ බැසීම තමයි ලේසිම දේ. බොහෝ විට පොල්ගහවෙල වෙන්න ඇති. හැබැයි මම හරියට දන්නේ නැහැ.

    මරුසිරා;17048062 said:
    හ්ම් ගියානම් තමා හැබැයි නොගියානම් හොදයි කියල හිතෙනවා

    උබත් ගිහින්ම හොදයිද කියල කියපන්කො

    මම මෙතනට වරක් ගියා. මට නම් එතන ඇති හොදකුත් නැහැ, නරකකුත් නැහැ. මොකද මම ගියේ දහම් අවබෝධයට රුකුලක් ලබාගන්න මිසක් රූප බලන්න හෝ පන්සල් වදින්න නොවෙයි. මම දැක්කා ඔය මාලිගාව. ඒත් ගිය කාරනය කරගෙන ආවා මිසක් ඔය මාලිගාවේ හොද/නරක මට වැඩක් නැති නිසා මම ඒක ලගින් ගියා විතරයි. මම ඒක ඇතුලට ගියෙත් නැහැ. මම ඒක දිහා පිටින් ඉද ලස්සන බැලුවෙත් නැහැ. දැක්කා පමනයි. මම ඉතින් ඔය මාලිගාවෙන් මොනවා කරන්නද? ඉතින් ඒ නිසා ඔතන මාලිගාවක් තිබුනත්, පන තියෙන රූමත් ස්ත්‍රීන් නර්තනයන් ඉදිරි පත් කලත්, අසූචි කන්දක් තිබුනත් මට පලක් නැති දේක හොද/නරක මොකට හොයනවාද?

    ධර්මය අවබෝධයට රුකුලක් ලැබුනා. අන්න ඒක හොදයි. බොහෝම හොදයි! අන්න ඒක තමයි බලන්න ඕනෑ දේ. අන්න ඒක තමයි ලබන්න ඕනෑ දේ. අන්න ඒක තමයි වටිනා දේ. අන්න ඒක තමයි අන් අයට පෙන්වන්න ඕනෑ දේ. අන්න ඒ කියන කාරනාවෙන් ඔතන තියෙන ධර්ම මාලිගාව බලන්න යන අයට මම කියනවා ඒ පවතින ධර්ම මාලිගාව බොහෝ හොදයි කියලා. මම හොදටම හොදයි කියා කියන්නෙනේ නැහැ. මොකද මම ඒ ධර්ම මාලිගාවේ අපිරිසිදු තැන් කිහිපයක් දැක්කා. ඒත් ධර්ම මාලිගාව බලන්න යන අය වැල නොකැඩී යන්න. එය ඉදිවෙමින් පවතින ධර්ම මාලිගාවක්. අපිරිසිදු තැන් කාලයත් සමග පිරිසිදු වේවි යැයි සිතනවා. ඔය සුළු සුළු අපිරිසිදු තැන් තිබ්බත් බලන්නම සුදුසු තැනක්. හැබැයි ධර්ම මාලිගාවේ අපිරිසිදු කුමක්දැයි දකින්න නම් බොහෝම අපහසු වේවි. මේ නිසා බැලුවොත් එකවර ධර්ම මාලිගාව නොපෙනෙන බව දැනගෙන, පෙනෙන්නේ තුනී වූ කළු වලා පටලයක් හරහා, ඒ නිසා හිතන තරම් හොදින් දකින්න නොලැබෙන්න ඉඩ තියෙනවා, මාලිගාවේ කෑලි ලෙස කළු වලා කුළු පෙනෙන්න පුළුවන් බව දැනගෙනම බලන්න.

    මරුසිරා;17048515 said:
    ඔය එකක් විතරයි තව බුදුදහම විකුර්ති කල තැන් බොහොමයි .

    බුදු දහම කියන්නේ බුද්ධ රූප හෝ වෙන යම් සංකේත නොවෙයි. එහෙම හිතුවානම් ඉතින් පන්සල් වැන්දහම දහම් අවබෝධවෙන්න ඕනෑ. රූපමය සංකේත බුදු දහම ලෙස සැලකුවොත් පොලොන්නරුවේ ගල් විහාරයේ බුදු පිලිමය දැකලා ගලින් සාදා ඇති නිසා බුදු දහම විකෘති කරලා කියලා හිතන අයත් ඉන්න පුළුවන්.

    බුදු පියානන් පවසා තියෙන්නේම රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කරන්න කියලා. ඉතින් එහෙම එකේ මොකක් හරි දැකල ද්වේශ කරනවානම්, ඒ ආකාරයට ද්වේශ කරන්න අන් අයවත් පොලඹවනවානම් ඒ අය බුදු දහම් අවබෝධයට යොමුවීමක්වත් පෙන්වන්නේ නැහැ. ඉතින් පිළිම බලලා ඒ කරුණින්ම ද්වේශයක් ඇති කරන්න එපා. ඇසෙන් දකින රූප කෙරෙහි ඇලෙන්නත්, ගැටෙන්නත් එපා. අන් ආයතන පහ (කන, නාසය, දිව, කය, මන) ගැනත් එසේමයි.

    සද්ධර්මය අවබෝධ කිරීමෙන් තමන් ආර්යය ඵල ලැබීම හෝ අඩුතරමින් රාග, ද්වේශ, මෝහ බුදු පියානන් පැවසූ ආකාරයෙන් තමන්ව පෙළන ආකාරය වටහාගෙන ඉන් මිදෙන්න උත්සාහ ගන්න. ආර්යය ඵල ඉක්මනින් නොලැබුවත් මෙසේ පෙළඹීමක් ඇතිකර ගැනීමත් බොහෝම වටිනවා.

    උබ නියම බෞද්ධයෙක් නම් කවදාවත් ඔතෙන්ට යන්න එපා.. බුදුහාමුදුරුවෝ මාලිගා තුනක් අත ඇරලා බුදු වෙන්න ගියේ.. මුං බුදුහාමුදුරුවන්ට මාලිගා ගහනවා..

    ඔතන්ට ගියාම වෙන්නෙ ඔලුව විකාර වෙන එක විතරයි

    බුදු පියානන් වෙනුවෙන් මාලිගා ගසන්නේ අනවබෝධයේ ඉන්නා අයව යොමුකිරීමක් කරන්න පමණයි. සමාජයක් තුල බුද්ධ ධර්මය පිළිබද සංකේත පැවැත්ම අනිවාර්යයෙන්ම බුද්ධ ධර්මයේ පැවැත්මට රුකුල් දෙන කාරනයක්. බොහෝ විට මාලිගා එය තනන්නන්ට වඩා වැඩි කලක් පවතිනවා. මේ නිසා එවන් කාලයක් පවතින සංකේතාත්මක දේ වඩ වඩාත් පවතිනවානම් වඩාත් සුදුසුයි.

    නමුත් බුදු පියානන් පවසා තියෙනවා සාසනයේ පරිහානියටත් මේ සංකේතාත්මක කරුණු හේතු වන බව. ඒ සංකේතාත්මක කරුණු වල ගැටළුවක් නිසා නොවෙයි. බුදු පියානන් පවසන්නේ ගැටළුව ඇතිවන්නේ සංකේත වලට බුදුදහමයි කියලා පරිහාණියට පත් අය කියන්න යෑම. මේ නිසා සද්ධර්මයෙන් මිනිසුන් ඈත්වීමත් සමග සංකේත වලට සද්ධර්මයයි කියා ඔවුන් පිළිගන්න යනවා. අන්තිමට රාග, ද්වේෂ, මෝහ ප්‍රහානය කරන්න කියා ඇති සද්ධර්මය තිබියදී බුදු දහම විකෘති කරනවායැයි රූපයක් දිහා බලාගෙන ද්වේෂ කරනවා. මෙයයි හරි බුදු දහම කියලා වෙනස් ආකාරයක රූප දිහා බලාගෙන රාගය ඇති කර ගන්නවා. මොවුන්ට සද්ධර්මයේ කියා ඇත්තේ එසේ නොකරන්නමයි, ඒවා ප්‍රහානය මයි තමන්ගේ හිත සුව පිණිස පවතින්නේ, එසේ ප්‍රහානයමයි දැඩි උත්සාහ ගෙන කල යුත්තේ කියා මතක් වෙන්නේත් නැහැ. ඉතින් සද්ධර්මය මේ යැයි අන් අයට අධර්මයයක්ම ගෙන හැර දක්වනවා.

    රූප දැකලා ඔලුව විකාර වෙනවා තමයි. ඒත් එසේ සිදුවන්නේ සද්ධර්මය අහන්න හම්බ උනේ නැත්නම් සහ අවබෝධ නොකරන තාක් කල්. හිතා බලන්නකෝ, ඔබ පිරිමියෙක් නම් මේ රාග, ද්වේෂ, මෝහ ගැන අවබෝධයත් එතරම් නැත්නම් කොයි පන්සලකට ගියත් ඔයිට වඩා රාගී හැඟීම් ඇතිකරන ස්ත්‍රී රූප ඕනෑ තරම් දකින්න පුළුවන්. ඒ පන තියෙන ස්ත්‍රීන්. ඔය පන්සලේ තියෙනවාය කියන පිළිම වගේ නොවෙයි (අනික ඒ පිළිම ස්ත්‍රීන් දක්වන්න හදපුවත් නොවේ). ඉතින් මේ පන තියෙන ස්ත්‍රීන්ගේ අඟ පසග දැක්වෙන රූප දැක්කාම සමහරු තදින්ම රාගයෙන් ඇලෙනවා (මමත් ඇලිලා තියෙනවා). සමහරු තදින්ම රාගයෙන් ගැටෙනවා (මට මතක් වෙන්නේ නැහැ තදින් ගැටුනු අවස්ථාවක් - මොකද අනවබෝධය තුල ස්ත්‍රී රූප දැක්මට ආශා බවක් තමයි මා තුල පැවතියේ). සමහර විට කාන්තාවන් හොදින් විළි වසාගෙන පැමිණ සිටියත් එච්චරයි.

    නමුත් තේරුම් ගන්න ඕනෑ රූප දැක ඔලුව විකාර කරගන්න කෙනෙක් එසේ කරගන්නේ රූපයේ ගැටලුවක් නිසාද එහෙම නැත්නම් බලන කෙනා රාග, ද්වේෂ, මෝහ පිළිගැනීමෙන් කටයුතු කල නිසාද කියලා. එහෙම හිතලා ගැටලුවේ මුල දැක තමන්ගේ උපන් අකුසල් යටපත් කර ගැනීමට හැමෝම පෙළබෙත්වා! නූපන් කුසල් සිත් (රාග, ද්වේෂ, මෝහ වලට ප්‍රතිවිරුද්ධ සිත් - අලෝභ, අදෝෂ, අමෝහ සිත්) උපදවා ගැනීමට හැමෝම පෙළබෙත්වා!

    බුද්ධ රූප පමණක් නොවෙයි. වෙන ආගම්, ජන කොටස් ඇතුළු ඇසෙන් දකින්න හැකි සියළු රූප කෙරෙහිත්, කනින් අසන්න පුළුවන් සියළු ශබ්ද කෙරෙහිත්, නාසයෙන් වින්ද හැකි සියළු ගද/සුවද කෙරෙහිත්, දිවෙන් රස බැලිය හැකි සියළු රසයන් කෙරෙහිත්, කයින් විදිය හැකි සියළු පහස කෙරෙහිත්, මනසින් හිතිය හැකි සියළු කරුණු කෙරෙහිත් රාග, ද්වේශ, මෝහ සහිත සිත් ඇතිවීමට ඉඩ නොදීමට යමෙක් පෙලඹෙනවාද ඒ පුද්ගලයා සද්ධර්මය කෙරෙහි යොමු වූ, තමන්ට දැන් දැන්ම සුව විපාක ඇතිකරන පිළිවෙතකට පැමිණි, නිවනට නැඹුරුවූ සිත් ඇති, නිවැරදි පිළිවෙතට පැමිණීම නිසා සද්ධර්මය අවබෝධ කරන, බුදු දහමෙහි පිහිටි අයෙක්ම වනවා. එවන් අය පවසන දේ අසා එසේම අවබෝධ කර, එසේම ක්‍රියා පිළිවෙතකට යොමුවීමමයි නුවනැත්තන් ආර්ය ඵල ලැබීම පමා උවත් දැන් දැන්ම සුව විපාක ලබන්න කැමතියී නම් කල යුත්තේ.

    බුද්ධ රූප තුල නම් බුද්ධ ධර්මය නෑමයි! නැති දෙයක් ඇතැයි සිතීම මිත්‍යා (නිවැරදි නොවන) දෘෂ්ඨියක් (දැකීමක්, වටහා ගැනීමක්). මෙහෙම මිත්‍යා දෘෂ්ඨියෙන් කරන දේ වලින් මේ දැන් දැන් තමන්ව පෙලන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඊටත් අමතරව බුදු පියානන් පවසා තියෙන්නේ මලාට පස්සේ නම් වල පල්ලටම යන බව තමයි (නිරයේ, තිරිසන් ආදී තැන් වල උපත ලබන බව). මොකද මේ බුදු දහම කියලා පිළිගෙන තියෙන්නේ රාග, ද්වේෂ, මෝහ කරුණුමනේ. ඉතින් ඒ ආකාරයෙන් දෙන උපදේස ලබන අය පිළිගත්තානම් පිළිගන්නේත් වල පල්ලට වැටීමේ ක්‍රමයමයි. උපදෙස් දෙන අය තමනුත් පටලවාගෙන බොහෝ දෙනෙක්වත් පටලවන නිසා දෙන අයටනම් ඉතින් සොරිම තමයි.
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොළඹ ඉදන් එද්දී වරකාපොල පහුවෙලා අඹේපුස්සෙ හන්දියෙන් වමට හැරියන් කුරුනෙගල පාරට,,,ඊටපස්සේ අලව්ව පහුවෙනකන් දිගටම ගිහින් අලව්වෙන් පස්සේ පාර මැද්දෙන් rail cross එකක් තියෙනවා යාන්ගල්මෝදර කියලා...කාලෙකට කලින් මෙතන ලොකු ඇක්සිඩන්ට් එකක් එහෙම උනා..එතන පහුවෙලා ටිකක් දුර යද්දී වම්පත්තේ පාරක් තියෙනවා..කාගෙන්හරි අහපන් ඒ හරියේ..බස් වල ගියත් නොදන්නා බස් කාරයෙක් නැහැ.හැබැයි අර හැරෙන පාරේ ටිකක් සුර යන්න තියෙනවා..දන්නා තරමට ඒ පාරේ බස් නැහැ..උඹට යන්න ඕනිනම් විවේචන අහල වැඩක් නැහැ ගිහින් උඹම තීරණය කරපන්...google map එකේ බලපන් ටිකක් වඩුවාව මහමෙව්නා අසපුව කියල ගහලා...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මරුසිරා;17048515 said:
    උබ ඇත්තටම ඔතනට යන්නේ පන්සලක් කියල හිතන්නේ නැතිව ෆන් එකටනම් වැරද්දක් නැහැ .හැබැයි වදින්න පන්සල් යනවා කියල යනවනම් තමයි අවුල .

    ඔතන තියෙන බුදුපිළිම නිකන් ගැහැණු රුප වගේ
    sambuddha+raja+maligawa+polgahawela+mahamewnawa+10.jpg

    ඔය තියෙන පිළිමයෙන් නිරුපනය කරන්නේ මිහිදු මහරහතන් වහන්සේලු :dull:
    මේ පිළිමේ බලු බැල්මට පෙන්නේ නම් දියරෙද්දක් ඇදගත්තු කාන්තාවක් වගේ කියල :dull:

    ඔය එකක් විතරයි තව බුදුදහම විකුර්ති කල තැන් බොහොමයි .

    Machan meva hadala thiyenne Thai Budu Pilima hadana vidiyata, uba kiyana kathava aththa, math giya othanata, ape le pichchenava bn ova dakiddi, eka nikan maligavaka vage hdala, budu dahame thiyena alpechcha bava ethana na, hena vikarayak bn,.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරුසිරා;17048515 said:
    උබ ඇත්තටම ඔතනට යන්නේ පන්සලක් කියල හිතන්නේ නැතිව ෆන් එකටනම් වැරද්දක් නැහැ .හැබැයි වදින්න පන්සල් යනවා කියල යනවනම් තමයි අවුල .

    ඔතන තියෙන බුදුපිළිම නිකන් ගැහැණු රුප වගේ
    sambuddha+raja+maligawa+polgahawela+mahamewnawa+10.jpg

    ඔය තියෙන පිළිමයෙන් නිරුපනය කරන්නේ මිහිදු මහරහතන් වහන්සේලු :dull:
    මේ පිළිමේ බලු බැල්මට පෙන්නේ නම් දියරෙද්දක් ඇදගත්තු කාන්තාවක් වගේ කියල :dull:

    ඔය එකක් විතරයි තව බුදුදහම විකුර්ති කල තැන් බොහොමයි .

    ara catholic palli vala thiyana angels laa vagene ban hadala thiyenne.
    hithe sansubn gathiyak athi venava venauvata kalakiren sin ekak thiyenne
     
    ninx

    Member
    Dec 13, 2012
    182
    4
    0
    බස්: කුරුණෑගල බසයක නගින්න (කුරුණෑගලටම ටිකට් කඩාවි). අල්ව්ව (ගග හරහා පාලමේ ගොස් දකුණට හැරෙනවා, පරණ පාලමත් දකින්න පුළුවන්) නගරය පසුවී කොන්දොස්තරට තැන කියා බස්සවන්න කියන්න. මම හිතන්නේ අලව්ව හන්දියේ සිට 5 km විතර ඇති (හරියටම ගානක් නැහැ, නමුත් ඒ තරම් ඇති). බසින තැන පහසුවෙන් අදුනා ගන්න පුළුවන් මොකද එතන පමණයි ඔය බස් එකේ යනකොට ඒ හරියේ රේල් පාර හරහා මහා මාර්ගය යන්නේ. එතනම තමයි බහින්න ඕනෑ. වම් අතට තියෙන පාරේ තවත් 3-4 km විතර ඇතුලට යන්න ඕනෑ. බස් එනවා.

    පෝය දාට ගොඩක් සෙනග ඇති. අනික් දාටත් සාමාන්‍ය සෙනගක් ඉන්නවා. මොකද බස්/වෑන් වලින් වන්දනා යන කන්ඩායම් නිතර එන නිසා.

    වෑන් එකක ගියත් ඔය පාරම තමයි පාවිව්වි කරන්න ලෙහෙසි.

    කෝච්චියේ නම් එක්කෝ අලව්වෙන් බැහැලා කුරුණැගල පැත්තට බස් එකේ යන්න වෙනවා. වලකුඹුර බැස්සොත් තවත් ලග වේවි (හැබැයි මේ ස්ටේෂන් එක මට වැඩිය මතක නැහැ). පොල්ගහවෙල දක්වා ගියොත් අනිත් පැත්තට ආපහු එන්න වෙනවා. අලව්ව පැත්තෙන් ආසන්න වශයෙන් 5km විතර, පොල්ගහවෙල පැත්තෙන් 3 km විතර. ඔය හරස් පාරේ යන බස් පටන්ගන්නේ අලව්වෙන්ද, පොල්ගහවෙලින්ද කියලා හොයලා බලලා, ඒ කෝච්චි ස්ටේෂමේ බැසීම තමයි ලේසිම දේ. බොහෝ විට පොල්ගහවෙල වෙන්න ඇති. හැබැයි මම හරියට දන්නේ නැහැ.

    මම මෙතනට වරක් ගියා. මට නම් එතන ඇති හොදකුත් නැහැ, නරකකුත් නැහැ. මොකද මම ගියේ දහම් අවබෝධයට රුකුලක් ලබාගන්න මිසක් රූප බලන්න හෝ පන්සල් වදින්න නොවෙයි. මම දැක්කා ඔය මාලිගාව. ඒත් ගිය කාරනය කරගෙන ආවා මිසක් ඔය මාලිගාවේ හොද/නරක මට වැඩක් නැති නිසා මම ඒක ලගින් ගියා විතරයි. මම ඒක ඇතුලට ගියෙත් නැහැ. මම ඒක දිහා පිටින් ඉද ලස්සන බැලුවෙත් නැහැ. දැක්කා පමනයි. මම ඉතින් ඔය මාලිගාවෙන් මොනවා කරන්නද? ඉතින් ඒ නිසා ඔතන මාලිගාවක් තිබුනත්, පන තියෙන රූමත් ස්ත්‍රීන් නර්තනයන් ඉදිරි පත් කලත්, අසූචි කන්දක් තිබුනත් මට පලක් නැති දේක හොද/නරක මොකට හොයනවාද?

    ධර්මය අවබෝධයට රුකුලක් ලැබුනා. අන්න ඒක හොදයි. බොහෝම හොදයි! අන්න ඒක තමයි බලන්න ඕනෑ දේ. අන්න ඒක තමයි ලබන්න ඕනෑ දේ. අන්න ඒක තමයි වටිනා දේ. අන්න ඒක තමයි අන් අයට පෙන්වන්න ඕනෑ දේ. අන්න ඒ කියන කාරනාවෙන් ඔතන තියෙන ධර්ම මාලිගාව බලන්න යන අයට මම කියනවා ඒ පවතින ධර්ම මාලිගාව බොහෝ හොදයි කියලා. මම හොදටම හොදයි කියා කියන්නෙනේ නැහැ. මොකද මම ඒ ධර්ම මාලිගාවේ අපිරිසිදු තැන් කිහිපයක් දැක්කා. ඒත් ධර්ම මාලිගාව බලන්න යන අය වැල නොකැඩී යන්න. එය ඉදිවෙමින් පවතින ධර්ම මාලිගාවක්. අපිරිසිදු තැන් කාලයත් සමග පිරිසිදු වේවි යැයි සිතනවා. ඔය සුළු සුළු අපිරිසිදු තැන් තිබ්බත් බලන්නම සුදුසු තැනක්. හැබැයි ධර්ම මාලිගාවේ අපිරිසිදු කුමක්දැයි දකින්න නම් බොහෝම අපහසු වේවි. මේ නිසා බැලුවොත් එකවර ධර්ම මාලිගාව නොපෙනෙන බව දැනගෙන, පෙනෙන්නේ තුනී වූ කළු වලා පටලයක් හරහා, ඒ නිසා හිතන තරම් හොදින් දකින්න නොලැබෙන්න ඉඩ තියෙනවා, මාලිගාවේ කෑලි ලෙස කළු වලා කුළු පෙනෙන්න පුළුවන් බව දැනගෙනම බලන්න.

    බුදු දහම කියන්නේ බුද්ධ රූප හෝ වෙන යම් සංකේත නොවෙයි. එහෙම හිතුවානම් ඉතින් පන්සල් වැන්දහම දහම් අවබෝධවෙන්න ඕනෑ. රූපමය සංකේත බුදු දහම ලෙස සැලකුවොත් පොලොන්නරුවේ ගල් විහාරයේ බුදු පිලිමය දැකලා ගලින් සාදා ඇති නිසා බුදු දහම විකෘති කරලා කියලා හිතන අයත් ඉන්න පුළුවන්.

    බුදු පියානන් පවසා තියෙන්නේම රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කරන්න කියලා. ඉතින් එහෙම එකේ මොකක් හරි දැකල ද්වේශ කරනවානම්, ඒ ආකාරයට ද්වේශ කරන්න අන් අයවත් පොලඹවනවානම් ඒ අය බුදු දහම් අවබෝධයට යොමුවීමක්වත් පෙන්වන්නේ නැහැ. ඉතින් පිළිම බලලා ඒ කරුණින්ම ද්වේශයක් ඇති කරන්න එපා. ඇසෙන් දකින රූප කෙරෙහි ඇලෙන්නත්, ගැටෙන්නත් එපා. අන් ආයතන පහ (කන, නාසය, දිව, කය, මන) ගැනත් එසේමයි.

    සද්ධර්මය අවබෝධ කිරීමෙන් තමන් ආර්යය ඵල ලැබීම හෝ අඩුතරමින් රාග, ද්වේශ, මෝහ බුදු පියානන් පැවසූ ආකාරයෙන් තමන්ව පෙළන ආකාරය වටහාගෙන ඉන් මිදෙන්න උත්සාහ ගන්න. ආර්යය ඵල ඉක්මනින් නොලැබුවත් මෙසේ පෙළඹීමක් ඇතිකර ගැනීමත් බොහෝම වටිනවා.

    බුදු පියානන් වෙනුවෙන් මාලිගා ගසන්නේ අනවබෝධයේ ඉන්නා අයව යොමුකිරීමක් කරන්න පමණයි. සමාජයක් තුල බුද්ධ ධර්මය පිළිබද සංකේත පැවැත්ම අනිවාර්යයෙන්ම බුද්ධ ධර්මයේ පැවැත්මට රුකුල් දෙන කාරනයක්. බොහෝ විට මාලිගා එය තනන්නන්ට වඩා වැඩි කලක් පවතිනවා. මේ නිසා එවන් කාලයක් පවතින සංකේතාත්මක දේ වඩ වඩාත් පවතිනවානම් වඩාත් සුදුසුයි.

    නමුත් බුදු පියානන් පවසා තියෙනවා සාසනයේ පරිහානියටත් මේ සංකේතාත්මක කරුණු හේතු වන බව. ඒ සංකේතාත්මක කරුණු වල ගැටළුවක් නිසා නොවෙයි. බුදු පියානන් පවසන්නේ ගැටළුව ඇතිවන්නේ සංකේත වලට බුදුදහමයි කියලා පරිහාණියට පත් අය කියන්න යෑම. මේ නිසා සද්ධර්මයෙන් මිනිසුන් ඈත්වීමත් සමග සංකේත වලට සද්ධර්මයයි කියා ඔවුන් පිළිගන්න යනවා. අන්තිමට රාග, ද්වේෂ, මෝහ ප්‍රහානය කරන්න කියා ඇති සද්ධර්මය තිබියදී බුදු දහම විකෘති කරනවායැයි රූපයක් දිහා බලාගෙන ද්වේෂ කරනවා. මෙයයි හරි බුදු දහම කියලා වෙනස් ආකාරයක රූප දිහා බලාගෙන රාගය ඇති කර ගන්නවා. මොවුන්ට සද්ධර්මයේ කියා ඇත්තේ එසේ නොකරන්නමයි, ඒවා ප්‍රහානය මයි තමන්ගේ හිත සුව පිණිස පවතින්නේ, එසේ ප්‍රහානයමයි දැඩි උත්සාහ ගෙන කල යුත්තේ කියා මතක් වෙන්නේත් නැහැ. ඉතින් සද්ධර්මය මේ යැයි අන් අයට අධර්මයයක්ම ගෙන හැර දක්වනවා.

    රූප දැකලා ඔලුව විකාර වෙනවා තමයි. ඒත් එසේ සිදුවන්නේ සද්ධර්මය අහන්න හම්බ උනේ නැත්නම් සහ අවබෝධ නොකරන තාක් කල්. හිතා බලන්නකෝ, ඔබ පිරිමියෙක් නම් මේ රාග, ද්වේෂ, මෝහ ගැන අවබෝධයත් එතරම් නැත්නම් කොයි පන්සලකට ගියත් ඔයිට වඩා රාගී හැඟීම් ඇතිකරන ස්ත්‍රී රූප ඕනෑ තරම් දකින්න පුළුවන්. ඒ පන තියෙන ස්ත්‍රීන්. ඔය පන්සලේ තියෙනවාය කියන පිළිම වගේ නොවෙයි (අනික ඒ පිළිම ස්ත්‍රීන් දක්වන්න හදපුවත් නොවේ). ඉතින් මේ පන තියෙන ස්ත්‍රීන්ගේ අඟ පසග දැක්වෙන රූප දැක්කාම සමහරු තදින්ම රාගයෙන් ඇලෙනවා (මමත් ඇලිලා තියෙනවා). සමහරු තදින්ම රාගයෙන් ගැටෙනවා (මට මතක් වෙන්නේ නැහැ තදින් ගැටුනු අවස්ථාවක් - මොකද අනවබෝධය තුල ස්ත්‍රී රූප දැක්මට ආශා බවක් තමයි මා තුල පැවතියේ). සමහර විට කාන්තාවන් හොදින් විළි වසාගෙන පැමිණ සිටියත් එච්චරයි.

    නමුත් තේරුම් ගන්න ඕනෑ රූප දැක ඔලුව විකාර කරගන්න කෙනෙක් එසේ කරගන්නේ රූපයේ ගැටලුවක් නිසාද එහෙම නැත්නම් බලන කෙනා රාග, ද්වේෂ, මෝහ පිළිගැනීමෙන් කටයුතු කල නිසාද කියලා. එහෙම හිතලා ගැටලුවේ මුල දැක තමන්ගේ උපන් අකුසල් යටපත් කර ගැනීමට හැමෝම පෙළබෙත්වා! නූපන් කුසල් සිත් (රාග, ද්වේෂ, මෝහ වලට ප්‍රතිවිරුද්ධ සිත් - අලෝභ, අදෝෂ, අමෝහ සිත්) උපදවා ගැනීමට හැමෝම පෙළබෙත්වා!

    බුද්ධ රූප පමණක් නොවෙයි. වෙන ආගම්, ජන කොටස් ඇතුළු ඇසෙන් දකින්න හැකි සියළු රූප කෙරෙහිත්, කනින් අසන්න පුළුවන් සියළු ශබ්ද කෙරෙහිත්, නාසයෙන් වින්ද හැකි සියළු ගද/සුවද කෙරෙහිත්, දිවෙන් රස බැලිය හැකි සියළු රසයන් කෙරෙහිත්, කයින් විදිය හැකි සියළු පහස කෙරෙහිත්, මනසින් හිතිය හැකි සියළු කරුණු කෙරෙහිත් රාග, ද්වේශ, මෝහ සහිත සිත් ඇතිවීමට ඉඩ නොදීමට යමෙක් පෙලඹෙනවාද ඒ පුද්ගලයා සද්ධර්මය කෙරෙහි යොමු වූ, තමන්ට දැන් දැන්ම සුව විපාක ඇතිකරන පිළිවෙතකට පැමිණි, නිවනට නැඹුරුවූ සිත් ඇති, නිවැරදි පිළිවෙතට පැමිණීම නිසා සද්ධර්මය අවබෝධ කරන, බුදු දහමෙහි පිහිටි අයෙක්ම වනවා. එවන් අය පවසන දේ අසා එසේම අවබෝධ කර, එසේම ක්‍රියා පිළිවෙතකට යොමුවීමමයි නුවනැත්තන් ආර්ය ඵල ලැබීම පමා උවත් දැන් දැන්ම සුව විපාක ලබන්න කැමතියී නම් කල යුත්තේ.

    බුද්ධ රූප තුල නම් බුද්ධ ධර්මය නෑමයි! නැති දෙයක් ඇතැයි සිතීම මිත්‍යා (නිවැරදි නොවන) දෘෂ්ඨියක් (දැකීමක්, වටහා ගැනීමක්). මෙහෙම මිත්‍යා දෘෂ්ඨියෙන් කරන දේ වලින් මේ දැන් දැන් තමන්ව පෙලන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඊටත් අමතරව බුදු පියානන් පවසා තියෙන්නේ මලාට පස්සේ නම් වල පල්ලටම යන බව තමයි (නිරයේ, තිරිසන් ආදී තැන් වල උපත ලබන බව). මොකද මේ බුදු දහම කියලා පිළිගෙන තියෙන්නේ රාග, ද්වේෂ, මෝහ කරුණුමනේ. ඉතින් ඒ ආකාරයෙන් දෙන උපදේස ලබන අය පිළිගත්තානම් පිළිගන්නේත් වල පල්ලට වැටීමේ ක්‍රමයමයි. උපදෙස් දෙන අය තමනුත් පටලවාගෙන බොහෝ දෙනෙක්වත් පටලවන නිසා දෙන අයටනම් ඉතින් සොරිම තමයි.

    me kathawe hari thenuth thiyanawa aul thanuth thiyanawa oya pilimayakin karanne hitha sansun karana eka pilimeka budu dahama ne aka aththa oya photo ake thiyana pilimayanam aul aken samanya manussayekuge hegim awissenawa api kawuruth hitha diyunu karapu aya nemei neda hitha hodata sansun kagath ayata oya mokuth uwamana nane
     
    > oya pilimayakin karanne hitha sansun karana eka

    පිළිම වලට 'කරන්න' පුළුවන් දෙයක් නැහැ. පුළුවන් උනානම් පිළිම දිහා බලාගෙන ඉන්න එතකොට ඔබ නිවන් දකිනවා යැයි බුදු පියානන් පවසන්නත් තිබුනා.

    > oya photo ake thiyana pilimayanam aul aken samanya manussayekuge hegim awissenawa

    එනිසා තමයි බුදු පියානන් පවසා ඇත්තේ ඇසෙන් දකින රූප කෙරෙහි රාගී සිත් ඇති කරගන්න එපා කියලා, ද්වේශ සිත් ඇති කරගන්න එපා කියලා, මෝහ සිත් ඇති කරගන්න එපා කියලා. ඉතින් එය පිළිගන්නේ නැත්නම් කොයි පිළිමෙත් එකයි. අඩු තරමින් සමාධි පිළිමේ කෑල්ලක් මතක් වෙන්න තියාගන්න හොරකම් කරගෙන ඒම උනත් හොදයි කියලා හිතෙන්න පුළුවන්. වටිනා කිරි ගරුඩ යැයි සිතන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කවුරු හරි එතන ෆොටෝ ගත්තොත් නහුතෙටම තද වෙන්නත් පුළුවන්. ඔය ඉතින් බුදු පියානන් පැවසූ දේ තේරුම් නොගත්තහම තමන් විසින්ම තදකර ගෙන පෙළා ගැනීමනේ. ඉතින් මොන සන්සුන් කමක්ද? අන්තිමට සමාධි පිළිමෙටත් සද්ධර්මය අවබෝධ නොකල අය ගහගන්නවා.

    මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සෙන (කෙලෙසීම) එකට ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්න තමයි බුදු පියානන් දහම් දෙසා ඇත්තේ. ඒ දහම් අවබෝධ කරගෙන විසුද්ධියක් ලබා ගැනීම තමයි කරන්න ඕනෑ. එතකොටයි සැනසීම ලැබෙන්නේ. දහම්හී කියා ඇත්තේ එලෙස විසුද්ධියක් ලබන්න නම් ඇසින් දකින රූපයෙහි ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න එපා කියලා. අන් ආයතන ගැනත් එලෙසමයි පවසා තියෙන්නේ.

    ඔබ ගින්දර ගැන කතා කරනවා, මම ගින්දර නිවන වතුර ගැන කතා කරනවා. නමුත් ඔබ වතුර නැතිව ගින්දර නිවන්න පුළුවන් වෙන දෙයක් පවසනවා. එසේ කියමින් වතුර යැයි වෙනත් ගින්දරක්ම පෙන්වනවා. මම ඒ ගින්දරත්, මේ ගින්දරත්, හැම ගින්දරක්ම නිවන වතුරම ඔබට පෙන්වනවා.

    හොදයි පුළුවන්නම් කියන්න සියළු සාමාන්‍ය (දහම් අවබෝධ නොකල) මනුස්සයින්ගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැති පිළිමයක් තියෙනවානම් ඒ කොයි පිළිමයද? කොයි ආකාරයටද එවන් පිළිමයක් සෑදිය යුත්තේ? ඔබ ඉතින් මේවාට උත්තර දෙන්න ඕනේ නැහැ. මම ඔබව හිතන්න යොමු කලා පමණයි.

    > api kawuruth hitha diyunu karapu aya nemei neda

    ඉතින් පුතේ ඒකනේ මේ පුන පුනා කියන්නේ බුදු දහම් අවබෝධ කරගෙන වල පල්ලට නොවැටී හිටින් කියලා. ඕකමනේ ප්‍රශ්නය. ඕකටමනේ මේ බෙහෙත් දෙන්නේ. ඕකටමනේ මේ අමිල බුදු දහම අප වෙත අනුකම්පාවෙන් බුදු පියානන් අපට පෙන්වා දී තියෙන්නේ. ඇසට පෙනෙන රූපයේ ඇලෙන්න එපා, ගැටෙන්න එපා, මුලා වන්න එපා කියලා බුදු පියානන් කොච්චර නම් කියලා තියෙනවාද? කිව්වට අහන එකක්යෑ. බුද්ධ රූපයක් දිහා බලලා පළවෙනියට සරාගී හැඟීම් ඇතිකර ගන්නවා. ඊට පස්සේ ඒ සරාගී හැගීම් ඇතිඋනා යැයි තමාම ද්වේෂය ඇතිකරගන්නවා. ඊට පස්සෙ බුද්ධ රූපය හදපු එකා ඒකට පළි.

    බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා එහෙම නොවෙයි, රූපය දැක්කොත් දැක්කා එපමනකින් නවතින්න කියා. රූපයේ ආකාරයන් (රටා, පාට, උස, මහත, ලක්ෂණ, සලකුණු ආදිය) ගැන හිතන්න යන්න එපා, එවිට තමයි නැති රාගය ඇතිවන්නේ කියා තියෙනවා. එහෙමත් කියලා තියෙන කොට තව තව ඔය බුදු පිළිමයේ ලක්ෂණ හරි නැතය, ඒක අහවල් රටේ ආකාරයය, ඇඟ පෙනෙනවා වැඩිය ආදී ලෙසින් බුදු පියානන් රාගයට හේතු වන යම් දෙයක් (ලක්ෂණ ආදිය මෙනෙහි කිරීම) කියා ඇත්ද එහිම යෙදෙනවා. ඉතින් රෝගයට බෙහෙත ලෙසින් රෝගය වැඩිවන්ට පොහොර යෙදෙනවා. හොද වෙයිද? වෙන්නේ රාගය වැඩිවීමමයි.

    ඉතින් රෝගය මෙයයි, බෙහෙත මෙයයි කියා තේරුම් ගෙන ආර්යය ඵල ලබන්න බැරිනම් මේ ඉන්න ටික වත් සැනසීමෙන් ඉන්න හැකි අවබෝධයක් ලබාගත්තොත් නේද හොද? අරමුණු කෙරෙයි අවබෝධයෙන් ඇලීමෙන, ගැටීමෙන්, මුලා වීමෙන් නොහිටින්න ටිකෙන් ටික හරි පුරුදු උනොත් මේ කියන මටයැ සැනසීම ලැබෙන්නේ?