මෙතනට ගිය කෙනෙක් ඉන්නවද ??
කොලබ ඉඳන් යන විදිය පොඩ්ඩක් කියවන ද ( බස්,කොච්චි , වැන් ) විදියෙන්
බස්: කුරුණෑගල බසයක නගින්න (කුරුණෑගලටම ටිකට් කඩාවි). අල්ව්ව (ගග හරහා පාලමේ ගොස් දකුණට හැරෙනවා, පරණ පාලමත් දකින්න පුළුවන්) නගරය පසුවී කොන්දොස්තරට තැන කියා බස්සවන්න කියන්න. මම හිතන්නේ අලව්ව හන්දියේ සිට 5 km විතර ඇති (හරියටම ගානක් නැහැ, නමුත් ඒ තරම් ඇති). බසින තැන පහසුවෙන් අදුනා ගන්න පුළුවන් මොකද එතන පමණයි ඔය බස් එකේ යනකොට ඒ හරියේ රේල් පාර හරහා මහා මාර්ගය යන්නේ. එතනම තමයි බහින්න ඕනෑ. වම් අතට තියෙන පාරේ තවත් 3-4 km විතර ඇතුලට යන්න ඕනෑ. බස් එනවා.
පෝය දාට ගොඩක් සෙනග ඇති. අනික් දාටත් සාමාන්‍ය සෙනගක් ඉන්නවා. මොකද බස්/වෑන් වලින් වන්දනා යන කන්ඩායම් නිතර එන නිසා.
වෑන් එකක ගියත් ඔය පාරම තමයි පාවිව්වි කරන්න ලෙහෙසි.
කෝච්චියේ නම් එක්කෝ අලව්වෙන් බැහැලා කුරුණැගල පැත්තට බස් එකේ යන්න වෙනවා. වලකුඹුර බැස්සොත් තවත් ලග වේවි (හැබැයි මේ ස්ටේෂන් එක මට වැඩිය මතක නැහැ). පොල්ගහවෙල දක්වා ගියොත් අනිත් පැත්තට ආපහු එන්න වෙනවා. අලව්ව පැත්තෙන් ආසන්න වශයෙන් 5km විතර, පොල්ගහවෙල පැත්තෙන් 3 km විතර. ඔය හරස් පාරේ යන බස් පටන්ගන්නේ අලව්වෙන්ද, පොල්ගහවෙලින්ද කියලා හොයලා බලලා, ඒ කෝච්චි ස්ටේෂමේ බැසීම තමයි ලේසිම දේ. බොහෝ විට පොල්ගහවෙල වෙන්න ඇති. හැබැයි මම හරියට දන්නේ නැහැ.
මරුසිරා;17048062 said:
හ්ම් ගියානම් තමා හැබැයි නොගියානම් හොදයි කියල හිතෙනවා
උබත් ගිහින්ම හොදයිද කියල කියපන්කො
මම මෙතනට වරක් ගියා. මට නම් එතන ඇති හොදකුත් නැහැ, නරකකුත් නැහැ. මොකද මම ගියේ දහම් අවබෝධයට රුකුලක් ලබාගන්න මිසක් රූප බලන්න හෝ පන්සල් වදින්න නොවෙයි. මම දැක්කා ඔය මාලිගාව. ඒත් ගිය කාරනය කරගෙන ආවා මිසක් ඔය මාලිගාවේ හොද/නරක මට වැඩක් නැති නිසා මම ඒක ලගින් ගියා විතරයි. මම ඒක ඇතුලට ගියෙත් නැහැ. මම ඒක දිහා පිටින් ඉද ලස්සන බැලුවෙත් නැහැ. දැක්කා පමනයි. මම ඉතින් ඔය මාලිගාවෙන් මොනවා කරන්නද? ඉතින් ඒ නිසා ඔතන මාලිගාවක් තිබුනත්, පන තියෙන රූමත් ස්ත්‍රීන් නර්තනයන් ඉදිරි පත් කලත්, අසූචි කන්දක් තිබුනත් මට පලක් නැති දේක හොද/නරක මොකට හොයනවාද?
ධර්මය අවබෝධයට රුකුලක් ලැබුනා. අන්න ඒක හොදයි. බොහෝම හොදයි! අන්න ඒක තමයි බලන්න ඕනෑ දේ. අන්න ඒක තමයි ලබන්න ඕනෑ දේ. අන්න ඒක තමයි වටිනා දේ. අන්න ඒක තමයි අන් අයට පෙන්වන්න ඕනෑ දේ. අන්න ඒ කියන කාරනාවෙන් ඔතන තියෙන ධර්ම මාලිගාව බලන්න යන අයට මම කියනවා ඒ පවතින ධර්ම මාලිගාව බොහෝ හොදයි කියලා. මම හොදටම හොදයි කියා කියන්නෙනේ නැහැ. මොකද මම ඒ ධර්ම මාලිගාවේ අපිරිසිදු තැන් කිහිපයක් දැක්කා. ඒත් ධර්ම මාලිගාව බලන්න යන අය වැල නොකැඩී යන්න. එය ඉදිවෙමින් පවතින ධර්ම මාලිගාවක්. අපිරිසිදු තැන් කාලයත් සමග පිරිසිදු වේවි යැයි සිතනවා. ඔය සුළු සුළු අපිරිසිදු තැන් තිබ්බත් බලන්නම සුදුසු තැනක්. හැබැයි ධර්ම මාලිගාවේ අපිරිසිදු කුමක්දැයි දකින්න නම් බොහෝම අපහසු වේවි. මේ නිසා බැලුවොත් එකවර ධර්ම මාලිගාව නොපෙනෙන බව දැනගෙන, පෙනෙන්නේ තුනී වූ කළු වලා පටලයක් හරහා, ඒ නිසා හිතන තරම් හොදින් දකින්න නොලැබෙන්න ඉඩ තියෙනවා, මාලිගාවේ කෑලි ලෙස කළු වලා කුළු පෙනෙන්න පුළුවන් බව දැනගෙනම බලන්න.
මරුසිරා;17048515 said:
ඔය එකක් විතරයි තව බුදුදහම විකුර්ති කල තැන් බොහොමයි .
බුදු දහම කියන්නේ බුද්ධ රූප හෝ වෙන යම් සංකේත නොවෙයි. එහෙම හිතුවානම් ඉතින් පන්සල් වැන්දහම දහම් අවබෝධවෙන්න ඕනෑ. රූපමය සංකේත බුදු දහම ලෙස සැලකුවොත් පොලොන්නරුවේ ගල් විහාරයේ බුදු පිලිමය දැකලා ගලින් සාදා ඇති නිසා බුදු දහම විකෘති කරලා කියලා හිතන අයත් ඉන්න පුළුවන්.
බුදු පියානන් පවසා තියෙන්නේම රාග, ද්වේශ, මෝහ ප්රහාණය කරන්න කියලා. ඉතින් එහෙම එකේ මොකක් හරි දැකල ද්වේශ කරනවානම්, ඒ ආකාරයට ද්වේශ කරන්න අන් අයවත් පොලඹවනවානම් ඒ අය බුදු දහම් අවබෝධයට යොමුවීමක්වත් පෙන්වන්නේ නැහැ. ඉතින් පිළිම බලලා ඒ කරුණින්ම ද්වේශයක් ඇති කරන්න එපා. ඇසෙන් දකින රූප කෙරෙහි ඇලෙන්නත්, ගැටෙන්නත් එපා. අන් ආයතන පහ (කන, නාසය, දිව, කය, මන) ගැනත් එසේමයි.
සද්ධර්මය අවබෝධ කිරීමෙන් තමන් ආර්යය ඵල ලැබීම හෝ අඩුතරමින් රාග, ද්වේශ, මෝහ බුදු පියානන් පැවසූ ආකාරයෙන් තමන්ව පෙළන ආකාරය වටහාගෙන ඉන් මිදෙන්න උත්සාහ ගන්න. ආර්යය ඵල ඉක්මනින් නොලැබුවත් මෙසේ පෙළඹීමක් ඇතිකර ගැනීමත් බොහෝම වටිනවා.
උබ නියම බෞද්ධයෙක් නම් කවදාවත් ඔතෙන්ට යන්න එපා.. බුදුහාමුදුරුවෝ මාලිගා තුනක් අත ඇරලා බුදු වෙන්න ගියේ.. මුං බුදුහාමුදුරුවන්ට මාලිගා ගහනවා..
ඔතන්ට ගියාම වෙන්නෙ ඔලුව විකාර වෙන එක විතරයි
බුදු පියානන් වෙනුවෙන් මාලිගා ගසන්නේ අනවබෝධයේ ඉන්නා අයව යොමුකිරීමක් කරන්න පමණයි. සමාජයක් තුල බුද්ධ ධර්මය පිළිබද සංකේත පැවැත්ම අනිවාර්යයෙන්ම බුද්ධ ධර්මයේ පැවැත්මට රුකුල් දෙන කාරනයක්. බොහෝ විට මාලිගා එය තනන්නන්ට වඩා වැඩි කලක් පවතිනවා. මේ නිසා එවන් කාලයක් පවතින සංකේතාත්මක දේ වඩ වඩාත් පවතිනවානම් වඩාත් සුදුසුයි.
නමුත් බුදු පියානන් පවසා තියෙනවා සාසනයේ පරිහානියටත් මේ සංකේතාත්මක කරුණු හේතු වන බව. ඒ සංකේතාත්මක කරුණු වල ගැටළුවක් නිසා නොවෙයි. බුදු පියානන් පවසන්නේ ගැටළුව ඇතිවන්නේ සංකේත වලට බුදුදහමයි කියලා පරිහාණියට පත් අය කියන්න යෑම. මේ නිසා සද්ධර්මයෙන් මිනිසුන් ඈත්වීමත් සමග සංකේත වලට සද්ධර්මයයි කියා ඔවුන් පිළිගන්න යනවා. අන්තිමට රාග, ද්වේෂ, මෝහ ප්‍රහානය කරන්න කියා ඇති සද්ධර්මය තිබියදී බුදු දහම විකෘති කරනවායැයි රූපයක් දිහා බලාගෙන ද්වේෂ කරනවා. මෙයයි හරි බුදු දහම කියලා වෙනස් ආකාරයක රූප දිහා බලාගෙන රාගය ඇති කර ගන්නවා. මොවුන්ට සද්ධර්මයේ කියා ඇත්තේ එසේ නොකරන්නමයි, ඒවා ප්‍රහානය මයි තමන්ගේ හිත සුව පිණිස පවතින්නේ, එසේ ප්‍රහානයමයි දැඩි උත්සාහ ගෙන කල යුත්තේ කියා මතක් වෙන්නේත් නැහැ. ඉතින් සද්ධර්මය මේ යැයි අන් අයට අධර්මයයක්ම ගෙන හැර දක්වනවා.
රූප දැකලා ඔලුව විකාර වෙනවා තමයි. ඒත් එසේ සිදුවන්නේ සද්ධර්මය අහන්න හම්බ උනේ නැත්නම් සහ අවබෝධ නොකරන තාක් කල්. හිතා බලන්නකෝ, ඔබ පිරිමියෙක් නම් මේ රාග, ද්වේෂ, මෝහ ගැන අවබෝධයත් එතරම් නැත්නම් කොයි පන්සලකට ගියත් ඔයිට වඩා රාගී හැඟීම් ඇතිකරන ස්ත්‍රී රූප ඕනෑ තරම් දකින්න පුළුවන්. ඒ පන තියෙන ස්ත්‍රීන්. ඔය පන්සලේ තියෙනවාය කියන පිළිම වගේ නොවෙයි (අනික ඒ පිළිම ස්ත්‍රීන් දක්වන්න හදපුවත් නොවේ). ඉතින් මේ පන තියෙන ස්ත්රීන්ගේ අඟ පසග දැක්වෙන රූප දැක්කාම සමහරු තදින්ම රාගයෙන් ඇලෙනවා (මමත් ඇලිලා තියෙනවා). සමහරු තදින්ම රාගයෙන් ගැටෙනවා (මට මතක් වෙන්නේ නැහැ තදින් ගැටුනු අවස්ථාවක් - මොකද අනවබෝධය තුල ස්ත්‍රී රූප දැක්මට ආශා බවක් තමයි මා තුල පැවතියේ). සමහර විට කාන්තාවන් හොදින් විළි වසාගෙන පැමිණ සිටියත් එච්චරයි.
නමුත් තේරුම් ගන්න ඕනෑ රූප දැක ඔලුව විකාර කරගන්න කෙනෙක් එසේ කරගන්නේ රූපයේ ගැටලුවක් නිසාද එහෙම නැත්නම් බලන කෙනා රාග, ද්වේෂ, මෝහ පිළිගැනීමෙන් කටයුතු කල නිසාද කියලා. එහෙම හිතලා ගැටලුවේ මුල දැක තමන්ගේ උපන් අකුසල් යටපත් කර ගැනීමට හැමෝම පෙළබෙත්වා! නූපන් කුසල් සිත් (රාග, ද්වේෂ, මෝහ වලට ප්‍රතිවිරුද්ධ සිත් - අලෝභ, අදෝෂ, අමෝහ සිත්) උපදවා ගැනීමට හැමෝම පෙළබෙත්වා!
බුද්ධ රූප පමණක් නොවෙයි. වෙන ආගම්, ජන කොටස් ඇතුළු ඇසෙන් දකින්න හැකි සියළු රූප කෙරෙහිත්, කනින් අසන්න පුළුවන් සියළු ශබ්ද කෙරෙහිත්, නාසයෙන් වින්ද හැකි සියළු ගද/සුවද කෙරෙහිත්, දිවෙන් රස බැලිය හැකි සියළු රසයන් කෙරෙහිත්, කයින් විදිය හැකි සියළු පහස කෙරෙහිත්, මනසින් හිතිය හැකි සියළු කරුණු කෙරෙහිත් රාග, ද්වේශ, මෝහ සහිත සිත් ඇතිවීමට ඉඩ නොදීමට යමෙක් පෙලඹෙනවාද ඒ පුද්ගලයා සද්ධර්මය කෙරෙහි යොමු වූ, තමන්ට දැන් දැන්ම සුව විපාක ඇතිකරන පිළිවෙතකට පැමිණි, නිවනට නැඹුරුවූ සිත් ඇති, නිවැරදි පිළිවෙතට පැමිණීම නිසා සද්ධර්මය අවබෝධ කරන, බුදු දහමෙහි පිහිටි අයෙක්ම වනවා. එවන් අය පවසන දේ අසා එසේම අවබෝධ කර, එසේම ක්‍රියා පිළිවෙතකට යොමුවීමමයි නුවනැත්තන් ආර්ය ඵල ලැබීම පමා උවත් දැන් දැන්ම සුව විපාක ලබන්න කැමතියී නම් කල යුත්තේ.
බුද්ධ රූප තුල නම් බුද්ධ ධර්මය නෑමයි! නැති දෙයක් ඇතැයි සිතීම මිත්‍යා (නිවැරදි නොවන) දෘෂ්ඨියක් (දැකීමක්, වටහා ගැනීමක්). මෙහෙම මිත්‍යා දෘෂ්ඨියෙන් කරන දේ වලින් මේ දැන් දැන් තමන්ව පෙලන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඊටත් අමතරව බුදු පියානන් පවසා තියෙන්නේ මලාට පස්සේ නම් වල පල්ලටම යන බව තමයි (නිරයේ, තිරිසන් ආදී තැන් වල උපත ලබන බව). මොකද මේ බුදු දහම කියලා පිළිගෙන තියෙන්නේ රාග, ද්වේෂ, මෝහ කරුණුමනේ. ඉතින් ඒ ආකාරයෙන් දෙන උපදේස ලබන අය පිළිගත්තානම් පිළිගන්නේත් වල පල්ලට වැටීමේ ක්‍රමයමයි. උපදෙස් දෙන අය තමනුත් පටලවාගෙන බොහෝ දෙනෙක්වත් පටලවන නිසා දෙන අයටනම් ඉතින් සොරිම තමයි.