මෙතනට ටෙස්ටරයක් තිබ්බම පත්තු වෙනවද?

AnuradhaRa

Well-known member
  • KcPsLE5.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ටෙස්ටරේ උඩ කෑල්ල ගලෝලා පියුස් එක අතින් අල්ලන් ඔයට පූට්ටු කරපන්
    කතා කර ගන්න පුළුවන් කමක් තිබ්බොත් මැසේජ් එකක් දාපන්

    දෙවි පිහිටයි
     
    • Angry
    Reactions: AnuradhaRa

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඔව්. ඔය ප්‍රතිරෝධය බල්බ් එකක් කියලා හිතපන්කො. බල්බ් එක පත්තු වෙලා තියෙන වෙලාවට වයර් දෙකෙන් කෝකට ටෙස්ටර් එක තිබ්බත් ටෙස්ටරේ නියෝන් බල්බ් එක පත්තු වෙනවා. සැක නම් කරලා බලපන්. 👍

    uQ4mJgZ.jpg

    දැං පත්තු වෙයිද? :P
    මේකත් ඔව් හැබැයි අඩුවෙන්. මොකද voltage එක දෙකට බෙදනවා. සාමාන්‍යයෙන් ලංකාවෙ විදුලිය 230V වුණාට ටෙස්ටර් හදන්නෙ 110V තියෙන රටවල වුණත් පාවිච්චි වෙන විදිහට. ඉතින් දෙකට බෙදුණත් නියෝන් බල්බ් එක පත්තු වෙනවා. 😊
     
    • Haha
    Reactions: thedigit2s

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඔව්. ඔය ප්‍රතිරෝධය බල්බ් එකක් කියලා හිතපන්කො. බල්බ් එක පත්තු වෙලා තියෙන වෙලාවට වයර් දෙකෙන් කෝකට ටෙස්ටර් එක තිබ්බත් ටෙස්ටරේ නියෝන් බල්බ් එක පත්තු වෙනවා. සැක නම් කරලා බලපන්. 👍
    නියුට්‍රල් එකට තිබ්බොත් පත්තු වෙයිද?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඇයි උඹ නැහැ කියන්නේ ? සප්ලයි දීල නැහැ කියල උපකල්පනය කරලද නැත්තන් ප්‍රතිරෝධය අනන්ත පරතිරෝධයක් කියල හිතලද ? ටෙස්ටරේ වැඩ නැහැ කියල හිතලද :lol:
     
    • Haha
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    නියුට්‍රල් එකට තිබ්බොත් පත්තු වෙයිද?
    යකෝ neutral වෙන්නෙ connect වෙලා නැති තාක් විතරයි. 50Hz AC කියන්නෙ connect වෙච්ච වෙලාවෙ ඉඳන් තත්පරයට වාර 25 ක් Live එක L, අනිත් වාර 25 දි Live එක N. Alternating Current වල මූලධර්මය තේරුම් ගනින්. 👍

    දන්න බිජ්ජ. 😂
    ------ Post added on Jul 7, 2022 at 4:57 PM
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි උඹ නැහැ කියන්නේ ? සප්ලයි දීල නැහැ කියල උපකල්පනය කරලද නැත්තන් ප්‍රතිරෝධය අනන්ත පරතිරෝධයක් කියල හිතලද ? ටෙස්ටරේ වැඩ නැහැ කියල හිතලද :lol:
    පත්තු වෙන්නෙ නෑ මචං
    අත තිබ්බට කරන්ට් වදින්නෙත් නෑ
    ගෙදර නියුටල් ජාලය කොයි වෙලේත් එකට සම්බන්ධයි. ඒත් කරන්ට් වදින්නෙ නෑ නේද.. :D :yes:
    අපි කාමරේක ලයිට් එකක් දැම්මොත් කරන්ට් එක බල්බ් එකට සම්බන්ධ නියුටල් එකට ගිහින් ගෙදර අනිත් නියුටල් ලයින්වලටත් යනව.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඇයි උඹ නැහැ කියන්නේ ? සප්ලයි දීල නැහැ කියල උපකල්පනය කරලද නැත්තන් ප්‍රතිරෝධය අනන්ත පරතිරෝධයක් කියල හිතලද ? ටෙස්ටරේ වැඩ නැහැ කියල හිතලද :lol:
    යකෝ neutral වෙන්නෙ connect වෙලා නැති තාක් විතරයි. 50Hz AC කියන්නෙ connect වෙච්ච වෙලාවෙ ඉඳන් තත්පරයට වාර 25 ක් Live එක L, අනිත් වාර 25 දි Live එක N. Alternating Current වල මූලධර්මය තේරුම් ගනින්. 👍

    දන්න බිජ්ජ. 😂
    ------ Post added on Jul 7, 2022 at 4:57 PM

    Screenshot_20220707-181629_Gallery.jpg

    Screenshot_20220707-181633_Gallery.jpg

    Screenshot_20220707-181643_Gallery.jpg

    Screenshot_20220707-181657_Gallery.jpg
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    යකෝ neutral වෙන්නෙ connect වෙලා නැති තාක් විතරයි. 50Hz AC කියන්නෙ connect වෙච්ච වෙලාවෙ ඉඳන් තත්පරයට වාර 25 ක් Live එක L, අනිත් වාර 25 දි Live එක N. Alternating Current වල මූලධර්මය තේරුම් ගනින්.

    මචන් මෙතන පොඩි අව්ලක් තියනව නේද ? Live එක Neutral වෙන එක නෙවෙයි නේද වෙන්නේ. Neutral එක හැම වෙලේම ground එකෙමනේ තියෙන්නේ. වෙන්නේ Live එක ground එකට සාපේක්ෂව +230 / -230 අතර alternate වෙන එක නේද ?

    එක වෙලාවක N ට සාපේක්ෂව L +230
    අනිත් වෙලාවේ N ට සාපේක්ෂව L -230

    මෙහෙමනේ බන් වෙන්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඇයි උඹ නැහැ කියන්නේ ? සප්ලයි දීල නැහැ කියල උපකල්පනය කරලද නැත්තන් ප්‍රතිරෝධය අනන්ත පරතිරෝධයක් කියල හිතලද ? ටෙස්ටරේ වැඩ නැහැ කියල හිතලද :lol:
    යකෝ neutral වෙන්නෙ connect වෙලා නැති තාක් විතරයි. 50Hz AC කියන්නෙ connect වෙච්ච වෙලාවෙ ඉඳන් තත්පරයට වාර 25 ක් Live එක L, අනිත් වාර 25 දි Live එක N. Alternating Current වල මූලධර්මය තේරුම් ගනින්. 👍

    දන්න බිජ්ජ. 😂
    ------ Post added on Jul 7, 2022 at 4:57 PM

    තොපි ඔය කියන AC කතාව හරි ඩයිනමෝ එකකට. හෝ නෝමල් ගෙවල් වල පාවිච්චි වෙන ටයිප් ට්‍රාන්ස්ෆොර්මර් අවුට්පුට් එකකට.

    power distribution වයරින් එහෙම නෙමෙයි වැඩ කරන්නේ.

    මේක තේරුම් ගන්න ත්‍රී පේස් ට්‍රාන්ස්ෆෝමර් ගැන දැනගන්න ඕනේ. ත්‍රී පේස් වයින්ඩින් වල තියෙනවා ඩෙල්ටා ටයිප් සහ ස්ටාර් ටයිප් කියල දෙකක්.

    main-qimg-4dce38f417f8f47cfa314b2d5468d0c7

    අර පාර අයිනෙ කණු දෙකක ගහල තියෙන ට්‍රාන්ස්ෆෝමරේ මේ වගේ. ප්‍රයිමරි වයින්ඩින් එක ඩෙල්ටා ටයිප්. ඩෙල්ටා කියන්නෙ ත්‍රිකෝණෙ වගේ එක. ස්ටාර් කියන්නෙ අනික් එක. ඔය ට්‍රාන්ස්ෆෝමරේ සෙකන්ඩ්‍රි එක ස්ටාර්ටයිප්.

    කණුවෙ උඩින්ම යන වයර් තුන තමා ඩෙල්ටා කොයිල් එකට සම්බන්ධ වෙන්නේ. කණුවෙ යටින් යන වයර් හතර තමයි ස්ටාර් කොයිල් එකට සම්බන්ධ වෙන්නේ. ඒ වයර් 4න් උඩම තුන පේස් තුන. යටම එක නියුට්‍රල් එක.

    මේ දකුණු පැත්තෙ රූපසටහනේ සෙකන්ඩ්‍රියෙ හෙවත් ස්ටාර් ටයිප් එකේ නිල් රතු කහ වයර් තුන තමා පේස් තුන. කළු එක නියුට්‍රල් එක.

    ඔය කළු එක සම්බන්ධ වෙන්නෙ ස්ටාර් ටයිප් ත්‍රී පේස් වයින්ඩින් තුනේ පොදු අග්‍රයට. ඒකට කියන්නෙ ස්ටාර් පොයින්ට් කියලා. ඒ ස්ටාර් පොයින්ට් එක ඒ ට්‍රාන්ස්ෆෝමරය ගාවින්ම භූගත කරල තියෙන්නේ. කොටින්ම කිව්වොත් අපේ ගෙදරට එන නියුට්‍රල් වයර් එක ට්‍රාන්ස්ෆෝමරය ගාවින්ම අර්ත් වෙලා තියෙන්නේ.

    ඒක නිසා ඒ වයර් එකේ විභවයක් නෑ. ඒක නියුට්‍රල් කියන්නෙ ඒකයි. ඒකෙයි පොළොවෙයි අතර වෝල්ටේජ් එක 0යි.

    ඒ වයර් එක තියෙන්නෙ ඉලෙක්ට්‍රික් බඩුව වැඩ කරන්න අවශ්‍ය විභව අන්තරය දෙන්න විතරයි.

    AC පද්ධතියක ධාරාව ගලන්නෙ දෙපැත්තට. ධාරාව ගලන පැත්ත තත්පරේට 50-60 වාරයක් මාරු වෙනවා.

    මේ පද්ධතියෙ ධාරාව ගලන්නෙ එක වයර් එකක විතරයි. ඇත්තටම ඒ ලයිව් එකේ. ගැලීමක් නෙමෙයි වෙන්නේ ඉලෙක්ට්‍රෝන තල්ලු වෙන දිශාව මාරු කිරීමක්. එක පාරක් තල්ලු කරනවා අනික් පාර අදිනවා. මං හිතනව තේරෙන්න ඇති කියලා.

    නියුට්‍රල් එක කෙලින්ම පොලොවට සම්බන්ධ නිසයි නියුට්‍රල් වයර් එකේ ටෙස්ටරේ පත්තු වෙන්නෙ නැත්තෙ.

    කිසිම වෙලාවක ගෙදර නියුට්‍රල් එකේ ටෙස්ටරයක් පත්තු වෙන්න බෑ. එහෙම වෙනවනම් ගෙදර වයරින් එකේ දෝෂයක්.