මේ විදියට හිතෙන්නෙ ඇත්ත වශයෙන්ම බුදු දහම ගැන අවබෝධයක් නැති නිසා. ඒක එහෙම නම් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කරන්නෙ නැහැ. මොකද මුලින්ම උන්වහන්සේ හිතුවෙත් එහෙම. නමුත් උන්වහන්සේම පස්සෙ ඒ සිතුවිල්ල වෙනස් කලා.මේකට නම් මමත් එකඟයි, අනික් එවුන්ට කොච්චර හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කලත් නරක වෙන්න කියල ප්‍රර්ථනා කලත්, ඒක අදාලම නැහැනෙ, උන්ට වෙන්න තියෙන දේ වෙනව. බුදු කෙනෙක් පහල වෙල ඔය වගෙ වැඩකට නැති දේවල් දේශනා කරයි කියල මම නම් හිතන්නෙ නැහැ.
හැබැයි ඉතින් කෙකෙන්, තමුන් තරහ ඇතිකරගන්නෙ නැතුව ඉන්න පුරුදු වෙන්න හිතාගෙන මෙහෙම දෙයක් කරනව වෙන්න පුළුවන්. බයිසිකලේ ගත්ත ගමන් පදින්න බැහැනෙ පුරුදු වෙන්නත් එපැය.
මේ දෙවැනි ඡේදයේ කියලා තියෙන අවස්ථාවේදි තමයි සැබෑ බ්‍රහ්මවිහාර ධර්ම පවත්වාගෙන යන්න ඕනා.මමනම් මාත්එක්ක තරහා මනුස්සයකුට උනත්, තිරිසන් සතෙක් උනත් හිතන්නේ මේ කෙනා මගේ කලින් ආත්මෙක අම්මා,තාත්තා,අයියා,අක්කා,මල්ලී,නංගි, ගෑණී වෙන්න ඇති කියලා,ඉතින් එහම හිතලා ඔක්කොටම මෙත් වඩනවා.
හැබැයි ඔහොම ඉද්දි කරේ යන්න එන අයත් නැතිවම නෙවයි,නිවටයා කියලත් හිතන අය ඇති,මට මොකෝ මම මගේ පාඩුවේ ඉන්නවා..
------ Post added on Nov 8, 2024 at 2:52 PM
