මෙත්තා භාවනාව ගැන කෙටි පැහැදිලි කිරීමක්.

hpalpola

Well-known member
  • මේකට නම් මමත් එකඟයි, අනික් එවුන්ට කොච්චර හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කලත් නරක වෙන්න කියල ප්‍රර්ථනා කලත්, ඒක අදාලම නැහැනෙ, උන්ට වෙන්න තියෙන දේ වෙනව. බුදු කෙනෙක් පහල වෙල ඔය වගෙ වැඩකට නැති දේවල් දේශනා කරයි කියල මම නම් හිතන්නෙ නැහැ.
    හැබැයි ඉතින් කෙකෙන්, තමුන් තරහ ඇතිකරගන්නෙ නැතුව ඉන්න පුරුදු වෙන්න හිතාගෙන මෙහෙම දෙයක් කරනව වෙන්න පුළුවන්. බයිසිකලේ ගත්ත ගමන් පදින්න බැහැනෙ පුරුදු වෙන්නත් එපැය.
    මේ විදියට හිතෙන්⁣නෙ ඇත්ත වශයෙන්ම බුදු දහම ගැන අවබෝධයක් නැති නිසා. ඒක එහෙම නම් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කරන්නෙ නැහැ. මොකද මුලින්ම උන්වහන්සේ හිතුවෙත් එහෙම. නමුත් උන්වහන්⁣සේම පස්සෙ ඒ සිතුවිල්ල වෙනස් කලා.

    මමනම් මාත්එක්ක තරහා මනුස්සයකුට උනත්, තිරිසන් සතෙක් උනත් හිතන්නේ මේ කෙනා මගේ කලින් ආත්මෙක අම්මා,තාත්තා,අයියා,අක්‌කා,මල්ලී,නංගි, ගෑණී වෙන්න ඇති කියලා,ඉතින් එහම හිතලා ඔක්කොටම මෙත් වඩනවා.

    හැබැයි ඔහොම ඉද්දි කරේ යන්න එන අයත් නැතිවම නෙවයි,නිවටයා කියලත් හිතන අය ඇති,මට මොකෝ මම මගේ පාඩුවේ ඉන්නවා..
    මේ දෙවැනි ඡේදයේ කියලා තියෙන අවස්ථාවේදි තමයි සැබෑ බ්‍රහ්මවිහාර ධර්ම පවත්වාගෙන යන්න ඕනා.
    ------ Post added on Nov 8, 2024 at 2:52 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,830
    113
    එකමත් එක රටක
    "වේවා" කියන වචනය භාවිතා කරන්නෙ එ් අරමුණ /සිතුවිල්ල /අදහස ඇති කරගන්න. (මෙහෙම වෙනවා නම් හොඳයි කියන අදහස)
    නිතර එහෙම හිතන කොට යටිසිතේ තැන්පත් වෙනවා එ්ක.
    වැඩි වාර ගානක් කියලා යටි හිතේ තැන්පත් වෙන්නඅරින එකද බුද්දාගමේ කියලා දෙන්නේ?? ,නැත්නම් අවබෝධය ද ?

    ඔය මෛත්‍රී කරනවා කියලා මම , මගේ කට්ටිය , මිතුරෝ , සතුරෝ , අහසේ ඉන්න උන් , මුහුදේ ඉන්න උන් , කිරි බි වැඩෙන උන ,පොලව යට ඉන්න උන් , ඇහැට නොපෙනන ක්ෂුද්‍ර ජීවින් ගගා "කවුරු හරි බැරිවෙලාවත් මිස් වෙයිද කියලා හිත හිත වාක්‍ය කියවන එක ලෙඩක් මට්ටමට යන්න පුලුවන් .

    ඔහොම කරල අන්තිමටම අනේ කකුලට වත් සතෙක් පෑගෙයි ද කියලා හිතල ඇවිදින්නේ නැති , වතුරේ ඉන්න සතෙක් මැරෙයි කියලා හිතල වතුර උණු කරන්නේ නැති නිගන්ට මට්ටමට ඕක යනවා වයසට යද්දී !!
    ඔය බොරු දේවල් නැතුව තනියම හිතල ඇයි එහෙම වෙන්නේ කියලා අවබෝද කරගන්න එක වටිනවා ඉදගෙන වාක්‍ය කියලා හිත රවට්ටගෙන මානසික ලෙඩෙක් වෙනවට වඩා . .

    මෛත්‍රී කරනවා කියලා අපිට වෙන කෙනෙක්ට බලපෑමක් වෙන කිසි දෙයක් කරන්න බෑ . අපිට අපේ හිත පාලනය කර ගන්න එක තමයි කරන්න පුලුවන් අවබෝදයෙන් . නැත්නම් මෛත්‍රී භාවනාවේ පියවර ටිකක් පාඩම් කරගෙන මතකෙන් ඇස් පියාගෙන කියවන එක කරන්නේ..
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔහොම කරල අන්තිමටම අනේ කකුලට වත් සතෙක් පෑගෙයි ද කියලා හිතල ඇවිදින්නේ නැති , වතුරේ ඉන්න සතෙක් මැරෙයි කියලා හිතල වතුර උණු කරන්නේ නැති නිගන්ට මට්ටමට ඕක යනවා වයසට යද්දී !!
    ඔය බොරු දේවල් නැතුව තනියම හිතල ඇයි එහෙම වෙන්නේ කියලා අවබෝද කරගන්න එක වටිනවා ඉගෙන වාක්‍ය කියලා හිත රවට්ටගෙන මානසික ලෙඩෙක් වෙනවට වඩා . .

    mehema track panapu dial onatharam innawa mn adurana, prajnava madi kama thami, krnn deyak naha

    darmaya hamotama therun ganna baha, therum ganna puluwn aya darmaya paruwak karagena gagena eha iwurata egoda wenawa

    anith un paruva kadala geyak hadan eke athule padinchiyata yanawa

    (mama dn hadapu upamavak, dn tika tika minissunt theren widihata bana kynn puluwn matath, nymi ned 😛🤣)
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    මේ විදියට හිතෙන්⁣නෙ ඇත්ත වශයෙන්ම බුදු දහම ගැන අවබෝධයක් නැති නිසා. ඒක එහෙම නම් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කරන්නෙ නැහැ. මොකද මුලින්ම උන්වහන්සේ හිතුවෙත් එහෙම. නමුත් උන්වහන්⁣සේම පස්සෙ ඒ සිතුවිල්ල වෙනස් කලා.

    මේ දෙවැනි ඡේදයේ කියලා තියෙන අවස්ථාවේදි තමයි සැබෑ බ්‍රහ්මවිහාර ධර්ම පවත්වාගෙන යන්න ඕනා.
    ------ Post added on Nov 8, 2024 at 2:52 PM
    හරි මචං, ඇත්තටම මම හොඳට ධර්මය එකෙක් නෙමෙයි, හැබැයි දන්න ටිකෙන් එක දෙයක් දන්නව, බුදු හාමුදුරුවො ආවට ගියාට වැඩකට නැති දේවල් දේශනා කරල නැහැ. අපි හිතන දේට වඩා ගැඹුරු දේවල් උන්වහන්සේ දේශනා කරල තියෙනව. මේකත් එහෙම එකක් වෙන්න පුළුවන්.

    මම, වටේ උං නිවන් දක්වනව කියල එකක් නැහැනෙ සිතක්නෙ නිවන් දකින්නෙ.
     
    hpalpola

    Well-known member
  • හරි මචං, ඇත්තටම මම හොඳට ධර්මය එකෙක් නෙමෙයි, හැබැයි දන්න ටිකෙන් එක දෙයක් දන්නව, බුදු හාමුදුරුවො ආවට ගියාට වැඩකට නැති දේවල් දේශනා කරල නැහැ. අපි හිතන දේට වඩා ගැඹුරු දේවල් උන්වහන්සේ දේශනා කරල තියෙනව. මේකත් එහෙම එකක් වෙන්න පුළුවන්.

    මම, වටේ උං නිවන් දක්වනව කියල එකක් නැහැනෙ සිතක්නෙ නිවන් දකින්නෙ.
    ඇත්තටම හොඳට ධර්මය දැන ගන්න අවශ්‍යම නැහැ. එක ගාථාවක් හරි හරියට දැන ගන්න. හුඟක් දැන ගැනීමේ අවශ්‍යතාවක් නැහැ නිවන් දකින්න. ඒ අතරෙ ඉඩක් ලැබුනොත් තුන්තරා බෝධිය ගැනත් ඉගෙන ගන්න බලන්න. ඔය දැනට දරණ අදහස වෙනස් වේවි යාළුවා.
     
    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    @hpalpola බ්‍රහ්මවිහාර ධර්ම පවත්වාගෙන යන්න ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි මට
     
    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    බ්‍රහ්මවිහාර ධර්ම පවත්වාගෙන යන්න ගැන පැහැ
    කොයි වගේ දෙයක්ද දැන ගන්න ඕනා.
    බ්‍රහ්මවිහාර ධර්ම කියන්නේ මොකද්ද?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    වැඩි වාර ගානක් කියලා යටි හිතේ තැන්පත් වෙන්නඅරින එකද බුද්දාගමේ කියලා දෙන්නේ??
    නෑ. ඔයාට සාමාන්‍ය ගැඹුරක් තියෙන දෙයක් වත් තේරුම් ගන්න අමාරු නිසා, ඔයාට තේරුම් ගන්න පුලුවන් මට්ටමේ දෙයක් කිව්වෙ.
    අපේ හිත පාලනය කරගන්න ලේසි වෙනවා එ්කෙන්.

    අපිට අපේ හිත පාලනය කර ගන්න එක තමයි කරන්න පුලුවන් අවබෝදයෙන් .
    හිත පාලනය කරගන්න එක තමයි.
    ඔයා වැරදියට වටහාගෙන තිබුණෙ එ්ක ප්‍රාර්ථනාවක් කියලා.
     
    • Haha
    Reactions: dilann

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අනේ නිකන් පලයන් බන් :lol:
    නෑ. ඔයාට සාමාන්‍ය ගැඹුරක් තියෙන දෙයක් වත් තේරුම් ගන්න අමාරු නිසා, ඔයාට තේරුම් ගන්න පුලුවන් මට්ටමේ දෙයක් කිව්වෙ.
    අපේ හිත පාලනය කරගන්න ලේසි වෙනවා එ්කෙන්.

    samanya deyak therun gattat, gaburu deyak therun gattath

    therun gaththa deyak kiynne avidyavak witharai, therum nathi wennai one

    oka dakinakam therun panawala, panawapu therun asuru karan thava dewal panawala, duk widinawa ubala
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    samanya deyak therun gattat, gaburu deyak therun gattath

    therun gaththa deyak kiynne avidyavak witharai, therum nathi wennai one

    oka dakinakam therun panawala, panawapu therun asuru karan thava dewal panawala, duk widinawa ubala
    චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම අවිද්‍යාවද? 🤔
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම අවිද්‍යාවද? 🤔

    chathurarya sathya dakiddi thami marga pala labiyek wenne

    prutakjana kenek danna chathurarya sathyak naha, margapala labiyekta panawanna chathurarya sathyakuth naha

    oka mehema kiwwata therena ekak naha
     
    • Like
    Reactions: nuwan9999

    hpalpola

    Well-known member
  • බ්‍රහ්මවිහාර ධර්ම පවත්වාගෙන යන්න ගැන පැහැ

    බ්‍රහ්මවිහාර ධර්ම කියන්නේ මොකද්ද?
    සරලවම බ්‍රහ්ම විහාර ධර්ම කියන්නෙ මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා. මේ ගුණාංග භාවනාවක් විදියට පුහුණු කිරීම සහ ජීවිතය තුළ පවත්වාගෙන යාමයි ⁣බ්‍රහ්මවිහාර ධර්ම පවත්වාගෙන යාම තුළින් අදහස් කරන්නෙ.
     
    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    සරලවම බ්‍රහ්ම විහාර ධර්ම කියන්නෙ මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා. මේ ගුණාංග භාවනාවක් විදියට පුහුණු කිරීම සහ ජීවිතය තුළ පවත්වාගෙන යාමයි ⁣බ්‍රහ්මවිහාර ධර්ම පවත්වාගෙන යාම තුළින් අදහස් කරන්නෙ.
    බොහොම ස්තුති…ඔබතුමාට
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    chathurarya sathya dakiddi thami marga pala labiyek wenne

    prutakjana kenek danna chathurarya sathyak naha, margapala labiyekta panawanna chathurarya sathyakuth naha

    oka mehema kiwwata therena ekak naha
    මචං උඹට බැරිද අපි ගැන කරුණා කරල මෙන්න මේකෙන් ඔය ටයිප්[ කරල දාන්න?
    https://www.google.com/intl/si/inputtools/try/

    කියවන්න ගියහම ඇඩ්රස් නැති වෙනව.
     
    • Like
    Reactions: Fiona Dabare

    hpalpola

    Well-known member
    • Love
    Reactions: nuwan9999