මෙන්න අළුත්ම නිර්දේශ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න අළුත්ම නිර්දේශ

    මාර්ග අනතුරු අවම කිරීම සදහා මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ නීතිගත කිරීමට කඩිනමින් කටයුතු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. කෙසේවෙතත් අදාළ කරුණු සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.

    දෙස් විදෙස් විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ පැවති තුන්දින සාකච්ඡාවකින් පසු මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාව විසින් අදාළ නිර්දේශ සකස් කර තිබෙනවා.

    වාහනයක් පැදවීමේදී රියදුරෙකුට පානය කර සිටිය හැකි උපරිම මධ්‍යසාර ප‍්‍රමාණය 0.5 සිට දශම 0.45 දක්වා අඩු කිරීම එම එක් නිර්දේශයක් :baffled:

    තී‍්‍රරෝද රථ සදහා ආරක්‍ෂිත බද පටි සවි කිරීමට, ජනාකීර්ණ නගරවල වාහන ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් පනහේ සිට පැයට කිලෝමීටර් 30 දක්වා අඩු කිරීමටද නිර්දේශ කර තිබෙනවා.

    ආරක්‍ෂිත හිස් වැසුම් හෙවත් හෙල්මට් සදහා ප‍්‍රමිතියක් හදුන්වාදීම, මාර්ග අනතුරු සුලභව සිදුවන ස්ථානවල සී.සී.ටී.වී කැමරා සවිකර නීති කඩකරන්නන්ට දඬුවම් ලබාදීම සහ මාර්ග අනතුරුවලින් සිදුවන ජීවිත හා දේපොළ හානිවලට ලබාදෙන රක්‍ෂණ වන්දි වැඩි කිරීම තවත් නිර්දේශ කිහිපයක්.

    Source: NethFM