ජනාධිපති ධුරයට සුදුසු අය පොහොට්ටුවේ තව ගොඩක් ඉන්නවා..- විජිත හේරත්
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති තනතුරට සුදුසුකම් ඇති අය කොතෙක් සිටියද එම ධුරය වෙන කාටවත් ලබාදිමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු නොකල බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පැවසිය.
විජිත හේරත් මහතා ඒ බැව් කියා සිටියේ (31) දින ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ දෙකිද කොට්ඨාශයේ පැවති ජන හමුවකදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු විජිත හේරත් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම වෙන්වුයේ ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කිරිමට නොහැකි නිසා මිස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොගැලපුණ නිසා නොවන බවයි.
එක්සත් ජාතික පක්ෂයෙත් , සමගි ජන බලවේගයෙත් ආර්ථික ප්‍රතිපත්ති එක හා සමාන බවත්, පක්ෂ දෙකටම ඇත්තේ රටේ සම්පත් විකිණිම බවයි විජිත හේරත් මහතා කියා සිටින්නේ.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන විට රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට කටයුතු කලේ රාජපක්ෂ පවුලට සිටින එකම විශ්වාස වන්තයා රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවයි.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති තනතුරට සුදුසුකම් ඇති අය කොතෙක් සිටියද එම ධුරය වෙන කාටවත් ලබාදිමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු නොකල බවද විජිත හේරත් මහතා පැවසිය.
– රංජිත් රාජපක්ෂ
up
------ Post added on Feb 4, 2023 at 12:29 PM