මෙන්න මිනිස්සු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න මිනිස්සු

    179445_368472236549147_267760071_n.jpg

    ◄ රුවන්මැලි සෑ ප‍්‍රතිසංස්කරණයට ලක්ෂ දෙකහමාරක් පිරිනැමූ ගැමි සිටු වරයා ►

    එය1912 වසරේ ජුනි මස 03 වැනිදාය. තවත් ආකාරයකින් කියනවා නම් එම වසරේ පොසොන් පුර පසළොස්වක පෝ දිනයයි. දහස් සංඛ්‍යාත සැදැහැවත් බොදු බැතිමතුන් පිරිසක් සුදෝ සුදු වතින් සැරසී සුදුවන් වැලි තලයෙන් යුතු රුවන්වැලි සෑ මළුවේ බණ භාවනාදී පිංකම්හි නිරතවී සිටිති. සුදු වතින් සැරසීගත් බාලිකාවෝ පිරිසක් එම සැදැහැවතුන් වෙත පැමිණ ආධාර එකතු කරමින් සිටිති. ඒ රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහාය.

    ප‍්‍රසන්න පෙනුමකින් යුතු උත්තුංග දේහධාරී වයෝවෘද්ධ සැදැහැවතෙක් කුඩා පිත්තල වංගෙඩියක් තුළ බුලත් විටක් කොටමින් සිටියේය. ආධාර එකතු කරමින් පැමිණි බාලිකාවෝ ඔහු වෙත පැමිණියහ.

    ”සීයා.... චෛත්‍යයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට ආධාරයක් දෙන්න.” බාලිකාවන් අතර සිටි කටකාර එකියක් කීවාය.

    ”සීයා?... මම කොහොමද බොලාට සීයා වෙන්නෙ?” වයෝවෘද්ධ සැදැහැවතා සිනාමුසු මුහුණින් යුතුව මෘදු ස්වරයෙන් ඇසීය. ඔහුගේ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයාගත නොහී දැරියෝ පසුබා නිහඬව බලා සිටියහ.

    ඒ දරුවො ඔහේට සීයා කියල කථා කළේ වැඩි ආදරේට නේ අප්පුහාමි. සැදැහැවතා අසලින් වාඩිවී සිටි එම වියේම පසුවන අනෙක් සැදැහැවතා බාලිකාවන් වෙනුවෙන් කථා කළේය.

    එහෙමද? එහෙනම් ලියාගනිල්ලා මගෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක්. සැදැහැවතා ගත් කටටම කීවෙන් බාලිකාවෝ ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසෙමින් එතැනින් නික්ම ගියහ.

    ඇත්තටමද අප්පුහාමි ඔහේ ඒ දරුවන්ට ලක්‍ෂ දෙකහමාරක් ලියා ගන්න කිව්වේ? මිතුරා සැදැහැවතා අමතා ඇසීය.

    අද මේ පොසොන් පුර පසළොස්වක පෝය දවසෙ අටසිල් සමාදම් වෙලා මේ උතුම් රුවන්වැලි සෑ මළුව ඉඳගෙන බොරු කියනවද මම? ඇත්තටම රුළහාමි ඔහේගෙ ඔළුවෙ අමාරුවක් තියෙනවාද? සැහැදැවතා සිනාසෙමින් තම මිතුරා ගෙන් ඇසීය.

    ඒ දරුවෝ නම් ඔහේගෙ කථාව තඹේකට විශ්වාස කළේ නෑ. ඒ නිසා ඔහේ ගැන ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම දන්න මමවත් ඒ වචන විශ්වාස කළේ නෑ අප්පුහාමි. මිතුරා යළිත් කීවේය.

    රුවන්වැලි සෑ මළුව ඇතුළු මුළු ප‍්‍රදේශය පුරා සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර ඔස්සේ ඒ මොහොතේ නිවේදනයක් නිකුත් විය.

    තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥධාතු නිදන් කර ලංකාවාසී සැදැහැවත් ඔබ සැමට නිවන් පුර රුවන් දොර විවර කැරදීම සඳහා එදා අපේ ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු මහ රජාණන් විසින් ඉදි කරන ලද්දාවූ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ මේ වන විට තරමක් අබලන් තත්ත්වයකට පත්ව ඇති බැවින් වහා කළ යුතු ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා පුණ්‍යකාමී සැදැහැවත් ඔබ සැමගෙන් ශක්ති ප‍්‍රමාණයෙන් ආධාර අපේක්‍ෂා කෙරේ. සංසාර ගමන් මග කෙටි කැර ගෙන නිවන් දැකීමේ අරමුණ පෙරදැරි කැරගෙන මේ උතුම් පොසොන් පුර පසළොස්වක පෝදා මේ රුවන්වැලි සෑ පින්බිමේ අටසිල් සමාදම් වී සිටින සැදැහැවත් ඔබ සැම දහඩිය මහන්සියෙන් උපයාගත් මුදලින් මේ උත්තම පුණ්‍යකර්මය සඳහා තම තමන්ගේ ශක්ති ප‍්‍රමාණයෙන් දායක වන ලෙස අපි ඔබ සැමට කාරුණිකව ආයාචනා කරමු.
    ශ‍්‍රද්ධා සම්පන්න ඔබේ නොමසුරු ආධාර භාර ගැනීම සඳහා මේ පුණ්‍ය භූමියේ පිහිටුවා ඇති කාර්යාලයේ නිලධාරී මහත්වරු සූදානම්ව සිටින බැවින් මේ උදාරවූ පුණ්‍ය කර්මයට දායකවී සුවදායිවූ මරණයක් කෙළවර අජරාමර නිවන් සුව ප‍්‍රාර්ථනා කැර ගන්නා ලෙස සැහැදැහැවත් ඔබ හැමට අපි ගෞරවපූර්වකව ආයාචනා කරමු. මේ එම නිවේදනයයි.

    ”අප්පුහාමි ඔහේට ඇහුනැයි? අපි යමුද ඔහේගෙ අර ලක්‍ෂ දෙකහමාර දෙන්න? මට නම් ලක්‍ෂ ගණන් නැති වග ඔහේ දන්නවනේ? මම බොහොම අර පිරිමැස්මෙන් ඉතිරි කර ගනිපු රුපියල් පන්සීයක් තියෙනවා. මගේ මිය පරලොව ගිය මාපියන්ට පින් සිද්ධ වෙන්න කියල මම ඒක පූජා කරනවා. මිතුරා එකී සැදැහැවතාට කීවේය.

    කොටමින් සිටි බුලත් විට අතට හලා එය දත් නැති මුව තුළ රුවාගත් හෙතෙම තම කුඩා පිත්තල වංගෙඩිය ශුද්ධ පවිත‍්‍ර කැර ගමන් මල්ල තුළට දමාගෙන නැගී සිටියේය. ”යමු රාළහාමි යමු” හේ පෙරමුණ ගනිමින් මිතුරා ඇමතීය.

    දෙමිතුරෝ රුවන්වැලි සෑ කාර්යාලය භූමිය වෙත පැමිණෙද්දී එහි දිගු පෝලිමකි. එහි සිටි හැමෝම රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහත් ශ‍්‍රද්ධාවෙන් භක්තියෙන් දායක වෙනු පිණිස පැමිණියෝ වූහ. ඒ දෙමිතුරෝද පෝලිමේ අගට එකතු වූහ. රුපියල් දාහට වැඩි විශේෂ ආධාර දීමට බලාපොරොත්තු වෙන පින්වතුන් පෝලිමේ සිටීනම් කරුණාකර පෝලිමෙන් ඉවත්වී කාර්යාලය තුළට පැමිණෙන්න. සංවිධායකවරු ශබ්ද විකාශන යන්ත‍්‍රය හරහා තවත් නිවේදනයක් නිකුත් කළහ.

    පෝලිමේ සිටි ගරු ගාම්බීර මහේශාඛ්‍ය පෙනුමෙන් යුතු ප‍්‍රභූවරු රැුසක් පෝලිමෙන් වෙන්වී කාර්යාලය තුළට ගියහ.

    ”අන්න අප්පුහාමි... ඇහුණ නේද ඔහේට? ඔහේත් යන්න කාර්යාලය ඇතුළට. මිතුරා කීවේය.

    අප්පුහාමි කාර්යාලය තුළට ඇතුළු විය. සල්ලිකාර ප‍්‍රභූවරුන් විස්සක් තිහක් පමණ එම කුඩා කාර්යාලය තුළ තෙරපෙති. දුප්පත් ගැමියකුගේ පෙනුම ප‍්‍රදර්ශනය කළ අප්පුහාමි ඒ හැමට විහිළුවක් උපහාසයක් වූ සෙයකි. ඔවුන් අප්පුහාමි නොරුස්නා සෙයක්ද මොනවට ප‍්‍රදර්ශනය විය. අප්පුහාමි ඔවුන් දෙපසට කරමින් ඉදිරියට ගියේය.

    ”ඔන්න මහත්තයා ලියාගන්න මගෙන්.....” අප්පුහාමිට සිය වාක්‍යය නිම කරන්නට ඉඩ නොදෙමින් එහි සිටි ප‍්‍රභූවරයෙක් කථා කළේය.

    ”ශත දහයක්” ඔහුගේ බහට එහි සිටි ප‍්‍රභූවරු සැවොම උපහාසාත්මක ස්වරයෙන් උස් හඬින් සිනාසෙන්නට වූහ.

    ”නෑ ශත විසි පහක්” අප්පුහාමි ඊටත් වඩා උස් හඬින් කීවෙන් ප‍්‍රභූවරු යළිත් සිනාසෙන්නට වූහ.

    ”ඔය මහත්තයා යන්න අර පෝලිමට. මෙතැන ලියන්නෙ රුපියල් දාහට වැඩි විශේෂ ආධාර” සංවිධායකයෙක් කීවේය.

    ”මහත්තයෝ ලියාගන්නකො විසි පහ ලියල දාන්න ඒකට අගට තව බිංඳු හතරක් අප්පුහාමි උස් හඬින් කියා ආඩම්බර ලීලාවෙන් වට විට බැලූවේය.
    ”මොනවා? ශත දෙලක්‍ෂ පනස්දාහක්? අපබ‍්‍රංශයක්නෙ?” සංවිධායකයා විමතියෙන් ඇසීය.

    ”පිස්සෙක්... ඔල්මාද කාරයෙක්.... අංගොඩ ඉඳලා ගෙදර යන ගමන්” ප‍්‍රභූවරු මුමුනන්නට වූහ.

    ”ශත දෙලක්‍ෂ පණස් දාහක් නොවෙයි. රුපියල් දෙලක්‍ෂ පනස් දායක්”

    අප්පුහාමි යළිත් උස් හඬින් කීවේය. නිලධාරියා අප්පුහාමි දෙස පරීක්‍ෂාවෙන් බැලීය. පාදාන්තයේ සිට කේෂාන්තය දක්වාත් කේෂාන්තයේ සිට පාදාන්තය දක්වාත් අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් බැලීය.

    ”නම කොහොමද උපාසක මහත්තයෝ? නිලධාරියා ඇසීය.
    දොන් හෙන්ද්‍රික් සිටුගේ..... ගම අකුරැුස්ස හේනෙගම අප්පුහාමි පෙරටත් වඩා උස් හඬින් කීවේය.

    නිලධාරියා එම විස්තර ලියා ගත්තේය. තම ගමන් මල්ලෙන් චෙක් පොතක් හා පෑනක් එළියට ගත් අප්පුහාමි වටපිට බැලූවේය. ”ආ..... මේ පුටුවෙ වාඩිවෙලා ලියන්න” නිලධාරියා සිය අසුනින් නැගී සිටිමින් කීවේය.
    ”අද අපට උච්ඡුාසයන අකැපයි නේ මහත්තයෝ. අද අපි අටසිල් සමාදම් වෙලා නොව. චැක් කඩදාසිය ලියලයි තියෙන්නෙ. අත්සන් කරන්න විතරයි ඇත්තෙ. ”කී හෙතෙම තම චෙක් පොත නිලධාරියාගේ මේසය මත තබා අදාළ චෙක් පතෙහි අත්සන් කළේය.

    සැදැහැවතා දෙස උපහාසයෙන් බැලූ, ඔහුට සිනාසුණු යම් යම් උපහාසාත්මක වදන් කියූ එහි සිටි ප‍්‍රභූවරු ඔවුනොවුන්ගේ උරහිස් වලට ඉහළින් එබෙමින් චෙක්පත දෙස බලන්නට වූහ. ඒ ඔහු සැබැවින්ම එහි සඳහන් කැර ඇත්තේ රුපියල් දෙලක්‍ෂ පනස් දහසක්දැයි සැක හැර දැන ගැනීමටය. එහි සැබැවින්ම රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් ලියා තිබිණි.
    බොරු කාරයෙක්... වංචා කාරයෙක්.... කපටියෙක්.... පිස්සෙක්..... කාගෙ හරි චෙක් පොතක් අහුලලා වෙන්නැති. ප‍්‍රභූවරු ඔවුනොවුන්ගේ සවන් වලට මුහුණන්නට වූහ. සිය චෙක්පත අත්සන් කළ හෙතෙම එය පරෙස්සමෙන් පොතෙන් වෙන් කැර දෑතින්ම ගෙන නිලධාරියාට පිළිගැන්වීය.

    ”පින් සිද්ධ වෙච්චාවෙ උපාසක මහත්තයෝ.” නිලධාරියා අසුනින් නැගිට දෑතින්ම එය පිළිගනිමින් කීවේය.
    ”පින් තමයි මහත්තයෝ ඕනෑ. සල්ලි නම් කොච්චර තිබුණත් කිසි පලක් නෑ. යන කොට එක ශතයක් අරගෙන යන්න පුළුවන්ද? පින් නම් කොච්චර තිබුණත් කාරි නෑ. තියෙන තරමක් අරගෙන යන්න පුළුවනි.” සිනාසෙමින් කී හෙතෙම එළියට බැස රුවන්වැලි සෑය දෙසට හැරී දොහොත් මුදුන් තබා මහ හඬින් ”සාධු සාධු සාධු” කියා වැන්දේය. ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසුණු යම් යම් උපහාසාත්මක වදන් කියූ ප‍්‍රභූවරු නිහඬව බිම බලාගත්හ. ඔවුන් එවේලේ පරිත්‍යාග කළේ දහස දෙදහස දෙදහස් පන්සීය යනාදී වශයෙනි. එකම ප‍්‍රභූවරයෙක් පමණක් රුපියල් පන් දහසක් පරිත්‍යාග කැර තිබිණී.

    අකුරැස්ස, හේනෙගම විසූ දොන් හෙන්ද්‍රික් සිටුගේ අප්පුහාමි උපාසක මහතා රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා කළ අති විශාල වූ එම පරිත්‍යාගය පිළිබඳව එම පින් බිම පුරා තැන තැන සවිකැර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර හරහා එවෙලේ පටන් පසු දින තෙක් සිය වරක් ප‍්‍රචාරය විය. එසේම පසුදින හිමිදිරියේ අටසිල් පවාරණවී සිය සුපුරුදු අත් දිග මේස් බැනියමෙන් හා කළු කබායෙන් සැරසුණු ඔහුගේ සේයාරුවක් විශේෂයෙන්ම එහි ගෙන්වන ලද ඡායාරූප ශිල්පියකු ලවා ලබා ගැනීමට එහි නිලධාරීහු කටයුතු කළහ.

    මෙම ලිපිය සමග පළ කැර ඇත්තේ එදා ගන්නා ලදුව අදද අටමස්ථාන කාර්යාලයේ තැන්පත් කැර ඇති එම දැවැන්ත සේයාරුවේ කුඩා පිටපතකි.
    1912 වසරේදී රුපියල් ලක්‍ෂ දෙකහමාරක් යනු අද කාලයේ නම් මිලියන ගණනාවකි. මන්ද? එම වකවානුවේ කම්කරුවෙකුගේ දෛනික වැටුප වූ කලී ශත 05ක් බැවිනි.

    අකුරැස්ස, පරදුව ග‍්‍රාමයේ උපත ලද දොන් හෙන්ද්‍රික් සිටුගේ නම්වූ හෙතෙම ළමාවිය ඉක්මවීමත් සමගම එකල ”පුංචි එංගලන්තය” නමින් විරුදාවලි ලැබ තිබූ දෙනියාය තේ වතු අධිරාජ්‍යයේ පිහිටි තානායමේ සහකාර කෝකියකු ලෙසින් සේවයට බැඳුණේය.

    දිනෙන් දින පොහොසත්වූ මේ උත්සාහවන්ත තරුණයා පසුව හේනේගම, ගොරගොඩ යන ගම්මාන වලින් ඉඩම් අක්කර සිය ගණනක් මිලයට ගැනීමට සමත්විය. එම ඉඩම් වල තේ වගාකළ හෙගෙම තේ වත්තෙ අප්පුහාමි යන නමින් ප‍්‍රසිද්ධ විය. අකුරැස්ස ප‍්‍රදේශයේ තේ වගා කිරීමේ ආදි කර්තෘවරයා අප ලිපියේ කථානායක දොන් හෙන්ද්‍රික් විය.

    අප ලිපියේ කථානායක දොන් හෙන්ද්‍රික් අප්පුහාමි යටකී 1912 වසරේදී රුවන්වැලි සෑයට රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් පරිත්‍යාග කිරීමෙන් පසුව දොන් හෙන්ද්‍රික් සිල්වා සිටුගේ නමින් ප‍්‍රසිද්ධ විය.

    ඒ දැවැන්ත පරිත්‍යාගයට කෘතවේදී වෙමින් ඔහුට ශ්‍රී මහා බෝධි අංකූර දෙකක් ත්‍යාග වශයෙන් පරිත්‍යාග කැරිණි. ඔහු ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අලි ඇතුන් සහිත මහා පෙරහරකින් එම බෝධීන් වහන්සේලා අකුරැස්සට වැඩමවාගෙන විත් අකුරැස්සේ තෙපුදෙණිය හා කියාඬුව යන ගම්මානවල තමන්ට අයත් ඉඩම් දෙකක රෝපණය කළේය.

    කම්කරුවකුගේ දෛනික වැටුප ශත 05ක් වූ 1912 වසරේදී රුවන්වැලි සෑයට රුපියල් ලක්‍ෂ දෙකහමාරක් පරිත්‍යාග කළ මෙම ශ්‍රේෂ්ඨ පුරුෂයා සතුව තිබූ අක්කර දහස් ගණන් වූ ඉඩම්වල අද දස දහස් සංඛ්‍යාත ජනතාවක් නිවෙස් තනාගෙන ජිවත් වෙති. එසේම අකුරැස්ස රෝහල ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් පිහිටුවා ඇත්තේ එකී ඉඩම්වලය.

    අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග‍්‍රීසි ආචාර්ය පණ්ඩුල ලැබුනුහේවා මහතාට අපේ ගෞරවනීය ස්තුතිය !
    සටහන හා ඡායාරූප සැපයුම අතුරලිය කේ.ඩබ්ලිව්. ගුණවර්ධන.
    PS
    මෙන්න මිනිස්සු .තමන්ගේ පෞද්ගලික මුදලින් පිනක් කරපු මහත්තයෙක්. දැන් ඉන්න හොර දේශපාලුවෝ වගේ නෙවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: jerome11

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    Kamkaruwekuge Salary Eda = Rs. 0.05
    Kamkaruwekuge Salary Ada = Rs 500/= (Just Assume)

    Ratio 1:10000

    Eda Donations Values : Rs. 250,000/=
    Today Value of That :
    Rs.2,500,000,000/=


    Rs. 2500 (Million)

    What a grate man.