ඕකට උත්තරයක් මේකෙන් ගනින්.
මම වැල්ලේ ඉන්න කාලේ සුද්දෙක් එතන කඩෙන් තැඹිලි ගෙඩියක් අරං බොන ගමන් කතාවට සැට් උනා
ඌත් ඔය හැරල්ඩ් අයියා වගේ පොරක් ජර්මන්
ඌ කියනවා උබල හරි වාසනාවන්ත ජාතියක් නේ බං
අපි (යුරෝපේ උන්) අව්රුද්දේම වැඩ කරලා වින්ටර් එකට පට්ට සීතලේ උදේ නැගිටලා වැඩට ගිහිං කට්ට කාල හොයා ගන්න ගානෙන් වැකේෂන් එකට ලංකාව වගේ රටකට ඇවිත් රස්නෙට මුහුද අයිනේ සී බ්රිස් එක විඳගෙන යනව. උබලට ඒ ආතල් එක හැමදාම තීනවා

ඉතිං ඔය අතරේ අනිත් උන් බිස්නස් ටෝක්
සුද්ද කියනවා ඌ අර කඩෙන් මේවා ගත්තලු අර පැත්තෙ මේ පැත්තෙ ඇවිදින්න ගියා බ්ලා බ්ලා
ඔතන වෙනම ලෝකයක් නේ
ඌ කැමරාවෙන් වීඩියෝ පාරක් දැම්ම නං හැරල්ඩ් වගේ පැයක් දෙකක් හොද ට්රෙන්ඩ් වෙන වීඩියෝ එකක්
යුරෝපේ ඔහොම ටෝක් කරන්න ඕඩියන්ස් එකක් නෑ
ලංකාවේ පොලේ ගියත් ආතල් නේ
පිටරට ජිවිතේ කටුකබව ගැන උගෙ බ්රාහ්මණ ටෝක් අහං යස් යස් කියල අන්තිමට ඌ යද්දී මම කිව්වා මටත් යුරෝපේ යන්න සැට් උනොත් මාත් යනෝ කියල