මෙයාව දන්නවද ?

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    රට අභ්‍යන්තරයේ පැවති ගරිල්ලා යුද්ද විනාශ කළා... ගරිල්ලාවන්ට දරුණු ලෙස විදේශ ආයුධ අරගෙන පහර දුන්නා..
    ජනතාව මුලින් ඔහුට වීරයෙකුට වගේ සැලකුවා... "ගැලවුම්කරුවා" කියලා නමක් දැම්මා..
    කසාද බැඳලා හිටියෙ හිටපු රූ රැජිණක්ව...
    දරුවො තුන් දෙනයි... ඒ තුන්දෙනාම රාජ්‍ය පාලනයට අනීතිකව අත දැම්මා..
    ව්‍යවස්ථාව හිතුමතේට වෙනස් කරල තමන්ට දීර්ඝ කාළයක් බලයේ රැඳී ඉන්න හදා ගත්තා.. පුලුවාන් තරම් තමන්ගෙ පවුලෙ අයටමයි සැළකුවෙ... නෑදෑයින්ව ඉහළ තනතුරු වලට දා ගත්තා..
    රටේ විශ්ව විද්‍යාල වලින් බොරුවට "එක දා ගන්න" එයාට ආචාර්ය උපාධි පිරිනැමුවා...
    පාරවල් හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර හැදුවා...
    වගා සංග්‍රාමයක් කියල එකක් දියත් කරා... ඒක මුවාවෙන් පොහොර සහ කෘෂි රසායන සමාගම් වල පගාව අරගෙන මනුස්ස පරිභෝජනයට නුසුදුසු විෂ සහිත, පිළිකාකාරක කෘෂි රසායන සහ පොහොර ගොවීන්ට අඩු මිළට බෙදා හැරලා රට ලෙඩ කරා...
    විරුද්ධ වාදීන් මරා දැම්මා... පොලිසිය තමයි ප්‍රියතම ආයුදය... ශිෂ්‍ය ව්‍යාපාරය දරුණු ලෙස මර්ධනය කළා..
    මැතිවරණ වංචා කිරීමෙන් කප් ගැහුවා.. ඒවට කප්පිත්තෙක්...
    නිතර ජනතාව ඉන්න තැන්වලට යමින්, දරුවන් වඩාගෙන සුරතල් කරා.. ජනතාවටත් ඊට වඩා දෙයියෙක් හිටියෙ නෑ...
    මුලු ලෝකෙටම රට ණය කළා... කෝටි ගණන් ලෝක මූල්‍ය අරමුදල් වලට සහ විදේශ රටවලට ණයයි...
    බලසම්පන්න විදේශ රටකට තම රටේ සියල්ල උගස් තැබුවා.. ඒ රටෙන් ඇවිත් ක්‍රියාත්මක කරපු "ආර්ථික ඝාතක " ව්‍යාපෘති සියල්ලට "බොරු සංවර්ධනයේ නාමයෙන්" ඉඩ දුන්නා.. ඒවයින් පොදු ජනතාවට සත පහක සේවයක් උනේ නැතත්, උපදින්න ඉන්න එකා පවා ඩොලර් ලක්ෂ ගාණක ණය කාරයන් බවට පත් වුනා.. සමාජයේ එක ස්ථරයකට පමණක් සුර සැප විඳින්න ලැබුණා.. ඕනම මොහොතකදී තම පාලනය රැක ගන්න ඒ බලවත් දේශයෙන් උදව් ලැබෙයි කියලා තරයේ විශ්වාස කරගෙන හිටියා... ඒ රටේ පුරවැසියන්ට තමන්ගේ රටට ඇවිත් ඕනම දෙයක් කරන්න නිදහස දුන්නා... කෝටි ගණන් ඒ රටට ණය උනා..
    සංදර්ශණ සහ ප්‍රදර්ශණ පවත්වන්න හරිම ආශා කළා.. ඒවාට කෝටි ගණන් වැය කලා.. සුපිරි කළාකරුවන් ගෙන්වලා අගනුවර ප්‍රසංග තිබ්බා.. රටපුරා විවිධ ප්‍රදර්ශණ වලට කෝටි ගණන් වියදම් කලා.. විදේශ සමුලු රට තුල පැවැත්වුවා.. ජනතාව දුකෙන් දුකට පත් වෙද්දී මේවට සල්ලි කඳු යට කලා..
    බොරු ආර්ථික සංවර්ධන වේගයක් පෙන්වන තක්කඩියෙක්ව මහ බැංකු අධිපති කලා... තමන්ගෙ රට වේගයෙන් සංවර්ධනය කරා යනවා කියලා මිනිස්සු හිතාගෙන හිටියා මේ ඉලක්කම් හරඹ වලට රැවටිලා..
    ජාතිවාදය අවුස්සා උපරිම ප්‍රයෝජන ලබා ගත්තා.. ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් චෝදනා වලටත් මුහුණ දුන්නා.. අන්ත දූෂිතයෙක්.. ඩොලර් බිලියන ගණනක් ජාතික ධනයට වෙච්ච දෙයක් නෑ...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මම මේ කියන්නෙ පිලිපීනයේ හිටපු ජනාධිපති කෙනෙක් වෙන ෆර්ඩිනන්ඩ් මාකෝස් ගැන..... ඇයි, කාවද මතක් උනේ..?.

    *උපුටාගැනිමකිරි.
    පොස්ට් නම් සමාවෙන්න.. රිපොස්ට් කිය කියා බනින්න එපා අයිබෝවන්ඩ හදවත නිකන් කුන්චනාද කරනවා වගේ එතකොට..
     
    • Like
    Reactions: wilkal82

    waligamaya

    Well-known member
  • images
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    රට අභ්‍යන්තරයේ පැවති ගරිල්ලා යුද්ද විනාශ කළා...
    කොටි ඉවර කළා (යුද්දේ දින්නා™)
    ගරිල්ලාවන්ට දරුණු ලෙස විදේශ ආයුධ අරගෙන පහර දුන්නා..
    :P
    ජනතාව මුලින් ඔහුට වීරයෙකුට වගේ සැලකුවා... "ගැලවුම්කරුවා" කියලා නමක් දැම්මා..
    කසාද බැඳලා හිටියෙ හිටපු රූ රැජිණක්ව...
    දරුවො තුන් දෙනයි... ඒ තුන්දෙනාම රාජ්‍ය පාලනයට අනීතිකව අත දැම්මා..
    :P
    ව්‍යවස්ථාව හිතුමතේට වෙනස් කරල තමන්ට දීර්ඝ කාළයක් බලයේ රැඳී ඉන්න හදා ගත්තා..
    ජනපටිකමේ 2 පාරකට වඩා ඉන්න පුළුවන් වෙන්න හැදුවා
    පුලුවාන් තරම් තමන්ගෙ පවුලෙ අයටමයි සැළකුවෙ...
    රාජ** සමාගම™
    නෑදෑයින්ව ඉහළ තනතුරු වලට දා ගත්තා..
    රටේ විශ්ව විද්‍යාල වලින් බොරුවට "එක දා ගන්න" එයාට ආචාර්ය උපාධි පිරිනැමුවා...
    පාරවල් හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර හැදුවා...
    පාර කාපට් කළා, දක්ෂිණ අධිවේගී, කටුනායක අධිවේගී, මට්ටල, මාගම්පුර වරාය, නොරොච්චෝලේ බලාගරේ
    වගා සංග්‍රාමයක් කියල එකක් දියත් කරා...
    අපි වවමු රැට නගමු
    ඒක මුවාවෙන් පොහොර සහ කෘෂි රසායන සමාගම් වල පගාව අරගෙන මනුස්ස පරිභෝජනයට නුසුදුසු විෂ සහිත, පිළිකාකාරක කෘෂි රසායන සහ පොහොර ගොවීන්ට අඩු මිළට බෙදා හැරලා රට ලෙඩ කරා...
    350 පොහොර, රජරට වකුගඩු රෝගය
    විරුද්ධ වාදීන් මරා දැම්මා... පොලිසිය තමයි ප්‍රියතම ආයුදය... ශිෂ්‍ය ව්‍යාපාරය දරුණු ලෙස මර්ධනය කළා..
    නවතම: සමසව්ක්ය ශිෂ්‍ය පොලිස් ප්‍රහාරය, රතුපස්වල මිලේච්ච හමුදා ප්‍රහාරය
    මැතිවරණ වංචා කිරීමෙන් කප් ගැහුවා.. ඒවට කප්පිත්තෙක්...
    නිතර ජනතාව ඉන්න තැන්වලට යමින්, දරුවන් වඩාගෙන සුරතල් කරා.. ජනතාවටත් ඊට වඩා දෙයියෙක් හිටියෙ නෑ...
    අපේ මහින්ද මහත්තයා, ආඩම්බරකාර ෆාදර්
    මුලු ලෝකෙටම රට ණය කළා... කෝටි ගණන් ලෝක මූල්‍ය අරමුදල් වලට සහ විදේශ රටවලට ණයයි...
    IMF ණය
    බලසම්පන්න විදේශ රටකට තම රටේ සියල්ල උගස් තැබුවා.. ඒ රටෙන් ඇවිත් ක්‍රියාත්මක කරපු "ආර්ථික ඝාතක " ව්‍යාපෘති සියල්ලට "බොරු සංවර්ධනයේ නාමයෙන්" ඉඩ දුන්නා.. ඒවයින් පොදු ජනතාවට සත පහක සේවයක් උනේ නැතත්, උපදින්න ඉන්න එකා පවා ඩොලර් ලක්ෂ ගාණක ණය කාරයන් බවට පත් වුනා..
    චීනෙට ලංකාව උගස් කළා, චීන ලණු කැවා, චීනුන්ට ලංකාවේ සාගර කලාපේ උගස් කළා
    සමාජයේ එක ස්ථරයකට පමණක් සුර සැප විඳින්න ලැබුණා.. ඕනම මොහොතකදී තම පාලනය රැක ගන්න ඒ බලවත් දේශයෙන් උදව් ලැබෙයි කියලා තරයේ විශ්වාස කරගෙන හිටියා... ඒ රටේ පුරවැසියන්ට තමන්ගේ රටට ඇවිත් ඕනම දෙයක් කරන්න නිදහස දුන්නා... කෝටි ගණන් ඒ රටට ණය උනා..