මෙරට සoගීතය කෑ භාතිය සන්තුෂ්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    B N S ලා තමන්ගේ සංගීතය වැරදි දේකට යොදා ගත්තෙ නෑ. එයාලා සමාජ විරෝධි දෙයක් කරේ නෑ. කොටින්ම තරුණයින් පහත් රසයකට ඇදලා දැම්මෙ නෑ කියන එකයි මගේ මතය. එයාලා ඇති කරේ නව ආරක්. ඒ වගේ නව ආරක් ඇති කරලා තමයි අපේ රටේ සංගීතය විවිධාකාර මානයන්ගෙන් අද තියන තත්වෙට ඇවිත් තියන්නේ. එහෙම නැත්තන් අපිට අහන්න වෙන්නේ ජනගී වගේ දේවල් විතරයි.

    1) අමරදේවයන් ඉන්දියාවේ ගිහින් වැඩි දුර ඉගනගන ඇවිත් අලුත් දේශීය සංගීතයක් හැදුවා. ඒකට අපි ආදරය කරනවා. හැබැයි අමරදේවයන්ට ශිෂ්‍යත්වය ඉන්දියාවෙන් ලැබෙන්නෙ නැතුව ඇමරිකාවෙන් ලැබුනනම් අපේ සංගීතයේ ආර මීට වඩා වෙනස් වෙනවා.

    2) කේමදාස මාස්ටර් ගේ සංගීත ආර වෙනස්. කේමදාස මාස්ටර් මිනිස්සුන්ගේ රසය තවත් පැත්තකට ගෙන ගියා.

    3) ක්ලැරන්ස් විජේවර්ධනයන් බටහිර ආරත් එක්ක වෙනම රසයක් ගෙනාවා. මෙතනදි තවත් නව රැල්ලක් බිහිවෙනවා.

    4) ජෝතිපාල, මිල්ටන්, ප්‍රියා ඊට පස්සේ රූකාන්ත වගේ ගොඩක් අය තමන්ගේ කටහඩින් හෝ සංගීතයෙන් වෙනසක් කරා. සමහර වෙනස්කම් දේශීයයි. දේශීයයි කියන්නේ 100% දේශීය නෙවෙයි.

    මේ වෙනස් කම් කරපු අය තමයි අපට මතක. ඒ වෙනස්කම් ටර්නිං පොයින්ට්. ඒ වගේ ටර්නිං පොයින්ට් එකක් තමයි භාතිය සන්තුෂ්. එයාලා සංගීතය අව භාවිතා කරේ නෑ. ඒක තවත් ආරක්. ඒ ආර ලංකාවේ සමාජ විරෝධී නොවන නිසා ඒක වැරදි නෑ. චිත්‍රයක් එකම පාටින් සිත්තම් කරහම ඒකේ පේන ලස්සනට වඩා විවිධ පාටවලින් සිත්තම් කරහම ඇති ලස්සන වැඩී. සංගීතයත් කළාවක්. ඒ කළාව අපි කළාවක් විදිහට රස විදින්න ඕනේ.
     
    ඒකාලෙ තරුණ අමරදේවලත් රැල්ලක් තමයි. ඊට ඉස්සර තිබුන සංගීතය වෙනස්. අපේ සීයල ආච්චිල අමරදේවට කැමති නෑ මොඩ් වැඩියි කියල. මේක තමයි නියම සංගීතය මේක අපි රකින්න ඕනෙ කියල පෙන්නන්න පුලුවන් දෙයක් නෑ.

    lankawe 1920-1930 ganan wala lankawe ananya wu sangeethaya wiyakila,wiwida yatath wijitha jathingen saha indiyanu abashaya mishra wecchi sangeethayak thibbe passe Sunil Shantha wage aya Indiawe gihin iganagana namuth utthara barathiya sangeethayata wahal nowei lankawe jana gee wala shailayath aran geetha nirmanaya kala e kale lankawata pahala unu Sunil Shanthayan gen kalak guru hurukam gattha golayek thama Amaradeva,Amaradeva sangeethaya dala yanna hadankota Amaradeva ge dakshama dakala Sunil Shantha karapu eka panthiyak Amaradeva ta denawa karagana yanna,eken salli hambakaraganna kiyala,passe lankawe aramudalak hadanawa Amaradevata salli nathuwa shanthi nikethanayata yanna..onna ohomayi Amaradevage ithihasaya,Amaradeva lankawata awith indiyanu ragadari sangeethaya sana lankawe thibba deshiya jana sangeethaya mulika karagana lankawata ananya sangeethayak nirmanaya karanawa,ekanyi Amaradeva suwesheshi wenne,umbala owa danne nathuwa methana baila gahanawa ....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඕක සිංහලෙන් ලියපන්කො. කියවන්න ගියාම ඔලුව රිදෙනව.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උඹ කියන දේට 100% එකග වෙන්නම්.. භාතිය සන්තුෂ් කියලා ලියල තියෙන තැන් වලට ඉරාජ් කියලා දැම්මොත්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැම මනුස්සයටම BNS සින්දු දිරවන්නේ නැ
    ඒ වගේම හැම මනුස්සයටම අමරදේවගේ සින්දු දිරවන්නෙත් නැ
    මමනම් පෞද්ගලිකව ඔය පුද්ගලයින් දෙදෙනාගේම සින්දු රසවිදිනවා
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    මට මතක් වෙනව B&S බිහිවෙනකොට ලංකාවෙ තිබුන තත්ත්වය. එතකොට සන්ෆ්ලවර් රැල්ලට ගොඩක් ශාස්ත්‍රීය ගායකයො අහුවෙලා ලාංකේය සංගීත කලාව පල්වෙලා තිබුනේ. ලංකාවෙ සංගීතෙ කෑවෙ Sunflower රැල්ල මටනං මොකද ඒ අයගේ ශෛලියට ගැලපෙන් නැති සින්දු රිමික්ස් කරපු නිසා. ඇත්තටම මට ඔය සන්ෆ්ලවර්ස් ල එක්ක රිමික්ස් කරපු සින්දු පෙන්නන්න බෑ, මට ඕන ඔරිජිනල් එක:D. 1998/1999 වගේ කාලෙ සිරසේ තිබුන වැඩසටහනක තමයි වසන්තයේ කියන ගීතය (sebasthian bach Air on G string කොපි කරල:P) හැදුව. මම එ් වෙනසට ගොඩක් ආදරේ කරා රටේ සංගීත කලාව තිබුන තත්වෙ හැටියට. හැබැයි උන් බිහිකරපු රැල්ලත් එක්ක ඉරාජ් වගේ අය එනකොට තමයි අවුල් වුනේ (ඒත් ඉරාජ් මුල් කාලෙ කරපු සින්දු සාපේක්ෂව හොඳයි). 2000 දශකයේ මැද හරියෙ වල හිපොප් රැල්ල ආව මේ නිසා. ගොඩක් තරුණ හිපොප් ගෘෘප් ආව ඒ කලේ ඒ වගේම නැතිවෙලා ගියා ඉක්මනටම. ඒ කාලෙ රැප් කලේ ඉංගිරිසියෙන්:rolleyes:. B&S හොඳ සින්දු කරත් ඒ රැල්ල මට අප්‍රියය් ඒත් Centigradez ල නං ශේප්. උන්ට පස්සෙ ලංකාවෙ මට දැනෙන වෙනසක් කරේ කසුන් කල්හාරයි, ඩැඩී බෑන්ඩ් එකයි.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේ වෙන මොකක්වත් නෙමෙයි. නාකි වෙද්දී හැදෙන ලෙඩක්. මානසික අවස්ථිතිය. වෙනසට දක්වන අකමැත්ත. හැමදාම නාකි සින්දු ටිකක් තියාගෙන ලෝකේ හොදම සංගීතේ කියල හිතාගෙන ඉන්නවා.
    මම කියන්නේ නෑ BnS පට්ට musician වත් පට්ට singersලා කියල. හැබැයි උන් music කියන එක study කරලා අලුත් දෙයක් කරන්න පටන් ගත්ත මිනිස්සු. උන්ගෙන් පස්සේ තමයි ලංකාවේ artist la රටින් පිටටගිහිල්ල වැඩක් කරන්න පෙලබුනේ. උන්ට හැකියාවක් තියනවා, ජනප්‍රියත්වය තියනවා. ඉරිසියා කරන්න එපා.
    අනිත් එක ඔය මහලොකු සම්බාව්‍ය නම් ටිකක් කියල දේශීය සංගීතයක් ගැන කියනවා. මොන මගුලේ දේශීය සංගීතයක්ද බන්. ඉන්දියාවෙන් ආපු හින්දුස්ථාන්, කරනාටක සන්ගිතක කොහොමද ලංකාවේ දේශීය සංගීතය වෙන්නේ. අනිත් එක ලංකාවේ ඇත්ත දේශීය සංගීතේ කොහොමත් විනාස වෙලා තියෙන්නේ. එක ටිකක් හරි ගොඩ ගන්න try කරපු මිනිස්සු එක්කත් BnS වැඩ කරලා තියනවා.
    තව දෙයක්,, ඔය මහලොකුවට ගාන්දර්වයෝ කියල හදුන්වගන්න සම්බාවය ගායකයෝ තමයි හොදම ගායකයෝ කියන්නේ මොන පදනමින්ද?? මොන meter එකෙන්ද, මොන ඒකකයෙන්ද හැකියාව මැන්නේ. බර නම් Kg වලින් මනින්න පුළුවන්.:rofl::rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උන්ගෙ සින්දු හොඳ නැත්නම් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි. ජනතාව කැමති නම් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ සින්දු හොඳයි කියල. අමරදේවලගෙ කාලෙ ගියා.

    This is the truth
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මට මතක් වෙනව B&S බිහිවෙනකොට ලංකාවෙ තිබුන තත්ත්වය. එතකොට සන්ෆ්ලවර් රැල්ලට ගොඩක් ශාස්ත්‍රීය ගායකයො අහුවෙලා ලාංකේය සංගීත කලාව පල්වෙලා තිබුනේ. ලංකාවෙ සංගීතෙ කෑවෙ Sunflower රැල්ල මටනං මොකද ඒ අයගේ ශෛලියට ගැලපෙන් නැති සින්දු රිමික්ස් කරපු නිසා. ඇත්තටම මට ඔය සන්ෆ්ලවර්ස් ල එක්ක රිමික්ස් කරපු සින්දු පෙන්නන්න බෑ, මට ඕන ඔරිජිනල් එක:D. 1998/1999 වගේ කාලෙ සිරසේ තිබුන වැඩසටහනක තමයි වසන්තයේ කියන ගීතය (sebasthian bach Air on G string කොපි කරල:P) හැදුව. මම එ් වෙනසට ගොඩක් ආදරේ කරා රටේ සංගීත කලාව තිබුන තත්වෙ හැටියට. හැබැයි උන් බිහිකරපු රැල්ලත් එක්ක ඉරාජ් වගේ අය එනකොට තමයි අවුල් වුනේ (ඒත් ඉරාජ් මුල් කාලෙ කරපු සින්දු සාපේක්ෂව හොඳයි). 2000 දශකයේ මැද හරියෙ වල හිපොප් රැල්ල ආව මේ නිසා. ගොඩක් තරුණ හිපොප් ගෘෘප් ආව ඒ කලේ ඒ වගේම නැතිවෙලා ගියා ඉක්මනටම. ඒ කාලෙ රැප් කලේ ඉංගිරිසියෙන්:rolleyes:. B&S හොඳ සින්දු කරත් ඒ රැල්ල මට අප්‍රියය් ඒත් Centigradez ල නං ශේප්. උන්ට පස්සෙ ලංකාවෙ මට දැනෙන වෙනසක් කරේ කසුන් කල්හාරයි, ඩැඩී බෑන්ඩ් එකයි.
    90% agree
    sunflower කියන කාලකන්නි තමයි ලංකාවේ මිනිස්සුන්ගේ රසවින්දනයයි, පරණ හොද ගායකයන්ගේ සින්දුයි, එමිනිස්සුන්ට තිබුන ගවුරවයයි නැති කලේ. ගුණදාස කපුගේ කෑවා මුන්ගේ ජරා octopad, drums, කෑලි දාල.(සඳ කුමරියේ යහූ......:sorry: ඔබට සිතල අගුනයි කිවුවලු)
    මමත් පුද්ගලිකව BnS fan කෙනෙක් නෙමෙයි. ඒත් චාන්දනී පායලා, උන්මාදිනි, මල්පැන් පොදක්, මනුසත් කුලේ වගේ ලස්සන සින්දු වලට කැමති.
    වර්තමන්න තත්වය ගැන මගේ මතය නම් සනුක, කසුන් කල්හාර, උමාරියා, උමරා, daddy, රිද්ම, මිහිදු, වායෝ(බෑන්ඩ් එකක් විදියට) දක්ෂයි සහ ජනප්‍රියයි BnS ලට වැඩිය. සමහර ගාන්දර්වයන්ටත්(කියල කියාගන්න) වැඩිය.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මටනම් භාතිය සන්තුෂ් & ඉරාජ් ගෙන් පස්සේ අපු එවුන්තමා සංගීතය කෑවේ.. එකට හේතු උනේ භාතිය සන්තුෂ් & ඉරාජ් youtube එක promote කරපු නිසා සින්දු කියන්න බැරි, සිංදුවකුත් රචනාව වගේ කියන එවුන් music video ගැහුවා.. හැබැයි ඉතින් එක වරද අරුන්ට දෙන්න බහ. මොකද උන් උන්ගේ සින්දු promote කරන්න youtube ගත්ත මිසක් මුන්ට හිතලා පාර හැදුවේ නැහැනේ.. භාතිය සන්තුෂ් & ඉරාජ් ගත්තත් මටනම් දැනෙන විදිහට එකම කලේ උනාට උන් දෙන්න ගියෙත් පරවල දෙකක music industry එකේ..

    iraj ගේ දැන් සින්දු අවුල් කියන අයට මේක, දැන් ඉරාජයා සින්දු කියන්නේ නැහැ. බලපන්කො iraj production විතරයි singersල වෙන පොඩි එවුන්නේ.. උ දැන් කරන්නේ පොර හදාගත්ත youtube base එක & සමාජේ රැල්ලෙන් ඌට හැමබකරගන්න එක.

    P.s.- සනුක, කසුන් කල්හාර, උමාරියා, අභිෂේකා එතකොට චරිතගේ music වලට sing කරන අලුත් කොල්ලෝ සෙට් එක වගේ සුපිරි ටිකකුත් නැතුවම නොවේ.. තාමත් හැංගිලා ඉන්නවා, ජනප්‍රිය නොවුනට සහ උන්ගේ සින්දු බස්වල,කඩවල නොදැම්මට.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුන් දෙනන්ගෙ ලස්සන සින්දු තියෙනවනෙ බං :confused:
    අමරදේව මාස්ටර්ගෙ වුනත් අහන්න බැරි ඒව තියෙනවනෙ :sorry:
    රසවින්දනේ සාපේක්ශයිනෙ :)
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔවුන් දෙදෙනා පළමුව කිව ගීත නම් ඉතාම ඉහල මට්ටනක තිබ්බා. රන්කුරහන් මල වගේ ඒවා.....
    පස්සේ ඕනවට වඩා මොඩනයිස් වෙන්න ගිහිල්ල ඇන ගත්තා......

    :yes::yes:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    එහෙම උන් දෙන්නට බනින එකට මම නම් එකග නැහැ
    මොකද මිනිස්සු අහන නිසා සහ රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන් ඔය තැනට ආවෙ
    එහෙමයි කියල සංගීතේ කෑව කියල බයිලා කියලා වැඩක් නැහැ

    කවුරුහරි එකෙක් කුනුහරුප සිංදු කියන්න අරගෙන, උන්ටත් රසිකයො පිරිසක් හැදුනොත් ඒත් උන්ට බැනලා වැඩක් නැහැ
    රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන්ට තැනක් හැදෙන්නෙ

    හැම එකාටම සම්භාව්‍ය සංගීතෙ සෙට්වෙන්නෙ නැහැ

    අමරදේවලාගෙ සිංදු අහන අය ඉන්නවා
    අජිත් මුතුකුමාරණගෙ සිංදු අහන අය ඉන්නවා
    භාතිය සංතුශ්ගෙ සිංදු අහන අය ඉන්නවා
    ඉරාජ්ගෙ සිංදු අහන අය ඉන්නවා

    ඔය හැම එකාටම රසික පිරිසක් ඉන්නවා සහ අපි කැමති උනේ නැහැ කියලා උන් වෙනස්ම විදියකට සිංදු කිවුවා කියලා සංගීතය කෑව කියලා කියන්න බැහැ

    එහෙම කිවුවොතින් ඔය පිටරටව රැප් ආටිස්ට්ලා රටෙන් ගහලා එලවන්න ඕන උන් කියන කුණුහරප වලට. ඒ රටවල සංගීතෙ කනවා කියලා
    එකෙක් වචනයක් කියන්නෙ නැහැ
    ලංකාවෙ තියෙන්නෙ තමන් කැමති නැති හැම එකම නැති බංගස්තාන වේවා කියලා හිතන මානසිකත්වයක්

    :yes::yes::yes::yes: WELL SAID
    1000% AGREED