මෙහෙමත් දොස්තරලා
නර්ස් කෙනෙක්: මොනව වෙලාද?
හස්බන්ඩ්: බයික් එක අැක්සිඩන්ට් උනා. වම් කකුලෙ බයික් එක වැදිලා.ටිකක් අමාරුයි
නර්ස්: (තවත් නර්ස් කෙනෙක්ට) ඩොක්ටර්ට කතා කරමුද? කොහෙ ඉන්නවද දන්නෙ නෑ නේද?
මට සිහිය විකල් වී අැත්දැයි මම කල්පනා කලෙමි.මම ඉන්නේ etu එකේ නේ්දැයි සැක හැර දැන ගන්නට වට පිට බැලීමි. හරි මට අවුලක් නැත. එ් හදිසි ප්රදතිකාර අංශයයි. නමුත් ඩොක්ටර් කෙනෙක් නැත. ඩොක්ටර් කොහෙද කියා නර්ස්ලා දන්නේද නැත. කකුලේ තුවාල රිදෙන එක ටිකෙන් ටික වැඩි වෙයි. බයට බඩත් රිදෙන්නට විය. පපුව ගැහෙන වේගය වැඩිය. මේ කිසිවක් එතන වුන් නර්ස්ලාට වගේ වගක් නැත.
හස්බන්ඩ්: සුදූ, වෑන් එක දොර ලග. මම පාර්ක් කරලා එන්නම් ටක් ගාලා.
මම: හා ඉක්මනට එන්න රිදෙනව කකුල හොදටම.
වීල් චෙයා එකක් ගේන්නට කෙනෙක් නොමැති නිසාවෙන් හස්බන්ඩ්ම වීල් චෙයා එක ගෙනවිත් එය තල්ලු කරගෙන ඉක්මණින්ම etu එකට අාවේ මගේ අමාරුව ඔහුටද දරා ගැනීමට නොහැකි නිසාවෙනි.එනිසා වාහනය පාර්ක් කරන්නට නැවත යන්නට සිදු විය.
අමාරුව එන්න එන්නම වැඩි වෙයි. තවමත් ඩොක්ටර් නැත. මට යකා අාවේශ විය. තුවාලෙ කැක්කුම තුවාලෙ තියෙන එකාටම යන වග මට හොඳින්ම වැටහිනි.
මම: මොකක්ද මේක. Etu කියන්නෙ හදිසි ප්රතතිකාර අංශය නෙවෙයිද? හදිස්සියෙ අැක්සිඩන්ට් එකක් වෙලා අවාම ඩොක්ටර් කෙනෙක් නැද්ද බලන්නවත්.
එය අැසූ නර්ස් කෙනෙක් අහක බලා ගත්තෙ ඔරවමිනි.
Staff එකේ ඉන්න කෙනෙක්ව මතක් වී මම ඔහුට ගත්තෙ මේ අවනඩුව කියන්නටය.
යාළුවා: හරි. මම එන්නම් ඔතෙන්ට.
මට සිතට සැනසුමක් දැනුනි.
(විනාඩි 08ක් පමණ ගත විය.) හස්බන්ඩ් එනවා දුටු මට තවත් සැනසුමක් දැනුනි.
ඊටත් විනාඩි කිහිපයකට පසු නැලවි නැලවි එන ලේඩි ඩොක්ටර් කෙනෙක් දුටුවෙමි.අැයට පිටුපසින් කලින් කතා කල යාළුවා සමග තව යහළුවෙකු දුටුවෙමි.
ඩොක්ටර්: මෙයාද ලෙඩා?
නර්ස්: ඔව්.
ඩොක්ටර්: මොකද වුනේ?
මම: බයික් එක අැක්සිඩන්ට් උනා. අනිත් බයික් එක මගෙ කකුලෙ වැදුනෙ.රිදෙනවා ගොඩක්
ඩොක්ටර්: දනිහෙන් නවන්න පුළුවන්ද?
මම: පුළුවන්. එ්ත් වැදුනෙ දනිහෙන් පහළ.
ඩොක්ටර්: නවන්න පුළුවන්නෙ. Xray එකක් ඕන නෑ
මම: එ උනාට xray එකක් ගමු මෙතන එ් බයික් එක වැදුනා (රතු වී ඉදිමී අැති තැන පෙන්වමින්) කෝකටත් හොඳයිනෙ
ඩොක්ටර්: අැඩ්මිට් වෙනවද? පොලීසි යන්න වෙනව අැඩ්මිට් වෙනවනම්
මට දැන් තරහා උපරිමය. නිකමට අැහැක් අැර අල්ලලවත් නොබලා xray ත් ඕන නෑ කියලා දැන් පොලීසියක් ගැන කියනවා.
මම: අපි මුලින්ම xray එකක් අරන් බලලා ඕනනම් ඊට පස්සෙ අැඩ්මිට් වෙමු.
ඩොක්ටර්: pain killer එක්ක දෙන්නද?
මම: ඕන්නෑ. Xray එක අරන් ඉමු.
අමාරුවට මට කෙදිරි ගෑවිනි.
ඩොක්ටර්: ඔහොම සූස් ගාන්නැතිව pain killer එකක් බිව්වනම් හරිනෙ.
මම එපා යැයි කියන්නට ඔලුව වැනුවෙමි. මගේ ශරීරයේ කොතන කොහොම රිදෙනවාදැයි මටම සොයා ගත නොහැක. ඔලුව කොහේ හරි වැදුනාදැයිද මට හරියටම මතක නැත. හැමදේටම කලින් pain killers දී මගේ ශරීරයේ අැති ලෙඩක් අැය කෙලෙස හඳුනා ගන්නට හදනවාදැයි මටනම් නොහැගේ.
-යාළුවන් දෙදෙනාව ඩොක්ටර් දැක
ඩොක්ටර්: ඔයාලගෙ කවුරු හරිද?
යාළුවා: මෙයා මෙහෙ කලින් staff හිටිය කෙනෙක්
අැය එය ගණන් ගත්තේවත් නැත.
ඩොක්ටර්: xray එකක් අරන් එන්න.
වීල් චෙයා එක xray රූම් එක ලග නැවතිනි. එහි දිග පෝලිමකි. එහි මා මෙන් අමාරු හදිසි ප්ර තිකාර ලැබිය යුතු කව්රුන් හෝ අැත්දැයි බැලීමි. නැත. එතරම් අමාරු අය එහි සිටියේ නැත. එසේනම් හදිසි ප්ර්තිකාර එ්කකයේ සිට පැමිණි මා හට priority දීම වරදක් නොවන බව මගේ හැගීමයි. විනාඩි 10 ක් පමණ ගත විය. වෙන අයව අැතුලට ගත්තද මා පිළිබඳ කිසිදු තැකීමක් නැත. මට අැඩෙන්නට ඔන්න මෙන්නය. රිදුම් ඉවසා ගන්නටත් බැරිය. කකුල කැඩිලා බිදිලා නෑ කියලා දැන ගත්තානම් හිතටවත් හොඳය. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන හස්බන්ඩ්ට කතා කලාය.
මම: වෙන හොස්පිට්ල් එකකටවත් යමුද? අමාරුයි අනේ.
හස්බන්ඩ්: තව ටිකක් බලමු. ඉන්නකො ඉවසන් සුදූ
මම: ඊලගටවත් මාව ගත්තෙ නැත්තම් අපි යමු.plz
හස්බන්ඩ් ඔලුව වැනුවෙ මට මෙන්ම ඔහුටද දැන් ඉවසීම ඉක්මවා අැති නිසාය.
ඊළග ලෙඩාගේ නම අඩ ගැසීය. වෙන කෙනෙකුගේ නමකි. තීරණයක් ගතිමි.
මම: යමු වෙන තැනකට. යන ගමන් etu එකට පොඩ්ඩක් ගිහින් යමු.
වීල් චෙයා එකේම නැවතත් etu එක දෙසට ගියේ ඩොක්ටර් හමු වීමටය.
හස්බන්ඩ්: etu එකෙන් යන ලෙඩ්ඩුත් ගොඩක් වෙලා පෝලිමේ ඉන්න ඕනද? තව කොච්චර වෙලා ඉන්නද මෙහෙම මෙයා..ඔයාට පොලීසි යන්න තිබුනු හදිස්සිය ප්රමතිකාර කරන්න නෑනෙ.
ඩොක්ටර්: එ්වා මම දන්නෙ නෑ. එ්ව මැනේජ්මන්ට් එකෙන් වෙන්න ඕන දේවල්. මට ඕවා කියලා වැඩක් නැ
මම: එතකොට ඔයා ඩොක්ටර් කෙනෙක් නෙවෙයිද?
මොහොතකට මගේ දෑස් විසල් වන්නට අැත. ප්රදවෘත්ති වල නිතරම කියූ නෙවිල් ප්ර.නාන්දු රෝහලේ සිටින හොර වෙදුන් ගැන කතාවද සිහි විය.
ඩොක්ටර්: ඔයානෙ කිව්වෙ xray ගන්න ඕන කියලා. Pain killers බොන්නත් බෑ කිව්වනෙ.
මම: ඔයා දන්නවද මගෙ කොහෙ කොහෙ ද වැදිලා තියෙන්නෙ කියලා.pain killers බීලා මට කොහෙද රිදෙන්නෙ කියලවත් කොහොමද ඔයා හොයා ගන්නෙ. පේන්න තියෙන ඩැමේජ් ගැන විතරද බලන්නෙ. අභ්යයන්තරව වෙන ඩැමේජ් බලන්නැද්ද. මට ප්රළෂර් එක තියෙනවා. ඔයා නිකමටවත් එ්වා බැලුවද..
අපේ අයියා: මේ පිස්සු මිනිස්සුත් එක්ක කතා කරලා වැඩක් නෑ. යමු වෙන හොස්ප්ට්ල් එකකට...
වීල් චෙයා එක හරවා ගත් ඔවුන් මාව එතනින් පිටතට රැගෙන එන්නට විය.
ඩොක්ටර් කෙනෙක් වන්නට ලෙහෙසි නැත. එය එතරම්ම ලෙහෙසිනම් බයෝ සයන්ස් කල මමද අද ඩොක්ටර් කෙනෙකි. විභාග සමත් වන්නට ප්රමථම මිනිසුන්ගේ හිත සුවපත් කරන්නට ඉගෙන ගත්තානම් ඔබට දෙවියන්ද අාශිර්වාද කරනු අැත.
පසු වදන- මෙය මෙම රෝහලේදී අපට සිදුවූ එක් සිදුවීමක් පමණි. තව සිදුවීම් කිහිපයක් අැත. පසුව ලියන්නට බලාපොරොත්තු වෙමි.
තව ද මා වෙනුවෙන් පැමිණි යාළුවන් දෙදෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙමි.







