මෙහෙමත් බොරු කියන රටක්.....

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මෙහෙමත් බොරු කියන රටක්.....

    ලෝකයේ වැඩිපුරම බොරු කියන ජනතාවක් වෙසෙන රට කුමක් දැයි විදේශයක පදිංචි ශ්‍රී ලාකික සිංහල බෞද්ධයෙකුගෙන් විමසුවහොත්‍ ඔහු ඉතා ලජ්ජාවෙන් වුවත් පවසන්නේ ඒ තමන් උපන් රට වන ලංකාව බවයි.

    එයින් ද සිංහල බෞද්ධයිනට හිමි වන්නේ ප්‍රථම ස්ථානය බව ඔහු නැවත කියනු ඇත. රටේ වෙසෙන සෙසු ජාතීන් හෝ සමස්ථ ලෝක වාසීන් කිසිදු අවස්ථාවක බොරු නොකියන බවක් මෙයින් අදහස් නොකරේ . නමුත් ශ්‍රී ලංකාවාසි බෞද්ධ බහුතරයක් උපතේ සිට මරණය දක්වාම බොරුවෙන්ම ජීවත් වෙති.

    සිංහලයෝ බොරුකීමට රුසියන් බව උඩ රට රජුගේ සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් ද (එදා හෙළ දිව සිංහල පරිවර්තනය) කියා තිබේ. බොරුව යන නාම පදයට සමාන වචන රැසක්ම අපට තිබේ. කෙප්ප, බින්න, පච, කෙබර, බේගල්, නයා ආදී රාශියකි. වෙනත් කිසිදු භාෂාවක බොරු හැඳින්වීමට මේ තරම් වචන තොගයක් නැතිවා විය හැකිය. අපට එතරම් වචන තොගයක් ලැබී ඇත්තේ බොරු කීම ජීවිතයේ අංගයක් නිසාය. දෙසා බාන බොරුවේ බරපතළ කම අනුව ටොන් පච, රට කෙප්ප, ගල් පැලෙන බොරු, ගජ බින්න, ආදී වශයෙන් විශේෂණ පදයන් ද එකතුවෙයි.

    පන් සිල් යනු ගිහියන් වන අපට බුදුන් රදුන් විසින් අනු දැන වදාල නිත්‍ය ශීලය බව කියවේ. ගිහියෙකු නිරතුරුවම පන් සිල් රැකිය යුතු බව එයින් අදහස් කෙරේ. සෑම බෞද්ධ පාසලකම දවසේ මුල්ම කාර්ය වන්නේ පන්සිල් සමාදන් වීමයි. මගුලක් අවමගුලක් පිරිතක් බණක් දානයක් රැස්වීමක් උත්සවයක් ආදී මෙකී නොකී සියළු කටයුතුවලදී පංච ශීලය මග හැරෙන්නේම නැත. ඒ සියළු තැන්හීදීම බොරු කීමෙන් වැළකී සිටීමේ ශික්ෂා පදය ද සමාදන් වන්නෙමු. සහභාගී වූ කටයුත්ත අවසන් වූ වහාම අපගේ ඊළග කාර්ය වන්නේ බොරු කීමෙන් වැළකී සිටීමේ ශික්ෂා පදය කැඩීම හෝ පහම කැඩීමය. ඊට පසු නැවත නැවත සමාදන් වෙති, නැවත නැවත කඩති. ඒ සියළු තැනකම කෙරෙන්නේ නැවත නැවත බොරු කීමය.

    සිංහල බෞද්ධ සමාජය තුල මුසා වාදයට ඇත්තේ විශේෂ පිළිගැනීමකි . ඒ නිසා ඕනෑම වරදක් බොරුවෙන් වසා දැමිය හැකිය. ඒ සම්බන්ධයෙන් සෙස්සන්ගේ විරෝධයක් ද නැත. විරෝධයක් පැමිණියද එය තවත් බොරුවකින් නිහඬ කළ හැකිය. අඹු සැමියන්, දූ දරුවන්, රට වැසියන්, පාළකයන්, නිළධාරීන්, ගුරුවරුන්, සිසුන්, වෙළෙන්ඳන්, පාරිභෝගිකයන් පෙරකදෝරුවන්, විනිසුරන්, විත්තිකරුවන්, පැමිණිළි කරුවන්, භික්ෂූන්, උපාසක උපාසිකාවන්, ආදී වශයෙන් රටේ සිටින සියළු දෙනාම එකිනෙකාට බොරු කියමින් රවටමින් මහා සුද්ධවන්තයන් සේ කල් ගෙවති. ඒ අතර දවසකට හත් අට වතාවක් වුවද මුසාවාදා වේරමණී ශික්ෂා පදය ද සමාදන් වෙති. ශික්ෂාව සමාදන් වී එය කැඩුවා කියා කිසිදු අපායක නොයන බව හොඳින්ම දන්නා නිසා යලි යලිත් බොරුවම කියති. මෙය පරම්පරාවෙන් පරම්පරාවට ආ දායාදයක් සේ මහ බොරුවාගෙන් පොඩි බොරුවාට බෝ වෙමින් ඉදිරියටම ගලා ගෙන යති.

    කිතුනු භක්තිකයෝ දස පනතට ආදාල වරදක් තමන් අතින් සිදුවිනි නම් පල්ලියේ දේව මෙහෙයේදී පාපෝච්චාරණ කොට දෙවියන් හමුවේ පව් සමාකර ගනිති. නැතිනම් වරද සිදු වූ අවස්ථාවේදීම දෙවියන්ගෙන් සමාව යදිති. ඉස්ලාම් භක්තිකයෝද කුරාණයෙන් තහනම් කර ඇති කිසිදු වරදක් නොකිරීමට වග බලා ගනිති. අල්ලාට හොරෙන් කිසිවක් කළ නොහැකි බව ඔවුහු තරයේ විශ්වාස කරති. නිර්මළ ථේරවාදී බුදුදහම පවතිනවා යැයි රටක ජීවත්වන අපට එවැනි පව් සමා කරගැනීමේ සම්ප්‍රදායක් ලැබී නැත. පිනක් කළ විට සමහර පව් අහෝසි වන බව බුදු බනේ කීවද හෘද සාක්කිය අනුව කරන ලද වරද පාපෝච්ඡාරණය කර සමාකර ගැනීමක් උගන්වන්නේ නැත. එබැවින් පාපෝච්ඡාරණය සහ සමාව අපිට මහත් මදි පුංචි කමකි. පත බොරුවක් කර ගානක් කඩාගෙන ඒ මුදලින් දානයක් දුන් විට පෙර කී පව අහෝසි කළ හැකි යයි ථෙරවාදයේ කර්ම ඵල වාදය උගන්වන්නේ නම් සමාව ඉල්ලන්නේ අහවල් මගුලකටදැයි බෞද්ධයෝ සිතති. මේ නිසාම බොරුව තවත් බොරුවකින් මකා දැමීමට පරම්පරා ගණනක් තිස්සේ හුරුවී ඇත.

    ඒ අනුව බොරුව අපේ රටේ ජාතියේ මුදුන් මල් කඩ වී ඇත.

    මවු පිය යුවලකට දරුවෙකු උපදින්නේම මුසාවාදය සමගය. ඒ නිසා ‘බාලගිරි දෝශය අද නොවෙයි හෙට‘ කියා උළුවස්සේ ලියයි. බාල ගිරි යක්ෂයා මේ බොරුව පිළිගනී. යක්ෂයා පිළිගත්තා යැයි සිතන බොරුව දෙමාපියන් පිළිගනී: දරුවා ලොකු වී බිත්තියේ ලියා තියෙන දේ ගැන ඇසූ විට ඒ බොරුව දරුවාටද උගන්වයි. දරුවාට බත් කටක් කැවීමට හෝ නිදි කරවීමට රටේ නැති බොරු කියයි. පාසල් යන විටද පදිංචිය තහවුරු කරන්නට දරුවාට බොරු කප්පරක් උගන්වයි. දරුවා පාසැල් යද්දී තමන්ගේ උවමණාවකට දරුවා පාසැල් නොයවා නිවසෙහි රඳවා ගෙන “ මගේ දරුවා දින තුනක් පාසලට නොපැමිණියේ බඩේ අමාරුවකට ප්‍රතිකාර ගත් නිසා“ යැයි සඳහන් කරමින් පියා හෝ මව බොරුවක් ලියා දරුවා අතේම පන්තිභාර ගුරුතුමාට යවයි. දරුවෙකු බොරුකාර පුරවැසියෙකු වන්නේ එලෙසය.

    එමෙන් ම අපේ ජනකථා බොහෝමයක් නිර්මාණය වී ඇත්තේ ද බොරුවට මුල් තැනක් දෙමින්ය. කපුටා සහ කේජු කෑල්ල, නරියා සහ මිදිවැල, ළිඳ ඉස්සූ මිනිස්සු, ළිඳට වැටුන කොටියා, ගමරාළ දෙව් ලොව යාම, මහ දැන මුත්තාගේ සහ අන්දරේගේ කථා, හතර බීරි කථාව, ආදියෙන් බොරුවට ඉහළ අගයක් දී ළමා මනසට කාවද්දා තිබේ. දෙමව්පියෝ දරුවන්ට කුඩා කාලයේ සිටම බොරු කියන්නට පුරුදු කරති. අසල් වැසි කාන්තාවක් අම්මා ගෙදර ඉන්නවාදැයි මිදුලේ සිට අසන විට “ ගිහින් කියපන් අම්මා ගෙදර නෑ කියලා“ යනුවෙන් උගන්වා දරුවා පෙරට යවන්නේ ගේ තුල සිටින අම්මාය.

    ඕපා දූප කීම, කයිකතන්දර හැදීම, එක දෙක කිරීම, ගතු කේළාම් කීම, අනුන් කෙටවීම, නොදන්නා දේට හොට දැමීම, නන් දෙඩවීම, පුරසාරම් කීම, ඇන්දවීම, පම්පෝරි ගැසීම බොරුවේ මුහුකුරා ගිය ප්‍රභේදයන් කීපයකි. අඟේ ඉඳන් කන කෑම, දියරෙද්දෙන් බෙල්ල කැපීම, දිය යටින් ගින්දර ගෙන යෑම, මං සුදනා වීම, හොර ලෙඩ ගැනීම, වැනි හපන්කම් කිරීමට බොරුව නැතුවම බැරිය. අළුත් අවුරුදු උත්සව වලදී බොරු කීමේ තරග ද පැවැත්වීමෙන් බොරුව අපේ සංස්කෘතියේ කොටසක් කරගෙන තිබේ.

    අපේ මිනිස්සු බොරු කීමට ටිකක් හෝ බිය වූවේ උසාවිය තුලදී පමණි. ඒ බොරු කියා හිරේ යන්න වේවි යැයි බියට ය. ඒ එදාය. අද තත්වය හාත්පසින්ම වෙනස්ය. උසාවිය දෙවනත් කරන පෙරකදෝරුවෝ දෙපාර්ශය වෙනුවෙන්ම හරි හරියට බොරු කියති. ඒවා හැඳින්වෙන්නේ ‘පෙරකදෝරු ගැට‘ යනුවෙන්ය. අධිකරණය හමුවේ විභාගවන බල අපරාධ නඩුවලින් සියයට අනූවකම චූදිතයෝ නිදහස් ‍වෙන බව පොලිසියම කියති. එහෙත් නඩු විභාග ආරම්භ වන්නේ සත්‍යයක් මිස බොරුවක් නොකියන බවට දිවුරා පොරොන්දු වෙමින්ය. අම්මපල්ලා, දෙයියන් පල්ලා, බුදුන් පල්ලා, දරුවන් පල්ලා කියමින් හිසේ අත ගසා දිවුර දිවුරා බොරු කියන අපේ මිනිස්සුන්ට උසාවිය හමුවේ මුලින් දිවුරා පසුව බොරු කීම මහ ලොකු කජ්ජක් වී නැත.

    අප කුඩා කාලයේ නිවසක මේසය මත ඇති ගුවන් විදුලි යන්ත්‍රයට තිබුනේ මහත් ගෞරවයකි. රේඩියෝවට ලේස් රෙදි කෑල්ලකින් ඇඳුමක්ද අන්දවා තිබිණි. නිවැසියෝ උදේ පන්සිල් සමාදන් වන්නේ ගුවන් විදුලි යන්ත්‍රයෙන්ය. ඔවුහු සෙත් පිරිත් හා ධම්ම චින්තාවට සවන් දුන්නේ ගෞරවයකින් යුතුවය. ප්‍රවෘත්ති ඇසුවේ ලොකු විශ්වාසයකින් යුතුවය. අනෙකුත් වැඩ සටහන් ද ඔවුන් තුල ඇති කළේ සුන්දර වූ බුද්ධිමය ප්‍රභෝදයකි. රේඩියෝ එකෙන් කියන්නේ ඇත්ත යැයි ඔවුහු පිළිගත්හ. එහෙත් අද ගුවන් විදුලි හා රූපවාහිණී නාලිකා යකුන්, පිශාචයන්, කුම්භාණ්ඩයන් ලගින දෙවොල් මඩු බවට පත්ව තිබේ. හිමිදිරියේ අවදි වූ මොහොතේ සිට රෑ නින්දනට යන තුරුම මේ මුත්‍රා නාළිකා සහ ගුද නාළිකා වලින් පිටවෙන කුණු ගඳ ඉවසා සිටීමට අපට සිදුව ඇත. නාලිකා කාරයෝද පස්සෙන් එළව එළවා සල්ලි දෙමින් ‘අනේ අපේ එක අහන්න‘යි ජනතාවට බල කරති.

    නාලිකා කාරයෝ සත්‍යය වෙනුවට බොරුව සහ මිත්‍යාව සමාජ ගත කරන්නේ ඇයි දැයි කිසිවෙකුත් ප්‍රශ්ණ නොකරති.

    බොරු කීමෙහි මුලික අරමුණ වන්නේ කුමණ හෝ ආත්ම වාසියක් සඳහා අනුන් රැවටීමය, දේශපාළනය වශයෙන් ගත් කළ වර්ෂ 1948 සිට 1972 ශ්‍රී ලංකාව පාළනය වූයේ බ්‍රිතාන්‍යය කිරීටයට යටත්ව සෝල්බරි ව්‍යවස්ථාවට අනුවය. 1972 දී සම්මත කර ගත් ජනරජ ව්‍යවස්ථාව සහ 1978 දී සම්මත කරගත් ජේ ,ආර්, ව්‍යවස්ථාව යටත් වූයේ බොරු පොරොන්දු වලටය. එතැන් සිට ජන රජය, සමාජ වාදය, ප්‍රජාතන්ත්‍ර වාදය, ධර්ම රාජ්‍යය, මානුෂික මුහුණුවරේ රාජ්‍ය ආශ්චර්‍ය රාජ්‍යය, යහපාළන රාජ්‍යය, සම්මුති ආණ්ඩු, වැනි එකම අච්චුවේ පට්ට කෙබර කෙළිමින් පාළකයෝ ජනතාව ගොනාට අන්දවති. ඊළගට රටේ බලය සියතට ගැනීමට අනෙක් පැත්තේ උදවිය චේතිය බොරු කියති. ජනතාව වඩාත් හොඳින් රැවටීමෙහි දක්ෂයෝ ජය ගනිති.

    ඉස්සුවේ මූණු පොතින්.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ලෝකේ වෙන ඕනෙම රටක මනුස්සයෙක්ගෙන් අහන්න ඌ කියන්නෙත් උගේ රටේ උන් තමා වැඩියෙන්ම බොරු කියන්නේ කියල :yes:

    මේ ටික උබ කියෙව්වද......

    මවු පිය යුවලකට දරුවෙකු උපදින්නේම මුසාවාදය සමගය. ඒ නිසා ‘බාලගිරි දෝශය අද නොවෙයි හෙට‘ කියා උළුවස්සේ ලියයි. බාල ගිරි යක්ෂයා මේ බොරුව පිළිගනී. යක්ෂයා පිළිගත්තා යැයි සිතන බොරුව දෙමාපියන් පිළිගනී: දරුවා ලොකු වී බිත්තියේ ලියා තියෙන දේ ගැන ඇසූ විට ඒ බොරුව දරුවාටද උගන්වයි. දරුවාට බත් කටක් කැවීමට හෝ නිදි කරවීමට රටේ නැති බොරු කියයි. පාසල් යන විටද පදිංචිය තහවුරු කරන්නට දරුවාට බොරු කප්පරක් උගන්වයි. දරුවා පාසැල් යද්දී තමන්ගේ උවමණාවකට දරුවා පාසැල් නොයවා නිවසෙහි රඳවා ගෙන “ මගේ දරුවා දින තුනක් පාසලට නොපැමිණියේ බඩේ අමාරුවකට ප්‍රතිකාර ගත් නිසා“ යැයි සඳහන් කරමින් පියා හෝ මව බොරුවක් ලියා දරුවා අතේම පන්තිභාර ගුරුතුමාට යවයි. දරුවෙකු බොරුකාර පුරවැසියෙකු වන්නේ එලෙසය.

    එමෙන් ම අපේ ජනකථා බොහෝමයක් නිර්මාණය වී ඇත්තේ ද බොරුවට මුල් තැනක් දෙමින්ය. කපුටා සහ කේජු කෑල්ල, නරියා සහ මිදිවැල, ළිඳ ඉස්සූ මිනිස්සු, ළිඳට වැටුන කොටියා, ගමරාළ දෙව් ලොව යාම, මහ දැන මුත්තාගේ සහ අන්දරේගේ කථා, හතර බීරි කථාව, ආදියෙන් බොරුවට ඉහළ අගයක් දී ළමා මනසට කාවද්දා තිබේ. දෙමව්පියෝ දරුවන්ට කුඩා කාලයේ සිටම බොරු කියන්නට පුරුදු කරති. අසල් වැසි කාන්තාවක් අම්මා ගෙදර ඉන්නවාදැයි මිදුලේ සිට අසන විට “ ගිහින් කියපන් අම්මා ගෙදර නෑ කියලා“ යනුවෙන් උගන්වා දරුවා පෙරට යවන්නේ ගේ තුල සිටින අම්මාය.

    ඕපා දූප කීම, කයිකතන්දර හැදීම, එක දෙක කිරීම, ගතු කේළාම් කීම, අනුන් කෙටවීම, නොදන්නා දේට හොට දැමීම, නන් දෙඩවීම, පුරසාරම් කීම, ඇන්දවීම, පම්පෝරි ගැසීම බොරුවේ මුහුකුරා ගිය ප්‍රභේදයන් කීපයකි. අඟේ ඉඳන් කන කෑම, දියරෙද්දෙන් බෙල්ල කැපීම, දිය යටින් ගින්දර ගෙන යෑම, මං සුදනා වීම, හොර ලෙඩ ගැනීම, වැනි හපන්කම් කිරීමට බොරුව නැතුවම බැරිය. අළුත් අවුරුදු උත්සව වලදී බොරු කීමේ තරග ද පැවැත්වීමෙන් බොරුව අපේ සංස්කෘතියේ කොටසක් කරගෙන තිබේ.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සිරාවට බොරු නොකියන එකෙකුට කරන්න හොඳ රස්සාවක් නෑනේ බලං ගියාම.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලෝකේ වෙන ඕනෙම රටක මනුස්සයෙක්ගෙන් අහන්න ඌ කියන්නෙත් උගේ රටේ උන් තමා වැඩියෙන්ම බොරු කියන්නේ කියල :yes:
    පවුද්ගලිකව අත් විඳලා තියනවා බන් මට මුණ ගැහුණු වෙන රටවල උන් එක්කෝ බොරු කියන්නෙම නෑ නැත්නම් බොරු කියන එවුන් හරිම අඩුයි. ඕක ලංකාවෙ ප්‍රශ්නයක් නෙමේ දුප්පත් රටවල් වල ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: DjAtrocity