මෙහෙමත්_ගැහිල්ලක්(151_න්_490_ක්)

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මෙහෙමත්_ගැහිල්ලක්(151_න්_490_ක්)

    දකුණු අප්‍රිකාවේ ශේන් පන්දු 151 න් ලකුණු 490 ක් රැස්කරයි

    t9ozo0E.png


    පන්දු 151 කදී ලකුණු 490 ක් දකුණු අප්‍රිකාවේ දෙවැනි පෙළ සිමිත ඕවර ක්‍රිකට් තරගාවලියකදී වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ ශේන් ඩැඞ්ස්වෙල් පන්දු 151 කදී ලකුණු 490 ක් රැස්කරමින් පිතිකරුවකු ඉනිමකදී රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට පසුගියදා සමත් වී තිබේ. හයේ පහර 57 ක් සහ හතරේ පහර 27 කින් ඩැඞ්ස්වෙල්ගේ ඉනිම අලංකාර විය.

    ඉන්දීය ක්‍රීඩකයකු වන එස්. සංකෘත් ශ්‍රීරාම් 2014-15 තරග වාරයේදී ජේ.එස්.එස්. ජාත්‍යන්තර පාසල වෙනුවෙන් රැස්කළ ලකුණු 486 යේ වාර්තාව මේ අනුව බිඳ වැටුණි. වාර්තාව තැබූ පසුගිය සෙනසුරාදා (18 වැනිදා) දිනයේදී ඔහුගේ 20 වැනි උපන් දිනයද යෙදී තිබීමද තවත් සුවිශේෂී සිදුවීමකි.‘මගේ ජීවිතයේ හොදම දවස අද” යැයි තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශේන් ඩැඞ්ස්වෙල් පවසා තිබේ.

    ඩැඞ්ස්වෙල් රැස්කළ ලකුණු 490 ත් සමගින් දී වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 677 ක් රැස්කරමින් දෙවැනි පෙළ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද අලුත් කිරීමට සමත්විය. 2007 වසරේදී වෝර්වික් විශ්ව විද්‍යාලීය දෙවැනි පෙළ කණ්ඩායම විසින් නිව්මෑන් විද්‍යාලයට එරෙහිව කඩුලු 5 කට රැස්කළ ලකුණු 629 යේ වාර්තාව මේ අනුව බිඳ වැටුණි.

    ශේන් ඩැඞ්ස්වෙල්ට අනගි සහයක් ලබාදුන් වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ රුආන් හාස්බ්‍රෝක්ද ශතකයක් (නොදැවී 104) රැස්කිරීමට සමත්විය. දරුණු පහර කෑමකට ලක්වූ පොච් ඩෝප් ක්‍රිකට් කණ්ඩායමේ ඬේවිස් ක්‍රෝදර් ඕවර 10 කදී ලකුණු 131 ක් ලබාදුන් අතර එක් කඩුල්ලක් දවා ගැනීමට හැකිවිම ඔහුට සහනයක් විය.

    පිතිහරඹයෙන් පමණක් සෑහිමකට පත්නොවූ ශේන් ඩැඞ්ස්වෙල් ඕවර 7 ක් යවමින් ලකුණු 32 කට කඩුලු 2 ක් ද දවාගැනීමට සමත්වූ අතර ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 290 ක් රැස්කළ පොච් ඩෝප් ක්‍රිකට් කණ්ඩායම ලකුණු 387 කින් පරාජයට පත්විය.

    -----------------------

    Source

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනිත් ටීම් එක ගැන හිතාගන්න පුළුවන් විශේෂයෙන් බොලර්ල ..:P

    මොනා වුනත් පට්ට ගැහිල්ලක් :P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;22529926 said:
    අනිත් ටීම් එක ගැන හිතාගන්න පුළුවන් විශේෂයෙන් බොලර්ල ..:P

    මොනා වුනත් පට්ට ගැහිල්ලක් :P

    :rofl: