මෙහෙමයි මචං...හෙල්මට් එකක් දාගෙන කෑම උයන්නත් රටක් ඉතුරු වුනේ.....

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,499
    47,625
    113
    හෙල්මට් එකක් දාගෙන කෑම උයපු නිසා බේරුණා

    හෙල්මට් එකක් දාගෙන කෑම උයපු නිසා බේරුණා​


    පන්නල, හෙත්තිරිප්පුව ප්‍රදේශයේ නිවසක නිවසක ගෑස් ලිපක් ඊයේ (05) සවස පුපුරාගොස් තිබුණි.

    අදාළ පිපිරීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

    අදාළ නිවසේ කාන්තාව පවසා සිටියේ, යතුරුපැදි ආරක්ෂක හිස්වැසුමක් පැළඳ සිටීම හේතුවෙන් තමාට කිසිදු අනතුරක් සිදු නොවූ බවය.

    "මම උදේ කෑම හදමින් හිටියේ. ලිප ඕෆ් කළා, උය උය හිටපු එක මම ඉවත් කළා. ලොකු ශබ්දයක් එක්ක .ගෑස් ලිප පිපිරුනා. ඇඟට කෑලි විසි වුණා. හෙල්මට් එකක් දාගෙන මේ දවස්වල උයන්නේ. හෙල්මට් එක දාලා තිබුණ නිසා ඇස්වලට ලොකු කරදරයක් වුණේ නැහැ. හැමතැනම ගෑස් පුපුරනවා කියලා කියනවා. කෑම හදාගන්න වෙන විකල්පයක් නැහැ. ගෑස් විතරමයි භාවිතා කරන්නේ. ඒ නිසා හෙල්මට් එක දාලා වයිසර් එකත් වහලා තමයි කෑම හදන්නේ. ඉතින් අදත් ඒ දේ මම කළා. ශාරීරිකව මොකුත් හානියක් වුණේ නැහැ. මම හැමෝටම ඉල්ලීමක් කරනවා. පුළුවන් මේ දවස්වල කෑම හදන විට මේවගේ එකක් භාවිතා කරන්න."