පිලිපීනයේ ‛බොහොල්’ දූපතේ පිහිටි පුදුමාකාර කඳු වර්ගයක් ගැන තමයි මේ කියන්නේ. වර්ග කිලෝමීටර් 50 ක පමණ ප්‍රදේශයක් පුරා පොල් කට්ටක් මුනින් අතට නවා ඇති ආකාරයෙන් පොළොවෙන් මතු වී ඇති මෙවැනි කඳු 1200 කට වඩා පිහිටා තිබෙනවා. මේවා මත කොල පැහැ තෘණ වර්ගයක් පවතින අතර වියළි කාලයේ දී මේ තෘණ වියළී දුඹුරු පැහැයට හැරෙන නිසා දුර සිට බලන විට පෙනෙන්නේ චොක්ලට් බෝල ආකාරයෙන්. ‛චොක්ලට් කඳු’ කියන නම මේවාට භාවිත වන්නේ ඒ නිසයි. මේවා නරඹන්නට සංචාරකයන් විශාල සංඛ්‍යාවක් ඇදී එන අතර මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට ද පත්ව තිබෙනවා. අදින් වසර ගණනාවකට පෙර පොළොවෙන් ඉහළ නැගුණු හුණුගල් විශේෂයක් මතට වර්ෂාව ඇද හැලීම නිසා කාලයක් තිස්සේ ඛාදනය වී මේ හැඩය ලැබී ඇති බව භූ විද්‍යාඥයන් පවසනවා.
හොදයි කියලා හිතෙනවා නම් බම්ප් ඒකක් ාගෙන යන්න
මගේ අනේ ත්‍රේඩි බලන්න
1. අමුතු හෙන ගැහිලි
2. ඕරෝරා ගැන දැනගනිමු
3. මෙහෙම නෙලුම් දැකපු උන් ඉන්නවද
4. රුසියාවේ මොස්කව්
5. ගින්නක් නැතුවම දුමක් නගිනවා
6. ලෝකයේ භයානක චීන පන්සල
