මෙහෙම කුජීත වෙලා තියේද...?

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මෙහෙම කුජීත වෙලා තියේද...?

    ජීවිතයේ කුජීත භාවය යනු.
    1.ෆෝන් එකේ Battery low වී ඕෆ් වූ අවස්ථාවක කරන්ට් යෑම

    2.රෙදි වැලේ ජොක්කු 4ක් විතර දමා ඇති අවස්ථාවක නංගිගේ යාළුවො සෙට් එක ගෙදරට පැමිණිම.

    3.යාළුවෙකුගේ ගෙදර ගොස් සිටියදී උන්ගේ ගෙදර අය ඉදිරිපිට කුණුහරුපයක් කියවීම.

    4.මං නිදාගෙන ඉන්නා අතරේ අල්ලපුගෙදර එකා පාඩම් කරන සීන් එකක් අපේ අම්මා දැකීම.

    5.ටීවී එකේ තනියම ෆිල්ම් එකක් බලන අතර තාත්තා එතනට එනවිටම ෆිල්ම් එකේ ජින්කි ජිකා සීන් කෑල්ලක් පෙන්වීම

    6.ඩවුන්ලෝඩ් වෙන්න දාපු එකක් 99%දී ෆේල් වීම

    7.පොඩි ෂෝටකුත් දාගෙන කඩේට ගිය අවස්ථාවක ටෝක් කරන කෑල්ල සහ ඒකිගෙ යාළුවො 25කින් යුක්ත ගැන්සිය හමුවීම.

    8.පට්ට කෑල්ලක් චැට් එකට සෙට් වෙනකොටම ඩේට පැකේජ් එක ඉවරවීම.

    9.අම්මාගෙන් ආපු කෝල් 25ක් විතර ආන්සර් කරන්නට බැරිවී ඊළගට එන එක ආන්සර් කරන්නට සිදුවීම.

    10.පන්තියේ ඉස්සරහ පේලියක වාඩිවී ෆෝන් එක සයිලන්ට් දමා නොතිබූ දවසක කස්ටමර් කෙයා එකෙන් කෝල් කිරීම.

    11.ගෙදරින් හිඟාකාගෙන ඩේට කාඩ් එකක් දමාගෙන ෆේස්බුක් ලොග් වෙන්න බලද්දී වයිරස් ගාඩ් එක අප්ඩේට් වීම නිසා පැකේජ් එක ඉවර වී තිබීම.

    12.කලින් කෑල්ලට පට්ට සල්ලිකාර,හැන්ඩ්සම් කොල්ලෙක් සෙට් වී තිබීම

    13.යකෙක් කන්න බඩගිනි සෙට් වී ගෙදර එන අවස්ථාවක අම්මා කරවිල සාදා තිබීම.

    14.ක්ලාස් එකේදි ලොකු පම්ප් එකක් සෙට් වී ඇති දවසක සර් කාරයා ඉන්ටවල් එක පරක්කු කරමින් බණ කිය කිය සිටීම.

    15.බස් එකේ හිටගෙන පට්ට සෙනගක් මැද කට්ට කාගෙන හිරවී යන අවස්ථාවක ඩ්‍රයිවර් කාරයා අජිත් මුතුකුමාරණගේ සිංදුවක් දැමීම

    16.යාළුවන් සමග අඩියක් ගසා රෑ 11ට විතර ගෙදරට එද්දී තාත්තා අවදියෙන් සිටීම.

    17.මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම.

    18.කෑල්ලත් එක්ක බීච් එකේ ඉන්න අවස්ථාවක අල්ලපුගෙදර ඇන්ටී හමුවීම.

    19.ඉස්කෝලෙදි කුප්ප වැඩක් කිරීම නිසා දඬුවම් ලබා ඇති අවස්ථාවක තාත්තා පාසලට පැමිණිම.

    20.යාළුවො එක්ක මළගෙදරක නයිටක් සෙට්වී සිටින අවස්ථාවක මළගෙදරක උදවිය ඉදිරියේ මහ හයියෙන් හිනා යෑම.

    21.අඩි 6ක් විතර උස රම්බො සයිස් නස්පානියෙක් පස්සෙන් එනවා යැයි කෑල්ල කංකෙඳිරි ගෑම.

    22.ෆෝන් එක ගෙදර සෙට් එකට ගසා ගමටම ඇහෙන්නට සිංදු දමා ඇති අවස්ථාවක වැලක් ප්ලේ වීම.

    23.යාළුවො සෙට් එක එක්ක ගැසූ,මාව ඉතාම අවලක්ෂණ කුජීත ස්වරූපයෙන් දිස්වන ගෲප් ෆොටෝ එකක් යාළුවෙක් විසින් ෆේස්බුක් අප්ලෝඩ් කර මටද ටැග් කර තිබීම.

    24.බාබර්කාරයා වෙන එවුන්ගේ කොණ්ඩා කැපීමට සෑහෙන වේලාවක් ගැනීම නිසා සැලූන් එකේ පැය ගාණක් බලාහිඳ මගේ වාරය ආ පසු ඌ මගේ කොණ්ඩය ඌට ඕන විදියට විනාඩි 5න් කපාදැමීම සහ ඒක මහ කැත කට් එකක් වීම.

    25.යාළුවෙකුගේ අතින් මගේ මෙමරි කාඩ් එක ෆෝමැට් වීම.

    26.යාළුවො සැට් එකම වට කරගෙන මං කියපු විහිළු කතාව අවසානයේ එකෙක්ටවත් හිනා නොයෑම

    27.සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.

    28.බස් එකේ සියලුම දෙනා වාඩිවී සිටියදී මට විතරක් හිටගෙන යෑමට සිදුවීම.

    29.කෙල්ලො සෙට් එකකට ලයින් පාරක් දාගෙන යනකොටම උන් ඉස්සරහදී බයිසිකලේ චේන් එක පැනීම.

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :oo::oo:
    ඔව් ඔව් පෙලක් එව්වා:lol::lol:
    මන් මොකක් හරි කඩයකින් ගත්තොත් ආපහු දෙපාරක් යන්නම වෙනවා
    ගන්න බඩුව කැඩිලා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජීවිතයේ කුජීත භාවය යනු.

    2.රෙදි වැලේ ජොක්කු 4ක් විතර දමා ඇති අවස්ථාවක නංගිගේ යාළුවො සෙට් එක ගෙදරට පැමිණිම.

    5.ටීවී එකේ තනියම ෆිල්ම් එකක් බලන අතර තාත්තා එතනට එනවිටම ෆිල්ම් එකේ ජින්කි ජිකා සීන් කෑල්ලක් පෙන්වීම

    6.ඩවුන්ලෝඩ් වෙන්න දාපු එකක් 99%දී ෆේල් වීම

    7.පොඩි ෂෝටකුත් දාගෙන කඩේට ගිය අවස්ථාවක ටෝක් කරන කෑල්ල සහ ඒකිගෙ යාළුවො 25කින් යුක්ත ගැන්සිය හමුවීම.

    9.අම්මාගෙන් ආපු කෝල් 25ක් විතර ආන්සර් කරන්නට බැරිවී ඊළගට එන එක ආන්සර් කරන්නට සිදුවීම.

    10.පන්තියේ ඉස්සරහ පේලියක වාඩිවී ෆෝන් එක සයිලන්ට් දමා නොතිබූ දවසක කස්ටමර් කෙයා එකෙන් කෝල් කිරීම.

    14.ක්ලාස් එකේදි ලොකු පම්ප් එකක් සෙට් වී ඇති දවසක සර් කාරයා ඉන්ටවල් එක පරක්කු කරමින් බණ කිය කිය සිටීම.

    17.මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම.

    23.යාළුවො සෙට් එක එක්ක ගැසූ,මාව ඉතාම අවලක්ෂණ කුජීත ස්වරූපයෙන් දිස්වන ගෲප් ෆොටෝ එකක් යාළුවෙක් විසින් ෆේස්බුක් අප්ලෝඩ් කර මටද ටැග් කර තිබීම.

    24.බාබර්කාරයා වෙන එවුන්ගේ කොණ්ඩා කැපීමට සෑහෙන වේලාවක් ගැනීම නිසා සැලූන් එකේ පැය ගාණක් බලාහිඳ මගේ වාරය ආ පසු ඌ මගේ කොණ්ඩය ඌට ඕන විදියට විනාඩි 5න් කපාදැමීම සහ ඒක මහ කැත කට් එකක් වීම.

    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් එක නම් පට්ටම කෑමක් :rofl::rofl:
    ඇයි උඹත් ආස නැද්ද..:dull:

    :oo::oo:
    ඔව් ඔව් පෙලක් එව්වා:lol::lol:
    මන් මොකක් හරි කඩයකින් ගත්තොත් ආපහු දෙපාරක් යන්නම වෙනවා
    ගන්න බඩුව කැඩිලා
    කසාඳ බඳිනකොට පරිස්සමින්.. මොකෝ ආයෙ මාරු කරන්න කියලයෑ..:rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කසාඳ බඳිනකොට පරිස්සමින්.. මොකෝ ආයෙ මාරු කරන්න කියලයෑ..:rofl:

    ඒක කියන්න බැහැ :lol: මොකද මන් දෙවනි පාරත් ගිහින් ඊට එහා කැඩුන එකක් අරන් එන්නේ :dull::oo: හැබැයි අපරදේ කියන්න බැහැ හොද පාඩමක් ඉගෙන ගන්නවා :P:P
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    27.සෙනග පිරුණු බසයක ලස්සන කෙල්ලන් හා බොහෝදෙනෙක් හිටගෙන යද්දී සහ අනෙක් සියලුම සීට් වල දෙන්නා බැගින් වාඩිවී සිටියදී මං ඉන්න සීට් එකේ එකෙක්වත් වාඩි නොවී තනියම යෑමට සිදුවීම.

    :(:(
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මරු. එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම වගේ වෙලා තියනව
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63

    උයන විධිය අනුව බං..
    තෙලෙන් බැදලා නම් මරු..
    වෑංජනේ නම් හරි යන්නෙ නෑ...

    තෙලෙන් බැදලා නම් මරු..