එහෙම කතාකරන්න එපා බන් උබට ඔය තියෙන්නේ අදවෙනකොට පිරිහිලා තියෙන රාජ්‍ය සේවය ගැන වෛරයක්. රාජ්‍ය සේවය කියන්නේ උතුම් දෙයක් ඒක විනාශ කලේ දේෂපාලකයෝ. මුලින්ම ප්‍රේමදාස ලොක්ක ගමේ ඉන්න හොදම යූ.එන් පී උන් තෝරල වගා නිලධාරී කියලා පත්වීම් දුන්න. ග්‍රාම සේවක පත්වීම් දුන්න. ඊට පස්සේ චන්ද්‍රිකා සමෘද්ධි පත්වීම් දුන්න. ඊට පස්සේ මහින්ද ලොක්කා. මේව සුබසාධන වැඩ විදිහට තමන්ගේ ඡන්ද පදනම වෙනුවෙන් කරපු දේවල්. තහඩු කෑල්ලට, සිමෙන්ති කොට්ටෙට ඡන්දයක් දෙන මේ රටේ රස්සාවක් කියන්නේ උගේ පන තියෙන කන් පරම්පරාවක්ම ඡන්දෙ දෙන බව උන් දන්නවා. බාබර් සාප්පුවක් කරන එකා උගේ ගාන ඌම වැඩි කරගන්නවා, මේසන් බාස් වඩු බාස් මෙකී නොකී හැම එකාම තමන්ගේ ගාස්තුව වැඩිකරගන්නවා සාපේක්ෂව පෞද්ගලික අංශයේ පඩිය රාජ්‍ය අංශයට වැඩිය සැලකියයුතු ලෙස වැඩි බවත් උබ දන්නවා නෙ. හැබැයි රජයේ සේවකයෝ තාම ගන්නේ ඩොලර් එක 200ටත් වඩා අඩුව තිබුන කාලෙට ගැලපෙන පඩියක්.අද වෙනකොට උද්ධමනය කී ගුණයකින් ඉහල ගිහින්ද හිතපන්කෝ ලමයි 3දෙනෙක් වගේ ඉන්න 40000ක පඩියක් ගන්න පියන් කෙනෙක්. අපි හැමෝම අසරණයි බන්. ප්රශ්නය ඒක නෙවෙයි රාජ්‍ය සේවය ඔය තැනට පත්කරපු දේෂපාලකයට උඹලා කවදාවත් විරැද්ධ වෙන් නෑ.. උදෙන්ම ඡන්ද පොලට ගිහින් උන් වෙනුවෙන් කතිරේ ගහනවා..
මේක තමයි ඇත්ත මචං..
මමත් රාජ්‍ය සේවකයෙක්..
ඒත් අපි රස්සා ගත්තෙ එක එකාට කඩේ ගිහින් නෙමෙයි..
නියම විදියට තරඟ විභාග පාස් වෙලා ඊටපස්සෙ කාර්යක්ෂමතා කඩඉම් වෙලාවට පාස් වෙලා..
2000ට වගේ කලින් ලංකාවෙ රාජ්‍ය සේවය කියන්නෙ හොඳ පිළිගැනීමක් තිබුන එකක්..
ඒත් ඊටපස්සෙ දේශපාලකයින්ගේ අත්තනෝමතික බඳවාගැනීම් නිසා තමයි රාජ්‍ය සේවය වල පල්ලට ගියේ..
උදාහරණයක් විදියට ඉස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක (ඒ කාලෙ උප දිසාපති කාර්යාලය) සමාජ සේවා නිලධාරී ඉටු කරපු රාජකාරි කරන්න දැන් 10ක් 15ක් නිලධාරීන් දාල ඉන්නව..
අපිත් කැමති රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙලා මීට වඩා වැඩ කරන්න තියනම්..
ලැබෙන පඩිය වැඩි නොවෙන්නෙත් ලංකාවෙ රාජ්‍ය සේවයෙන් රටේ ආර්ථිකයට කිසිම ලාභයක් නොවෙන නිසානේ