මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?

මෙහෙම සැකකාරයෝ ම

  • මේක නීතියක් තියෙන රටක නොවිය යුතු දෙයක්....

    Votes: 82 35.7%
  • ඔකුන් ඔහොම තමයි මරන්න ඔනේ...

    Votes: 148 64.3%

  • Total voters
    230

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,550
    1,020
    113
    Negombo paththe thama
    okun maruwa kiyala duk wena ayata kiyanna thiyenne lankaawe apraada nadu sahena kal adi adi yanawa anika okun hire giyath karanne thawath aparaada meheyawana ekai lankaawe marana daduwama naane ithin ohomawath oya thirisannu nathi karala daana eka hodai
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    සුදු වෑන් වලින් උස්සන්න වැරැද්දක් කරලා තියෙන්න ඕන නෑ ආණ්ඩු විරෝධි අදහස් දරනවා නම් ඒක ආණ්ඩුවට තර්ජනයක් වගේ කියලා හිතෙනවා නම් first warning එක දෙන්නේ වෑන් එකකින් උස්සලයි.

    අනේ බං මම නම් ඔය දේශපාලනය කරන උන්ට සපෝර්ට් කරන්නෙත් නැහැ උන්ට විරුද්දව සටන් කරන්නෙත් නැහැ..ඒක හින්දා මට ඔය ප්‍රශ්න මුකුත් නැහැ..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනේ බං මම නම් ඔය දේශපාලනය කරන උන්ට සපෝර්ට් කරන්නෙත් නැහැ උන්ට විරුද්දව සටන් කරන්නෙත් නැහැ..ඒක හින්දා මට ඔය ප්‍රශ්න මුකුත් නැහැ..

    උබට ප්‍රශ්ණයක් නැති වෙන්න පුලුවන් නමුත් ඒක නිසා අහිංසක මිනිස්සුන්ට ප්‍රශ්ණයක් වෙනවා. ආණ්ඩුවේ හොර වැඩක් කවුරු හරි මාධ්‍යය වෙදියෙක් දැම්ම ගමන් ඌව උස්සනවා, විශ්ව විද්‍යාල ශිෂ්‍ය්යෝන්ට ගහනවා උස්සනවා , හිරේ දානවා මොකද උන් කට පියාගෙන ඉන්නේ නැති නිසා, රතු පස් වල වෙඩි තිබ්බා එකෙක්වත් මැරුවා මොකද උන් කට පියාගෙන ඉන්නේ නැතුව තමන්ට වෙච්ච අසාධාරණයට නැගිසිටපු නිසා. උබට දැන් ප්‍රශ්ණයක් නැති වෙන්න පුලුවන් නමුත් අනාගතයේදි උබේ දොරකොඩටම ප්‍රශ්ණයක් ආවොත් එතකොට උබට මතක් වෙයි රටක විධිමත් නීතියක් තිබිමේ වටිනාකම. ඒ විතරක් නෙවෙයි ෆොන්සේකාට මතකනේ එක එක චෝදනා දාලා හිරේ දැම්මා, ඒ විතරක් නෙවෙයි ශිරාණි බණ්ඩාරණායකටත් කරේ ඒකයි. අපි ආණ්ඩු විරෝධි වෙන්නම ඕන නෑ අවංක ලෙස වැඩ කරනවා, අසාධාරණයට එරෙහි වෙනවා නම් කැපිල්ල එනවා ,සුදු වෑන් එනවා, තර්ජන එනවා. ඒකයි ලංකාවේ හැටි.
     
    කවුද ඕවට වැරදි කාරයෝ?උබ ඔය කියන අහිංසක මිනිස්සුම නේද?ඒ මිනිස්සුම නේද චන්දෙ දීලා ආණ්ඩුව බලේ තියන් ඉන්නේ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබට ප්‍රශ්ණයක් නැති වෙන්න පුලුවන් නමුත් ඒක නිසා අහිංසක මිනිස්සුන්ට ප්‍රශ්ණයක් වෙනවා. ආණ්ඩුවේ හොර වැඩක් කවුරු හරි මාධ්‍යය වෙදියෙක් දැම්ම ගමන් ඌව උස්සනවා, විශ්ව විද්‍යාල ශිෂ්‍ය්යෝන්ට ගහනවා උස්සනවා , හිරේ දානවා මොකද උන් කට පියාගෙන ඉන්නේ නැති නිසා, රතු පස් වල වෙඩි තිබ්බා එකෙක්වත් මැරුවා මොකද උන් කට පියාගෙන ඉන්නේ නැතුව තමන්ට වෙච්ච අසාධාරණයට නැගිසිටපු නිසා. උබට දැන් ප්‍රශ්ණයක් නැති වෙන්න පුලුවන් නමුත් අනාගතයේදි උබේ දොරකොඩටම ප්‍රශ්ණයක් ආවොත් එතකොට උබට මතක් වෙයි රටක විධිමත් නීතියක් තිබිමේ වටිනාකම. ඒ විතරක් නෙවෙයි ෆොන්සේකාට මතකනේ එක එක චෝදනා දාලා හිරේ දැම්මා, ඒ විතරක් නෙවෙයි ශිරාණි බණ්ඩාරණායකටත් කරේ ඒකයි. අපි ආණ්ඩු විරෝධි වෙන්නම ඕන නෑ අවංක ලෙස වැඩ කරනවා, අසාධාරණයට එරෙහි වෙනවා නම් කැපිල්ල එනවා ,සුදු වෑන් එනවා, තර්ජන එනවා. ඒකයි ලංකාවේ හැටි.

    ඔන්න ඕක තමයි තෙරුම් ගන්න ඕන දේ ... නීතියට හැමෝම යටත් වෙන්න ඕන
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    නොබෙල් තෑග්ග දෙන්න ඕනෙ උඹල වගේ එවුන්ට මෙහෙම කැලෑ නීති අනුමත කරනවට....

    මචන් තමන් වැරද්දක් කරල නැත්නම් ඇයි බය වෙන්නේ.:rolleyes::rolleyes:
     
    අපරාධකාරයෝ මැරිලා යනවනේ කියලා හිතා හදා ගත්තැකි. ඒත් මේකෙ භයානක කම සැබෑ අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණෙන් නිර්දෝෂි මනුස්සයෙක් මරලා සිද්ධිය යට ගහන්න පුළුවන් වීම.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කිරි පොවන්න ඕනෙ නෑ නීතියක් කියල දෙයක් තිය්නවනම් ඒක කරමු

    මචන් උබ දන්නවද ඔය එක නඩුවක් ඉවර වෙන්න කොච්චර කල් යනවද කියල.
    සමහර විට අවුරුදු 10ක් 20ක් වෙන්න පුලුවන්.
    ඔය හේතුව නිසා අපරාද කාරයෝ කිසිම දඩුවමක් විදින්නෙ නැතුව වයසට ගිහිල්ල මැරිල යනව නැත්නම් උන්ට 60ත් පැනල.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹලට නීතිය මතක් වෙන්නේ මේ වගේ ජාතියක් ජන්මයක් නැති අපරාදකාරයෝ මරණ කොට තමයි. දැන් අර මැරිච්ච පොලිස් කාරයයි උගේ ගෑනියි ගැන තොපි දුක් වුනාද? ඒ පොඩි දරුවන්ට යන කල දවස ගැන තොපිට දුක නැද්ද?

    රටක නීතියක් තියෙන්නේ මිනිස්සුන්ව අපරාදවලින් බේරගන්න. ඔන්න මම ඇවිත් උඹේ යාළුවෙක්ව හරි පවුලේ කෙනෙක්ව හරි මැරුවොත් උඹටත් හිතෙනවා මාව මරන්න. ඒ හැඟීම් යටපත් කර ගන්න පුළුවන් මට නීතියෙන් මරණීය දණ්ඩනය ලැබෙයි කියලා උඹට හිත හදා ගන්න පුළුවන් නම්. ඒත් දැන් කෝ මරණීය දණ්ඩනය. මම උඹේ පව්ලේ අය මරලා අවුරුදු 10ක් 15 හිරේ ඉඳලා ආයෙත් එනවා. කෝ එතකොට සාදාරනය? එක්කෝ එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් නීතිය අතට ගන්න ඕනේ. අඩුම ගානේ මේ වගේ සිද්ධි වලදිවත්.

    100% Agreed :yes:
     
    මචන් උබ දන්නවද ඔය එක නඩුවක් ඉවර වෙන්න කොච්චර කල් යනවද කියල.
    සමහර විට අවුරුදු 10ක් 20ක් වෙන්න පුලුවන්.
    ඔය හේතුව නිසා අපරාද කාරයෝ කිසිම දඩුවමක් විදින්නෙ නැතුව වයසට ගිහිල්ල මැරිල යනව නැත්නම් උන්ට 60ත් පැනල.

    ඒකට විසඳුම අපරාධකරුවෙක් කියලා එතෙක් ඔප්පු නොකරපු සැකකරුවො මරලා දාන එකද? අධිකරණ පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරන එකද?
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඒකට විසඳුම අපරාධකරුවෙක් කියලා එතෙක් ඔප්පු නොකරපු සැකකරුවො මරලා දාන එකද? අධිකරණ පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරන එකද?

    උබ හිතන්නෙ පොලීසිය හිතෙන හිතෙන උන්ව සැකකාරයෝ කියල අල්ලන් එනව කියලද?
    අනික ඔය මැරුම් කාපු හැම එකාම පෙර වැරදි තියෙන උන්.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ලංකාවෙ පොලීසියේ අතීතය ගැන තව පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද? :rolleyes:

    අතීතය අමතක කරපන්.
    වර්තමානය හා අනාගතය ගැන හිතපන්.
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    උඹලට නීතිය මතක් වෙන්නේ මේ වගේ ජාතියක් ජන්මයක් නැති අපරාදකාරයෝ මරණ කොට තමයි. දැන් අර මැරිච්ච පොලිස් කාරයයි උගේ ගෑනියි ගැන තොපි දුක් වුනාද? ඒ පොඩි දරුවන්ට යන කල දවස ගැන තොපිට දුක නැද්ද?

    රටක නීතියක් තියෙන්නේ මිනිස්සුන්ව අපරාදවලින් බේරගන්න. ඔන්න මම ඇවිත් උඹේ යාළුවෙක්ව හරි පවුලේ කෙනෙක්ව හරි මැරුවොත් උඹටත් හිතෙනවා මාව මරන්න. ඒ හැඟීම් යටපත් කර ගන්න පුළුවන් මට නීතියෙන් මරණීය දණ්ඩනය ලැබෙයි කියලා උඹට හිත හදා ගන්න පුළුවන් නම්. ඒත් දැන් කෝ මරණීය දණ්ඩනය. මම උඹේ පව්ලේ අය මරලා අවුරුදු 10ක් 15 හිරේ ඉඳලා ආයෙත් එනවා. කෝ එතකොට සාදාරනය? එක්කෝ එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් නීතිය අතට ගන්න ඕනේ. අඩුම ගානේ මේ වගේ සිද්ධි වලදිවත්.

    well said :yes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අත්අඩංගුවේදී සිදුවන මරණ

    කඹුරුපිටිය ‍පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට මේ වන විට අත්ව තිබෙන ඉරණම ප්‍රශ්න ගණනාවක් මතුකරයි. එක් සැකකරුවකු ‍පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මරණයට පත්වූ අතර තවත් දෙදෙනකු දියේ ගිලී මරණයට පත්විය. දැන් අලුතින්ම අසන්නට ලැබෙන පුවත් මගින් පැවැසෙන්නේ මතෛක් අත්අඩංගුවට ගන්නට නොහැකිව සිටි බව පවසන ප්‍රධාන සැකකරුද වෙඩි වැදී මරණයට පත්ව ඇති බවයි.
    අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තම ජීවිතාරක්ෂාව පතා ගන්නා පියවරවලදී මේ ආකාරයෙන් මරණයට ගොදුරුවීම අදහා ගන්නට අසීරු කරුණක් නොවන බව සත්‍යයකි. එහෙත් මේ නඩුවට සම්බන්ධ සියලු සැකකරුවන් එබඳු ඉරණමකට ගොදුරු වීමත්, මීට ඉහතදී තවත් සෑහෙන සැකකරුවන් පිරිසක්, වෙඩි වැදී නැතහොත් වෙනත් අතුරු අනතුරුවලින් මරණයට පත්වීමත් කිසියම් සැකයක් මතුකරන බවද අසත්‍යයක් නොවේ. එකම ආකාරයට එකදිගට එබඳු සිදුවීම් වාර්තා වීම ඊට හේතුවයි.
    අපරාධ මර්දනය සඳහා නිර්භීතව මැදිහත්වූ ‍පොලිස් කොස්තාපල්වරයාත් ඔහුගේ බිරියත් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ කුරිරු ක්‍රියාව කිසිසේත් අවතක්සේරුවට ලක්නොවිය යුතුය. ඊට වගකිව යුත්තන් කොටු කරගෙන දඬුවම් පැමිණවීම අනිවාර්යයෙන් සිදුවිය යුතුය.
    සැක මතුවන්නේ හුදෙක් මේ ආකාරයෙන් සැකකරුවන් මරණයට ගොදුරුවීම පිළිබඳව පමණක් නොවේ. මෙබඳු අබිරහස් ඝාතන පිටුපස, තවත් බොහෝ දේ වසන් කිරීමේ අභිප්‍රායද සැඟව තිබිය හැකි බැවිනි.
    ඝාතනයට ලක්වූ ‍පොලිස් කොස්තාපල්වරයා ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමට එරෙහි ප්‍රබල මර්දනයක් ගෙන ගිය නිලධාරියෙකි. මත්කුඩු ජාවාරම යනු මේ වන විට පාතාල සාමාජිකයන් පමණක් සම්බන්ධවී කරගෙන යන ව්‍යාපාරයක් නොවේ. ඒ හා සමීපව සම්බන්ධ බවට දේශපාලනඥයන්ට පමණක් නොව ඇතැම් ඉහළ ‍පොලිස් නිලධාරීන්ට එරෙහිවද චෝදනා එල්ලවෙයි. එබඳු වාතාවරණයක් තුළ කිසියම් සැකකරුවකු අත්අඩංගුවට පත්වීම, ඊට සම්බන්ධ තවත් බොහෝ තොරතුරු අනාවරණය වන්නට තරම් පුළුල් දොරටුවක් විවෘත වීමකි. සැකකරුවන් සැකකටයුතු ආකාරයෙන් මරණයට ගොදුරුවීම නොසලකා හරින්නට තරම් නොවන සැක සහිත සිදුවීමක් විය හැකි බව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි.
    මෙබඳු අබිරහස් මරණ බොහෝ දේ වසන් කිරීම සඳහා කරන ලද දැනුවත් ඝාතන වන්නට බැරි නැත.
    එසේ පැවැසීම මගින් අදහස් කෙරෙන්නේ එබඳු අරමුණක් නොමැතිව සැකකරුවන් ඝාතනයට ලක්ව ඇත්නම් එය එතරම් ගණන් ගත යුතු නොවන කාරණයක් බව හැඟවීම නොවේ. තවම වරදකරුවකු බවට නීතිය ඉදිරියේ ඔප්පු නොවුණු සැකකරුවකු ‍පොලිස් භාරයේ සිටියදී සැකකටයුතු ආකාරයෙන් මරණයට පත්වීමද සිදු නොවිය යුත්තකි. එය මූලික මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව නොකිවමනාය.
    තවත් පැත්තකින් සැකකරුවන් මේ ආකාරයෙන් මරණයට පත්වීම, ‍පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ බිරිය ඝාතනය කිරීමේ අපරාධය පිළිබඳ සුලමුල සොයා ගන්නට මහත් බාධකයකි. ඒ අර්ථයෙන් ගත්විට එය ඔවුනට කෙරෙන අසාධාරණයක්ද වෙයි.
    වඩාත් පුළුල් ආකාරයෙන් මෙම සිද්ධීන් විමසා බලන විට අවධානයට යොමුවන තවත් කාරණයක් ඇත. එනම් ශ්‍රී ලංකාව තුළ මානව අයිතිවාසිකම් ආරක්ෂා නොවන බවට ජාත්‍යන්තරයෙන් එල්ලවන චෝදනාවයි. ‍පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් අබිරහස් ලෙස මරණයට ගොදුරු වීම, එබඳු බලවේග විසින් හොඳ ඉල්ලමක් කරගනු ලබන්නට බැරි නැත.
    ‍පොලිස් භාරයේ සිටියදී සැකකරුවන් අබිරහස් ලෙස මරණයට ගොදුරුවීම, පුළුල් ලෙස විමර්ශනයට ලක්විය යුතු සංසිද්ධියක් බව අවධාරණය කළ යුතුව තිබෙන්නේ එබැවිනි.
    ලක්බිම
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Policeyata vath lankave neethiya gena visvasayak nethi vela,usavi noyava danduvam denne eka ne.eththatama me marum kanne niyama veradhi karu da?
    LABBATA THIYAPU ATHA,PUHULATA NOTHIYAVI KIYALA kaata nam kiuva heki da!
    Me siyalla un-Civilise lakshana.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අතීතය අමතක කරපන්.
    වර්තමානය හා අනාගතය ගැන හිතපන්.

    අතීතයේ සිද්ධ වෙන දේවල් තමයි වර්තමානයේ/අනාගතයේ cycle එකක් වගේ repeat වෙන්නේ අපරාධ විද්‍යාවේ උගන් වන දෙයක් තමයි ඒක. ඒක නිසා අතීතය අමතක කරන්න බෑ අපරාධ සම්බන්ධයෙන් කථා කරන විට.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මම දැක්ක කැටයම් චින්තකගේ අම්මලාට හිටන් බනිනවා මුන්. උන්ට තෙරෙන්නේ නෑ අන්ගුලිමාලගේ අම්මත් තමන්ගෙ දරුවට කරදරයක් වෙනවට කැමති වුනේ නැති බව. අම්මල එහෙමයි බන්.
    අම්මල එහෙමයි බන්.
    අම්මල එහෙමයි බන්.
    අම්මල එහෙමයි බන්.
    අම්මල එහෙමයි බන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අතීතයේ සිද්ධ වෙන දේවල් තමයි වර්තමානයේ/අනාගතයේ cycle එකක් වගේ repeat වෙන්නේ අපරාධ විද්‍යාවේ උගන් වන දෙයක් තමයි ඒක. ඒක නිසා අතීතය අමතක කරන්න බෑ අපරාධ සම්බන්ධයෙන් කථා කරන විට.
    උයා අපරාධ විද්‍යාවෙ කෙරුමෙක්ද?:rofl: