උබකිව්ව අදහස හරි.
ඒක මම දන්න කැම්පස් එකක ගියගමන්ම කියාදෙන කවියක්.
කවිය කියන්නැතුව තේරුම කියන්නම්.
"සමාජයේ ඉන්නවා, හාවෝවගේ අහින්සක, නරිවගේ කපටි, නයි පොලගුවගේ දරුනු මිනිස්සු. උන් කැම්පස් එකේදී( සාමූහිකව ඉද්දී) එකට වැඩකරන්න්සේ. හැබැයි උන් තනියෙන් ඉද්දී අර තමුන්ගේ ආවේනික ගතිගුන පෙන්නනවා".
(මිනිස්සු ගොඩාක් ඉන්න තැන්වලදි උන් අපිත් එක්ක තනියම කතා කරන හැටියි, ගොඩාක් අය ඉන්න තැන්වලයි හැසිරෙන විදිහ මට තේරෙන විදිහට ර`ගපෑම් ලෝකයක්.
මේක බලන උබලත් එහෙම වෙන්නැති සමහර විට,)
ඉතින් ඔකේ තේරුම බලෙන් කටපාඩම් කරවලා, දුටුතැන අහනවා. ටැපලුනොත් පලුයන්න අමතනවා.අන්තිමට එතනින් සමාජයට බහිද්දී අරගන යන්න ඉතුරුවෙන වටිනාම ෆෝමියුලා එකත් ඒකයි.
මට හිතෙන්නේ උබ සමජය ගැන යම් අදහසකරගන ( ඒක එදිනෙදා ජීවිත යේ සිදුවීම් වලින්, අත්දැකීම්වලින් වෙන්නඇති ) දැන් ඒක තුලින් සමාජයේ මිනිස්සු දිහා බලනවා. එතකොට උබට අරවිදියට පේනවා. සත්යයවෙන්න පුලුවන්. සත්‍යයි කියලා කුනුගොඩවල් හොයන්නේ අපිට වැඩනැද්ද.
තේරෙන විදියට කිව්වොත්, සමහරුන්ට අත්දැකීම් තියනවා සෙල්ලක්කාර ගෑනුගැන. දැන් ඌ ඒ දැනුම කන්නාඩිදෙකක දාල ඒතුලින් ගෑනුන්ව නිරීක්ශනය කරනවා.ඊටපස්සේ ඌ කනාඩිය් ක්‍රයිටීරියා තෲ වෙද්දී කියනවා ගෑනු ගොඩක් අයට එකක් එක ලයින් තියනවා කියලා.තමුන්ට අදාල වැඩේදී දාගන ගැලෙව්වනම් හරිනේ.
ඒවිදියේ කන්නඩි ඔනෑ තමයි විවිද විශයන්ගැන. හැබැයි ඒක දාගන්න වෙලාවට දාගන්නවා මිසක්, ටොයිලට් යද්දී, නිදාගද්දී, උලටයි පිලටයි දාගන හරියන්නෑ. කන්නාඩි දාගන නිකරුනේ ඒව මැචකර කර ඉන්නවා ඇරෙන්න අපිට වැඩනැද්ද.
ඔන්න උබට කෙල්ලෙක් ප්‍රොපෝස් කරනවා කවුරුහරි. එතකොට අර ගෑනු කන්නාඩිය දාගත්ත්ටකමක් නෑ. නමුත් ඒක දාගන පොලට යද්දී හම්බෙන, කෝච්චියේ හම්බෙන ගෑනුදිහා බල බල උන්ව ජජ් කරකර ඉන්නවා කියන්නේ මෝඩකමක්. අනික එතන අධිමාන්නයකුත් තියනවා. අපිට තියන වැඩේ ඕකද. වෙන වැඩක් නැද්ද.