මේක මානසික රෝගයක්ද

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම කියන්නද සීන් එක..
    උබට මොකෙක් හරි දැක්කම හිතෙනව නේද කථාවෙන්ම රගනවද නැද්ද කියලා..
    එන්නෙ මොකාටද කියල කලින්ම තේරෙනව නෙ..
    මට වගේම තමයි..
    ඕක පවර් එකක් කියල හිතාගනින් :rofl:

    උබත් උන් එක්ක බොරුවට හිනා වෙලා ඉදපන් ඉතින්..
    වැඩිය හිතන්න යන්න එපා මානසික රෝගයක් වෙයි කොහොමත්..:rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට කවුරුහරි කෙනෙක් හම්බුනාම එයාගෙ හිත මට දැනෙන්න ගන්නවා. ගොඩාක්ම හම්බෙන එවුන්ගෙ තියෙන්නෙ කුහක අදහස් කියලා මට දැනෙනවා.
    මට ඒවා ඔප්පු වෙලත් තියෙනවා. මේ නිසා මම කපටිකම් වලට අහුවෙන්නෙ නැතුව ඉන්න දන්නවා.

    me too same.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,202
    67,550
    113
    Oya intellect eka wedi unama wena deyak bn.ube brain eka patta powerfull wela.podi action ekak dekka gaman ubata wenna yana de hena durata analyze karanna puluwanne.mehemai bn brain eka kiyanne pihiyak wage.ube knife eka dan patta sharp.uba dan eken ubawama kapagannna scene ekak tiyenne.dan oya knife eka ube sugathiyata use karapan.e kiyanne niwan dakinna wage brain ela use karala.ekko pin athe weda walata.uba ube brain power eka inna hema manusyatama hate karanna use karoth wenne uba godak bad karma collect karanna gannawa.fake miniuth ekka inna amarui tamai.e anith aya ipadila tiyena hetiy saha mole tarama.ubata dan karanna tiyenne ubata lagin hari yana kattiya ashraya karanna.ubata okoma terena hinda karafara walin berenna puluwan.hodama de tamai ube anith emotions develop wenakan braim eka tawa sharp karanna yanna epa.aye analyze karanna yanna epa.mahana wenna one ne.eth meditation ehema karapan.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ?schizophrenia

    මෙතනදි වෙන්න පුලුවන් දේවල් තියෙන්නේ 3යි.
    1) මේක බොරුවට කියන එකක්
    2)උඹට ඇත්තටම සුපිරි හැකියාවක් තියෙනවා
    3)මානසික රෝගයක්වෙන්න පුලුවන්.

    1 ?
    2.වෙන්න තියෙන හැකියාව මිලියනයකින් එකකත් අඩුයි
    3.ඔයා ඇත්ත නම් කියන්න මේක තමයි මට වෙන්න පුලුවන් දේ වගේ පේන්නේ. ඔයාට ඒක තේරේන්නේ මොකද ඒ වගේ මානසික රෝගයකදි insight එක නැතිවෙනවා.කරන්න තියෙන හොදම දේ තමයි වහාම ඕකගැන පවුලේ අයට කියන එක හා පවුලෙ කවුරු හරි එක්ක ගිහින් වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන එක
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මාත් ඉස්සසර මන් ගැන හිතන් හිටියෙ ඕම, මට හිතෙන්නෙ උබටත් OCD
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    කොච්චර යාලුවො හිටියත් උන් පවා අපිව ආශ‍්‍රය කරන්නෙ උන්ගෙ වාසියට,
    මේ අවුරුදු කාලේ මම අපේ නෑදෑයොන්ට යාලුවොන්ට උපරිම සැලකුවා.
    ඒත් මං දන්නවා උන්ට ඒක සතියක් යන්නත් කලින් අමතකයි.
    ඒ එකෙක්වත් අවංකවම අපිට හරියනවට කැමති නෑ...
    හැබැයි උන් දන්නෙත් නෑ උන්ට එහෙම හරි හම්බවුනේ අපිට හරි ගිය නිසා කියලා
    මම සතුටින් අවුරුද්දට පවා හැමෝටම තෑගි දුන්නා. සතුටු වුනා.
    මට නං එකෙකුගෙන්වත් නූල් පටක දෙයක් ලැබුන්නෑ...
    ඒකට දුක නෑ... ඒත් මේ වගේ උන් ඉන්න ලෝකෙක හරි අමාරුයි බං ජීවත්වෙන්න....

    owa ganan ganda epa bn... nadayo mithro apen wadak wenakan api gana waranana karai api unta salakanawa nam.. un ape munichchawata ragapanawa.. passe wena tanaka set unama apita balu yanda baninnawa.. kokath akai.... uba nikan hitapn uba auruda suba patala messages kiyak yawanda atida ki denek reply kalada.. samahara unta uben message aka awa nisa reply kara misak attatama uwamanawta kara neme wenda puluwan...

    Oya wage hama akama ragapmak korrane.... oya reddawal hitan natuwa ube diunuwata wadak palak karan idapn.... oya akek wath wadiye kare dagaanda epa.. ubatath nodamin kelawa yanne (experience) aken kiaynne..
     
    Last edited:

    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley
    මචන්ලා මට හිතෙනවා මට මානසික රෝගයක් තියෙනවා කියලා,
    විහිලුවට ගන්නැතිව උපදෙසක් දෙන්න...

    සිද්ධිය මේකයි,
    මට කවුරුහරි කෙනෙක් හම්බුනාම එයාගෙ හිත මට දැනෙන්න ගන්නවා. ගොඩාක්ම හම්බෙන එවුන්ගෙ තියෙන්නෙ කුහක අදහස් කියලා මට දැනෙනවා.
    මට ඒවා ඔප්පු වෙලත් තියෙනවා. මේ නිසා මම කපටිකම් වලට අහුවෙන්නෙ නැතුව ඉන්න දන්නවා. වැඩේ තියෙන්නෙ මේකයි, මිනිස්සු ගොඩාක් ඉන්න තැන්වලදි උන් අපිත් එක්ක තනියම කතා කරන හැටියි, ගොඩාක් අය ඉන්න තැන්වලයි හැසිරෙන විදිහ මට තේරෙන විදිහට ර`ගපෑම් ලෝකයක්.
    මේක බලන උබලත් එහෙම වෙන්නැති සමහර විට,

    දැන් ප‍්‍රශ්නෙ මේකයි මට මේ ලංකාවෙ හම්බවෙච්ච හාමුදුරුවරු කිහිප දෙනෙක් හැර, අනිත් ඔක්කොම මට දැනෙන විදිහට කරන්නේ ලෝකෙට ර`ගපෑමක්.
    ඉතින් මේ ර`ගපෑම් කරන මිනිස්සු එක්ක ජීවත්වෙන්න මම ආස නෑ....
    ආණ්ඩුවෙ ඉඳන් රටේ හැමතැනකම යන ඩීල් මම දැකලා තියෙනවා..
    සෑහෙන්න කළකිරිලා ඉන්නෙ ඒවා දැක්කම. රට ගොඩදාන්න බෑ කියලාත් මට දැනෙනවා.
    මේ බොරු ලෝකෙ මට හරියන තැන නෙවෙයි කියලා දැනෙනවා හැම වෙලේම,
    ඒත් මහන වෙන්න අදහසකුත් නෑ. ලංකාවෙ හරිහමන් විදිහට ඒ විදිහට ජීවත් වෙන්න අමාරු නිසා.

    මේක මානසික රෝගයක්ද කියලා මට උපදෙසක් දෙන්න මචන්ලා....

    මේකනං ලෙඩක් නෙවෙයි බං.. උබට දැන් life එකේ වෙන දේවල්වල යථාර්තය තේරෙන්න පටන් අරන්.. එකයි මේ.. :yes:

    මචං පොඩි උපදෙසක් දෙන්නං.. අනුන් ගැන හිතන එක නවත්තපන්.. තමන් ගැන හිතල ඉස්සරහට වැඩ කරපන්.. අනුන් ගැන හිතිලා වැඩ කරන්න ගිහින් මට ගොඩක් කෙල වෙලා තියෙනවා බන්.. :dull:

    හැමෝම වැඩ කරන්නේ වාසි පැත්තට.. තමන්ගේ වැඩේ වෙනකන් වැදගෙන එයි.. වැඩේ කෙරුනට පස්සේ උබව උන්ට අදාලම නෑ.. :( එහමත් සමහර උන් තමයි උදව්වට ඉන්නේ.. :eek:

    මිනුස්සු කට්ටයි.. එක නිසා අපිත් කට්ට වෙන්න ඕනේ.. :frown:

    උබ උබ ගැන හිතන්න පටන් ගත්තම මේ වගේ දේවල් ගැන හිතන්නවත් උබට වෙලාවක් නැති වෙයි.. :D:rofl:

    So chill එකේ උබ උබේ වැඩක් බලං හිටපං.. :D

    ඔබට ජය! :love:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා මට හිතෙනවා මට මානසික රෝගයක් තියෙනවා කියලා,
    විහිලුවට ගන්නැතිව උපදෙසක් දෙන්න...

    සිද්ධිය මේකයි,
    මට කවුරුහරි කෙනෙක් හම්බුනාම එයාගෙ හිත මට දැනෙන්න ගන්නවා. ගොඩාක්ම හම්බෙන එවුන්ගෙ තියෙන්නෙ කුහක අදහස් කියලා මට දැනෙනවා.
    මට ඒවා ඔප්පු වෙලත් තියෙනවා. මේ නිසා මම කපටිකම් වලට අහුවෙන්නෙ නැතුව ඉන්න දන්නවා. වැඩේ තියෙන්නෙ මේකයි, මිනිස්සු ගොඩාක් ඉන්න තැන්වලදි උන් අපිත් එක්ක තනියම කතා කරන හැටියි, ගොඩාක් අය ඉන්න තැන්වලයි හැසිරෙන විදිහ මට තේරෙන විදිහට ර`ගපෑම් ලෝකයක්.
    මේක බලන උබලත් එහෙම වෙන්නැති සමහර විට,

    දැන් ප‍්‍රශ්නෙ මේකයි මට මේ ලංකාවෙ හම්බවෙච්ච හාමුදුරුවරු කිහිප දෙනෙක් හැර, අනිත් ඔක්කොම මට දැනෙන විදිහට කරන්නේ ලෝකෙට ර`ගපෑමක්.
    ඉතින් මේ ර`ගපෑම් කරන මිනිස්සු එක්ක ජීවත්වෙන්න මම ආස නෑ....
    ආණ්ඩුවෙ ඉඳන් රටේ හැමතැනකම යන ඩීල් මම දැකලා තියෙනවා..
    සෑහෙන්න කළකිරිලා ඉන්නෙ ඒවා දැක්කම. රට ගොඩදාන්න බෑ කියලාත් මට දැනෙනවා.
    මේ බොරු ලෝකෙ මට හරියන තැන නෙවෙයි කියලා දැනෙනවා හැම වෙලේම,
    ඒත් මහන වෙන්න අදහසකුත් නෑ. ලංකාවෙ හරිහමන් විදිහට ඒ විදිහට ජීවත් වෙන්න අමාරු නිසා.

    මේක මානසික රෝගයක්ද කියලා මට උපදෙසක් දෙන්න මචන්ලා....


    පලවෙනි එක නම් අහන්න දෙයක් නැ බං. ඕක මේ ලෝකේ දැන් හැටි. මෙහෙම හිතපන්. උබට යාලුවෙක් ඉන්නවා .. උබට කාර් එකක් නැ. උබ සාමාන්‍ය කෙනෙක්. ඉතින් අරු උබ එක්ක ඉන්නේ සාමාන්‍ය විදිහට.එකෙන් උව කොන් වෙන්නේ න උබෙන්. එත් හිතපන් එකෙක් ඉන්නවා උට පට්ට සල්ලි . උ එක්ක ජෝක් කරන්න ගියොත් අරු නොන්ඩි වෙනවා. තත්වෙට හොද න. මෙන්න මේ වෙලාවේදී රගපෑමක් වෙන්නේ. Simple Human Behavior එකක්.

    උබට මේකෙන් කෙස් එකක් වෙන්නේ උබ එක accept කරන්නේ නැති නිසා. සහ උබ අර කෙනා ගැන අවදානයක් දක්වන නිසා. කරන්න තියෙන්නේ කිසිම දෙයක් ගැන ඕනෙවට වඩා අල්ල ගන්න යන්න එපා. කොටින්ම කිව්වොත් දේවල් රැස් කරන්න එපා. එකෙන් උබේ මොලේ කුණු ගොඩක් එකතු වෙනවා.

    "අපෝ ඕකා මොකෙක්ද අදාළ නැනේ .." කියල delete කරලා දාපං..

    අංක දෙක හාමුදුරුවෝ.... මේ ගැන කතා කරලා වැඩක් න. අපිට පංච සීලය හාමුදුරු කෙනෙකුට 108 ක් සංවර සීලය රකින්න තියනවා. අඩුම ගානේ පස් පව් රකිනවාද? එතනින් එහාට සීලයක් නැ. එහෙනම් brain එකත් අඩුයි කියන එක.

    දේශපාලනය ගැන උබේ දර්ශනේ හරි. එකට උබට කරන්න දෙයක් නැ.

    බුදු හාමුදුරුවෝ කිව්වා සංකාර විකාර ලක්ෂණ නිර්වාන ප්‍රන්ජප්ති කියල 5 ක්.
    එකෙන් කියවෙන්නේ
    සංකාර - මේ ලෝකේ තියන හැම දෙයක්ම
    විකාර - ඒවායේ ලක්ෂණ තියෙන බව
    ලක්ෂණ - ඒ කල්ෂණ හදුනා ගැනීම.
    නිර්වාන - ඒ ලක්ෂණ හදුනා ගැනීම වලකාගැනීම
    ප්‍රන්ජප්ති - වලකා ගැනීමේ මාර්ගය..

    උදා:- සමන් ඉන්නවා දෙපිට කාටුයි...(සංකාර) . උ දෙපිටකාටු බව (විකාර) උබ දන ගැනීම (ලක්ෂණ) ඉතින් අපිට වැඩක් නැනේ යනුවෙන් අතහැරීම (නිර්වාන)
    වලකා ගැනීමේ මාර්ගය... මේක නම් මටත් පොඩ්ඩක් තේරුම් මදි.. මම නම් මේ වෙලාවට කරන්නේ ඒ කාරණය සම්පුර්ණයෙන් අමතක කරන එක.

    සංකාර විකාර ලක්ෂණ නිර්වාන ප්‍රන්ජප්ති - මේ පහ දැනගැනීම සම්මා සම්බුදු මවට පත් වීමයි.

    ඔබට බුදු සරණයි
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උබකිව්ව අදහස හරි.
    ඒක මම දන්න කැම්පස් එකක ගියගමන්ම කියාදෙන කවියක්.
    කවිය කියන්නැතුව තේරුම කියන්නම්.
    "සමාජයේ ඉන්නවා, හාවෝවගේ අහින්සක, නරිවගේ කපටි, නයි පොලගුවගේ දරුනු මිනිස්සු. උන් කැම්පස් එකේදී( සාමූහිකව ඉද්දී) එකට වැඩකරන්න්සේ. හැබැයි උන් තනියෙන් ඉද්දී අර තමුන්ගේ ආවේනික ගතිගුන පෙන්නනවා".

    (මිනිස්සු ගොඩාක් ඉන්න තැන්වලදි උන් අපිත් එක්ක තනියම කතා කරන හැටියි, ගොඩාක් අය ඉන්න තැන්වලයි හැසිරෙන විදිහ මට තේරෙන විදිහට ර`ගපෑම් ලෝකයක්.
    මේක බලන උබලත් එහෙම වෙන්නැති සමහර විට,)


    ඉතින් ඔකේ තේරුම බලෙන් කටපාඩම් කරවලා, දුටුතැන අහනවා. ටැපලුනොත් පලුයන්න අමතනවා.අන්තිමට එතනින් සමාජයට බහිද්දී අරගන යන්න ඉතුරුවෙන වටිනාම ෆෝමියුලා එකත් ඒකයි.


    මට හිතෙන්නේ උබ සමජය ගැන යම් අදහසකරගන ( ඒක එදිනෙදා ජීවිත යේ සිදුවීම් වලින්, අත්දැකීම්වලින් වෙන්නඇති ) දැන් ඒක තුලින් සමාජයේ මිනිස්සු දිහා බලනවා. එතකොට උබට අරවිදියට පේනවා. සත්‍ය‍යවෙන්න පුලුවන්. සත්‍යයි කියලා කුනුගොඩවල් හොයන්නේ අපිට වැඩනැද්ද.
    තේරෙන විදියට කිව්වොත්, සමහරුන්ට අත්දැකීම් තියනවා සෙල්ලක්කාර ගෑනුගැන. දැන් ඌ ඒ දැනුම කන්නාඩිදෙකක දාල ඒතුලින් ගෑනුන්ව නිරීක්ශනය කරනවා.ඊටපස්සේ ඌ කනාඩිය් ක්‍රයිටීරියා තෲ වෙද්දී කියනවා ගෑනු ගොඩක් අයට එකක් එක ලයින් තියනවා කියලා.තමුන්ට අදාල වැඩේදී දාගන ගැලෙව්වනම් හරිනේ.
    ඒවිදියේ කන්නඩි ඔනෑ තමයි විවිද විශයන්ගැන. හැබැයි ඒක දාගන්න වෙලාවට දාගන්නවා මිසක්, ටොයිලට් යද්දී, නිදාගද්දී, උලටයි පිලටයි දාගන හරියන්නෑ. කන්නාඩි දාගන නිකරුනේ ඒව මැචකර කර ඉන්නවා ඇරෙන්න අපිට වැඩනැද්ද.

    ඔන්න උබට කෙල්ලෙක් ප්‍රොපෝස් කරනවා කවුරුහරි. එතකොට අර ගෑනු කන්නාඩිය දාගත්ත්ටකමක් නෑ. නමුත් ඒක දාගන පොලට යද්දී හම්බෙන, කෝච්චියේ හම්බෙන ගෑනුදිහා බල බල උන්ව ජජ් කරකර ඉන්නවා කියන්නේ මෝඩකමක්. අනික එතන අධිමාන්නයකුත් තියනවා. අපිට තියන වැඩේ ඕකද. වෙන වැඩක් නැද්ද.

     
    Last edited: