මොණරා-සෙබඩ Sex

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සිරා ඕයි, හොදට ඉගෙන ගත්ත ඩිග්‍රී ගත්ත උනුත් ඕවා විස්වාස කරනවා කියපන්කෝ
    ඔව් බන් අපේ පැත්තෙ ඉන්න නඩුකාරයෙකුත් ඔය වගේ බලි තොවිල් කරනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මේකේ සාරාංශය මේකයි

    ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකට දෙන්න එපා. ජවිපෙට දෙන්න

    හැක් හැක් හැක් ....මේක කෙලින් කිව්වනම් ඉවරයිනේ. මෙච්චර වට වන්දනාවේ යන්නේ නැතිව
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    164813866_4131941560253632_6389432469902145071_o.jpg

    ආගම, ජාතිය කියන්නේ මිනිස්සුන්ට බොහොම සංවේදී වෙන කාරණාවක්.. ඒ සංවේදීකම නිසාම කොච්චර බුද්ධිමත් මනුස්සයෙක් වුනත් ආගම, ජාතිය මුල් කරගෙන යමක් ගොඩනැගෙන විට එක පාරටම මොළය හිරිවැටිලා වගේ කොතරම් වෙන්ඩ බැරි දෙයක් වුනත් සත්‍යක් කියලා විස්වාස කරන මට්ටමට වැටෙනවා..

    ලංකාවේ තාමත් වැඩිහිටි බහුතරයක් විස්වාස කරන ලොකුම මිත්‍යා මතය තමා මම මේ කියන්න යන දේ.. ඔබ නිකමට ගමේ ඉන්න වැඩිහිටියෙක්ගෙන් අහලා බලන්න.. මොණරා සහ සෙබඩ ප්‍රජනනය කරන්නේ මොණරා අයිති වෙන සත්ව කුලයට අයිති අනෙක් සතුන් ස්භාවික සංවාසයේ යෙදෙන ක්‍රමයටද කියලා.. එම ප්‍රශ්නයට ඔවුන්ගෙන් ලැබෙන පිලිතුරට ඔබ පුදුමයට පත් වෙනු ඇත..
    ඔවුන් කියාවී..

    මොණාර නර්තනයේ යෙදෙමින් මොණරාගේ ශුකාණූ පොළවට දමන බවත්.. සෙබඩ ඒවා අහුලගෙන කා දැමීම මගින් පසුව සෙබඩ පැටවුන් බිහි කරන බවත් ඔබට පවසාවී.. මෙතරම් මිත්‍යා මතයක් සැබෑවටම සත්‍යක් කියලා විස්වාස කරන්න හේතු වුන කාරණය මොකක්ද..
    එයට හේතුව මොණරා කතරගම දෙවියන්ගේ වාහනය වීම.. මොණරා අනෙක් සතුන් වගේම ස්භාවික සංවාසයේ නොයෙදෙන කිළි නොවන පිරිසිදු සතෙක් කියන මිත්‍යා විස්වාසය තමා මේකට හේතු වුන කාරණාව.. මම දැක්කා පහුගිය කාලෙක කතරගම දේවාලේ කපුවෙක්ගේ පුතෙක් තම බිරිදට දරුවෙක් ලැබුනහම මාස තුනක් ඒ දරුවව බලන්නවත් ගියෙ නෑ කියලා කිළි නිසා කියලා...

    මම මේක පරීක්ශනයක් විදිහට විවිද ප්‍රදේශ වල වැඩිහිටියන්ගෙන් මේ ප්‍රශ්නය අහලා බැලුවා... විශේෂයෙන් ඔය විවිද ප්‍රදේශවල අවමගුල් උත්සව වලට සහභාගී වුන වෙලාවල් වලට.. මම ඔවුන්ට කිව්වා ලංකාවේ මිනිස්සු විස්වාස කරන ලොකු මිත්‍යාවක් තියනවා.. මොණරයි සෙබඩයි.. ශාරීරිකව ලං වෙලා නෙමේ පැටව් හදන්නේ කියලා.. මම ඒ දේ කිව්ව ගමන් මම ඒ කතාව කිව්ව හැම තැනකම වැඩිහිටියන් කියපු කතාව.. පුතා කට වරද්ද ගන්න එපා.. ඒක මිත්‍යාවක් නෙමේ ඒක ඇත්තක් කියලා..

    මට ඊට පස්සේ ඔවුන්ට යූටියුබ් එකෙන් මොණරා සහ සෙබඩගේ වීඩියෝ පෙන්වන්න වුනා.. ඒත් ඒ වීඩියෝ දැක්කත්.. මේවා මේ කෑළි එකතු කරලා හදපු බොරු වීඩියෝ වෙන්න ඇති කියලා ප්‍රතික්ශේප කෙරුවා.. ඒත් මම වීඩියෝ දෙක තුනක් පෙන්නපුවහම.. බොහොම පුදුමයට පත් වෙලා හරිම අමාරුවෙන් තමා තමන් පුංචි කාලේ ඉදන් ඇත්තක් කියලා හිතන් හිටපු තනිකරම මිත්‍යා මතයකින් මිදෙන්න ඔවුන්ට පුළුවන් වුනේ..
    දේශපාලුවන් හරි අපූරුවට මේ මිනිස්සුන්ගේ දුර්වලකමින් ප්‍රයෝජන ගන්නවා.. ආගම ජාතිය කියන සංවේදී කාරණය උලුප්පා දක්වමින්.. ඒකට සම්බන්ද කරලා කියන ඕනෑම පට්ට පල් බොරුවක් ඇත්තම ඇත්තක් කියලා මිනිස්සුන්ගේ හිතට කාවද්දන හරිම ලේසියි.. පට්ට පල් බොරුවක් ගැන වුනත් එහෙම ව්ස්වාසයක් ගොඩ නැගුනයි පස්සේ.. ඒක කොච්චර ප්‍රායෝගික නැති, ගොන්, මෝඩ කාරණයක් වුනත් පරම සත්‍යක් කියලා විස්වාස කරනවා.. ඔවුන්ව ඒකෙන් ගලවගන්න එක කරන්න බොහොම අමාරු වැඩක්..

    ලංකාවේ ඡන්දදායකයන් බහුතරයකට සිද්ද වෙලා තියෙන්නේ ඕකා.. අලුතෙන් දෙයක් හිතන්න.. මතයක් වෙනස් කරගන්න.. තමන්ටම කොච්චර ඇරියත් පාට,පක්ශ, පුද්ගල වන්දනාව අත අරින්න ගොඩාක් අයට කරන්න අමාරු වැඩක් නෙමේ.. කරන්නම බැරි වැඩක්...

    (උපුටාගන්නා ලදි.)
    good post mcn. lankwa godak aya inna onna oya level eka. ithin ratak vidihata goda yamak na.
     
    • Like
    Reactions: ElaBaba