මේකට නඩුවක් වැටෙයිද? 😬

lilman

Well-known member
  • May 10, 2009
    40,932
    54,509
    113
    Colombo
    අපේ නැන්දගේ තාවකාලිකව කුලියට දීපු නිවසක rent එක ඉවර උනාටත් පස්සේ කට්ටියක් ඉන්නවලු රෙන්ට් එක දිදී අද යන්නම් හෙට යන්නම් කියලා.
    මේකේ කට්ටිය යවා ගන්න ඕනේ හින්දා මෙයාලා වතුර supply එක කපන්න හදන්නේ. එහෙම කැපුවොත් rent එකට හිටපු සෙට් එකට ලයිට් /වතුර කපපු එකට විරුද්ධව මානව හිමිකම් එකෙන් case එකක් දාන්න පුලුවන්ද?
    මගේ යාලුවෙක් කිව්වා ඔහොම case එකක දී වතුර කපලා, මානව හිමිකම් කඩ උනා කියලා අන්තිමට ගෙදර අයිතිකාරයට වන්දියක් ගෙවන්නත් උනා කියලා.
    එහෙම නීතියේ කේස් එකක් තියෙනවද ගෙදරක ලයිට් /වතුර කැපුවොත් ?
    nicee 😊


    කොහෙද ඉතින් අපි පොඩි උන් කියලා කියන ඒවා අහන්නේ නෑ නේ බන් , කවුරු හරි වතුර කැපුවා නම් යයි කියලා කියන්න ඇති.

    :oo:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    account maru unada?
    අඩෝ google sync වෙලා lap එකේ පරණ account එකට.

    Lawyer kenek laga liyala nam dunne Lawyer ta kiyanna. Lawyer letter ekak hadala dei. Eke widiyata wade wenna naththan idiri nithi kriya marga ganath e letter eke thiyenawa. Kohomath contract eka iwara wela masayaka kalayak denna one samanyen.

    Lawyer gawa liyala naththan sorry thama. Grama sewakata paminili karala eya haraha thama karaganna wenne. Naththan policeya haraha.

    හොදම වැඩේ පොලිසියට හරි lawyer කෙනෙක් හරි හම්බ වෙන එක තමයි කියල මම කිව්වේ එයාලට.
     
    • Like
    Reactions: vindi19 and NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    at first try to be reasonable with them.

    * you must have a valid reason to close the renting agreement. (like you are renovating the building or migrating etc)
    *ask them politely why can't they find another apartment. if they are lying then tell them your urgency and advice what steps can be taken with law enforcement from your end.

    The reason I say this is that a lot of people are struggling these days due to present economic situation.

    අඩෝ google sync වෙලා lap එකේ පරණ account එකට.

    We will believe you.
    shit happens.
    ------ Post added on Jun 28, 2023 at 8:31 PM
     
    • Like
    Reactions: vindi19 and NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මොන මානව හිමිකම් ද බං..
    වතුර කප්පල පලයව් කියපන්...
    ගමේ චණ්ඩියෙක් ඉන්නවා නන් උන් ලව්ව සද්දයක් දාපන්..
    ඔහොම උන් ඉන්නවා..
    ඩයල් කවුද කියල බලන්න ඕනේ rent කරන්න කලින්
     
    • Like
    Reactions: cool_dodam and NRTG

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    1. මානව හිමිකම් කඩ වුණා කියලා කොහේටවත් පැමිණිලි කරන්න බැහැ මචං. මොකද මෙතන පාර්ශව දෙකම සිවිල් පුද්ගලයන්නේ. ඒ කාරණේ ගැන නම් බය වෙන්න එපා.

    උදා:
    මානව හිමිකම් කඩ වුණා කියලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න පුළුවන්. ඒත් මානව හිමිකම් කඩ වෙන්න නම් ඒ ක්‍රියාව විධායක හෝ පරිපාලන ක්‍රියාවක් වෙන්න ඕනේ.
    සාමාන්‍ය පුද්ගලයෙක් මට පහර දෙනවා. එතනදි සිද්ද වෙන්නේ අපරාධයක්.
    පොලිස් නිලධාරියෙක් පහර දුන්නා නම් එතනදි අපරාධයක් වගේම මානව හිමිකම් කඩවීමකුත් සිද්ද වෙනවා.
    පෞද්ගලික ආයතනයකට මොකක් හරි වැඩක් කරගන්න යනවා. එතනදි අපේ වැඩේ වෙන්නේ නැහැ. ඒ ගැන අදාළ පෞද්ගලික ආයතනයටම පැමිණිලි කරන්න පුළුවන්.
    රජයේ ආයතනයකට මොකක් හරි වැඩක් කරගන්න යනවා. අපේ වැඩේ වෙන්නේ නැහැ. ඒ ගැන ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම ඒ නොකරහැරීම මානව හිමිකම් කඩවීමක්.

    2. 2023 අංක 01 දරණ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ දිසා අධිකරණයේ නඩුවක් දාන්න පුළුවන්. එතනදි අලාභ අය කරගන්න පුළුවන්. ඒත් නඩු දාන්න නම් නිකන් බදු ගිවිසුමක් තිබ්බට වැඩක් නැහැ.
    ඒ බදු ගිවිසුමට යථා පරිදි මුද්දර ගාස්තු ගෙවලා තියෙන්න ඕනේ. වංචා වැළැක්වීමේ ආඥා පනත යටතේ ලියලා තියෙන්න ඕනේ.

    3. බදු ගිවිසුමක් නැත්නම් පොලීසියට පැමිණිලි කරන්න තමයි වෙන්නේ. පොලීසිය තග දාලා යවයි.
    2.0 poddak pahadili kerepan
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    Koi rateth ohoka rama ban.ausi walath awurudu ganan yanawa ekekwa gedarin eliyata danna nadu gihin.ge rent dila homeless wetcha unuth innawa.
     
    • Like
    Reactions: NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    2.0 poddak pahadili kerepan

    බදු ගිවිසුම ලියලා ඒක ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්‍යාලයේ රෙජිස්ටර් කරලා තියෙන්න ඕනේ මචං. සාමාන්‍ය ඔප්පුවක් වගේ. උඹ ඉඩමක් ගන්නවා නම් මචං ඒ ඔප්පුව අත්සන් කරලා තියෙන්න ඕනනේ. ඒ වගේ. සාක්ෂිකරුවන් ඉස්සරහා. නොතාරිස් කෙනෙක් ළඟ අත්සන් කරන්න ඕනේ.
    ඒකට මුද්දර ගාස්තු ගෙවලා තියෙන්න ඕනේ.
    වංචා වැවැළැක්වීමේ ආඥා පනතේ තමයි මචං ඔය ඔප්පු අත්සන් කරන්න ඕනේ කියලා තියෙන්නේ. සාක්ෂිකරුවන් සමග නොතාරිස් ඉදිරිපිට කියලා.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    01-ග්‍රාමසේවක හරහා ලියුමක් දෙන්න ඉවත් වෙන්න කියල මාසයක කාලයක් දීලා දිනයක් දාල ඉවත් වෙන්න කියලා
    02-ඒ මාසෙන් පස්සේ පොලිසියේ පැමිණිල්ලක් දාන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ඇන්ට්‍රියක් දාන්න , මාස 3 යන්නේ නැත්තම් දැන් පොලිසි යන්න නිතිය හැදුවා

    දේවාලෙකින් මැතිරුවා වගේ මොනා හරි හලපන් වලලපන්

    තග්ලා ටිකක් දාල ඇදලා එලියට දාපන්

    කෙලින්ම ගෙට ගිහින් පදිංචි වෙයන් . හෙලුවෙන් ටිවී එක දාහෙන ඉදපන් බොතලයක් ගෙනල්ලා ගහන ගමන්
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අලුත් බදුකුලි නිති වෙනස් උනා. දැන් මාස 3ක ඇතුලත එලියට දාන්න පුලුවන්. කෙලින්⁣ම පොලිසි යන්න.
    මේක හරි..දැන් කිසි අවුලක් නැහැ
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    2.0 poddak pahadili kerepan

    අර උත්තරේට ටිකක් එකතු කරන්නම් මචං.
    කලින් කිව්වා වගේ හරි විදිහකට ලියපු බදු ගිවිසුමක් තිබ්බොත් ගෙදරින් යවා ගන්න දිසා අධිකරණයේ නඩුවක් දාන්න පුළුවන්.
    ඒකෙදි වැඩිපුර හිටපු කාලෙට, කරපු අලාභහානි වලට, හිඟ බදු මුදලට, හිඟ විදුලි, ජල බිල්පත් වල මුදල් අධිකරණය හරහා අය කරගන්න පුළුවන් මචං.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    ඇන්ට්‍රියක් දාන්න , මාස 3 යන්නේ නැත්තම් දැන් පොලිසි යන්න නිතිය හැදුවා

    දේවාලෙකින් මැතිරුවා වගේ මොනා හරි හලපන් වලලපන්

    තග්ලා ටිකක් දාල ඇදලා එලියට දාපන්

    කෙලින්ම ගෙට ගිහින් පදිංචි වෙයන් . හෙලුවෙන් ටිවී එක දාහෙන ඉදපන් බොතලයක් ගෙනල්ලා ගහන ගමන්

    @Bunji Kuraki අයිතිකාරයා මේ වගේ ☝️දේවල් කරොත් , ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බදු කාරයට පුළුවන් ද ? අයිතිකාරයා මේ ගෙදරට ගිහින් පදිංචි වෙලා බදු කාරයට වාතයක් වෙන විදියට හැසිරුනොත් මොකද්ද නීතිමය තත්වය ?​

     
    • Like
    Reactions: Tz4400

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,799
    2,326
    113

    @Bunji Kuraki අයිතිකාරයා මේ වගේ ☝️දේවල් කරොත් , ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බදු කාරයට පුළුවන් ද ? අයිතිකාරයා මේ ගෙදරට ගිහින් පදිංචි වෙලා බදු කාරයට වාතයක් වෙන විදියට හැසිරුනොත් මොකද්ද නීතිමය තත්වය ?​

    අයිතිකාරය්ගෙ ගෙදර උට හෙලුවෙන් ඉන්න පුලුවන් මන් හිතන්නෙ. ඒම නඩු දාන්න ගියොත් නන් මන් නම් කියන්නෙ මනුස්සකම් පැත්තකින් තියල වැඩක් දෙන්න තියෙන්නෙ.

    ඇන්ට්‍රියක් දාන්න , මාස 3 යන්නේ නැත්තම් දැන් පොලිසි යන්න නිතිය හැදුවා

    දේවාලෙකින් මැතිරුවා වගේ මොනා හරි හලපන් වලලපන්

    තග්ලා ටිකක් දාල ඇදලා එලියට දාපන්

    කෙලින්ම ගෙට ගිහින් පදිංචි වෙයන් . හෙලුවෙන් ටිවී එක දාහෙන ඉදපන් බොතලයක් ගෙනල්ලා ගහන ගමන්
    නඩු වාරයක් යනව බන්.අපේ තාත්ත ඕක කලා.සිතාසි එන්න කලින් උන් ගිහින්.50ක් විතර ගිහින් තිබ්බ වියදම.උන් අලුතෙන් ගිය තැන අයිතිකාරයන්ට විස්තරේ කියල උන්ට එතනිනුත් යන්න වැඩ හරි ගැස්සුව.තව ඒ ගෑනි උගන්නන ස්කෝලෙ ස්ටාෆ් එකට වැඩේ පත්තු කලා.උන්ගෙ ප්ලෑන් එක වෙලා තියෙන්නෙ ලමයි රට හන්ද කෝම හරි බලෙන් සල්ලි නොදී ඉන්න. කැරි සිම්හලු ඉන්නෙ.
    ------ Post added on Jun 29, 2023 at 8:59 AM
     
    • Like
    Reactions: hi.dushan

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ

    @Bunji Kuraki අයිතිකාරයා මේ වගේ ☝️දේවල් කරොත් , ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බදු කාරයට පුළුවන් ද ? අයිතිකාරයා මේ ගෙදරට ගිහින් පදිංචි වෙලා බදු කාරයට වාතයක් වෙන විදියට හැසිරුනොත් මොකද්ද නීතිමය තත්වය ?​


    බදු ගිවිසුමක් තියෙනවා නම් ගිවිසුමේ කොන්දේසි කඩ කළ එක ගැන බදු ගැනුම්කාරයාට පියවර ගන්න පුළුවන් මචං. ඒකට ගිවිසුම වලංගු කාලය ඇතුලත කොන්දේසි කඩ වෙන්න ඕනේ.

    මුලින්ම පොලීසියට පැමිණිලි කරලා බලන්න පුළුවන්. ඒත් පොලීසියෙන් ඕවා වැඩිය ගණන් ගන්නේ නැහැ සිවිල් කාරණයක් නිසා. දෙපාර්ශවය සමථ කරලා යවනවා. බැරි නම් නඩු දාගන්න කියනවා.

    හරිම ක්‍රමය ගිවිසුම කඩකළ එක ගැන දිසා අධිකරණයේ නඩුවක් දාන්න වෙනවා මචං.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    නඩු වාරයක් යනව බන්.අපේ තාත්ත ඕක කලා.සිතාසි එන්න කලින් උන් ගිහින්.50ක් විතර ගිහින් තිබ්බ වියදම.උන් අලුතෙන් ගිය තැන අයිතිකාරයන්ට විස්තරේ කියල උන්ට එතනිනුත් යන්න වැඩ හරි ගැස්සුව.තව ඒ ගෑනි උගන්නන ස්කෝලෙ ස්ටාෆ් එකට වැඩේ පත්තු කලා.උන්ගෙ ප්ලෑන් එක වෙලා තියෙන්නෙ ලමයි රට හන්ද කෝම හරි බලෙන් සල්ලි නොදී ඉන්න. කැරි සිම්හලු ඉන්නෙ.
    ------ Post added on Jun 29, 2023 at 8:59 AM
    උබේනේ ගේ

    ඇතුලට ගිහින් උබ පදිංචි වෙයන් . ආයේ උන් මොනා කරන්නද. ඊට පස්සේ ගේ අස්සේ පකයා වගේ ඉදපන් උන්ට එපා වෙන විදියට . උන්ටම එපා වෙලා යයි