@hasithayad සහ
@IKL නිවැරදිව සතාව හඳුනාගෙන තියෙනවා.
ගැට රදනකයා (නිර්විශ). නිර්විශ කියන්නෙ නිර්විශ. ගැරඬියා වගේ.
හරිම අහිංසකයි. පෙනුමෙන් කරවැලුන්ට සමාන කෙනෙක්. ගොඩක් වෙලාවට ගෙවල් වලට ආවහම කරවලා, මාපිලා කියලා හිතාගෙන මරලා දාන්නෙ රදනකයො. කට්ටිය ඉතින් මරලා පුච්චනවා. පව් නේ?
ගැරඬි මරලා පව් පුරවා ගන්න එපා කියන එක දැන් ඉතින් update කරගන්න වෙනවා.
විශ සහිත සර්පයෙක්ව වුණත් මරණ එක නම් ආගමික වශයෙන්වත්, විද්‍යාත්මක වශයෙන්වත් පිළිගන්නෙ නෑ. අර
@IKL දාලා තිබුණ පින්තූරෙ විදිහට කෝටුවක් (අවස්ථාවෙ හැටියට කොස්සක්, බිම පිහින වයිපරයක්) වගේ දේක උපකාරයෙන් බෝතලයකට (ලොකු කටක් තියෙන එකක් නම් වඩා ලේසියි) දාලා අරන් යන්න පුලුවන්. හිතේ හයිය තමයි ඕනෙ.
* IKL දාලා තිබුණ අර කඩුවක් අතින් ගත්ත පින්තූරෙ නෙමේ ඈ.
රදනකයින් සහ කරවැලුන් වෙන් කර හඳුනා ගැනීම ගැන මෙන්න මෙතන සරලව, කෙටියෙන්, පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. බලන්න.
https://snakesofsrilanka.blogspot.com/p/blog-page.html?showComment=1581792745231
එතන කොරල පේලිය ගැන තියෙන කතාව තේරෙන්නැත්තං මෙන්න මේ පින්තූරෙත් බලන්න. මෙකෙන් පෙන්නන්නෙ hasithayad කියපු
කරවලාගේ පිටේ (පිට මැද) තියෙන ෂඩස්‍රාකාර කොරල පේලිය. (බෙල්ල හරියෙ මේක නෑ.)
අපි කරවලුන්ව අඳුරගන්න ඕනෙ මරන්න නෙවේ, කරවලාව ඉවත් කිරීමේදී වඩාත් ආරක්ෂාකාරී වීමට.
අවසාන වශයෙන් මේකත් මතකයේ තියාගන්න.....
* මිනිස්සු කරවලුන්ව මරන තරම් කරවලුන් මිනිසුන්ව මරලා නෑ.
* මිනිස්සු කරවලුන් කියලා හිතාගෙන මරපු ඔක්කොම කරවලුන් නෙවේ. (වැඩියෙන්ම මරලා තියෙන්නෙ රදනකයො)
'''''''''''''''''''''''''''''''''''''''''''
'''''''''''''''''''''''''''''''''''''''''''
පින්තූර ටික ගත්තෙ ෆේස්බුක් එකෙන්.
සර්පයින් ගැන දැනගනිමු. ඔවුන් රැක ගනිමු. (group)
අපේ සර්පයින් රැක ගනිමු (group)