ඈතට පේන දේ බලල තමන් කැමති දේ හිතාගන්නෙ නැතිව ගිහින් අහන්න ඒ මිනිස්සුන්ගෙන් මොකද එහෙම කරන්නෙ කියල.
නුවර එලියෙ වගේ පැතිවල මිනිස්සු වානිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන නිසා ලොකු ඉඩමක අල වගෙ දෙයක් වගා කරාම පොඩි පාත්ති දෙකක් විතර තමන්ට අවශ්‍ය අනෙක් එලවලු වගාකරගන්නව. නැත්නම් ඒව සල්ලිවලට ගන්න වෙන නිසා. තමන්ට කන්න හදාගන්න එක නිසා වියදම් කරල බෙහෙත් ගහගන්නෙ නෑ.
එලවලු ගැන නම් මම දන්නෙ නැහැ මචන්.. හැබැයි කුකුල් farm වල නම් එහෙම කරනව ඕනි තරම් දැකල තියනව.. මම SME project visit වලදි කුකුල් farm වලට යනව, ගොඩක් ගෙවල් ආශ්‍රිතව තියන farm වල ගෙදර අයට වෙනම කූඩුවක් හදල තියාගෙන ඉන්නව දැකල තියනව.. ඒ බිත්තර ගන්න කිකිලියන්ට වෙනම කෑම දාන්නෙ නැහැ, නිදැල්ලෙ ගිහින් කෑම හොයාගෙන කන්න දීල තියෙන්නෙත්.. විස්තර ඇහුවම කීප දෙනෙක්ම ඇත්ත කිවුව,


