මේක ඇත්ත කතාවක් ද?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඈතට පේන දේ බලල තමන් කැමති දේ හිතාගන්නෙ නැතිව ගිහින් අහන්න ඒ මිනිස්සුන්ගෙන් මොකද එහෙම කරන්නෙ කියල.

    නුවර එලියෙ වගේ පැතිවල මිනිස්සු වානිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන නිසා ලොකු ඉඩමක අල වගෙ දෙයක් වගා කරාම පොඩි පාත්ති දෙකක් විතර තමන්ට අවශ්‍ය අනෙක් එලවලු වගාකරගන්නව. නැත්නම් ඒව සල්ලිවලට ගන්න වෙන නිසා. තමන්ට කන්න හදාගන්න එක නිසා වියදම් කරල බෙහෙත් ගහගන්නෙ නෑ.


    එලවලු ගැන නම් මම දන්නෙ නැහැ මචන්.. හැබැයි කුකුල් farm වල නම් එහෙම කරනව ඕනි තරම් දැකල තියනව.. මම SME project visit වලදි කුකුල් farm වලට යනව, ගොඩක් ගෙවල් ආශ්‍රිතව තියන farm වල ගෙදර අයට වෙනම කූඩුවක් හදල තියාගෙන ඉන්නව දැකල තියනව.. ඒ බිත්තර ගන්න කිකිලියන්ට වෙනම කෑම දාන්නෙ නැහැ, නිදැල්ලෙ ගිහින් කෑම හොයාගෙන කන්න දීල තියෙන්නෙත්.. විස්තර ඇහුවම කීප දෙනෙක්ම ඇත්ත කිවුව,
     
    • Like
    Reactions: INCORRECT and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේක මම අත් දැකීමෙන් දැකලා තියෙනවා. අපි නුවරඑළියේ ගිය වෙලාවක අපේ අය්යාගේ යාලුවෙක්ගේ ගෙදරක නැවතුනා. කට්ටිය ඉන්නේ කොළඹ එයාලගේ නැන්දයි මාමයි විතරයි එහෙ ඉන්නේ. ලොකුවට එළවලු වගා කරන අය. වෙනම පොඩි කොටසක වවනවා කොළඹ ඒ ගොල්ලන්ට යවන්න. ගොම පොහොර විතරයි එව්වට දාන්නේ කිව්වා.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඈතට පේන දේ බලල තමන් කැමති දේ හිතාගන්නෙ නැතිව ගිහින් අහන්න ඒ මිනිස්සුන්ගෙන් මොකද එහෙම කරන්නෙ කියල.

    නුවර එලියෙ වගේ පැතිවල මිනිස්සු වානිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන නිසා ලොකු ඉඩමක අල වගෙ දෙයක් වගා කරාම පොඩි පාත්ති දෙකක් විතර තමන්ට අවශ්‍ය අනෙක් එලවලු වගාකරගන්නව. නැත්නම් ඒව සල්ලිවලට ගන්න වෙන නිසා. තමන්ට කන්න හදාගන්න එක නිසා වියදම් කරල බෙහෙත් ගහගන්නෙ නෑ.
    නුවරඑළිය විතරක් නෙවේ ලංකාවේ වටේම එහෙම තමා

    තමන්ට කන්න කෘමිනාශක රසායනික පොහොර නොදා කොටසක් හදනවා

    කෘෂිකර්මේ වැඩ කරන අයගෙන් අහලා බලන්න
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඇත්ත වෙන්න පුළුවන්. මගේ ටිකක් දුරින් නැදෑ කෙනෙක් වෙන අක්කා කෙනෙක් බැදපු අයියාට එයලාගේ ගමේ තියෙනවා එළවලු වගාවන්. ඒ අයියාගේ තාත්තා තමා එව්වා කරන්නේ. දවසක් එළවලු ටිකක් දුන්නා බෙහෙත් නොගහපු එව්වා කියලා. හැබයි ඵලදාව අඩුයිලු ලගදි අර පොහොර සින් එක වෙලාවේ තමා කිවේ එහෙම වගා කරන එක ප්‍රායෝගික නැහැ කියලා. ඉල්ලුමට සපයන්න බැරිලු. එහෙම නැතිනම් අර තරම්ම ඵලදාව දෙන කාබනික ආදේශකයක් ඕනලු නැතිනම් බැහැ කියලා තමා කියන්නේ. හැමෝම මෙහෙම කරනවද කියලා මම දන්නේ නම් නැත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක සාමනය දෙයක් , කුඹුරු කරන සමහර අයත් ඕකම කරනව ලියද්දක් දෙකක් තෙල් පොහොර නොගහ හදනව,
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපිට ටිකක් වැඩි ගානක් දීලා හරි එහෙම වවපු කාබනික එලවලු පලතුරු එතකොට ෆාම් කුකුල් මස් නැතුව ගංකුකුල් මස් ගං බිත්තර එහෙම ගන්න විදිහක් නැද්ද බං?

    සුපර් මාකට් වල තියෙනවා. තව ඔර්ගනික් වෙනමම විකුනන උන් ඉන්නවා සාරකෙත, ඕවිට වගේ.
    https://www.saaraketha.com/
    https://owita.lk/
    මිල බලපන්, සාමාන්‍ය පඩියක් ගන්න එකෙක්ට කන්න බෑ.

    මේකට විසදුම රසායනික නියාමනය කරන එක, මොකද ඔය තහනම කරල රටේ මිනිස්සුන්ට කන්න දෙන්න බෑ. ඔය ඔර්ගනික් කියන ගනන් වලට කෑම අරන් මිනිස්සුට තුන්වේල කන්නත් බෑ. කොයි ආණ්ඩුවක්වත් ඒක කරන්නෙ නෑනේ.
     
    Last edited:

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඕක සාමනය දෙයක් , කුඹුරු කරන සමහර අයත් ඕකම කරනව ලියද්දක් දෙකක් තෙල් පොහොර නොගහ හදනව,
    Yes...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවෙ ගොවියො උන්ට කන්න වෙනම කාබනික විදියට වගා කරලා, විකුණන ඒවා වස විස ගහලා හදනවද?
    ඔව් සමහර අය වෙනම එයාලට වවාගන්නවා බෙහෙත් නොගහා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් බෙහෙත් ගහල පළතුරු ඉදෝන තැන් ගොඩක් අඩුයි නේද? ඒ ගොඩක් අය දැනුවත් කරල ගන්නේ නැතුව හිටපු හින්දනේ
    එලවළු වලටත් එහෙම කරනන තිබ්බනන්
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අනිත් කාරණේ, කෑමකට සුප් දැම්මොත් රසෙන් කියන්න පුළුවන් දාලා කියලා.
    වස ගහලා තියන එළවලු / කාබනික පොහොර දාලා හදන එළවලු වල රසේ වෙනසක් ඇති, නමුත් අඳුර ගන්න පුළුවන් ද හැම වෙලේම අර සුප් කැට වගේ?
    එහෙම ගත්තම, ඔය සමහර තැන් වල කාබනික පොහොර යොදලා හදපු එළවලු කියලා වැඩි ගානට විකුනන්නේ එවමද නැද්ද දැන ගන්නේ කොහොමද?
    මෙහෙ හොරු හැම තැනම. හැම එකාම හොරෙක්. මට නං සත පහක විස්වාසයක් නෑ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් බෙහෙත් ගහල පළතුරු ඉදෝන තැන් ගොඩක් අඩුයි නේද? ඒ ගොඩක් අය දැනුවත් කරල ගන්නේ නැතුව හිටපු හින්දනේ
    එලවළු වලටත් එහෙම කරනන තිබ්බනන්
    තාමත් බෙහෙත් ගහලා ඉදවන්නෙ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනිත් කාරණේ, කෑමකට සුප් දැම්මොත් රසෙන් කියන්න පුළුවන් දාලා කියලා.
    වස ගහලා තියන එළවලු / කාබනික පොහොර දාලා හදන එළවලු වල රසේ වෙනසක් ඇති, නමුත් අඳුර ගන්න පුළුවන් ද හැම වෙලේම අර සුප් කැට වගේ?
    එහෙම ගත්තම, ඔය සමහර තැන් වල කාබනික පොහොර යොදලා හදපු එළවලු කියලා වැඩි ගානට විකුනන්නේ එවමද නැද්ද දැන ගන්නේ කොහොමද?
    මෙහෙ හොරු හැම තැනම. හැම එකාම හොරෙක්. මට නං සත පහක විස්වාසයක් නෑ.

    ඔව් කෘතිම රසායනික දාලා හදන ඒවායේ රස අඩුයි ගුණත් අඩු ඇති හැබැයි එකපාර දැනැනීමට අමාරුයි කාලයක් ගිහින් ලෙඩක් එනකන්

    මම සාමාන්‍යයෙන් මෑකරල් කනවා අඩුයි නමුත් මේ ලඟදි අපි ගෙදර හැදුවා ඒවා උයලා කෑවා ඒවා මාර රසයි. කඩෙන් ගේන ඒවා රහ නැහැ

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කරපු තැන් වලින් ගන්න ඒවා ක්ෂේත්‍රයේ ඉඳන් පරීක්ෂාවට ලක්වෙනවා ගුඩ් මාකට් කියල තමා ඒ පොලවල් යන්නේ හැබැයි උදේ 9 වගේ වෙද්දී බඩු ඉවර වෙනවා

    පහළ කමෙන්ට් එකෙත් කියලා තියෙන්නේ ඒ වගේ දෙයක් ස්වභාවිකව දෙයක් හැදෙන්නේ එක හැදෙන්න ඕනේ හොදම විදියට අඹ ගෙඩි පොල් ගෙඩි වගේ කරපුවාම රස අඩු වෙන්නේ ලෙඩ වැඩිවෙන්නේ ඒ නිසා වෙන්න ඇති අන්නාසි වලටත් ඒක අදාලයි.

    Ow bn atta. Mam danna ekek annasi hadanawa. Beheth gahan nathi ewa echhcra loku wenne naha.. eeeth pattama rahay.

    ඕකට එකම විසඳුම උපත් පාලනය මගින් ජනගහනය සීමා කිරීම. ඔය හැම ප්‍රශ්නෙටම විසඳුම ඔච්චරයි.

    ඔව් ජනගහනය වැඩි වීම ලෝකෙට කොයි තරම් දරාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ