ඔය කියන කතාව වෙන්නෙ මෙහෙමයි.
මිනිස්සු category දෙකක් ඉන්නව. එක set එකක් ඉන්නව comfort zone set එක. උන් risks ගන්න කැමති නැහැ. උන්ට ඕන ආර්ථික සහ රැකියා සුරක්ෂිත තාවක් විතරයි. ආර්ථික නිදසක් ඒ කියන්නෙ financial freedom එකක් නෙමේ. ඒ නිසා උන් jobs හොයනව. මොකද උන් දන්නව මාසෙ අන්තිමට අනිව salary එක හම්බනව කියල සහ ඒකෙන් කනව බොනව වියදම් කරනව ඔය විදිහට circle එක හැම මාසෙම වෙනව. උන් බය නෑ උන් ඉන්නෙ comfort zone එකේ.
අනිත් සෙට් එක risks ගන්න කැමති. උන්ට කියනෙ risks takers ල කියල. Comfort zone එකෙන් එහාට ගිහින් බලන්න කැමති කෙල උනත් කමක් නෑ කියල risk එක අරන් යන්න try කරනව. හැබැයි අන්න උන්ට රැකිය සුරක්ෂිත තාවක් වත් ආර්ථික සුරක්ෂිත තවක්වත් නෑ. හැබැයි උන්ට දවසක අර කියපු ආර්ථික නිදහස financial freedom එක ගන්න පුළුවන්.
අර comfort zone එකේ ඉන්න උන්ට ඔය කියන financial freedom එක හම්බ වෙන්නෙ නෑ. මොකද හැම මාසෙම එකම salary එක හම්බ වෙන්නෙ. ඒත් පඩිය sure.
දැන් වැඩේ කියන්නෙ එහෙම comfort zone එකේ ඉන්න උන්ටත් ඕන හොදට කාල ඇදල car එකක් අරන් සැපේ ඉන්න කිසි අවුලක් නැතුව. ඒත් ලංකාව වගේ රටක job එකක් කරල salary අරන් එහෙම ඉන්න පුළුවන් system එකක් නෑ. උන්ට comfort zone එකෙත් ඉන්න ඕන සැපට ඉන්නත් ඕන.
අන්න ඒ නිසා ගොඩක් උන් try කරනව එහෙම ජොබක් කලත් අවුලක් නැතුව car එකක් අරන් හොද ගෙයක් හදන්න ඉන්න පුළුවන් වෙන system එකක් තියෙන රටකට යන්න. ලංකාවෙත් එහෙම තියනව නං ජොබක් කලත් ඕන වෙලාවක එක මාසෙ පඩියෙන් car එකක් ගන්න පුළුවන් නං මාසෙ ගානෙ පොඩි පොඩි ගනන් වලට iphone එකක් ගන්න පුළුවන් නං එහෙම ලංකාවෙ comfort zone එකේ ඉන්න උන් රට යයි කියල.
එහෙම වෙන් නෑ උන් ලංකාවෙම ඉන්නව. දැන් මෙතන කියන්න එපා අපිට රට ගිහින් සල්ලි හම්බ උනාට උබ දන් නෑ අපි කන කට්ට කියල. මම දන්නව පට්ට කටු කන සෙට් එකක් ඉන්නව. හැබැයි ඒත් උබල අල්ලන් ඉන්නෙ හැම මාසෙම උබ දන්නව උබේ එකම salary ප්‍රමාණය උබේ අතට එනව කියල ඒ නිසා බය නෑ. Risk එකක් නෑ. ඒකට තමා comfort zone එක කියන්නෙ. මගෙ යාළුවෙක් ඉන්නව ඩුබායි. පොර office එකක computer technician කෙනෙක්. හොද salary එකක් ගන්නව හැබැයි එපා වෙලා තියෙන්නෙ වැඩ ඌට. ඒත් මට කියනව ඔන්න ඔහෙ ඉන්නව බන්. පඩිය අතට හම්බ වෙනවනෙ. ඔන්න ඔහොම කියනව.
Risk එක ගන්න පුළුවන් උන්ට ලංකාවෙ තියා කොහෙ හිටියත් ගහන ගේමක් කෙල වෙන්න හරි ගහනව. මොකද ඌ comfort zone එකේ නෑ. එහෙම risk එක අරගෙ අ අරගෙන කෙල වෙලා චොර වෙලා අන්තිමට ඌට මොකක්හරි තැනක් සෙට් වෙනව ඉස්සරහට යන්න. එතන ඉදන් තමා උන්ගෙ financial freedom එක පටන් ගන්නෙ. ජොබෙන් හම්බ වෙන salary එකට financial freedom එක කියන්න බෑ. මොන රටක හිටියත් ඒ salary එකෙන් කරන්න පුළුවන් limit එකක් තියනව. එතනින් එහාට බෑ. Financial freedom කියන්නෙ එතනින් එහාට ගිහින් කරන්න තියෙන දේවල් කරන්න පුළුවන් වෙන එකට.
Elon musk spacex හදනකොට 2 වෙනි rocket එකත් blast උනාට පස්සෙ ඉතුරු වෙච්ච සල්ලි වලින් 3 වෙනි එකත් හදන්නෙ නැතුව ඒ ටික තියාගන්න හිතුව නං ඒ වෙලාවෙ ඌත් ඉන්නෙ comfort zone එකක. ඒත් ඌ risk එක අරන් 3 වෙනි එකත් හදපු නිසා තමා අද ඌට හැම රෙද්දම තියෙන්නෙ. ඔය concept එක කොටුවෙ ඉදන් ගේමක් ගහන්න හිතන් ඉන්න පොඩි risks taker කෙනටත් elon musk වගේ ලොකු risks taker කෙනෙක්ටත් පොදුයි.