මේක දැනුමට පමණයි එත් මේකේ ගහ මරා ගන්න එපා

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹ ගාව අබ ගෙඩි දහයක් තියේ.

    තව එකෙක් ගාව දොඩම් ගෙඩි විස්සක් තියේ.

    උඹ අබ ගෙඩියක් දුන්නම උඹට දොඩම් ගෙඩි දෙකක් ලැබේ.

    තුන් වෙනියෙක් ගාව , ඇපල් 5ක් තිබේ. ඇපල් ගෙඩියක් දුන්නම, උඹට අබ ගෙඩි 5ක් දෙන්න වේ.

    තව එකෙක් අබ ගහ හොල්ලල තව ගෙඩි 10ක් කඩා ගන්නවා. දැන් උඹ ගාව අබ 10, අනික ගාව 10, තව එකෙක් ගාව දොඩම් 20, අනික ගාව ඇපල් 5යි. දැන් අනිකටත් පුළුවන් ඇපල් ටික ගන්න. දොඩම් ටික ගන්න.

    අබ සුලබ වෙන්න වෙන්න, තව තව අයට ඇපල් දොඩම් ගන්න පුළුවන් කම වැඩි වෙනවා. එතකොට ඇපල් , දොඩම් දෙන්නට , ඉල්ලුම වැඩි. ඉල්ලුම වැඩි වෙන කොට ඇපල් , දොඩම් මිල ඉහල යනවා. (ඇපල් ගහයි, දොඩම් ගහයි හොල්ලන්නෙ නැහැ අබ ගහ වගේ. ඒක හින්ද තාම තියෙන්නේ, ඇපල් 5යි, දොඩම් 20යි.)

    පිට ඉන්න එවුන් උඹේ අබ ඉල්ලන්නේ නැත්තම්, උඹට ගෙවන්න වෙන්නේ දොඩම් වලින් හරි, ඇපල් වලින් හරි නම්, උඹ ගහ හොල්ලල හොල්ලල , අබ කැඩුවට වැඩක් නෑ . උඹට ගෙන්න ඕන වෙන්නේ ඇපල් නැත්තම්, දොඩම්. එතකොට උඹ ඉස්සෙල්ල ඇපල් ගෙඩියකට, අබ ගෙඩි පහක් දුන්න නම්, දැන් ඇපල් ගෙඩියකට අබ 6ක් දෙනවා.

    අබේ වටිනා කම අඩු වුන, ඇපල් වටිනාකම වැඩි උනා . -> උද්දමනය

    උඹ ගාව කලින් ගත්ත ඇපල් තිබ්බ නම්, ඇපල් දීල වැඩියෙන් දොඩම් ගන්නත් පුළුවන් අබ දීල ගන්නවට වැඩිය. -> ෆොරින් exchange එකට වන බල පෑම

    ඕකම තමයි currency වලත් වෙන්නේ.

    තේරුනාද මන්ද .
    thanks bro.තේරුනා
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සල්ලි ප්‍රින්ට් කරනව කියන්නෙයි, රත්තරං සහ ඩොලර් සංචිත වෙළඳපොලට මුදාහරිනව කියන්නෙ එකම දේටද ? - නැහැ. දෙකක්. එත් දෙකෙන්ම වෙන්නේ එක හා සමාන දෙයක් . currency එකේ value එක පහල බහිනවා.

    නිකන් දැනගන්න අහන්නේ.
    මේ ඔක්කොම කචල් ආනයන අපනයන හින්දා නේ. දැන් තියෙන ආර්ථික ක්‍රමවේදය හින්දා නේ. එහෙම කරන්නේ නැතුව ඉස්සර රජ කාලේ තිබ්බා වගේ ක්‍රමේකට යන්න බැරිද? ආනයන මුකුත් නැතුව (හෝ ඉතාම අඩුවෙන්) යස අගේට හිටියා නේ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නිකන් දැනගන්න අහන්නේ.
    මේ ඔක්කොම කචල් ආනයන අපනයන හින්දා නේ. දැන් තියෙන ආර්ථික ක්‍රමවේදය හින්දා නේ. එහෙම කරන්නේ නැතුව ඉස්සර රජ කාලේ තිබ්බා වගේ ක්‍රමේකට යන්න බැරිද? ආනයන මුකුත් නැතුව (හෝ ඉතාම අඩුවෙන්) යස අගේට හිටියා නේ.
    ලංකාව වගේ රටකට එක ප්‍රායෝගිකව කරන්න හරිම අමාරුයි. කොහොම වුණත් ඛනිජ තෙල් වගේ අත්‍යවශ්‍ය දේවල් අනිවාර්යෙන්ම පිටරටින් ගෙන්නන්න වෙනව.
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    සල්ලි අච්චු ගැහුවහම රටේ උද්ධමනය වැඩිවෙනවා එත් ඒක ෆොරින් exchange එකට කොහොමද බලපාන්නේ කියල දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?
    Printing money will make money circulation in the country more. People will have money in their hand without any products. This will result in more imports. When imports are more than export supply of Rupee will become more. We need to buy more dollars for imports.

    Now imports are controlled impact of money printing is minimal.