මේක පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,404
    1,215
    113
    මට මතක නෑ!
    1632411924252.png

    1632412000527.png



    මේකේ තියෙන්නේ කෙනෙක්ට තෑගී ඔප්පුවක් ලියපු එකක් ගැන. ඒත් මේ කොටස් ගැන මට කිසි අදහසක් නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේකේ තියෙන දේ පැහැදිලි කරනවද?

    ඒ වගේම මට දැනගන්න ඕන මේ ඉඩම තෑගි විදියට ලැබුන කෙනාට තනි කැමැත්තට ඒ ඉඩම විකුනන්න පුලුවන්ද නැත්නම් මේක දුන්න කෙනාගේ අවසරයක් ඕනද මොනවම හරි. මේකේ කිසිම ජිවිත භුක්තියක් ගැන සදහනක් නම් නැහැ.
     
    Last edited:

    tin tin

    Active member
  • Mar 26, 2007
    179
    122
    43
    Galle
    View attachment 145094
    View attachment 145095


    මේකේ තියෙන්නේ කෙනෙක්ට තෑගී ඔප්පුවක් ලියපු එකක් ගැන. ඒත් මේ කොටස් ගැන මට කිසි අදහසක් නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේකේ තියෙන දේ පැහැදිලි කරනවද?

    ඒ වගේම මට දැනගන්න ඕන මේ ඉඩම තෑගි විදියට ලැබුන කෙනාට තනි කැමැත්තට ඒ ඉඩම විකුනන්න පුලුවන්ද නැත්නම් මේක දුන්න කෙනාගේ අවසරයක් ඕනද මොනවම හරි. මේකේ කිසිම ජිවිත භුක්තියක් ගැන සදහනක් නම් නැහැ.
    ප්‍රශ්ණයක් නෑ. තෑග්ග ලැබුන කෙනාගේ තනි කැමැත්තට ඕනම දෙයක් කරන්න පුලුවන්. විකුණුම් ඔප්පුවක් වගේම බලාත්මකයි.

    හැබැයි අවුරුදු 10 ක් යනකං නඩුවක් දාල ඉඩම ආපහු ගන්න තෑගි දීමනාකරුට බලය තියෙනවා. ඒක වෙන්නේ තෑගි ලැබුම්කරු, තෑගි දීමනාකරුට සලකන්නේ නෑ කියලා උසාවියෙදි ඔප්පු කලොත් විතරයි. ඒ ඇරෙන්න ගැටලුවක් ඇත්තෙම නෑ.
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,404
    1,215
    113
    මට මතක නෑ!
    ප්‍රශ්ණයක් නෑ. තෑග්ග ලැබුන කෙනාගේ තනි කැමැත්තට ඕනම දෙයක් කරන්න පුලුවන්. විකුණුම් ඔප්පුවක් වගේම බලාත්මකයි.

    හැබැයි අවුරුදු 10 ක් යනකං නඩුවක් දාල ඉඩම ආපහු ගන්න තෑගි දීමනාකරුට බලය තියෙනවා. ඒක වෙන්නේ තෑගි ලැබුම්කරු, තෑගි දීමනාකරුට සලකන්නේ නෑ කියලා උසාවියෙදි ඔප්පු කලොත් විතරයි. ඒ ඇරෙන්න ගැටලුවක් ඇත්තෙම නෑ.
    Aye wikunanakota idama dunna kena sambanda wenna ona nathda?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    6,993
    1
    827
    113
    තෑගි ඔප්පුව ලියල තියෙන්නෙ තෑග්ග අවලංගු කරන්න බැරි විදියට. ඒ කියන්නෙ තෑග්ග දුන්න කෙනා ආපහු අයිතිවාසිකම් කියන්න එන්නෙ නෑ.
    ඊට යටින් තියෙන වාක්‍යයෙන් ඉඩම ඕන විදියට පාවිච්චි කරන්න තෑග්ග ලැබුන පුද්ගලයට බලය දීල පවරල තියෙනවා. ඒ කියන්නෙ විකුණන්න උනත් පුළුවන්.
    ඒත් ඔතන විතරක් බලල බෑ. ඔප්පුවෙ මුල තියෙනවා තෑගි දුන්න තෑගි දීමනාකරුට ඉඩමෙ අයිතිය ආපු විදිය. ඒකත් බලන්න ඕනෙ. තෑගි දීමනාකරුට නිරවුල්ව අයිතිය ලැබුන ඉඩමක් හරි ඒකෙන් බෙදල වෙන් කරපු කොටසක් හරි තෑගි දීල නම් ගැටලුවක් නෑ.
    එහෙම නැතිව තෑගි දුන්න ඉඩමකට තව උරුමක්කාරයො ඉන්න පුළුවන්. එහෙම වෙලාවක එයාලත් "අතහැරීමේ ඔප්පුවකින්" තෑගි දීපු කොටසට තියෙන අයිතිය අත අරිනව කියල කියන්න ඕනෙ.
    නොබෙදූ ඉඩමක කොටසක් උරුමකාරයො ඔක්කොගෙම කැමැත්ත නැතිව තෑගි දීල පස්සෙ ඒ තෑග්ග ගත්ත කෙනා තව කාට හරි විකිණුවොත් ඒ අන්තිමට විකුණන්න ලියන ඔප්පුවෙ බලය අඩුයි උරුමකාරයො ඔක්කොම කැමැත්ත දීල නැති හින්දා.
    ඔප්පුව නොතාරිස් කෙනෙක්ට හරි ලෝයර් කෙනෙක්ට හරි පෙන්නල බලන්න එහෙම ගැටලු තියෙනවද කියලා.