පුරාණයේ යුරෝපා රටවල ද පවුලක් යනු පරම්පරා තුනක එකතුවකි.
පසු ව මහලූ වැඩිහිටියන් බෝඩිං කිරීමට වැඩිහිටි නිවාස තනවන ලද්දේ වෙළෙඳ සමාගම් විසිනි.
වැඩිහිටි දෙ මහල්ලන් ගෙයින් පිට වූ නිසා මහ පවුල පරම්පරා දෙකකට සීමා විය.
අනතුරු ව දහඅට හැවිරිදි දරුවා වැඩිහිටියකු ලෙස සලකා ගෙදරින් පිට කිරීමේ සම්ප්රදායය ඇති කැරිණි.
ඒ වෙළෙඳ සමාගම් විසින් ම, දරුවා දෙමවුපියන්ට බරක් නම් බාල කාලයේ ම රැුඳවිය හැකි ළමා නිවාස තනන ලදි.
දැන් යුරෝපයේ පවුල ආදම්ට සහ ඊවාට පමණක් සීමා වී තිබේ.
ආදම් හා ඊවා වෙන් කිරීම වෙළෙඳ සමාගම්වල අලූත් ම උප්පරවැට්ටිය යි.
ස්ත්රීවාදියෝ වෙළෙඳ සමාගම්වල අවශ්‍යතා සපුරාලමින් ස්ත්‍රිය හා පුරුෂයා භේද කිරීමේ ප්රචාරක කටයුත්තට අත ගසා සිටිති.
පුරාණයේ ලොකු පවුල යම් තීරණයක් ගත්තේ පරම්පරා තුනක එකතුවෙනි. අත්දැකීම් බහුල වැඩිහිටි ගැහැනු පිරිමි හැම දෙයක ම හොඳ නරක විනිශ්චය කළ හ. පුද්ගලයා තනි වූ විට එ බඳු ප්‍රඥාවන්ත තීරණ ගත නොහැකි ය. ජනතාවට රූපවාහිනිය, ගුවන් විදුලිය හා වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කරන දේ පිළිපැදීමට සිදු වේ. ලොකු පවුල කැඩූ විට වෙළෙඳ සමාගම් නිපදවන දේ වැඩිවැඩියෙන් විකිණේ.
මහ පවුලක් නිදසුන් ලෙස ගැනීමෙන් මෙය වඩාත් හොඳින් පැහැදිලි කරගත හැකි ය. ඒ පවුලේ සාමාජික සංඛ්‍යාව දස දෙනකු ය යි සිතුවොත් ඔවුන් දස දෙනා ම විසුවේ එක ම නිවෙසක ය. පවුල බිඳී වෙන් වූ පසු ව ඔවුන් දස දෙනාට ගෙවල් දහයක් වුවමනා වේ. එක රෙදි සෝදන යන්ත්‍රයක් පාවිච්චි කළ දහ දෙනාට දැන් රෙදි සෝදන යන්ත්‍ර දහයක් අවශ්‍ය ය. එක රූපවාහිනිය භාවිත කළ කණ්ඩායම බෙදී රූපවාහිනී දහයක් ගනිති. පෙර එක දුරකථනයෙන් අවශ්‍යතා පිරිමසාගත් දස දෙනා දැන් දුරකථන දහයකටත් වඩා පාවිච්චි කරති. හැම දෙයක් ම මෙ සේ ය. භාණ්ඩ වැඩිවැඩියෙන් විකිණෙන නිසා කර්මාන්ත හිමියන් ගේ හොද්ද බොර වේ.
මුස්ලිම් රටවල් බටහිර රූපවාහිනී නාල සඳහා තහංචි පනවා ඇත්තේ මුස්ලිම්වරුන් ගේ පරම්පරා තුනේ පවුල රැුකගැනීමේ පරමාර්ථයෙන් ය යි ඇතැම් මහමදික ලෙබ්බේවරුන් ඉස්ලාම් නමින් හඳුන්වා ඇති අන්තර්ජාල අඩවිවල සඳහන් කර තිබේ. ලොකු පවුල කැඩුණු විට මුස්ලිම් සංස්කෘතිය පවා අභියෝගයට ලක් වන බව ඔවුහු පිළිගනිති. ‘‘උඹලට හැති වැටෙන කන් බෙර ගහපල්ලා. අපි නටන්නෙ නෑ. බලාගෙන ඉන්නවා.’’ ඔවුහු, තමන් විවේචනය කරන බටහිර මාධ්‍ය ආයතනවලට නො කියා කිියති.
-කොලට්-නාරද