මේධාලංකාර_හිමියන්ට_නිවන්_සුව_ලැබේවා

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මේධාලංකාර_හිමියන්ට_නිවන්_සුව_ලැබේවා

    රාමඤ්ඤ නිකායේ මහා නාහිමි වේවැල්දෙණියේ මේධාලංකාර හිමියන්ට නිවන් සුව ලැබේවා.....


    Wewaldeniye-Medalankara-himi.jpg



    වේවැල්දෙණියේ මේධාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියෝ අවුරුදු 104ක් ආයුවළදා අපවත් වූහ.
    උන්වහන්සේ අනූ වසරක් පැවිදි දිවිය ගත කරමින් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සදහා අනුපමය සේවාවක් ඉටු කළ යතිවරයාණ කෙනෙකි.
    විනයධර ධර්මධර සුපේශල ශික්ෂාකාමී සංඝ පීතෘවරයාණන් කෙනකු වූ උන්වහන්සේ 1909 දෙසැම්බර් මස හත් වැනිදා සිංගම්කුට්ටි ආරච්චිගේ ඉසන් අප්පුහාම් මහතා හා රාජපක්ෂ විතාරණලාගේ ලියගුහාමි මහත්මිය ට දාව වේවැල්දෙණිය මිල්ලවලදී සිංගම්කුට්ටි ආරච්චිගේ බෙන්ජමින් අප්පුහාම් නමින් මෙලොවට ජනිත වූහ.
    හෙතෙම 1922 මැයි 22 වැනිදා අනුරාධපුර අභයගිරි ආරාමයේදී කතළුවේ සීලවංශ හා කදිරාගම සුමනසාර හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි විය. 1930 ජූනි 16 වැනිදා උන්වහන්සේ මා ඔයේ ඉඹුල්ගහමංකඩ උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදාව ලැබූහ.
    නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටින අතරදී බුරුමයේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම අතහැර ගුරු හාමුදුරුවන්ගේ දුක් සැප බැලීමෙහි යෙදෙමින් ගුරුවරයාට සැලකීමේ මනා ගුණය පෙන්වූ යතිවරයකු ලෙසද මහනාහිමියෝ ප‍්‍රකටය. 1972 සිට උන්වහන්සේ මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති ධුරය හෙඹවූ අතර 1983 දී උපරිමානු විජ්ජක තනතුරට පත්වූ වේවැල්දෙණියේ හිමියෝ අනතුරුව සඤ්ඤා ලේඛකාධිකාරී හා අධිකරණ සංඝනායක තනතුරටත් පත්වී මාහැඟි සේවාවක් කළහ.
    1998 දී ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායකව වැඩ විසූ පොත්තෙවෙල පඤ්ඤාසාර නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව මේධාලංකාර හිමියෝ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ දොළොස්වන මහනාහිමියන් වශයෙන් පත් වූහ. නිකායේ සෑම තනතුරකටම උන්වහන්සේ පත්වූයේ තරගයකින් තොරව වීමද විශේෂත්වයකි.
    නිදහස් ලංකාවේ පළමු අගමැතිවරයා වූ ඞී. ඇස්. සේනානායක මහතා ඇසුරු කරන අතර අද ජාතික පාසලක් ලෙස පවතින මීරිගම ඞී. ඇස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයය බිහිකිරීමට මූලික වූ උන්වහන්සේ විදේශ රටවල් ගණනාවක ආගමික ප‍්‍රචාරයේ යෙදුණු මහ තෙර නමක් වූහ. මහා බෝධි ළමා නිවාසය හා තවලම්පිටිය සෙත් සෙවන වැඩිහිටි නිවාසය පිහිටුවීමට නාහිමියන්ගෙන් සිදුවූ සේවය අපරිමිතය.
    තමන්ගේ සියවන උපන් දිනය වෙනුවෙන් මීරිගම දිසා රෝහල මූලික රෝහලක් කරන ලෙසට උන්වහන්සේ කළ ඉල්ලීම සපල වීම නිසා මීරිගම ජනතාවට මහත් සෙතක් අත් වීය. උන්වහන්සේගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් මීරිගම රෝහලේ වැඩ ආරම්භ කළ දන්ත ශල්‍යාගාර ගොඩනැගිල්ලද 101 වැනි ජන්ම දිනයදා දැයට පිරිනැමුණේ මහනාහිමියන්ට දිගාසිරි පතමිනි.
    ආදාහන පූජොත්සවය පිළිබඳව පසුව දැනුම් දෙන බව මීරිගම ශාසනවර්ධන පරිවේනාධිපති මරඳන්කල්ලේ සුසීම හිමියෝ පැවසූහ.
    ආදාහන පූජෝත්සවය මිරිගම ඩී ඇස් සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදි පූර්න රාජ්‍ය ගෞරව සහිතව සඳුදා (3) පැවැත්වීමට නියමිතය


    20114355.png




    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    original post
    http://lankadeepa.lk/index.php/articles/61676
    294472_521881961161901_631268802_n.jpg
     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    රාමඤ්ඤ නිකායේ මහා නාහිමි වේවැල්දෙණියේ මේධාලංකාර හිමියන්ට නිවන් සුව ලැබේවා.....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උන්වහන්සේ වහේ වියත් ස්වාමීන්වහන්සේලා මේ රටට ඉතාම අවශ්‍යයි
    නිවන් සැප ලැබේවා