මේවට කොහෙන්ද බන් හිනාවෙන්නේ?

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේවට කොහෙන්ද බන් හිනාවෙන්නේ?

    12047130_416889951842662_3974169150879785914_n.jpg
     
    • Like
    Reactions: netlife008

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,781
    28,156
    113
    රක්ශිතයට කියන්නේ කැලයටනෙ..
    මහ ගොන් විදිහටනෙ නිව්ස් දාන්නේ
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    රක්ශිතයට කියන්නේ කැලයටනෙ..
    මහ ගොන් විදිහටනෙ නිව්ස් දාන්නේ

    ඔව් බන්. මේ තියෙන්නෙ නිවුස් එක

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වියහැකි පරිදි දැන්වීමක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මගින් මුදාහැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.

    අදාළ සැකකරු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    රහස් පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වියහැකි දැන්වීමක් සැකකරු විසින් ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් අදාළ සැකකරුගේ ජංගම දුරකථනය ලබාගෙන කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමුකර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

    සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත්කරන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අදාළ සැකකරු ලබන 05වනදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.

    පොලීසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් බන්ධානාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීමට ද අවසර ලබාදී තිබේ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    :yes::yes: මහින්දගෙ කාලේ ලසන්තව මරපු නිසා මයිත්‍රී ගෙ කාලේ නියෝජ්‍ය සභාපතිව හිරේ දාපු එක සාදාරණයි.
     

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    :yes::yes: මහින්දගෙ කාලේ ලසන්තව මරපු නිසා මයිත්‍රී ගෙ කාලේ නියෝජ්‍ය සභාපතිව හිරේ දාපු එක සාදාරණයි.

    අනිවා සාධාරණයි ...!
    වරදට දඬුවම විලංගුව මිසක් මරණය නෙමේ.

    :yes::yes::yes::yes:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මහින්දගෙ කාලේ ලසන්තව මරපු නිසා මයිත්‍රී ගෙ කාලේ නියෝජ්‍ය සභාපතිව හිරේ දාපු එක සාදාරණයි
     
    • Like
    Reactions: netlife008

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    මහින්දගෙ කාලේ ලසන්තව මරපු නිසා මයිත්‍රී ගෙ කාලේ නියෝජ්‍ය සභාපතිව හිරේ දාපු එක සාදාරණයි

    මයිත්‍රී මැදිහත් වෙලා ඔය ඩයල් එකට සාධාරණයක් කරනවා.
    මේක ආබෘගේ වෙන ගේමක්.

    :yes::yes::yes: