- Roshan Akmeemanaමෙම විරෝධතාවයට හේතු උනේ ඇමරිකාවේ පසුගිය දිනක සිදුවූ පොලීසිය විසින් කළු ජාතිකයෙකු සිය අත්ඩංගුවේදී මරාදැමීමට එරෙහිව ලෝකය පුරා ප්‍රගතිශීලී ජනකොටස් ගෙනයන අරගලයට සහය පළකිරීම සඳහාත් ඇමරිකානු නායකත්වයේ ජාතිවාදී ක්‍රියාකලාපයට විරෝධය පළකිරීමටත් ය. නමුත් අද දිනයේ කොරෝනා ව්‍යාප්තිය පාළනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් වලට අනුගත වෙමින් පැවත්වූ එම සාමකාමී විරෝධතාවය ආරම්භ වී සුළු මොහොතකින් පොලීසිය යොදවා ඔවුන් අත්ඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කරන ලදී.
පොලීසිය යොදවා එල්ල කල මෘග ප්‍රහාරය සාධාරණීකරනය කිරීමට කිසිදු හේතුවක් නොමැත.අධිරාජ්‍යවාදී ඇමරිකානු රාජ්‍යයට සහ ජාතිවාදයට එරෙහිව පවත්වන සාමකාමී විරෝධතාවයකට පවා ලංකාවේ ගෝඨාභය පාලනය මෙසේ බියවන්නේ කිනම් හේතුවකටදැයි පැහැදිලි කරගැනීම ජනතාව සතුය. මෙම පහරදීම මඟින් ගෝඨාභය පාලනය ජනතාවට ලබාහෙන ඇඟවුම වනුයේ ඉදිරියේදී රට තුළ ඇතිවන ඕනෑම ආණ්ඩුවේ අසමත් වීමකදී ජනතාව ඊට දක්වන සාමකාමී ආකාරයේ විරෝධයකට පවා දරුණු ලෙස පහර දීමට ගෝඨාභය පාලනය සූදානම් බවයි.සජිත් ප්‍රේමදාසගේ විරොධතා වැනි ගෝඨාභය පාලනයට බලපෑමක් කල නොහැකි විරෝධතාවලට මෙලෙස කිසිදු පොලිස් මැදිහත්වීමක් සිදු නොවූයේ එවැනි විරෝධතා මගින් මෙම පාලනය කෙරෙහි ජනතා විරෝධයක් ඇතිනොවන නිසාය. තොණ්ඩමාන්ගේ අවමංගල්‍ය කටයුතුවලට සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව ඉඩ ලබාදුන් මෙම ගෝඨාභය පාලනය ඉදිරියේදී කඳුකරයේ වතු කම්කරු ජනතාව සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතාවයට ප්‍රතිචාර දක්වන ආකරය දැන් අපට පුරෝකථන කල හැක.
Najith Indikaලෝකෙ තියනවා "සංකේතාත්මක විරෝධතා" කියල ජාතියක්. ඒවයින් කරන්නෙ ප්‍රශ්නෙ ඇතිඋනු රටේ ජනාධිපතිට චූ යවන එක නෙමේ. ප්‍රශ්නෙට පෙනී ඉන්න මිනිස්සුන්ට, ඒ වෙනුවෙන් හිටගන්න මිනිස්සු මෙහෙත් ඉන්නවා කියලා පෙන්නන එක. මේ සංකේතාත්මක විරෝධතා මෙහෙට වැඩිය බටහිර රටවල් වල බහුලයි. ඒ වගේම එහෙම ඒවා ගොඩාක් එකතු උනාම ජනමතයකුත් හදනවා. උදාහරණයක් විදියට සමාජමාධ්‍යජාලා නැති, මීට දශක කීපයකට පෙර යුගයේ වියට්නාම් යුද්ධය, දකුණු අප්‍රිකාවෙ කලු ජාතික මර්ධනය, පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වගේ ප්‍රශ්න ලෝකෙ අස්සක් මුල්ලක් නෑර් ජනතාව දැන ගත්තේත්, ඒ ජනතාව හරි පැත්තෙ හිට ගත්තේත් මෙහෙම ක්‍රියාකාරකම් දාස් ගාණක් නිසා.
හරි. ඒක පැත්තකින් තියමුකො. තොණ්ඩගෙ මිනිය රට වටේ කරවල කරනකන් බලන් ඉඳලා, සජිත්ගෙ උද්ඝෝෂණ, පොහොට්ටු චන්ද රැස්වීම් ඔක්කොම කටයි පුකයි වහන් බලන් ඉඳල, මෙහෙම සංකේතාත්මක විරෝධතාවයක්වත් ඉවසන්න බැරි ආණ්ඩුවක්, ජනාධිපතියෙක් අපිට ඉන්න එක ගැන මොකද හිතෙන්නෙ


