මේවා හෙණ ගහන අපරාධයන්ය
මඩ වගුරේ එරුණු අලියා මැරෙන්න හැරලා: ගොඩගන්න අවශ්‍ය ක්‍රේන් යන්ත්‍ර වනජීවී ඇමතිගේ බිල්ඩිමක වැඩ (ශෝචනීය සේයාරූ සහිතයි)
(ලංකා ඊ නිව්ස් -2014.සැප්.13, ප.ව.9.30) ශ්‍රී ලංකාවේ විනාශ වෙමින් යන සම්පතක් වූ මේ අලියා ජීවත් වූයේ උඩ වලව ජාතික වනෝද්‍යානයේ ය. නියඟයත් සමග වතුර හිඳුනු වැවක මැද එකතු වී තිබූ වතුර පොද බොන්නට ගිය මේ අලියා එහි මඩ අතරේ එරී ගියේය. වනෝද්‍යාන බලධාරීන් මේ පිලිබඳ දැනගත්තද අලියා ගොඩ ගන්නට ක්‍රමයක් නැති විය. මන්ද, අලියා ගොඩ ගැනීමට අවශ්‍ය වූ ක්‍රේන් යන්ත්‍ර වනජීවී අමත්‍යාංශය සතුව තිබුනද ඒ වන විට ඒවා වනජීවී ඇමැති විජයමුනි සොයිසාගේ ගොඩනැගිල්ලක් හදන ස්ථානයක වැඩට යොදවා තිබිණ. අලියා ගොඩ ගැනීමට ඒවා ගෙන්වා ගත්තේ නැති අතර අලියා අතහැර දැමුවේය. සිද්ධිය හෙලිවිය හැකි බැවින් ඒ පළාතට කිසිවෙකුට යෑමට නොහැකි වන ආකාරයට තහංචි දැමිණ. අලියා ආහාර සහ ඛෙහෙතක් නොමැතිව මඩ වගුරේම මිය ගියේය.
මේ ස්ථානයට රහසිගතව ගිය විදේශිකයෙක් මෙම පින්තූර ලබා ගත්තේ පසුගිය අගෝස්තු මාසයේ දෙවන සතියේය. ඔහු එම සේයාරූ ගෙනැවිත් ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාල වෙත ලබා දුන්නේ පසුගිය සතියේ ය.
ඉතාමත් ශෝචනීය සිදුවීමත් වූ මේ පිලිබඳ තතු ජනතාවගෙන් වසන් කළද උඩවලව සෆාරි රථ එළවන රියැදුරන් බොහෝ දෙනා මේ පිලිබඳ සත්‍ය දනිති.
මේවා හෙණ ගහන අපරාධයන්ය.
උඹලා කොච්චර බැන්නත් මේ නිවුස් එක එකේ පමණයි පලවුනේ

හෙන!!!!!!! 