මේ අහපල්ලකෝ..........

adishtana karala tiyenawda kiyala nam api danne na machan ea kisima dekata abiyoga kalet na

api kale සෑයක් hadana galakin hari udaw wechha eka witarai ...

atamastanayak hadana adhistana kalata mama hitanne na ita eha eka saayak wat hadana bari wenna kiyala adishtaana karana athi kiyala

රුවන්වැලි සෑයට වඩා ඉහලින් එකුදු වෙන සෑයක් මේ දිවයිනේ නොපවතීවා කියල කරපු අධිෂ්ඨාන කිරීමක් ගැන ප්‍රකට කතාවක් තියෙනවනේ රටේ. තව අප්‍රකට අධිෂ්ඨාන නැහැ කියල සහතික වෙන්න පුළුවන් කාටද ?
 
SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ඉදිරියේ රාළ;20131770 said:
    අටමස්ථානය කියන්නෙ ඒක නිර්මාණ සැලසුම් කරලා ඒ කාලේ රජවරුන්ට උපදෙස් දුන්න රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයක්. බුදු වරයෙකුට හැර අන් කෙනෙකුට ඒ අධිෂ්ඨානය වෙනස් කරන්න බෑ. සොබාදහම ඊට එරෙහි වෙනවා. ඒක ලෝකෙ ධර්මතාවය. ඒ ගැන නොහිතා ඕක හදන්න අනුග්‍රහය දක්වපු අයට බලය නැති වුණේ, ඒ වගේ සීන් එකක් නිසා. ඕක හදල ඉවර කරන්න නම් හම්බු වෙන්නෙ නෑ.

    Aththa Machan..Mamath E Kathawa Thamai Wiswasa Karanne..
     
    waligamaya

    Well-known member
  • ඉදිරියේ රාළ;20131949 said:
    රුවන්වැලි සෑයට වඩා ඉහලින් එකුදු වෙන සෑයක් මේ දිවයිනේ නොපවතීවා කියල කරපු අධිෂ්ඨාන කිරීමක් ගැන ප්‍රකට කතාවක් තියෙනවනේ රටේ. තව අප්‍රකට අධිෂ්ඨාන නැහැ කියල සහතික වෙන්න පුළුවන් කාටද ?

    ඉතින් යකෝ ජේතවනා රමය රුවන්වැලි සයට වඩා උසයිනේ:rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20131938 said:

    රහතන් වහන්සේලා කොහොමත් සාප කරන්නෙ නෑනෙ. ඒනිසා ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. නමුත් ඒ නික්ලේෂී උතුමෝ අධිෂ්ඨාන කළා නම් මේ සීමා බිම අටමස්ථානය ලෙසටම ගෞතම බුදු සසුන පවතින තුරු පැවතේවා කියල, ඒකට අභියෝග කරන්න ගිහි අපිට තියා සක්කරයට වත් පුළුවන්ද ?
    අටමස්තානය පවතීවා කියන අධිශ්ටානය එලෙසටම තියෙයි,ඔයා හිතාගෙන ඉන්නෙ ආටමස්තාන සීමා මායිම් උන් වහන්සේලා වෑඩ සිටිය කාලෙ ඔය දැන් තියෙන තැන් වල තිබ්බ කියලද????? අනේ නැ යාලුව ඔයිට ගොඩක් එහා පිහිටල තිබ්බෙ, ඒ සීමා වල අද වෙද්දි සෑයන් කියක් අලුතින් හදල තියෙනවද දැනගෙන අපි කතා කරමු යාලුව බමුනුමත සමාජගත කරන්ඩ එපා.පුලුවන් නම් එල ගඩොල් කටයක් හරි උඩට ඇදල දායක වෙන්න
     
    :yes::yes: ඔව බමුනු මත මචන් උන් වහන්සේලා එක සෑයක් නෙමේ සෑයක් දහසක් සෑදේවා වගේම ලක්ශ කොටි ගානක් නිවන් දකීවා කියල පාර්තනා කරන්ඩ ඇති. රහතන් වහන්සේලාගෙ ගුනය නොදන්න අය කියන බමුනු මත ඔලුවටවත් ගන්ඩ එපා ඔව මහ පව්.

    ඇතිය කියන කතාව ඔයාගෙ පෞද්ගලික මතයක්. මෙතන පෞද්ගලික මත දිනවන්න කෑගැහිල්ලක් නෙවෙයි නේ කෙරෙන්නේ. යථාර්තය ඉස්මතු කරන්න නේ උත්සාහ කරන්නේ.

    ඔය සඳහිරු සෑය හදන්න ලෑස්ති වෙනකොට ආපු කපුවොත් ආරූඨ වෙලා කියල තියෙනවලු මේක මෙතන හදන්න එපා වෙන කොහෙ හරි හදන්න කියල. ඉතිං එහෙම තොරතුරක් ඉස්මතු වෙන්නේ ඔය පූජාභූමි සීමාවේ සාමාන්‍ය හිතකට නොදැනෙන නොවැටහෙන යම් බලවේගයක් පවතින නිසා නේ.

    රහතන් වහන්සේලාට අති විශිෂ්ඨ අනන්ත ගුණ ඇති. ඒකනෙ සඟ ගුණ අනන්තයි කියන්නේ. නමුත් උන් වහන්සේලා කැමති ලෙසට අධිෂ්ඨාන බල පිහිටුවන්නත් පුළුවන් ඇති. අටමස්ථානය කියන්නෙ එහෙම තැනක්. ඒ අධිෂ්ඨාන බලය ඉක්මවන්න උන් වහන්සේලාට වඩා බලවතෙක්ට මිසක් ඊට පහල කිසිම කෙනෙක්ට බෑ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ සම්බන්ධව මම අහලා තියෙන දේ කියන්නම්..
    මේ හදන්න යන සඳහිරු සෑය රුවන්මැලිසෑයට වඩා විශාලයි ලු, ඒ නිසා වස් වදිනවා වගේ දෙයක් වෙනවලු, ඒක හදන අයට අපලයිලු, ඒක ඔප්පු උනා ගිය අවුරුද්දේ,
    අනිත් එක තමයි ශ්‍රී පාද පත්මයට උඩින් කුරුල්ලෙක්වත් යන්නේ නැහැලු, ඒකට උඩින් ගිහිල්ලා මල් වීසි කරපු අයටත් ඒ දේම සිද්ද උනා,
    මොනවා උනත් මේ දේවල් වලට ලොකු ඉතිහාසයක් සහ බලගතුකමක් තියෙනවා,
    මේවත් එක්ක සෙල්ලම් කරන හැමෝම ඒ දේවල් මතක තියාගන්න එක තමන්ගේ පරිස්සමට හොඳයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් යකෝ ජේතවනා රමය රුවන්වැලි සයට වඩා උසයිනේ:rolleyes::rolleyes:
    :yes::yes:ජේතවනාරාමය උසයි රුවන්වැලිසෑයට වඩා, අතිශොක්තියෙන් වර්නනා කරපුවත් ගොඩක් තියෙනව ඒව අපි සැලකීමට ගන්ඩ අවශ්ය නැ පිනක් කරගන්ඩ හම්බෙන අවස්තාවේදි පිනක් රැස් කරගන්ඩ ඔනෙ.
     
    ඉතින් යකෝ ජේතවනා රමය රුවන්වැලි සයට වඩා උසයිනේ:rolleyes::rolleyes:

    ඔබතුමා නිවැරදියි. ඒත් ජේතවනාරාමය තාම වැඩ ඉවර කරල නෑනෙ චෛත්‍යයක් වෙන්න. ඒ මොකද ඒ ? සෑයෙ වැඩ නිම වුණාම තමයි ඒක චෛත්‍යයක් වෙන්නේ. නමුත් ඒ තත්වයට ගන්න අදත් බැරි වෙලා තියෙනවා. ඇයි ඒ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20131969 said:
    ඇතිය කියන කතාව ඔයාගෙ පෞද්ගලික මතයක්. මෙතන පෞද්ගලික මත දිනවන්න කෑගැහිල්ලක් නෙවෙයි නේ කෙරෙන්නේ. යථාර්තය ඉස්මතු කරන්න නේ උත්සාහ කරන්නේ.

    ඔය සඳහිරු සෑය හදන්න ලෑස්ති වෙනකොට ආපු කපුවොත් ආරූඨ වෙලා කියල තියෙනවලු මේක මෙතන හදන්න එපා වෙන කොහෙ හරි හදන්න කියල. ඉතිං එහෙම තොරතුරක් ඉස්මතු වෙන්නේ ඔය පූජාභූමි සීමාවේ සාමාන්‍ය හිතකට නොදැනෙන නොවැටහෙන යම් බලවේගයක් පවතින නිසා නේ.

    රහතන් වහන්සේලාට අති විශිෂ්ඨ අනන්ත ගුණ ඇති. ඒකනෙ සඟ ගුණ අනන්තයි කියන්නේ. නමුත් උන් වහන්සේලා කැමති ලෙසට අධිෂ්ඨාන බල පිහිටුවන්නත් පුළුවන් ඇති. අටමස්ථානය කියන්නෙ එහෙම තැනක්. ඒ අධිෂ්ඨාන බලය ඉක්මවන්න උන් වහන්සේලාට වඩා බලවතෙක්ට මිසක් ඊට පහල කිසිම කෙනෙක්ට බෑ.
    ඔයත් ඔයාගෙ මතේනෙ කියන්නෙ යාලුව හදපු තැන වැරදියි ඒක නිසා ඔක හදන්ඩ බැ වස් වදිනව වගේ කතාවක්නෙ කියන්නෙ, ඔයා යාලුව මහා මගල සුත්‍රය ආයෙ කියවන්ඩ එතකොට ඔයාගෙ මානය බිදෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20131989 said:

    ඔබතුමා නිවැරදියි. ඒත් ජේතවනාරාමය තාම වැඩ ඉවර කරල නෑනෙ චෛත්‍යයක් වෙන්න. ඒ මොකද ඒ ? සෑයෙ වැඩ නිම වුණාම තමයි ඒක චෛත්‍යයක් වෙන්නේ. නමුත් ඒ තත්වයට ගන්න අදත් බැරි වෙලා තියෙනවා. ඇයි ඒ ?
    ජේතවනාරාමය හැදුවෙ කවද්ද යාලුව අදද???? නැනේද ඒකාලෙ ඒක උසින් තිබ්බෙ නැද්ද ??? ඔව ඔක්කොම අතිශෙක්ති වර්න්නනා.
     
    මේ සම්බන්ධව මම අහලා තියෙන දේ කියන්නම්..
    මේ හදන්න යන සඳහිරු සෑය රුවන්මැලිසෑයට වඩා විශාලයි ලු, ඒ නිසා වස් වදිනවා වගේ දෙයක් වෙනවලු, ඒක හදන අයට අපලයිලු, ඒක ඔප්පු උනා ගිය අවුරුද්දේ,
    අනිත් එක තමයි ශ්‍රී පාද පත්මයට උඩින් කුරුල්ලෙක්වත් යන්නේ නැහැලු, ඒකට උඩින් ගිහිල්ලා මල් වීසි කරපු අයටත් ඒ දේම සිද්ද උනා,
    මොනවා උනත් මේ දේවල් වලට ලොකු ඉතිහාසයක් සහ බලගතුකමක් තියෙනවා,
    මේවත් එක්ක සෙල්ලම් කරන හැමෝම ඒ දේවල් මතක තියාගන්න එක තමන්ගේ පරිස්සමට හොඳයි..

    හැබැයි ගෝඨාභය මැතිතුමා කිව්වා දොරමඩලාවෙදි (මැදගොඩ අභයතිස්ස හාමුදුරුවො හා එවකට ජනාධිපති ලේකම් සමඟින්), රුවන්වැලිසෑයට ඉහල වෙන්න සඳහිරුසෑය හදන්නෙ නෑ කියලා.

    නමුත් ඔබතුමා කියන කතාවත් නොනිල ලෙස වටින් පිටින් මට ඇහිලා තියෙනවා කිහිපවරක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ සම්බන්ධව මම අහලා තියෙන දේ කියන්නම්..
    මේ හදන්න යන සඳහිරු සෑය රුවන්මැලිසෑයට වඩා විශාලයි ලු, ඒ නිසා වස් වදිනවා වගේ දෙයක් වෙනවලු, ඒක හදන අයට අපලයිලු, ඒක ඔප්පු උනා ගිය අවුරුද්දේ,
    අනිත් එක තමයි ශ්‍රී පාද පත්මයට උඩින් කුරුල්ලෙක්වත් යන්නේ නැහැලු, ඒකට උඩින් ගිහිල්ලා මල් වීසි කරපු අයටත් ඒ දේම සිද්ද උනා,
    මොනවා උනත් මේ දේවල් වලට ලොකු ඉතිහාසයක් සහ බලගතුකමක් තියෙනවා,
    මේවත් එක්ක සෙල්ලම් කරන හැමෝම ඒ දේවල් මතක තියාගන්න එක තමන්ගේ පරිස්සමට හොඳයි..
    සදහිරු සෑය රුවන්වැලිසෑයට වඩා පොඩියි,ශ්‍රි මහා බොධියෙන්වත් රුවන්වැලිසෑයෙන්වත් බුදු ගුන සම්බන්ධ ඔනම දේකින්වත් කාටවත් වස් වදින් නැ ඔව ඔක්කොම බමුනුමත හරි බුදුදහමෙ ඔහොම කියන්නෙ නැ මහා මගල සුත්‍රය කියවන්න,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132005 said:
    හැබැයි ගෝඨාභය මැතිතුමා කිව්වා දොරමඩලාවෙදි (මැදගොඩ අභයතිස්ස හාමුදුරුවො හා එවකට ජනාධිපති ලේකම් සමඟින්), රුවන්වැලිසෑයට ඉහල වෙන්න සඳහිරුසෑය හදන්නෙ නෑ කියලා.

    නමුත් ඔබතුමා කියන කතාවත් නොනිල ලෙස වටින් පිටින් මට ඇහිලා තියෙනවා කිහිපවරක්

    සඳහිරුසෑයෙ උස රුවන්වැලිසෑයට අඩුයි කවුරුත් බුද්ධාගමේ මිනිස්සු ඊට උඩින් යන්ඩ වෙහෙර කරවන්නෙ නැ දැනට ඉන්න අය, කාට හරි කියන්ඩ පුලුවන් උසයි කියල ඒත් ඒක හදන ඉන්ජිනේරුවො දන්නවනෙ උස එතනින් එහාට කතාවක් නැ මම හිතන්නෙ,
     
    ඔයත් ඔයාගෙ මතේනෙ කියන්නෙ යාලුව හදපු තැන වැරදියි ඒක නිසා ඔක හදන්ඩ බැ වස් වදිනව වගේ කතාවක්නෙ කියන්නෙ, ඔයා යාලුව මහා මගල සුත්‍රය ආයෙ කියවන්ඩ එතකොට ඔයාගෙ මානය බිදෙයි.

    මහා මංගල සූත්‍රය

    එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ, අථඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කෙවල කප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
    තේරුම
    මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයේ වැඩ වසන සේක.
    එකල්හි වනාහි නාම ග්‍රෝත්‍රයෙන් අප්‍රසිද්ධ වූ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ප්‍රථම යාමය ඉක්ම වූ කල්හි යහපත් ශරීර වර්ණය ඇතිව සියලු ජේතවනය බබුලුවාගෙන යම් තැනෙක්හි බුදුරජාණන් වහන්සේ වසන සේක් ද එතැනට එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්‍ය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කරුණක් සැලකෙළේ ය.

    බහූ දේවා මනුස්සා ච
    මංගලානි අචින්තයුං
    ආකංඛමානා සොත්‍ථානං
    බ්‍රෑහි මංගල මුත්තමං

    තේරුම
    දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව ඵලවන මංගලයන් දේශනා කළ මැනවි.

    අසෙවනා ච බාලානං
    පණ්ඩිතානඤ්ච සෙවනා
    පූජා ච පූජනීයානං
    එතං මංගල මුත්තමං

    තේරුම
    අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන්පිදීම ද දෙලොව දියුණුව ගෙන දෙන කරුණු ය.
    පතිරූප දේස වාසො ච
    පුබ්බේ ච කත පුඤ්ඤතා
    අත්ත සම්මා පණීධි ච
    එතං මංගල මුත්තමං

    තේරුම
    සුදුසු පෙදෙසක විසීම ද, පෙර කළ පින් ඇති බව ද, සිත මනාව පිහිටුවීම ද, උතුම් මංගල කරුණු ය.

    බාහු සච්චං ච සිප්පං ච
    විනයො ච සුසික්ඛිතො
    සුභාසිතා ච යා වාචා
    එතං මංගල මුත්තමං

    තේරුම
    බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්ප දැනීම ද, මනා හික්මවීම ද, සුභාෂිත වචන බිණීම ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.

    මාතා පිතු උපට්ඨානං
    පුත්තදාරස්ස සංගහො
    අනාකුලා ච කම්මන්තා
    එතං මංගල මුත්තමං

    තේරුම
    මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මඟුල් ය.

    දානං ච ධම්මචරියා ච
    ඤාතකානඤ්ච සංගහො
    අනවජ්ජානි කම්මානි
    එතං මංගල මුත්තමං

    තේරුම
    දන්දීම ද, දස කුසල්හි හැසිරීම ද නෑයනට සංග්‍රහ කිරීම ද නිරවුල් කර්මාන්ත ද යන මේ කාරාණා උතුම් මඟුල් ය.

    ආරති විරති පාපා
    මජ්ජපානා ච සඤ්ඤමො
    අප්පමාදො ච ධම්මෙසු
    එතං මංගල මුත්තමං

    තේරුම
    පාපයෙහි නො ඇල්ම ද, අකුසලයෙන් වෙන්වීම ද, මත් පැනින් වැළකීම ද, හැම කුසල් දහම්හි පමා නොවීම ද උතුම් මඟුල් ය.

    ගාරවො ච නිවාතො ච
    සන්තුට්ඨි ච කතඤ්ඤුතා
    කාලේන ධම්ම සවනං
    එතං මංගල මුත්තමං

    තේරුම
    ගරුකළ යුත්තනට ගරු කිරීමද, යටහත් පහත් බව ද, ලද දෙයින් සතුටු වීම ද, කළගුණ සැළකීම ද සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් ය.

    ඛන්තී ච සොවචස්සතා
    සමණානං ච දස්සනං
    කාලෙන ධම්ම සාකච්ඡා
    එතං මංගල මුත්තමං

    තේරුම
    ඉවසීම ද, කීකරු බව ද, ශ්‍රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය.

    තපො ච බ්‍රහ්ම චරියඤ්ච
    අරියසච්චාන දස්සනං
    නිබ්බාණ සච්ඡි කිරියා ච
    එතං මංගල මුත්තමං

    තේරුම
    තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් ය.

    ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි
    චිත්තං යස්ස න කම්පති
    අසොකං විරජං ඛෙමං
    එතං මංගල මුත්තමං

    තේරුම
    අටලෝ දහමින් සිත කම්පා නොවේද, ශෝක රහිත ද, රාගාදී කෙලෙස් දූලි නැත් ද, බිය රහිත ද මේ උතුම් මඟුල් ය.

    ඵතාදිසානි කත්වාන
    සබ්බත්ථ මපරාජිතා
    සබ්බත්‍ථ සොත්ථිං ගච්ඡන්ති
    තං තෙසං මංගල මුත්තමන්ති.

    තේරුම
    මෙබඳු මංගලයන් කොට සියලු තන්හි නො පැරදුනාහු සියලු තැන සැපතට යෙති. ඔවුනට මෙම කරුණු අටතිස උතුම් මඟුල් වේ. දෙලොව වැඩ සදාලන කරුණු වේ.

    මහා මංගල සූත්‍රය අනූව බැලුවොත් රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයට එරෙහිව කරන ක්‍රියාව නිරවුල් කර්මාන්තයක් නොවේ, කියල තර්කයක් ගොඩ නගන්න පුළුවනි. එතකොට රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයට එරෙහි වීම මංගල කරුණක් නොවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නිකමට හිතෙනවා ඒ ගඩොල් වලින් දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න තිබුන නේද කියල. අනිත් එක ඒ සෑය හදන අරමුණ විදියට පැහැදිලි කරන්නෙ යුද්ධය හෝ රණවිරුවන් සිහිපත් කිරීම වගේ එකක්.:yes::yes:;)
    මාක්ස්වාදය සහ බුදු දහම පටලො ගන්ඩ එපා ගෙවල් හදල දෙක එක හොදයි හැබයි ඊට වසා අශ්න්කෙයිය පිනක් සිද්ද වෙනව මහ වෙහෙරක් කරපුවාම, ඔය අනිත් කතාවට දුටුගැමුනු රජතුමා රුවන්වැලිසෑය කරවුවෙ ඇයි කියන දේ දන්නවනම් නිකන්ම උත්තරේ ලැබිල.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සදහිරු සෑය රුවන්වැලිසෑයට වඩා පොඩියි,ශ්‍රි මහා බොධියෙන්වත් රුවන්වැලිසෑයෙන්වත් බුදු ගුන සම්බන්ධ ඔනම දේකින්වත් කාටවත් වස් වදින් නැ ඔව ඔක්කොම බමුනුමත හරි බුදුදහමෙ ඔහොම කියන්නෙ නැ මහා මගල සුත්‍රය කියවන්න,

    විශාලත්වය මනින්නේ වට ප්‍රමානයෙන්ද? උසින්ද? කියන එක මම හරියට දන්නේ නැහැ..
    ඉදිරියේ රාල කිව්වා වගේ රුවන්මැලි සෑයට වඩා විශාල චෛත්‍යයක වැඩ සම්පූර්ණයෙන්ම නිම කරන්න බැරි කතාව මම කීප තැනකදීම අහලා තියෙනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132037 said:
    මහා මංගල සූත්‍රය අනූව බැලුවොත් රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයට එරෙහිව කරන ක්‍රියාව නිරවුල් කර්මාන්තයක් නොවේ, කියල තර්කයක් ගොඩ නගන්න පුළුවනි. එතකොට රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයට එරෙහි වීම මංගල කරුණක් නොවේ.
    තර්ක ගොඩනගන්ඩ කාටද බැරි ඔය බුදු දහමිනි ප්‍රතික්ශේපිත දේවල් කොච්චර කරනවද ඒත් හරි දහම ඒක නෙමේනෙ , තරක කරා කියල බුද්ධ භාශිතය වෙනස් වෙනවද???? මහා මoගල සුත්‍රය ඇයි දේශනා කලේ? බුදු හාමුදුරුවො මoගල කරුනු මොනවද කියන්ඩ.ඔයාලගෙ ඔය තර්ක අනුව මහා මoගල සුත්‍රය පටන් ගන්ඩ ඔනෙ 'අසෙවනා ච බාලානං පණ්ඩිතානඤ්ච සෙවනා' කියල නෙමේ , චයිත්යෙන් වස් වදිනව බුදු පිලිමෙන් වස් වදිනව කියල. දිට්ට මගලික වස්තුන් බුදු දහමින් ප්‍රතික්ශේපිතයි,ඒක නිසා ඔයාගෙ තරකය වැරදියි.
     
    නෑනේ, මගේ තර්කය තවත් තහවුරු වෙනව නේ. මොකද නිවැරදිව අතීත මහ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානය නොදැන සෑයවල් ගොඩ නැගීම 'පණ්ඩිතානඤ්ච සෙවනා' නෙවෙයි නේ. එහෙම නම් තවත් ඔය ගැන කතා කරන්න ඕන වෙන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විශාලත්වය මනින්නේ වට ප්‍රමානයෙන්ද? උසින්ද? කියන එක මම හරියට දන්නේ නැහැ..
    ඉදිරියේ රාල කිව්වා වගේ රුවන්මැලි සෑයට වඩා විශාල චෛත්‍යයක වැඩ සම්පූර්ණයෙන්ම නිම කරන්න බැරි කතාව මම කීප තැනකදීම අහලා තියෙනවා..
    උසින් වැඩි වෙන්ඩ කවුද හදන්නෙ ඔක්කොම බුද්ධාගමේ මිනිස්සු රුවන්වැලිසෑට්යට උඩින් යන්ඩ හදන්නෙ නැ .ඔව බමුනු මත, නැකත් ග්‍රහචාර කපුවො ඔලුව උඩ තියන් ඉන්න මිනිස්සු ඔහොම හිතනව වස් වදිනව කියනව, ඔව එකක්වත් ඇත්ත නෙමේ බුදු දහමෙ වස් නැ. මහා කාරුනිකයානන් වහන්සේ වෙනුවෙන් හදන මහා සෑයකින් වස් වදිද නැ යාලුව කවදාවත් නැ ඔව ඔක්කොම මිත්යාදුශ්ටිකයන්ගෙ අදහස්, අනුරාධපුරේ ගියපු වෙලාවක මහා සද්ධාවකින් පුලුවන්නම් උඩට ගලක් හරි ඇදල සම්මාදම් වෙන්ඩ මහා පින් ඔව,