මේ ආණ්ඩුව චීනයට ගහලා ආර්ථිකය අඩාළ කරගත්තා

අපි ආණ්ඩු පක්ෂය නියෝජනය කළත් විපක්ෂය නියෝජනය කළත් මේ අපි ජීවත් වෙන රට. අපි 1948 නිදහස දිනාගත් දිනයේ සිට අවුරුදු 30ක් පුරා අපේ රටට වගතුවක් තිබුණේ නෑ. ඒ කියන්නේ නිදහසේ සිට පසුගිය 2009 වසර වන තුරු අපේ රටේ වාර්ෂික ආර්ථිකයේ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 25යි. හැබැයි කාලකණ්ණි යුද්ධය නිමා කොට 2014 වසර වන විට අපේ රටේ ආර්ථිකයේ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 100යි. ඒ කියන්නේ අපේ රටේ ආර්ථිකය හැදුණේ යුද්ධය නිමා වුවාට පසුවයි. ඒ කියන්නේ රටේ නිෂ්පාදනය , රැකියා නියුක්තිය , ආයෝජනය , ඉතුරුම් වැඩි වුණා. රටේ සමස්ත ජනතාවගේ දුප්පත්කම අඩු වුණා. ආර්ථික විද්‍යාවේ අ යන්න ආ යන්නවත් නොදන්න කෙනෙකුට තමයි කියන්න පුළුවන් 2014 වෙනකොට රටේ ආර්ථිකය කඩා වැටිලා රාජපක්ෂ ආණ්ඩුව රටේ ආර්ථිකය කාලා තිබුණා කියලා.
ඒ නිසා අපි ආර්ථික වශයෙන් හදපු රට අපි ආර්ථික වශයෙන් ගොඩනඟපු රට කඩාගෙන වැටෙනවාට අපි කිසිසේත්ම කැමැති නෑ. අපි හැම වෙලාවේම අද කථා කරන්නේ එ.ජා.පය අද යන වැරැදි ආර්ථික වැඩපිළිවෙළින් මේ රට මුදාගන්න. ඒ නිසා මේ රට ආර්ථික වශයෙන් වැටෙනවාට ඒකාබද්ධ විපක්ෂය කැමැති නෑ.
මන්ත්‍රීතුමනි ඇයි රුපියල දිගින් දිගටම බාල්දු වෙන්නේ ?
2012 දී ඩොලර් එකකට අපි ගෙව්වේ රුපියල් 127යි. 2013 දී අපි ඩොලරයකට ගෙව්වේ රුපියල් 129යි. 2014 දී ඩොලරයට අපි ගෙව්වේ 131යි. ඒ කියන්නේ සියයට 01 වැනි පාවෙන අගයක් පවත්වාගෙන ගියාම තමයි කියන්නේ ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වාගෙන ගියා කියලා. ඒක අපේ රජය ඔප්පු කරලා තිබුණ. නමුත් වත්මන් රජය බලයට පත් වු වහාම රජයේ නායකයන්ගේ නොදැනුවත්කම සහ උද්ධච්ච කම නිසා ඉතා විශාල හානියක් මේ රටේ ආර්ථිකයට සිදු වුණා. එකක් තමයි අය වැය ලේඛනයෙන් අතීතයට බලපාන බදු ගෙනාවා. උදාහරණ විදියට සුපිරි ලාභ බද්ධ. ඒ සමගම පෞද්ගලික අංශය බැලුවා මේ රටේ ආර්ථිකය කොහාටද මේ යන්න හදන්නේ කියලා. ඒ වගේම එ.ජා.පය විපක්ෂයේ සිටින කාලය පුරාම විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා , ඇමැති හර්ෂද සිල්වා , ඇමැති රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හැන්සාඩ් පුරවලා තිබෙනවා.
ඔවුන් ඉතා සුක්ෂ්ම ආකාරයට චීන විරෝධයක් ගොඩ නැඟුවා. ඒ වන විට චීනය මහින්ද රාජපක්ෂ රජයට අති විශාල චීන ආධාර ලබා දුන්නා. නොරොච්චෝල විදුලි බලාගාරය, අධිවේගී මාර්ග , හම්බන්තොට වරාය හම්බන්තොට ගුවන්තොටුපළ , හම්බන්තොට සම්මන්ත්රණ ශාලාව ,නෙළුම් කුලුන හදන්න මුල්‍ය ආධාර ලබා දුන්නේ චීනය. අපේ රටේ යුද්ධයට පසුව ලංකාවට නැගිට්ටවන්න විශාල වශයෙන් ණය අධාර ලබා දුන් රට තමයි චීනය. ඒ නිසාම චීනය එ.ජා.ප යේ වෛරක්කාරයන් බවට පත් වුණා. ඒ නිසා තමයි එ.ජා.ප රජය කොළඹ පොර්ට් සිටි ව්‍යාපෘතිය සහ නෙළුම් කුලුන ව්‍යාපෘතිය නැවැත්තුවේ. ඒ සමගම චීනය සමඟ ඩීල් දැම්මා , ඒ ව්‍යාපෘතිවලින් මුදල් හොරා කෑවා කිව්වා. එහෙම කියලා එ.ජා.පය චීන ආණ්ඩුවට කළ හැකි ලොකුම අපහාසය කළා. චීන ආයෝජකයන් ලංකාව හැර ගියා. චීනය ලෝක ආර්ථික බලවතෙක්. ඒ බලවතාට ගහනකොට අනෙත් රටවල් ඒ සිග්නල් එක තේරුම් ගත්තා.
ඔබ කියන්නේ චීනයට රජය ගහපු නිසා රුපියල වේගයෙන් බාල්දු වෙන්න පටන් ගත්තා කියලාද?
පැහැදිලිවම ඒක ප්‍රධාන හේතුවක්. ආර්ථිකයේ මහා බලවතා චීනයට ගහනකොට පොඩි පොඩි ආයෝජකයන් බය වුණා. ඔවුන් ලංකා ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් සහ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබු මුදල් ආපසු සිය රටවලට ගෙනියන්න පටන්ගත්තා. මේ ආණ්ඩුව පැමිණි පසුව ආයෝජකයන් ලංකාවෙන් ආපසු රැගෙන ගිය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වැඩියි. ලංකාවේ ආර්ථිකය අස්ථාවර වෙමින් කඩා වැටෙන්න පටන්ගත් පසුව රුපියල 131 සිට 135 විතර අවප්‍රමාණය වුණා.
එහෙම වෙනකොට මුදල් ඇමැති රවි කරුණානායක කිව්වා මං රුපියල 130ට ගේනවා කියලා. එහෙම කියලා දිනපතා ආණ්ඩුව සංචිතයෙන් ඩොලර් අරගෙන මූල්‍ය වෙළෙදපොළට දැම්මා. ඇමෙරිකානු ඩොලර් බිලියන 8. 2 සංචිතයෙන් ඩොලර් ගත්තා. ඒ අතරතුර රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ විශාල අර්බුදයක් ඇති වුණා. ඒ සමගම මුල්‍ය ක්‍රමය ගැන විශ්වාසය පලුදු වුණා. මහ බැංකුවේ මහ දවල් භාණ්ඩාගාර බිල්පත් මුල්‍ය මංකොල්ලය මුළු ලෝකයම දැන ගත්තා. එය කොතරම් අර්බුදයට ගියාද කිව්වොත් කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ සමගම රටේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය පිළිබද විශ්වාසය කඩාගෙන වැටුණා. දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වුණා. ඒකට හේතු වුණේ කුඩා ප්‍රමාණයේ මෝටර් රථ විශාල වශයෙන් ගෙන්වීමට ඉඩ ලබා දීමයි. ඉන්දියාවට එහි විශාල වාසියක් අත් වුණා. ඒ සමගම අපේ සංචිතයේ විශාල ප්‍රමාණයක් ඉන්දියාවට ගියා. ඒ සමගම අපේ රුපියල ආරක්ෂා කරන්න ඉන්දියාව ලංකාවට කෙටි කාලින ණයක් විදියට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ණයක් දුන්නා. ඒත් රුපියලේ කඩා වැටීම නවත්වන්න බැරි වුණා.
කෙසේ වෙතත් මුදල් ඇමැතිවරයා ඉතා වගකීමෙන් කියනවා අබිරහස් ආයෝජකයන් නිසා රටේ සංචිතය සුරක්ෂිතයි කියලා?
ඒක තමයි ලොකුම බොරුව. එතුමා කිව්වා අබිරහස් ආයෝජකයන් ලක්සම්බර්ග්වලින්, බෙල්ජියමෙන් එනවා කිව්වා. ඒ ආයෝජකයන් ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පාර්ක් කරනවා කිව්වා. තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් 5ක් පාර්ක් කරනවා කිව්වා. මේ කථා හොදයි ග්‍රාම්‍ය මට්ටමේ දේශපාලන සංවාදවලට. විෂයානුබද්ධ මුල්‍ය විශ්ලේෂකයන් ඉන්න ප්‍රාග්ධන සහ මුල්‍ය වෙළෙදපොළේ, අන්තර්ජාතික මුල්‍ය වෙළෙදපොළේ ඉන්න විශ්ලේෂකයන් හරියටම ලංකාවේ මුල්‍ය ක්‍රමය ගමන් කරන තැන ගැන අවබෝධ කරගත්තා. දිනපතා මුදලේ ඉල්ලුමට වඩා මුදල් සැපයුම වැඩි වෙමින් මුදලේ අගය දිගින් දිගටම පිරිහිලා අද වෙනකොට ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 147ක් ගෙවන්න සිදු වුණා. නමුත් අද උදේ කොළඹ බ්ලැක් මාර්කට් එකේ ඩොලරයට රුපියල් 154ක් ගෙවන්න සිදු වෙලා තිබෙනවා. මට පෙනෙන්නේ ලබන අවරුද්දට පෙර ඩොලරයට සාපේක්ෂව රුපියල 160 දක්වා යනවා. අද වෙන කොට පිච් රේටින්ස් ආයතනය ලංකාව සෘණාත්මක ආර්ථිකයක් ඇති අවදානමක් සහිත රටක් විදියට අන්තර්ජාතික වශයෙන් වර්ගිකරණය කළා. ඒ නිසා ඉදිරියේදී ලංකාවේ ආයෝජනවලට සහ විදේශ විනිමය රටට ගලා ඒමට හානිකර ලෙස බලපානවා.
ඔබලා ඒකාබද්ධ විපක්ෂය හැටියට ආණ්ඩුව පෙරළීමේ චේතනාවෙන් මේ චෝදනා කරනවා කියලා යමෙකුට කියන්න පුළුවන්?
මේ මහපොළොවේ සත්‍යය තමයි ලංකාවේ ආර්ථිකය දිය වීගෙන යනවා. දැන් රබර් කිරි කැපෙන්නේ නෑ පාඩුයි. තේ කුඩා තේ වතු හිමියන් හැර මහා පරිමාණ තේ වතු පාඩුයි, වී වගාව පාඩුයි, පොහොර සහනාධාරය කපලා, පාසැල් නිල ඇදුම කැපුවා. මේ වන කොට පෝර්ට් සිටි නැවැත්වීම නිසා ලක්ෂ 5 පමණ රැකියා නැති වෙලා තිබෙනවා. පසුගියදා කොළඹ පැවැති ආර්ථික සමුළුවට පැමිණි සිංගප්පුරු ජාතික ආර්ථික විශේෂඥයකු කිව්වේ මුලින්ම ලංකාවට නව මුදල් ඇමැතිවරයෙක් ඕනේ කියලා. අනෙක් ආර්ථික විශේෂඥයන් කිව්වේ ලංකාව පමණට වඩා රත්වු ආර්ථිකයක් තියෙන්නේ කියලා.
ඔබ මේ ගැන අගමැතිවරයාට හෝ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කළේ නැද්ද?
පාර්ලිමේන්තුවේ තිබෙන අගමැතිවරයාගේ ප්‍රශ්න ඇසීමේ පැයේ සහ තවත් අවස්ථාවල මා මෙය පාර්ලිමේන්තුවේ කථා කළා. ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු එ.ජා.ප කොලු ගැටව් ටිකක් අපි ප්‍රශ්න අහනකොට පිටුපස අසුන්වල ඉදගෙන කෑගහනවා. සංචිත ගැන ප්රශ්නය මතු කළාම සභානායක කිරිඇල්ල මැතිතුමා කිව්වේ මේවා අපේ සංචිත නෙමෙයි කියලා. පාර්ලිමේන්තුව පුදුම විදියට අසරණයි. සාර්ව ආර්ථිකය ගැන අබමල් රේණුවක තරම් දැනුම තිබෙන මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවාද කියලා හිතා ගන්න බැරි තරම්.
එ.ජා.ප තරුණ මන්ත්‍රීවරුන් නිර්දය ලෙස විවේචනය කිරීම වැරැදියි නේද?
කිසිම වැරැද්දක් නෑ. . අපි පාර්ලිමේන්තුවේ යම් රටක් ගැන වචනයක් හෝ කිව්වොත් ඒ දෙස තානාපති කාර්යාල බලා සිටිනවා. ඒ තානාපති කාර්යාල දිනපතා අදාළ රටට පරිවර්තනය කිරීම මගින් එදිනම රහස් වාර්තා යවනවා. ඒ තානාපති කාර්යාලයේ එක ජොබ් එකක්. අපේ ආර්ථිකය පිළිබදව සහ ඒ ගැන පාර්ලිමේන්තුවේ වෙන විවාද ගැනත් සෑම තානාපති කාර්යාලයක්ම තමන්ගේ රටවලට වාර්තා කරනවා. ඒ නිසා එක් වැරැදි ප්‍රකාශයක් නිසා මුළු රටේම ආර්ථිකය බිඳ වැටෙන්න පුළුවන්. උදාහරණයක් කියන්නම් 1990 ගණන්වල විජේතුංග හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා ලංකා බැංකුව සහ මහජන බැංකුව බංකොලොත් කියලා. අපි ඒ වෙලාවේම පාර්ලිමේන්තුවේ ප්රශ්නය අරගෙන කෑගහපු නිසා එවකට ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයා එය ප්‍රතික්ෂේප කරලා ඒ බැංකු දෙක බේරා ගත්තා. එසේ නොවෙන්න ඒ බැංකු දෙකේ මුදල් ගිණුම් හිමියන් ආපසු අරගෙන ඒ බැංකු දෙකම වැටෙනවා.
ඔබ මේ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු කළේ නැද්ද?
මා කියන්නේ ලංකාවේ ආර්ථිකය ගැන විශ්ලේෂණය කරන්න පුළුවන් ආර්ථික විද්‍යාඥයන් ගෙන්වා ආර්ථික විශ්ලේෂණ සමුළුවක් පවත්වන හැටියටයි. එතකොට ජනාධිපතිතුමාට රටේ ඇත්ත තත්ත්වය දැනගන්න පුළුවන්. මේ සමුළුවට අගමැතිතුමාත් කැඳවා ගත්තොත් ජනාධිපතිතුමාට පිළියමක් යොදන්න පුළුවන් වේවි.
මහින්ද රාජපක්ෂ රජය ණය පොත්වල නොපෙන්වා රුපියල් කෝටි ලක්ෂයක් ණයට ගෙන ඇති කථාව සත්‍යයක්ද?
මේක ඉතා බරපතළ ප්‍රකාශයක්. මේක ලංකාවේ පාර්ලිමේන්තුවට පමණක් නොව අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කළ යුතුයි. අපි කැබිනට් එකේ හිටපු ආණ්ඩුවේ මා අධ්‍යාපන ඇමැති ලෙසත් , එදා සෞඛ්‍ය ඇමැති ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, සරත් අමුණුගම, එස්. බී. දිසානායක අපි හැමෝම වගඋත්තරකරුවන්. එසේ නම් අපි සියලු දෙනා මුල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙනිහින් බන්ධනාගාර ගත කළ යුතුයි. මුදල් ඇමැති මෙවැනි ප්‍රකාශ කළාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය කොහොමත් දෙන එකක් නෑ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටක ගෙවුම් ශේෂයේ හිඟයකදී කොහොමත් මුල්‍ය ආධාර ලබා දෙනවා නේද?
ඔව්. නමුත් දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාව මුදල් අච්චු ගැසීම නවත්වන ලෙස කියනවා. වැට් එක සියයට 15 දක්වා වැඩි කරන්න කියනවා, ඒ වගේම සිල්ලර තොග වෙළෙදාමේ තිබු වැට් ඉවත් කිරීම නිසා රජයට රුපියල් බිලියන 9ක් නැති වු බවත් මුල්‍ය අරමුදල කියනවා. ඔවුන් කියනවා මේ ආණ්ඩුව යාළුවන්ට සලකන්න රුපියල් බිලියන 9ක් නැති කරගත්තට කරන්න දෙයක් නෑ. එය සිල්ලර තොග වෙළෙදාමට නැවැත බදු දාන්න කියලා. ඒ වගේම ජාතික ආරක්ෂක බද්ද වැඩි කරන්න , සහනාධාර කපන්න , විශ්‍රාම වැටුප් අහෝසි කරන්න, රාජ්‍ය සේවයට බඳවාගැනීම නවත්වන්න කියලා. ඒ අතරතුර මුදල් ඇමැති රවි කරුණානායක මුල්‍ය අරමුදල සමග හැප්පෙනවා. 2015 දෙසැම්බර් ජාත්‍යන්තර සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 7300 තිබ්බා. 2016 ජනවාරි 31 ඒක 6300 අඩු වුණා. එක මාසයකදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් අඩු වුණා. මේක බරපතළ තත්ත්වයක්.
රටේ පවතින මුල්‍ය අර්බුදය ගැන ඔබ කියන විදියට අගමැතිතුමාට අවබෝධයක් නැද්ද?
නෑ. මා එහෙම කියන්නේ නෑ. මහ බැංකුව කියන දේ ඒ විදියටම අගමැතිතුමා පිළිගන්නවා කියලා මා හිතන්නේ නෑ. පාස්කරලිංගම් , චරිත රත්වත්තේ අගමැතිතුමා ළඟ ඉන්නවා. ඒ නිසා මුල්‍ය ප්රශ්නය ගැන අගමැතිතුමා අවබෝධයෙන් මේ වෙලාවේ වැඩ කරනවා.
සංවාදය චන්දන බණ්ඩාර
http://www.silumina.lk/2016/03/06/_art.asp?fn=ab1603064
මේ ආණ්ඩුව චීනයට ගහලා ආර්ථිකය අඩාළ කරගත්තා
එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන
රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවාට ඒකාබද්ධ විපක්ෂය කැමැතිද? අපි ආණ්ඩු පක්ෂය නියෝජනය කළත් විපක්ෂය නියෝජනය කළත් මේ අපි ජීවත් වෙන රට. අපි 1948 නිදහස දිනාගත් දිනයේ සිට අවුරුදු 30ක් පුරා අපේ රටට වගතුවක් තිබුණේ නෑ. ඒ කියන්නේ නිදහසේ සිට පසුගිය 2009 වසර වන තුරු අපේ රටේ වාර්ෂික ආර්ථිකයේ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 25යි. හැබැයි කාලකණ්ණි යුද්ධය නිමා කොට 2014 වසර වන විට අපේ රටේ ආර්ථිකයේ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 100යි. ඒ කියන්නේ අපේ රටේ ආර්ථිකය හැදුණේ යුද්ධය නිමා වුවාට පසුවයි. ඒ කියන්නේ රටේ නිෂ්පාදනය , රැකියා නියුක්තිය , ආයෝජනය , ඉතුරුම් වැඩි වුණා. රටේ සමස්ත ජනතාවගේ දුප්පත්කම අඩු වුණා. ආර්ථික විද්‍යාවේ අ යන්න ආ යන්නවත් නොදන්න කෙනෙකුට තමයි කියන්න පුළුවන් 2014 වෙනකොට රටේ ආර්ථිකය කඩා වැටිලා රාජපක්ෂ ආණ්ඩුව රටේ ආර්ථිකය කාලා තිබුණා කියලා.
ඒ නිසා අපි ආර්ථික වශයෙන් හදපු රට අපි ආර්ථික වශයෙන් ගොඩනඟපු රට කඩාගෙන වැටෙනවාට අපි කිසිසේත්ම කැමැති නෑ. අපි හැම වෙලාවේම අද කථා කරන්නේ එ.ජා.පය අද යන වැරැදි ආර්ථික වැඩපිළිවෙළින් මේ රට මුදාගන්න. ඒ නිසා මේ රට ආර්ථික වශයෙන් වැටෙනවාට ඒකාබද්ධ විපක්ෂය කැමැති නෑ.
මන්ත්‍රීතුමනි ඇයි රුපියල දිගින් දිගටම බාල්දු වෙන්නේ ?
2012 දී ඩොලර් එකකට අපි ගෙව්වේ රුපියල් 127යි. 2013 දී අපි ඩොලරයකට ගෙව්වේ රුපියල් 129යි. 2014 දී ඩොලරයට අපි ගෙව්වේ 131යි. ඒ කියන්නේ සියයට 01 වැනි පාවෙන අගයක් පවත්වාගෙන ගියාම තමයි කියන්නේ ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වාගෙන ගියා කියලා. ඒක අපේ රජය ඔප්පු කරලා තිබුණ. නමුත් වත්මන් රජය බලයට පත් වු වහාම රජයේ නායකයන්ගේ නොදැනුවත්කම සහ උද්ධච්ච කම නිසා ඉතා විශාල හානියක් මේ රටේ ආර්ථිකයට සිදු වුණා. එකක් තමයි අය වැය ලේඛනයෙන් අතීතයට බලපාන බදු ගෙනාවා. උදාහරණ විදියට සුපිරි ලාභ බද්ධ. ඒ සමගම පෞද්ගලික අංශය බැලුවා මේ රටේ ආර්ථිකය කොහාටද මේ යන්න හදන්නේ කියලා. ඒ වගේම එ.ජා.පය විපක්ෂයේ සිටින කාලය පුරාම විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා , ඇමැති හර්ෂද සිල්වා , ඇමැති රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හැන්සාඩ් පුරවලා තිබෙනවා.
ඔවුන් ඉතා සුක්ෂ්ම ආකාරයට චීන විරෝධයක් ගොඩ නැඟුවා. ඒ වන විට චීනය මහින්ද රාජපක්ෂ රජයට අති විශාල චීන ආධාර ලබා දුන්නා. නොරොච්චෝල විදුලි බලාගාරය, අධිවේගී මාර්ග , හම්බන්තොට වරාය හම්බන්තොට ගුවන්තොටුපළ , හම්බන්තොට සම්මන්ත්රණ ශාලාව ,නෙළුම් කුලුන හදන්න මුල්‍ය ආධාර ලබා දුන්නේ චීනය. අපේ රටේ යුද්ධයට පසුව ලංකාවට නැගිට්ටවන්න විශාල වශයෙන් ණය අධාර ලබා දුන් රට තමයි චීනය. ඒ නිසාම චීනය එ.ජා.ප යේ වෛරක්කාරයන් බවට පත් වුණා. ඒ නිසා තමයි එ.ජා.ප රජය කොළඹ පොර්ට් සිටි ව්‍යාපෘතිය සහ නෙළුම් කුලුන ව්‍යාපෘතිය නැවැත්තුවේ. ඒ සමගම චීනය සමඟ ඩීල් දැම්මා , ඒ ව්‍යාපෘතිවලින් මුදල් හොරා කෑවා කිව්වා. එහෙම කියලා එ.ජා.පය චීන ආණ්ඩුවට කළ හැකි ලොකුම අපහාසය කළා. චීන ආයෝජකයන් ලංකාව හැර ගියා. චීනය ලෝක ආර්ථික බලවතෙක්. ඒ බලවතාට ගහනකොට අනෙත් රටවල් ඒ සිග්නල් එක තේරුම් ගත්තා.
ඔබ කියන්නේ චීනයට රජය ගහපු නිසා රුපියල වේගයෙන් බාල්දු වෙන්න පටන් ගත්තා කියලාද?
පැහැදිලිවම ඒක ප්‍රධාන හේතුවක්. ආර්ථිකයේ මහා බලවතා චීනයට ගහනකොට පොඩි පොඩි ආයෝජකයන් බය වුණා. ඔවුන් ලංකා ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් සහ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබු මුදල් ආපසු සිය රටවලට ගෙනියන්න පටන්ගත්තා. මේ ආණ්ඩුව පැමිණි පසුව ආයෝජකයන් ලංකාවෙන් ආපසු රැගෙන ගිය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වැඩියි. ලංකාවේ ආර්ථිකය අස්ථාවර වෙමින් කඩා වැටෙන්න පටන්ගත් පසුව රුපියල 131 සිට 135 විතර අවප්‍රමාණය වුණා.
එහෙම වෙනකොට මුදල් ඇමැති රවි කරුණානායක කිව්වා මං රුපියල 130ට ගේනවා කියලා. එහෙම කියලා දිනපතා ආණ්ඩුව සංචිතයෙන් ඩොලර් අරගෙන මූල්‍ය වෙළෙදපොළට දැම්මා. ඇමෙරිකානු ඩොලර් බිලියන 8. 2 සංචිතයෙන් ඩොලර් ගත්තා. ඒ අතරතුර රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ විශාල අර්බුදයක් ඇති වුණා. ඒ සමගම මුල්‍ය ක්‍රමය ගැන විශ්වාසය පලුදු වුණා. මහ බැංකුවේ මහ දවල් භාණ්ඩාගාර බිල්පත් මුල්‍ය මංකොල්ලය මුළු ලෝකයම දැන ගත්තා. එය කොතරම් අර්බුදයට ගියාද කිව්වොත් කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ සමගම රටේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය පිළිබද විශ්වාසය කඩාගෙන වැටුණා. දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වුණා. ඒකට හේතු වුණේ කුඩා ප්‍රමාණයේ මෝටර් රථ විශාල වශයෙන් ගෙන්වීමට ඉඩ ලබා දීමයි. ඉන්දියාවට එහි විශාල වාසියක් අත් වුණා. ඒ සමගම අපේ සංචිතයේ විශාල ප්‍රමාණයක් ඉන්දියාවට ගියා. ඒ සමගම අපේ රුපියල ආරක්ෂා කරන්න ඉන්දියාව ලංකාවට කෙටි කාලින ණයක් විදියට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ණයක් දුන්නා. ඒත් රුපියලේ කඩා වැටීම නවත්වන්න බැරි වුණා.
කෙසේ වෙතත් මුදල් ඇමැතිවරයා ඉතා වගකීමෙන් කියනවා අබිරහස් ආයෝජකයන් නිසා රටේ සංචිතය සුරක්ෂිතයි කියලා?
ඒක තමයි ලොකුම බොරුව. එතුමා කිව්වා අබිරහස් ආයෝජකයන් ලක්සම්බර්ග්වලින්, බෙල්ජියමෙන් එනවා කිව්වා. ඒ ආයෝජකයන් ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පාර්ක් කරනවා කිව්වා. තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් 5ක් පාර්ක් කරනවා කිව්වා. මේ කථා හොදයි ග්‍රාම්‍ය මට්ටමේ දේශපාලන සංවාදවලට. විෂයානුබද්ධ මුල්‍ය විශ්ලේෂකයන් ඉන්න ප්‍රාග්ධන සහ මුල්‍ය වෙළෙදපොළේ, අන්තර්ජාතික මුල්‍ය වෙළෙදපොළේ ඉන්න විශ්ලේෂකයන් හරියටම ලංකාවේ මුල්‍ය ක්‍රමය ගමන් කරන තැන ගැන අවබෝධ කරගත්තා. දිනපතා මුදලේ ඉල්ලුමට වඩා මුදල් සැපයුම වැඩි වෙමින් මුදලේ අගය දිගින් දිගටම පිරිහිලා අද වෙනකොට ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 147ක් ගෙවන්න සිදු වුණා. නමුත් අද උදේ කොළඹ බ්ලැක් මාර්කට් එකේ ඩොලරයට රුපියල් 154ක් ගෙවන්න සිදු වෙලා තිබෙනවා. මට පෙනෙන්නේ ලබන අවරුද්දට පෙර ඩොලරයට සාපේක්ෂව රුපියල 160 දක්වා යනවා. අද වෙන කොට පිච් රේටින්ස් ආයතනය ලංකාව සෘණාත්මක ආර්ථිකයක් ඇති අවදානමක් සහිත රටක් විදියට අන්තර්ජාතික වශයෙන් වර්ගිකරණය කළා. ඒ නිසා ඉදිරියේදී ලංකාවේ ආයෝජනවලට සහ විදේශ විනිමය රටට ගලා ඒමට හානිකර ලෙස බලපානවා.
ඔබලා ඒකාබද්ධ විපක්ෂය හැටියට ආණ්ඩුව පෙරළීමේ චේතනාවෙන් මේ චෝදනා කරනවා කියලා යමෙකුට කියන්න පුළුවන්?
මේ මහපොළොවේ සත්‍යය තමයි ලංකාවේ ආර්ථිකය දිය වීගෙන යනවා. දැන් රබර් කිරි කැපෙන්නේ නෑ පාඩුයි. තේ කුඩා තේ වතු හිමියන් හැර මහා පරිමාණ තේ වතු පාඩුයි, වී වගාව පාඩුයි, පොහොර සහනාධාරය කපලා, පාසැල් නිල ඇදුම කැපුවා. මේ වන කොට පෝර්ට් සිටි නැවැත්වීම නිසා ලක්ෂ 5 පමණ රැකියා නැති වෙලා තිබෙනවා. පසුගියදා කොළඹ පැවැති ආර්ථික සමුළුවට පැමිණි සිංගප්පුරු ජාතික ආර්ථික විශේෂඥයකු කිව්වේ මුලින්ම ලංකාවට නව මුදල් ඇමැතිවරයෙක් ඕනේ කියලා. අනෙක් ආර්ථික විශේෂඥයන් කිව්වේ ලංකාව පමණට වඩා රත්වු ආර්ථිකයක් තියෙන්නේ කියලා.
ඔබ මේ ගැන අගමැතිවරයාට හෝ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කළේ නැද්ද?
පාර්ලිමේන්තුවේ තිබෙන අගමැතිවරයාගේ ප්‍රශ්න ඇසීමේ පැයේ සහ තවත් අවස්ථාවල මා මෙය පාර්ලිමේන්තුවේ කථා කළා. ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු එ.ජා.ප කොලු ගැටව් ටිකක් අපි ප්‍රශ්න අහනකොට පිටුපස අසුන්වල ඉදගෙන කෑගහනවා. සංචිත ගැන ප්රශ්නය මතු කළාම සභානායක කිරිඇල්ල මැතිතුමා කිව්වේ මේවා අපේ සංචිත නෙමෙයි කියලා. පාර්ලිමේන්තුව පුදුම විදියට අසරණයි. සාර්ව ආර්ථිකය ගැන අබමල් රේණුවක තරම් දැනුම තිබෙන මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවාද කියලා හිතා ගන්න බැරි තරම්.
එ.ජා.ප තරුණ මන්ත්‍රීවරුන් නිර්දය ලෙස විවේචනය කිරීම වැරැදියි නේද?
කිසිම වැරැද්දක් නෑ. . අපි පාර්ලිමේන්තුවේ යම් රටක් ගැන වචනයක් හෝ කිව්වොත් ඒ දෙස තානාපති කාර්යාල බලා සිටිනවා. ඒ තානාපති කාර්යාල දිනපතා අදාළ රටට පරිවර්තනය කිරීම මගින් එදිනම රහස් වාර්තා යවනවා. ඒ තානාපති කාර්යාලයේ එක ජොබ් එකක්. අපේ ආර්ථිකය පිළිබදව සහ ඒ ගැන පාර්ලිමේන්තුවේ වෙන විවාද ගැනත් සෑම තානාපති කාර්යාලයක්ම තමන්ගේ රටවලට වාර්තා කරනවා. ඒ නිසා එක් වැරැදි ප්‍රකාශයක් නිසා මුළු රටේම ආර්ථිකය බිඳ වැටෙන්න පුළුවන්. උදාහරණයක් කියන්නම් 1990 ගණන්වල විජේතුංග හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා ලංකා බැංකුව සහ මහජන බැංකුව බංකොලොත් කියලා. අපි ඒ වෙලාවේම පාර්ලිමේන්තුවේ ප්රශ්නය අරගෙන කෑගහපු නිසා එවකට ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයා එය ප්‍රතික්ෂේප කරලා ඒ බැංකු දෙක බේරා ගත්තා. එසේ නොවෙන්න ඒ බැංකු දෙකේ මුදල් ගිණුම් හිමියන් ආපසු අරගෙන ඒ බැංකු දෙකම වැටෙනවා.
ඔබ මේ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු කළේ නැද්ද?
මා කියන්නේ ලංකාවේ ආර්ථිකය ගැන විශ්ලේෂණය කරන්න පුළුවන් ආර්ථික විද්‍යාඥයන් ගෙන්වා ආර්ථික විශ්ලේෂණ සමුළුවක් පවත්වන හැටියටයි. එතකොට ජනාධිපතිතුමාට රටේ ඇත්ත තත්ත්වය දැනගන්න පුළුවන්. මේ සමුළුවට අගමැතිතුමාත් කැඳවා ගත්තොත් ජනාධිපතිතුමාට පිළියමක් යොදන්න පුළුවන් වේවි.
මහින්ද රාජපක්ෂ රජය ණය පොත්වල නොපෙන්වා රුපියල් කෝටි ලක්ෂයක් ණයට ගෙන ඇති කථාව සත්‍යයක්ද?
මේක ඉතා බරපතළ ප්‍රකාශයක්. මේක ලංකාවේ පාර්ලිමේන්තුවට පමණක් නොව අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කළ යුතුයි. අපි කැබිනට් එකේ හිටපු ආණ්ඩුවේ මා අධ්‍යාපන ඇමැති ලෙසත් , එදා සෞඛ්‍ය ඇමැති ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, සරත් අමුණුගම, එස්. බී. දිසානායක අපි හැමෝම වගඋත්තරකරුවන්. එසේ නම් අපි සියලු දෙනා මුල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙනිහින් බන්ධනාගාර ගත කළ යුතුයි. මුදල් ඇමැති මෙවැනි ප්‍රකාශ කළාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය කොහොමත් දෙන එකක් නෑ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටක ගෙවුම් ශේෂයේ හිඟයකදී කොහොමත් මුල්‍ය ආධාර ලබා දෙනවා නේද?
ඔව්. නමුත් දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාව මුදල් අච්චු ගැසීම නවත්වන ලෙස කියනවා. වැට් එක සියයට 15 දක්වා වැඩි කරන්න කියනවා, ඒ වගේම සිල්ලර තොග වෙළෙදාමේ තිබු වැට් ඉවත් කිරීම නිසා රජයට රුපියල් බිලියන 9ක් නැති වු බවත් මුල්‍ය අරමුදල කියනවා. ඔවුන් කියනවා මේ ආණ්ඩුව යාළුවන්ට සලකන්න රුපියල් බිලියන 9ක් නැති කරගත්තට කරන්න දෙයක් නෑ. එය සිල්ලර තොග වෙළෙදාමට නැවැත බදු දාන්න කියලා. ඒ වගේම ජාතික ආරක්ෂක බද්ද වැඩි කරන්න , සහනාධාර කපන්න , විශ්‍රාම වැටුප් අහෝසි කරන්න, රාජ්‍ය සේවයට බඳවාගැනීම නවත්වන්න කියලා. ඒ අතරතුර මුදල් ඇමැති රවි කරුණානායක මුල්‍ය අරමුදල සමග හැප්පෙනවා. 2015 දෙසැම්බර් ජාත්‍යන්තර සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 7300 තිබ්බා. 2016 ජනවාරි 31 ඒක 6300 අඩු වුණා. එක මාසයකදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් අඩු වුණා. මේක බරපතළ තත්ත්වයක්.
රටේ පවතින මුල්‍ය අර්බුදය ගැන ඔබ කියන විදියට අගමැතිතුමාට අවබෝධයක් නැද්ද?
නෑ. මා එහෙම කියන්නේ නෑ. මහ බැංකුව කියන දේ ඒ විදියටම අගමැතිතුමා පිළිගන්නවා කියලා මා හිතන්නේ නෑ. පාස්කරලිංගම් , චරිත රත්වත්තේ අගමැතිතුමා ළඟ ඉන්නවා. ඒ නිසා මුල්‍ය ප්රශ්නය ගැන අගමැතිතුමා අවබෝධයෙන් මේ වෙලාවේ වැඩ කරනවා.
සංවාදය චන්දන බණ්ඩාර
http://www.silumina.lk/2016/03/06/_art.asp?fn=ab1603064

අපරාදෙ හොඳට තිබ්බ රට