මේ ආණ්ඩුව චීනයට ගහලා ආර්ථිකය අඩාළ කරගත්ත&#3535

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ආණ්ඩුව චීනයට ගහලා ආර්ථිකය අඩාළ කරගත්ත&#3535




    මේ ආණ්ඩුව චීනයට ගහලා ආර්ථිකය අඩාළ කරගත්තා

    sil-03-06-bandula1.jpg
    එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන
    රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවාට ඒකාබද්ධ විපක්ෂය කැමැතිද?
    අපි ආණ්ඩු පක්ෂය නියෝජනය කළත් විපක්ෂය නියෝජනය කළත් මේ අපි ජීවත් වෙන රට. අපි 1948 නිදහස දිනාගත් දිනයේ සිට අවුරුදු 30ක් පුරා අපේ රටට වගතුවක් තිබුණේ නෑ. ඒ කියන්නේ නිදහසේ සිට පසුගිය 2009 වසර වන තුරු අපේ රටේ වාර්ෂික ආර්ථිකයේ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 25යි. හැබැයි කාලකණ්ණි යුද්ධය නිමා කොට 2014 වසර වන විට අපේ රටේ ආර්ථිකයේ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 100යි. ඒ කියන්නේ අපේ රටේ ආර්ථිකය හැදුණේ යුද්ධය නිමා වුවාට පසුවයි. ඒ කියන්නේ රටේ නිෂ්පාදනය , රැකියා නියුක්තිය , ආයෝජනය , ඉතුරුම් වැඩි වුණා. රටේ සමස්ත ජනතාවගේ දුප්පත්කම අඩු වුණා. ආර්ථික විද්‍යාවේ අ යන්න ආ යන්නවත් නොදන්න කෙනෙකුට තමයි කියන්න පුළුවන් 2014 වෙනකොට රටේ ආර්ථිකය කඩා වැටිලා රාජපක්ෂ ආණ්ඩුව රටේ ආර්ථිකය කාලා තිබුණා කියලා.
    ඒ නිසා අපි ආර්ථික වශයෙන් හදපු රට අපි ආර්ථික වශයෙන් ගොඩනඟපු රට කඩාගෙන වැටෙනවාට අපි කිසිසේත්ම කැමැති නෑ. අපි හැම වෙලාවේම අද කථා කරන්නේ එ.ජා.පය අද යන වැරැදි ආර්ථික වැඩපිළිවෙළින් මේ රට මුදාගන්න. ඒ නිසා මේ රට ආර්ථික වශයෙන් වැටෙනවාට ඒකාබද්ධ විපක්ෂය කැමැති නෑ.
    මන්ත්‍රීතුමනි ඇයි රුපියල දිගින් දිගටම බාල්දු වෙන්නේ ?
    2012 දී ඩොලර් එකකට අපි ගෙව්වේ රුපියල් 127යි. 2013 දී අපි ඩොලරයකට ගෙව්වේ රුපියල් 129යි. 2014 දී ඩොලරයට අපි ගෙව්වේ 131යි. ඒ කියන්නේ සියයට 01 වැනි පාවෙන අගයක් පවත්වාගෙන ගියාම තමයි කියන්නේ ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වාගෙන ගියා කියලා. ඒක අපේ රජය ඔප්පු කරලා තිබුණ. නමුත් වත්මන් රජය බලයට පත් වු වහාම රජයේ නායකයන්ගේ නොදැනුවත්කම සහ උද්ධච්ච කම නිසා ඉතා විශාල හානියක් මේ රටේ ආර්ථිකයට සිදු වුණා. එකක් තමයි අය වැය ලේඛනයෙන් අතීතයට බලපාන බදු ගෙනාවා. උදාහරණ විදියට සුපිරි ලාභ බද්ධ. ඒ සමගම පෞද්ගලික අංශය බැලුවා මේ රටේ ආර්ථිකය කොහාටද මේ යන්න හදන්නේ කියලා. ඒ වගේම එ.ජා.පය විපක්ෂයේ සිටින කාලය පුරාම විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා , ඇමැති හර්ෂද සිල්වා , ඇමැති රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හැන්සාඩ් පුරවලා තිබෙනවා.
    ඔවුන් ඉතා සුක්ෂ්ම ආකාරයට චීන විරෝධයක් ගොඩ නැඟුවා. ඒ වන විට චීනය මහින්ද රාජපක්ෂ රජයට අති විශාල චීන ආධාර ලබා දුන්නා. නොරොච්චෝල විදුලි බලාගාරය, අධිවේගී මාර්ග , හම්බන්තොට වරාය හම්බන්තොට ගුවන්තොටුපළ , හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව ,නෙළුම් කුලුන හදන්න මුල්‍ය ආධාර ලබා දුන්නේ චීනය. අපේ රටේ යුද්ධයට පසුව ලංකාවට නැගිට්ටවන්න විශාල වශයෙන් ණය අධාර ලබා දුන් රට තමයි චීනය. ඒ නිසාම චීනය එ.ජා.ප යේ වෛරක්කාරයන් බවට පත් වුණා. ඒ නිසා තමයි එ.ජා.ප රජය කොළඹ පොර්ට් සිටි ව්‍යාපෘතිය සහ නෙළුම් කුලුන ව්‍යාපෘතිය නැවැත්තුවේ. ඒ සමගම චීනය සමඟ ඩීල් දැම්මා , ඒ ව්‍යාපෘතිවලින් මුදල් හොරා කෑවා කිව්වා. එහෙම කියලා එ.ජා.පය චීන ආණ්ඩුවට කළ හැකි ලොකුම අපහාසය කළා. චීන ආයෝජකයන් ලංකාව හැර ගියා. චීනය ලෝක ආර්ථික බලවතෙක්. ඒ බලවතාට ගහනකොට අනෙත් රටවල් ඒ සිග්නල් එක තේරුම් ගත්තා.
    ඔබ කියන්නේ චීනයට රජය ගහපු නිසා රුපියල වේගයෙන් බාල්දු වෙන්න පටන් ගත්තා කියලාද?
    පැහැදිලිවම ඒක ප්‍රධාන හේතුවක්. ආර්ථිකයේ මහා බලවතා චීනයට ගහනකොට පොඩි පොඩි ආයෝජකයන් බය වුණා. ඔවුන් ලංකා ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් සහ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබු මුදල් ආපසු සිය රටවලට ගෙනියන්න පටන්ගත්තා. මේ ආණ්ඩුව පැමිණි පසුව ආයෝජකයන් ලංකාවෙන් ආපසු රැගෙන ගිය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වැඩියි. ලංකාවේ ආර්ථිකය අස්ථාවර වෙමින් කඩා වැටෙන්න පටන්ගත් පසුව රුපියල 131 සිට 135 විතර අවප්‍රමාණය වුණා.
    එහෙම වෙනකොට මුදල් ඇමැති රවි කරුණානායක කිව්වා මං රුපියල 130ට ගේනවා කියලා. එහෙම කියලා දිනපතා ආණ්ඩුව සංචිතයෙන් ඩොලර් අරගෙන මූල්‍ය වෙළෙදපොළට දැම්මා. ඇමෙරිකානු ඩොලර් බිලියන 8. 2 සංචිතයෙන් ඩොලර් ගත්තා. ඒ අතරතුර රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ විශාල අර්බුදයක් ඇති වුණා. ඒ සමගම මුල්‍ය ක්‍රමය ගැන විශ්වාසය පලුදු වුණා. මහ බැංකුවේ මහ දවල් භාණ්ඩාගාර බිල්පත් මුල්‍ය මංකොල්ලය මුළු ලෝකයම දැන ගත්තා. එය කොතරම් අර්බුදයට ගියාද කිව්වොත් කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ සමගම රටේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය පිළිබද විශ්වාසය කඩාගෙන වැටුණා. දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වුණා. ඒකට හේතු වුණේ කුඩා ප්‍රමාණයේ මෝටර් රථ විශාල වශයෙන් ගෙන්වීමට ඉඩ ලබා දීමයි. ඉන්දියාවට එහි විශාල වාසියක් අත් වුණා. ඒ සමගම අපේ සංචිතයේ විශාල ප්‍රමාණයක් ඉන්දියාවට ගියා. ඒ සමගම අපේ රුපියල ආරක්ෂා කරන්න ඉන්දියාව ලංකාවට කෙටි කාලින ණයක් විදියට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ණයක් දුන්නා. ඒත් රුපියලේ කඩා වැටීම නවත්වන්න බැරි වුණා.
    කෙසේ වෙතත් මුදල් ඇමැතිවරයා ඉතා වගකීමෙන් කියනවා අබිරහස් ආයෝජකයන් නිසා රටේ සංචිතය සුරක්ෂිතයි කියලා?
    ඒක තමයි ලොකුම බොරුව. එතුමා කිව්වා අබිරහස් ආයෝජකයන් ලක්සම්බර්ග්වලින්, බෙල්ජියමෙන් එනවා කිව්වා. ඒ ආයෝජකයන් ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පාර්ක් කරනවා කිව්වා. තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් 5ක් පාර්ක් කරනවා කිව්වා. මේ කථා හොදයි ග්‍රාම්‍ය මට්ටමේ දේශපාලන සංවාදවලට. විෂයානුබද්ධ මුල්‍ය විශ්ලේෂකයන් ඉන්න ප්‍රාග්ධන සහ මුල්‍ය වෙළෙදපොළේ, අන්තර්ජාතික මුල්‍ය වෙළෙදපොළේ ඉන්න විශ්ලේෂකයන් හරියටම ලංකාවේ මුල්‍ය ක්‍රමය ගමන් කරන තැන ගැන අවබෝධ කරගත්තා. දිනපතා මුදලේ ඉල්ලුමට වඩා මුදල් සැපයුම වැඩි වෙමින් මුදලේ අගය දිගින් දිගටම පිරිහිලා අද වෙනකොට ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 147ක් ගෙවන්න සිදු වුණා. නමුත් අද උදේ කොළඹ බ්ලැක් මාර්කට් එකේ ඩොලරයට රුපියල් 154ක් ගෙවන්න සිදු වෙලා තිබෙනවා. මට පෙනෙන්නේ ලබන අවරුද්දට පෙර ඩොලරයට සාපේක්ෂව රුපියල 160 දක්වා යනවා. අද වෙන කොට පිච් රේටින්ස් ආයතනය ලංකාව සෘණාත්මක ආර්ථිකයක් ඇති අවදානමක් සහිත රටක් විදියට අන්තර්ජාතික වශයෙන් වර්ගිකරණය කළා. ඒ නිසා ඉදිරියේදී ලංකාවේ ආයෝජනවලට සහ විදේශ විනිමය රටට ගලා ඒමට හානිකර ලෙස බලපානවා.
    ඔබලා ඒකාබද්ධ විපක්ෂය හැටියට ආණ්ඩුව පෙරළීමේ චේතනාවෙන් මේ චෝදනා කරනවා කියලා යමෙකුට කියන්න පුළුවන්?
    මේ මහපොළොවේ සත්‍යය තමයි ලංකාවේ ආර්ථිකය දිය වීගෙන යනවා. දැන් රබර් කිරි කැපෙන්නේ නෑ පාඩුයි. තේ කුඩා තේ වතු හිමියන් හැර මහා පරිමාණ තේ වතු පාඩුයි, වී වගාව පාඩුයි, පොහොර සහනාධාරය කපලා, පාසැල් නිල ඇදුම කැපුවා. මේ වන කොට පෝර්ට් සිටි නැවැත්වීම නිසා ලක්ෂ 5 පමණ රැකියා නැති වෙලා තිබෙනවා. පසුගියදා කොළඹ පැවැති ආර්ථික සමුළුවට පැමිණි සිංගප්පුරු ජාතික ආර්ථික විශේෂඥයකු කිව්වේ මුලින්ම ලංකාවට නව මුදල් ඇමැතිවරයෙක් ඕනේ කියලා. අනෙක් ආර්ථික විශේෂඥයන් කිව්වේ ලංකාව පමණට වඩා රත්වු ආර්ථිකයක් තියෙන්නේ කියලා.
    ඔබ මේ ගැන අගමැතිවරයාට හෝ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කළේ නැද්ද?
    පාර්ලිමේන්තුවේ තිබෙන අගමැතිවරයාගේ ප්‍රශ්න ඇසීමේ පැයේ සහ තවත් අවස්ථාවල මා මෙය පාර්ලිමේන්තුවේ කථා කළා. ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු එ.ජා.ප කොලු ගැටව් ටිකක් අපි ප්‍රශ්න අහනකොට පිටුපස අසුන්වල ඉදගෙන කෑගහනවා. සංචිත ගැන ප්‍රශ්නය මතු කළාම සභානායක කිරිඇල්ල මැතිතුමා කිව්වේ මේවා අපේ සංචිත නෙමෙයි කියලා. පාර්ලිමේන්තුව පුදුම විදියට අසරණයි. සාර්ව ආර්ථිකය ගැන අබමල් රේණුවක තරම් දැනුම තිබෙන මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවාද කියලා හිතා ගන්න බැරි තරම්.
    එ.ජා.ප තරුණ මන්ත්‍රීවරුන් නිර්දය ලෙස විවේචනය කිරීම වැරැදියි නේද?
    කිසිම වැරැද්දක් නෑ. . අපි පාර්ලිමේන්තුවේ යම් රටක් ගැන වචනයක් හෝ කිව්වොත් ඒ දෙස තානාපති කාර්යාල බලා සිටිනවා. ඒ තානාපති කාර්යාල දිනපතා අදාළ රටට පරිවර්තනය කිරීම මගින් එදිනම රහස් වාර්තා යවනවා. ඒ තානාපති කාර්යාලයේ එක ජොබ් එකක්. අපේ ආර්ථිකය පිළිබදව සහ ඒ ගැන පාර්ලිමේන්තුවේ වෙන විවාද ගැනත් සෑම තානාපති කාර්යාලයක්ම තමන්ගේ රටවලට වාර්තා කරනවා. ඒ නිසා එක් වැරැදි ප්‍රකාශයක් නිසා මුළු රටේම ආර්ථිකය බිඳ වැටෙන්න පුළුවන්. උදාහරණයක් කියන්නම් 1990 ගණන්වල විජේතුංග හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා ලංකා බැංකුව සහ මහජන බැංකුව බංකොලොත් කියලා. අපි ඒ වෙලාවේම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නය අරගෙන කෑගහපු නිසා එවකට ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයා එය ප්‍රතික්ෂේප කරලා ඒ බැංකු දෙක බේරා ගත්තා. එසේ නොවෙන්න ඒ බැංකු දෙකේ මුදල් ගිණුම් හිමියන් ආපසු අරගෙන ඒ බැංකු දෙකම වැටෙනවා.
    ඔබ මේ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු කළේ නැද්ද?
    මා කියන්නේ ලංකාවේ ආර්ථිකය ගැන විශ්ලේෂණය කරන්න පුළුවන් ආර්ථික විද්‍යාඥයන් ගෙන්වා ආර්ථික විශ්ලේෂණ සමුළුවක් පවත්වන හැටියටයි. එතකොට ජනාධිපතිතුමාට රටේ ඇත්ත තත්ත්වය දැනගන්න පුළුවන්. මේ සමුළුවට අගමැතිතුමාත් කැඳවා ගත්තොත් ජනාධිපතිතුමාට පිළියමක් යොදන්න පුළුවන් වේවි.
    මහින්ද රාජපක්ෂ රජය ණය පොත්වල නොපෙන්වා රුපියල් කෝටි ලක්ෂයක් ණයට ගෙන ඇති කථාව සත්‍යයක්ද?
    මේක ඉතා බරපතළ ප්‍රකාශයක්. මේක ලංකාවේ පාර්ලිමේන්තුවට පමණක් නොව අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කළ යුතුයි. අපි කැබිනට් එකේ හිටපු ආණ්ඩුවේ මා අධ්‍යාපන ඇමැති ලෙසත් , එදා සෞඛ්‍ය ඇමැති ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, සරත් අමුණුගම, එස්. බී. දිසානායක අපි හැමෝම වගඋත්තරකරුවන්. එසේ නම් අපි සියලු දෙනා මුල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙනිහින් බන්ධනාගාර ගත කළ යුතුයි. මුදල් ඇමැති මෙවැනි ප්‍රකාශ කළාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය කොහොමත් දෙන එකක් නෑ.
    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටක ගෙවුම් ශේෂයේ හිඟයකදී කොහොමත් මුල්‍ය ආධාර ලබා දෙනවා නේද?
    ඔව්. නමුත් දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාව මුදල් අච්චු ගැසීම නවත්වන ලෙස කියනවා. වැට් එක සියයට 15 දක්වා වැඩි කරන්න කියනවා, ඒ වගේම සිල්ලර තොග වෙළෙදාමේ තිබු වැට් ඉවත් කිරීම නිසා රජයට රුපියල් බිලියන 9ක් නැති වු බවත් මුල්‍ය අරමුදල කියනවා. ඔවුන් කියනවා මේ ආණ්ඩුව යාළුවන්ට සලකන්න රුපියල් බිලියන 9ක් නැති කරගත්තට කරන්න දෙයක් නෑ. එය සිල්ලර තොග වෙළෙදාමට නැවැත බදු දාන්න කියලා. ඒ වගේම ජාතික ආරක්ෂක බද්ද වැඩි කරන්න , සහනාධාර කපන්න , විශ්‍රාම වැටුප් අහෝසි කරන්න, රාජ්‍ය සේවයට බඳවාගැනීම නවත්වන්න කියලා. ඒ අතරතුර මුදල් ඇමැති රවි කරුණානායක මුල්‍ය අරමුදල සමග හැප්පෙනවා. 2015 දෙසැම්බර් ජාත්‍යන්තර සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 7300 තිබ්බා. 2016 ජනවාරි 31 ඒක 6300 අඩු වුණා. එක මාසයකදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් අඩු වුණා. මේක බරපතළ තත්ත්වයක්.
    රටේ පවතින මුල්‍ය අර්බුදය ගැන ඔබ කියන විදියට අගමැතිතුමාට අවබෝධයක් නැද්ද?
    නෑ. මා එහෙම කියන්නේ නෑ. මහ බැංකුව කියන දේ ඒ විදියටම අගමැතිතුමා පිළිගන්නවා කියලා මා හිතන්නේ නෑ. පාස්කරලිංගම් , චරිත රත්වත්තේ අගමැතිතුමා ළඟ ඉන්නවා. ඒ නිසා මුල්‍ය ප්‍රශ්නය ගැන අගමැතිතුමා අවබෝධයෙන් මේ වෙලාවේ වැඩ කරනවා.
    සංවාදය චන්දන බණ්ඩාර


    http://www.silumina.lk/2016/03/06/_art.asp?fn=ab1603064
     
    • Like
    Reactions: rajitha_ks

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්.පාස්කරලිංගම් මහතා ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශයේ උපදේශක තනතුරට

    ආර්.පාස්කරලිංගම් මහතා ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ උපදේශක තනතුරට පත් කර තිබේ.


    මෙම අමාත්‍යාංශයේ විෂය පද්ධතියට අදාළ වගකීම් රැසක් පැවරී ඇති බැවින් එම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙවැනි උපදේශක තනතුරක් අවශ්‍ය බවට ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.

    රාමලිංගම් පාස්කරලිංගම් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 34ක කාලයවක් සේවය කර ඇති අතර නිවාස, ඉදිකිරීම් හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ ද කටයුතු කර ඇත.ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකු වන ඔහු වැඩසටහන් රැසක පුරෝගාමී නිලධාරියෙකි විය.ඒ මහතා වසර 17ක් කාලයක් විදේශ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇත.
    http://sinhala.news.lk/news/sri-lanka/item/9538-2015-02-06-05-38-25
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    daaafcf8e134c30f448bb4ca14d1f6c4_XL.jpg









    ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ඥාති සංග්‍රහයක් අනුව යමින් පත්කර තිබේ. චරිත රත්වත්තේ මහතාගේ සොයුරු, කැප්ටන් සුරේන් රත්වත්තේ මහතා මෙසේ එම තනතුරට පත්කර ඇත.

    කැප්ටන් සුරේන් රත්වත්ත ඩුබායි හි ජීවත් වූ අයෙකි. 2015 ඔක්තෝම්බර් මාසයේ ශ්‍රි ලංකා එයාලයින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ වැඩ අරම්භ කරන තෙක් සුරේන් රත්වත්ත මහතා එමිරේට්ස් ගුවන් සමාගමේ සේවය කරමින් සිටී.

    එක්සත් ජාතික පක්ෂයට 2004 බලය අහිමිවන්නේ චරිත රත්වත්ත වැනි පුද්ගලයන් නිසාවෙනි. දැන් නැවත ඔහු කරලියට පැමිණ තිබේ. චරිත රත්වත්ත මහතා මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකි.

    එක්සත් ජාතික පක්ෂයේ අඳුරු වකවානුව තුල චරිත රත්වත්තේලා නොසිටි බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි පවසයි. එසේම රනිල් වික්‍රමසිංහ මහතා දියවී යන චරිතයක් බව පවා පවසා තිබුනි. මෙවන් වූ රත්වත්තේ දැන් පැමිණ අමාත්‍යවරුන් පාලනය කිරීම හා නනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීම ආදියට සහභාගි වේ. මේ සම්බන්ධයෙන් එජාප අභ්‍යන්තරය පවසන්නේ මොහුගේ අරමුණ වී ඇත්තේ තමන්ගේ හිතවාදීන් සහ යහළුවන් රජයේ තීරණාත්මක තනතුරු සඳහා පත්කිරීමට බවයි.

    චරිත රත්වත්තේ ගේ සහෝදරයා ශ්‍රී ලංකා එයාලයින් ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා වූ බව ජනාධිපතිවරයා නොදන්නා බව අපහට විශ්වාසයක් තිබේ.
    මෙම ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අයවැයි විවාදයේදී සාකච්ඡා කළ යුතු එකකි. තනතුරු සඳහා පත්කිරීමේ කමිටුවට සම්බන්ධ පුද්ගලයන් දිනා ගනිමින් එම නාමලේඛණ වලට නම් ඇතුලත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී ඇත.

    ශ්‍රී ලංකා ගුවන් සේවයේ සභාපතිවරයා චරිත රත්වත්තේ මහතාගේ පාසැල් සගයෙකි.

    යහපාලන ක්‍රියාධරයෙකු අප හා පැවසුවේ මෙම රජය සම්බන්ධයේන එතරම් පැහැදීමක් නැති බවත් වික්‍රමසිංහ අගමැතිවරයා තමාගේ පවුලේ උදවිය පරිපාලනයෙන් ඈත් කළා වුවත් ඔහුගේ හිතවාදීන්ට ඒ සඳහා පත්කර ඇත. එම පුද්ගලයන් තම පාසැලේ මිතුරන් සහ අනුගාමිකයන් වෙත දෑත් දිගුකරමින් පවතී.
    අවසාන වශයෙන් සඳහන් කළ යුතු සුවිශේෂ කරුණ වන්නේ ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ පුර්වගාමියා වන ‘එයාර් ලංකා' සමාගමේ පලමු සභාපතිවරයා වන කපිතාන් රඛිත වික්‍රමනායක මහතා අසාර්ථක අයෙකු වීමයි. ඔහුව පත්කර ගැනීම සඳහා එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එවක සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ මහතාගෙන් පුද්ගලයෙකු ඉල්ලා සිටි විට ලී ක්වාන් යූ මහතා පවසා ඇත්තේ කිසි කලෙක එම ධූරය සඳහා ගුවන් කපිතාන්වරයෙකු පත්කර නොගන්නා ලෙසයි. ඔහු ඒ බව සිය චරිතාප්‍රදානයේද සඳහන් කොට තිබේ. නමුත් ඊට සවන් නොදුන් ජේ.ආර්.ජයවර්ධන මහතා තම පුත්‍රයාගේ හිතවතෙකු වන කපිතාන් රඛිත වික්‍රමනායක මහතා ඒ සඳහා පත්කර ගන්නා ලදී. නමුත් ඔහුගේ වාසනාවට සාමාන්‍යාධිකාරී ධූරය සඳහා පත්කර ගැනුනේ සිංගප්පූරු එයාර් ලයින් සමාගමේ මූල්‍ය පරිපාලක කුලසේකරම් මහතායි. 1978 වසරේ සිට 1982 දක්වා සිංගප්පූරු ජාතික කුලසේකරම් මහතා එයාර් ලංකා සමාගම පලමු වසර 4 තුලදීම ලාභ ලබන ආයතනයක් බවට පත්කර ලීය. එහි ප්‍රශංසාව හිමිවූයේ කපිතාන් රඛිත වික්‍රමනායකටය. නමුත් 1982 වසරේ කුලසේකරම් මහතා නැවතත් එයාර් ලංකා සමාගමේ තම කොන්ත්‍රාත්තුව අවසන් කොට නික්ම ගිය පසු එයාර් ලංකා සමාගම ඇද වැටීමට ලක්වී කපිතාන් රඛිත වික්‍රමනායකගේ පරිපාලන දුර්වලතාවය මැනෙවින් ප්‍රදර්ශනය විය. පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඔහුට ඉල්ලා අස්වන ලෙස නියෝග කරන ලදී.
    මේ උදාවී ඇත්තේ අවුරුදු 35 කට පසු ඉතිහාසය පුනරුච්ඡාරණය වීමේ අවස්ථාව බව ශ්‍රී ලංකන් - එයාර් ලංකා ඉතිහාසය දන්නා ජේෂ්ඨ සේවකයන් සඳහන් කර සිටිති.
    http://sinhala.lankanewsweb.net/news/special-news/item/1061-2015-10-07-10-45-56


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    නළුවෙක් නොව මොළයක්ගේ පිහිට තමා..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රටේ තත්වෙ හොඳ නෑ වගේ බන්.:( අපරාදෙ හොඳට තිබ්බ රට