මේ ආතල් එක කාටද මතක? (කතා කරන ෆොටෝ : 1) 🤗🚌

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    "කට්ටල් තෙල් පරික්ෂාව සෑම බදාදා දිනකම"

    හිච්චි කාලෙ මේක දැකපු මගෙ යාලුවෙක් මගෙත් පොඩි තුවාලයක් තියෙනව බං, තෙල් ටිකක් ඉල්ලගන්න ඕනි කිව්ව හෙන සීරියස් පිට
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මමත් පට්ට ආසයි ඕවට හිච්චි කාලේ… මේ මගේ අත්දැකීම්..

    (1) ඕවයේ ස්ටාර්ට් ස්විට්චස් ඩිපෝ උන් උස්සලා විකුණන් කාලා.. ස්ටාර්ට් කරන්නේ වයර් දෙකක් පුට්ටූ කරලා;

    (2) එන්ජින් එකට ඉස්සරහා තීන්ත වලින් ස්ටෙන්සිල් එකකින් ස්ප්‍රේ කරලා තිබ්බා ගොඩක් ඒවගේ “නව ඇන්ජිමක් සවිකොට ඇත. කෙටි දාවනය සදහා යොදවන්න” කියලා;

    (3) බස් එකේ නම්බර් ප්ලේට් එක ස්ප්‍රේ පේන්ට් කරලා තිබ්බ උඩම ගමනාන්තය දාලා තියෙන පෙට්ට්යේ ඉස්සරහා;

    (4) ආණ්ඩුවේ දේපල නිසා ක්ලච් එක පාගන්නේ නැතිව ගියර් දාන්නේ… කර………….කර….. කර..කරාස්…ඩු.. ඩුම්..ඩොන්ග් කියලා තමයි ෆස්ටෙකට වැටෙන්නේ…

    (5) පාරේ යද්දී භූමිතෙල් වගේ සුවදක් එනවා.. හරිම සුවදයි.. හොරෙන් උරලා රස විදිනවා යන ගමන්…

    (6) ඕවයේ ඉස්සරහ දොරෙන් ඇතුල් වෙන්න බැරිවෙන්න ටකරන් ගේට්ටුවක් තිබ්බා.. ඩයිවර් ඇරලා දෙනවා බහින උන්ට;

    (7) පිටිපස්සේ එලියේ ඩිපෝවෙ නමයි නම්බර් ප්ලේට් එකයි ඇදලා තිබ්බා වීදුරු කෑලී දෙකක;

    (8) පිටිපස්සේ ශොක්ස් නෑ.. ගලවලා විකුණන් කාලා ඩිපෝ එක උන්…
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    දවසක් සීට් ඕන තරම් තියෙද්දී බැටරි පෙට්ටියෙම වාඩිවෙලා ගියා මම. ඩ්‍රයිවර් අඳුරන අය බහිද්දි මාව පෙන්නලා කියනවා මම ට්‍රේනින්ලු 😂
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දවසක් මම ගලහ ද කොහෙද ගියා ඔකේ පොඩි වර්ශන් එකේ,අම්මේ ඔලුවේ කැක්කුම එනවා එ වංගු ගන්නකොට බසුත් හරි නැ නේ...තව දවසක් මට හොඳට මතකයි නුවර ඉඳන් පේරාදෙණියට ආවා ‍රැ 9 විතර ඔකක,වහලයේ හිලක් ද කොහෙද,පට්ට වැස්ස ඇඳුම ඉවරයි....ඔය බස් වල සමහරක් සිට් තිබ්බා වැස්ස කාලෙට කවුරුත් එවාගේ ඉඳගන්නෙ නැ,ඉඳගතොත් ඉඳ ගන්නෙ ඩොප් කාරයෙක්...

    Mathakada erila thiyena seat walin kohu eka eka adinawa eliyala. epara laga inna ekane kane danawa kithi kawanna.

    Thawa koka bell eke lanuwa madin kauru hari pollath ekka allagena hitiyoth bell eka wadinne nathuwa achchila siyala kaa gahanawa
    bas eka nawaththapiyo kiyala.

    Ammooooo e kale kochchara sundarai da bn.

    Mata ape athithe gana mathak wenakota mage daruwo gana thamai machan duka.
    Shik.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    පොඩි එකා කාලෙ යාලුවෙක් හිටිය, ඌ හෙන ආසයි ඩ්‍රයිවර් ලග තියෙන පොල්ල අල්ලගෙන යන්න. එක පාරක් ඩ්‍රයිවරය බරාස් ගාල හෙන බ්‍රේක් පාරක් ගැහුව මූ Stripper වගේ පොල්ල අල්ලගෙනම රවුමට කැරකිල ගිහින් ඩ්‍රයිවරයගෙ ඔලුව උඩ :lol: :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මතකයි අනික ඔය ජාතියෙ බස් වල යද්දී පට්ට දෙද රිල්ලක් තියෙන්නෙ බිමට තියෙන්නෙ ලෑලි
    ඔව් මටත් මතකයි බස් එකේ දෙදරන සද්දේට ළඟ ඉන්න එකා කතා කරන එකවත් ඇහෙන්නේ නෑ. ආයෙත් මේ වගේ බස් එකක යන්න ආසයි බං
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි තව සමහර බස් තිබ්බේ යටට ලෑලි ගහපුව. ඒ ලෑලි අතරින් පතර හිල් වලින් පාරත් පේනව. බයත් හිතෙනවා
    leli gahapu diga bus set eke issarahata yanakota polowa usai. bella kadaganna puluwan kakula petalunoth

    මැද බටේ ගහලා තිබ්බා කියල යන්තමට මතකයක් තියනවා මචං,ගොඩක් එවගේ තිබුනේ බස් එකේ විදුරු දෙක බෙදෙන තැන ගහලා :)

    මතකද මචං කොන්දොස්තර මාමාට ඉඳගන්න වෙනම පු‍ටුවක් තිබ්බා පිටිපස්ස දොර ලඟ,එතන ලැල්ලකුත් හයි කරලා තිබුනා උඩට පල්ලෙහාට කරන,මේක හැම බස් එකෙම තිබ්බෙ නැ,ගොඩක් වෙලාවට වයසක අයට එ පු‍ටුවත් කොන්දොස්තර දෙනවා...
    udata pallehata karana lelle piganak wage ekak set karala tibba kasi danna. samahara ewage
    ------ Post added on Jun 16, 2021 at 12:12 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ඔය බස් එකේ යද්දී ටිකක් එක ඉලන්න කෑගහන්න ඕනේ... ජනෙල් දෙදරරන සද්දෙට මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ

    බෙල් එක ගැහුවත් ඇහෙන්නේ නෑ බන්
     
    • Like
    Reactions: NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගොඩක්ම ඉස්සර සීටීබී බස් වල ඩ්‍රයිවර්ට අරින්න වහන්න පුළුවන් දොරක් තිබ්බා, දිග හැන්ඩ්ල් එකක් ලොක් එකක් එක්ක. මිනිස්සුන්ට නගින්න බහින්න උවමනා වුනාම එක අරින වාහන එක ඩ්‍රයිවර් ම කළා.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වයර් දෙක ෂෝට් කරල ස්ටාර්ට් කරනකොට එන ආතල් එක දැන් තියෙන වාහන වලින් ගන්න බෑ.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    වයර් දෙක ෂෝට් කරල ස්ටාර්ට් කරනකොට එන ආතල් එක දැන් තියෙන වාහන වලින් ගන්න බෑ.
    Tata bus wala push button start awe e dawaswala bung.. yathura dala, kalu pata button ekak thibba.. godak bus wala mama dakala tiyenawa speedo eka kadila ekata clipsal switch ekak obala thibba athule lihhts danna..

    5D668E36-72E4-4B62-ABE8-E752DFD3BE8F.jpeg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉස්සර ඔය එලවලු ගෙන්නෙ පරණ බෙඩ්ෆොර්ඩ් / ටාටා ලොරි,ඉතින් ඔය දහ අට වංගුව වගේ එවා සෙට් උනාම ගොලයට එපා වෙනවලු,පිටිපස්සෙන් කොටයක් තියාගන කන්දේ ඇවිදෙන එක ගොලය කරන්නෙ,පස්සට ආවොත් කොටේ තියන්න,හරි විදියට ලොරිය පස්සට ආවොත් නම් කොටේට කරන්න පුලුවන් ලබ්බකුත් නැ....ඔහොම ඉතින් අමාරුවෙන් පවර් ස්ටිරිනූත් නැතුව කන්ද නැගපු ඩ්‍රයිවර් උන්නැහැයි ගොලයයි කන්ද උඩ තියන ටිකිරි මැණිකාගේ කඩේට සෙට් වෙලා මොනව හරි කාල කහට එකක් බිලා එහෙම තමයි ආයෙත් ගමන පටන් ගන්නෙ :D...සමහර වෙලාවට ඔහොම කඩ වල හවස් වරුවෙම නිදියගන තමයිලු යන්නෙ...