මේ කලේ ටිකක් පරිස්සමින්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,237
    12,264
    113
    Ohio, USA
    පූජ්‍ය වල්පොළ රාහුල හිමියන් පැවැත් වූ දේ&#3521

    දේශප්‍රේමයේ, ජාතිප්‍රේමයේ, ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප්‍රශ්න කිරීමට භාජනය වනු ඇත්තේ කවදාද? අපගේ ජිවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ. එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම් ප්‍රාදේශීය හා ජාතිවාදී අරගල, ආගමික ගැටුම් ප්‍රාදේශිය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ.

    ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක හෝ වෙනත් තැනක උත්පත්තිය ලැබිය යුතු බව ඔබට පෙනෙනු ඇත. මිනිසකු හෝ ගැහැනියක එසේ ඉපදුණු විට ඒ සමග ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ. අනෙක් ඒවාට වඩා හොඳ නිසා ඔවුන් ඒවා තෝරා ගත්තා නොවේ. ඒ සියල්ල අහම්බෙන් ලැබෙන දේය.

    එසේ වුවද පුද්ගලයෙකු සිය ආත්මය පිළිබඳ හැගීම සිය ආත්මාර්ථකාමී මමත්වය හේතුකොට ගෙන හුදු අහම්බයක් නිසා තමාට උරුම වූ මේවා පිළිබඳව ඇලෙන අතර ඒවා තමාට ඉතාම සුදුසු යැයි හැගුන නිසා තෝරාගත් බවක් අන්‍යයන්ට පෙන්වන්නට කටයුතු කරයි. ඔහු ඒවා සමග වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වන අතර ඒවා තුළ සිය සතුට, විමුක්තිය හා සරණ සොයයි. ඒවා ඉවත් කළ විට කිසිම වටිනාකමක් නැති හිස් බවක් අසරණ බවක් ඔහුට දැනේ. ඒ නිසාම ආරක්ෂා වනු පිණිස, ආවරණය, වනු පිණිස වෙනකක් තබා තමා වැදගත් බව හගවනු පිණිස ඒවා උත්කෘෂ්ඨත්වයට නංවන්නට ඉහළට ඔසවා තබන්නට වන්දනා මාන කිරීමට ඔහු උනන්දු වෙයි.

    කිසියම් කෙනෙකු සභාවක නැගිට මා ශ්‍රේෂ්ඨයි විශිෂ්ඨයි උතුම් යැයි කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත. එහෙත් ඔහු තමා‍ගේ ජාතිය, වර්ග හෝ ආගම උසස් යැයි (එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි (කියා සිටියේ නම් ජාති ප්‍රේමීයකු) ලෙස හෝ දේශප්‍රේමීයෙකු ලෙස හෝ වෙනත් පූජනීය කෙනෙකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට ආගමට හෝ වර්ගයට අයත් ජනතාවගෙන් බුහුමන් ලබනවා ඇත. මෙවැනි දේශකයන්ගේ පටුබව හා ලඝු බව දේශප්‍රේමයේ හෝ ජාතිප්‍රේමයේ සළු පිළියෙන් කදිමට වසා ගත හැක.

    ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් විසින් තවමත් මහත් උනන්දුවෙන් හදාරනු ලබන රෝමානු නීතියේ මෙවැනි කියමනක් වෙයි.

    සිය දේශය වෙනුවෙන් මිය යාම ප්‍රසන්න හා වැදගත් දෙයකි. රට වෙනුවෙන් ජීවත්වීම, ඒ වෙනුවෙන්ම මිය යාමට වඩා වැදගත් බව පෙන්වන්නට සාධක කොතෙකුත් තිබියදීත් මෙවැනි ආකර්ශනීය හා උද්වේගජනක සටන් පාඨ මිනිසුන් අරගලයට යුද්ධයට මෙහෙයවා ඇත.

    කිසියම් පුද්ගලයෙකු තම රට ජාතිය හෝ ආගම නොසලකා අමතක කොට ජීවත් විය යුතු යැයි කිසිවකු යෝජනා නොකරනු ඇත. දේශප්‍රේමය හා ජාතිප්‍රේමය හා ඒ සමාන වෙනත් දේ තුළ ඇති නොවැටහෙන දේ නම් ඒවායින් ඇතිවන යහපත හෝ අයහපත වෙන්කර ගන්නට නොහැකි වීමයි.

    දේශප්‍රේමය යනු රට වෙනුවෙන් පෙනී සිටීමයි. ජාති ප්‍රේමය යනු ජාතිය වෙනුවෙන් පෙනී සිටීමයි. එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත. ඒ දෙකම යහපත්ය. එහෙත් තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ඉක්මනින් අනෙක් ජාතියට එරෙහි වීමට පෙරළෙයි. තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම අනෙකාගේ රට ජාතියට එරෙහි වීම ලෙස තේරුම් නොගත යුතුය. ඇත්තටම නම් තමන්ගේ රට ජාතියට හිතවත් වන ප්‍රමාණයට අප අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය. අනෙකාගේ ජාතියට ගෞරව නොකරන, ආදරය ‍නොකරන කෙනෙකු තමන්ගේ රට ජාතියට සැබෑ ලෙස ගෞරව කරන්නේද ආදරය කරන්නේ ද නැත.

    බෞද්ධ ආචාර ධර්ම තුළින් මේ සම්බන්ධව වැඩිපුර ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන. ලෝක සත්ත්වයාට මෛත්‍රීය කිරීම අරඹන්නේ පහසුවෙන් හා මුලින්ම කළ හැකි තමාට මෛත්‍රිය පැතිරවීමෙනි. තමාට ‍මෛත්‍රීය කිරීම සදහා අනුන්ට වෛර කිරීම අවශ්‍ය නොවේ. තමාට නිවැරදිව හා බුද්ධිමත්ව මෛත්‍රිය කරන කෙනෙකු සියළු ආකාරයේ නරක ක්‍රියාවලින් වැළකෙන අතර නිවැරදි මාවතේ ගමන් කරයි. එවිට අපට අප සමග හෝ සමාජය සමග ගැටුමක් ඇති නොවේ. අප අවට ලෝකය සමග සාමයෙන් හා සංහිදියාවෙන් ජීවත් වීමට එයින් අපි වරම් ලබමු. ඊළග පියවර වන්නේ තමන්ට ඉතාම ලගින් නුදුරින් සිටින අයට මෙන් සිත් පැතිරවීමය. තෙවැනි පියවර වන්නේ තමා සමග සබඳකම් පත්වන අයට මෛත්‍රිය කිරීමයි. සිවුවෙනි හා අවසාන පියවර වන්නේ තමන්ගේ සත්වයන්ටද මෛත්‍රිය පැතිරවීමය. මෙය දුෂ්කර වුවද මෛත්‍රිය වැඩිම තුළ තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනය හා අත්දැකීම් ලබන නිසා එය කළ හැකි දෙයක් වෙයි. මෙසේ මෛත්‍රිය හුරු කළ විට තමන් හා තමන් කිට්ටුවන්තයන් අතර තමන් හා තමන් සබදකම් පවත්වන්නන් අතරද තමන් හා සතුරන් අතරද වෙනස තුනීව යයි. නැතිව යයි. මෙය ඉන්ද්‍රජාලික සුරංගනා ලෝකයේ සිදුවන අභව්‍ය සිදුවීමක් නොවේ. මෙය මිනිසුන් තුළ ගොඩනගා ගත හැකි අපූර්ව තත්ත්වයකි. දේශප්‍රේමයට හා ජාතිප්‍රේමයට මෙසේ සියළු ජාතීන් හා දේශයන් එක්ව පෙමකින් වෙලන්නට හැකිවේද? සමහර විට මහත්මා ගාන්ධි එසේත් නැතිනම් ශ්‍රී ලාංකීකයෙකු වූ ආන්නද කුමාරස්වාමි වැනි දේශප්‍රේමීහූ හා ජාතිප්‍රේමීහු ජාතියට සංස්කෘතියට දේශයන්ට ද ප්‍රේම කළහ.

    මේ සඳහා කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි මනසක් තිබිය යුතුය. මේ හැමවිටකම කල්පනාකාරී වීමත් මිනිසුන් වර්ග කර ලේබල් ඇළවීමට ඉක්මන් නොවීමත් අවශ්‍යය. වර්ගීකරණය යනු බෙදා නිශ්චිත කණ්ඩායම්වලට වෙන් කිරීමය. එසේ කළ විට අනවරතව ගලා යන සමස්ථ ජීවිතය අපගේ සිත තුළ චිත්‍රණය නොවේ. වර්ගීකරණය යනු කෑලිවලට වෙන්කර තනි තනිවම ඒවා වීමසීමය. ඒ තුළ සමස්ථය දැකිය නොහැකි වේ. වර්ගීකරණය තුළ කැබලි වීම නිසා සිදුවන මේ අභාග්‍ය මිනිසා ගැන පමණක් නොව ස්වභාවධර්මය සම්බන්ධයෙන්ද රමණියත්වය සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දෑ සම්බන්ධයෙන්ද එකෙස් අදාළය.

    සියළුම ආගම් පිළිබද ප්‍රවේශමෙන් කරන ලද අධ්‍යයනයකින් පසු කිසියම් ආගමක් අනෙක් ඒවාට වඩා ශ්‍රේෂ්ඨ යැයි තේරුම් ගෙන ඒ ආගම වැළදගත් අය ලෝකය තුල සිටී නම් අල්ප වශයෙනි. එහෙත් බහුතරයක් අපි උපතින් උරුම වූ ආගම තුළම රැදී සිටිමු. මා කිසියම් ආගමක් උපතින් උරුම කර ගත් නිසාම ඒ ආගම පමණක් සත්‍ය බවත් අනෙක් ආගම් සියල්ල අල්පේච්ඡ බවත් කීම කොතෙක් දුරට සාධාරණ වන්නේද? මීටත් වඩා පටු වූද බාල වූද සිතිවිල්ලක් තවත් තිබිය හැකිද? මම බෞද්ධයෙක්ව උත්පත්තිය ලැබූ නිසාම බෞද්ධාගම සත්‍ය දෙසන එකම ආගමක් බවත් අනෙක් ආගම් තුළ ඇත්තේ බොරුව බවත් මට කිව හැකිද? මා ක්‍රිස්තියානිකාරයෙක්ව උත්පත්තිය ලැබූවේ නම් ක්‍රිස්තියානි එකම සත්‍ය ආගම බවත් සෙසු සියළු ආගම් වැරදි බවත් මා කීම සාධාරණ වන්නේද? තමන්ගේ ආගම පිළිබඳ භක්තියක් ඇති කර ගැනීම එකකි. එය යහපත් එකක් වන්නටද පුළුවන. එහෙත් මේ ආගමට ඇති භක්තියෙන් අන්ධ වී මා විසින් සෙසු ආගම් ගර්භාවට ලක් නොකළ යුතුය. මේ සම්බන්ධයෙන් කිව යුතු තවද කරුණක් ඇත. අවිචාර බුද්ධියෙන් යුතුව ජාතික හා ආගමික මතයක එල්බගෙන සිටින තරමටම දේශපාලනික ආර්ථික හෝ සමාජීයිය මතයක් විචාරයෙන් තොරව දැරීමද (එකම ආකාරයේ) වැරදිය. මේ සියළු මතවාදයන් (දිට්ඨි) කෙරෙහි අන්ධව බැදී ඇලී සිටින තැනැත්තෝ මෙසේ කියයි. මෙය පමණක් සත්‍යයකි. මෙයින් බාහිර හැම දෙයක්ම බොරුවකි.

    එවැනි අන්ධ මතවාදයක් දැරීම පිළිබද බුදුන්ගේ වචනය ඉතා පැහැදිළිය. කිසියම් මතවාදයකට ඇලි ගැළි සිටීමත් අනෙකුත් මතවාදයන් පහත් යැයි ගර්භා කිරීමත් පහත් ක්‍රියාවන්ය. බුද්ධිමත් මිනිස්සු එවැනි දෑ සලකන්නේ විලංගු ලෙසය. (සුත්ත නිපාත 798 පැදිය) ඒ අර්ථයෙන් ගත්කළ මිනිස් වර්ගයා විලංගු දා බැඳ තිබේ.

    මෙයින් අදහස් කරන්නේ අරාජීකත්වය හෝ ව්‍යාකූලත්වය අනුයන බව නොවේ. අපම සාදාගත් පටු දෘෂ්ඨියෙන් මිදී අපේම සිතින් මවාගත් මන:කල්පිතයන්ට නොබැදි නිදහසේ යමක් එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට ඒ උපදෙස් අපට ආරාධනා කරනවා පමණකි. යමක් එහි සැබෑ ස්වරූපයේ දැකීමෙන් ව්‍යාකූලත්වයක් හෝ අරාජීකත්වයක් ඇති නොවේ. එයින් පිළිවෙළ ද විනය ද සහජිවනය හා සාමය ද ඇති වේ. අපි යථාර්ථයට මුහුණ දීමට ඇති බිය නිසාම අපේ ඇස්වසා ගනිමු. අපි කැමති යමක් අපට ඕනෑ ආකාරයට දකින්නට මිස එය තිබෙන සැබෑ ස්වරූපයෙන් දක්නට නොවේ. ඒ නිසාම වසර ගණනාවක පුහුණුවකින් පසු සරසවිය හැර යන තරුණ ඔබ සියල්ල පරික්ෂා කළ යුතුය. ඔබේ දැනුම සියල්ල එහි සැබැ ස්වරූපයෙන් දකින්නට භාවිතා කළ යුතුය. මා කියන දෙය හෝ වෙනත් කිසිවෙකු කියන දෙය හෝ ඔබ පිළිගත යුතු නැත. එය අධීකාරීත්වය දරන අයගේ හඬ නිසාම ඔබ පිළිගත යුතු වන්නේ නැත. යම් කෙනෙකු තමන්ගේ හැකියාවේ උපරිම මට්ටමෙන් හා තම දැනුමේ උපරිම මට්ටමෙන් යම් කිසිවක් විමසා බලා පීරිසිද දකින්නේ නැතිව පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදා සාධාරණ හේතුවක් දිය නොහැකිය.

    ඔබේ වෘත්තීය ජීවිතය තරුණ ඔබටද එපමණක් ‍නොව සමාජයේ යහපත පතන ඒ වෙනුවෙන් කැප වී ඇති සියල්ලන්ටමද ප්‍රයෝජනවත් හා තෘප්තිකර එකක් වනු ඇතැයි මේ උපාධි ප්‍ර‍දානෝත්සවයට සහභාගි වන සියල්ලන් පතන බවට මට උදක්ම විශ්වාසය.

    (1981කැළණි සරසවි උපාධි ප්‍රදානෝත්සවයේදී පූජ්‍ය වල්පොළ රාහුල හිමියන් පැවැත් වූ දේශණය)

    ඉරුදින, 4 පිටුව, 2013 පෙබරවාරි මස 17 වැනි දා ඉරිදා






    පෞදගලිකවම මට මේ ලිපිය මගේ හිතේ ලොකු වෙනසක් ඇති කරා. :yes::love:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    kaa gahanna epa ban company karayonta salli kohen awath ekai.
    eka atta halal walata wruddai thamai apith.ratin gennala ape lankawe salli Italy walata dena eka neme ekata wisaduma :frown:

    හොඳට ඇස් ඇරලා බලපන්, හම්බයො දැනටමත් මන්චි මැලිබන් වට්ටෝරු කොපි කරලා උන්ගෙම බිස්කට් වර්ග හදාගෙන ඉවරයි! හලාල් තිබුණත් මන්චි, මැලිබන් බිස්කට් උන් ගන්නෙ නෑ! එහෙව් එකේ සිංහල කස්ටමර්ස්ලා දෙකේ කොලේට දාලා තාමත් හම්බ වේ*ගෙ පුත්තුන්ගෙ සල්ලිවලට කෙල හලාගෙන ඉන්නවා නම් අපි වෙන මොනා කරන්නද බං?
    13628_541538422524448_920709771_n.jpg

    මේකත් කියව#08;න්!
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
     
    Last edited: