> IT startup සහ මෝඩ කම :/

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Machn exp echara awlk karaganna epa...freelance kala hari mokakhari ekak daala resume eka dapan..interview ekedi goda yana ube wadak.. jobata panaganna witharai bn one
     
    • Like
    Reactions: ryandok

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    OK bois, this is to inform you that there is a `python developer` position in linkedin these days (startup). I had a online interview. They are looking for someone with less experience to join. They are pretty much looking for an IT department. Be aware!
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔය අන්තිමට දාලා තියන කමෙන්ට් එක මගේ බොස් කෙනෙකුත් මට කිව්වා යන්න කලින්. ඇත්ත. කම්පැනියට කවදාවත් ආදරේ කරන්න එපා. පස්සේ දුක හිතෙයි.
     
    • Like
    Reactions: Avishka Indula

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,386
    113
    ඔය අන්තිමට දාලා තියන කමෙන්ට් එක මගේ බොස් කෙනෙකුත් මට කිව්වා යන්න කලින්. ඇත්ත. කම්පැනියට කවදාවත් ආදරේ කරන්න එපා. පස්සේ දුක හිතෙයි.
    Very true 😕
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    නොදකින් මේ එලකිරි නාකියෝ thread එකක් දාන්න දන්නේ නෑනේ
    ඇස් දෙකත් කණ වෙනවා මේවා කියවන්න ගිහින්
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    නොදකින් මේ එලකිරි නාකියෝ thread එකක් දාන්න දන්නේ නෑනේ
    ඇස් දෙකත් කණ වෙනවා මේවා කියවන්න ගිහින්
    dark mode nisa bn :lol:
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    Thread එක දැකල ඇතුලට ආපු ඔබට තුති, ඔබගේ වටිනා අදහස දැනගැනීමට කැමැත්තෙමි, bump එකක් හරි ගෙන යන්න කාරුණික වන්න :love:


    මම දන්න තරමින් එළකිරියේ බහුතරයක් ඉන්නේ ගොඩක් තොරතුරු තාක්ෂණික අංශයට සම්බන්ධ අය ඉතින් ඔබගේ වටිනා අදහස දැනගැනීමට කැමැත්තෙමි. :yes:

    මම ගැන කියනවා නම් පොඩි කාලේ ඉදල තොරතුරු තාක්ෂණික අංශයට ගොඩක් ආසාවක් තිබුන කෙනෙක් වෙබ්, graphic, networking වගේ තමයි ඒ කාලේ ඉදල කලේ ඉතින්, Maths වලින් A/L කරලා government campus එකකට යන්න බැරි උන නිසා private campus එකකට තමයි ගියේ network උන තදින්ම තිබුන නිසා අවසන් වසරදී තෝරාගත්තේ Networking. කොහොමහරි මම කැමති දේ ඒක නිසා උපරිමෙන්ම කරා, ඔය අතරේදී දෙවෙනි වසර අන්තිමට වගේ මට අලුතින් පටන් ගන්න startup company (එක් පුද්ගලයෙක් හිමිකාරත්වය දරන, director board ඒවා නෑ) එකකින් offer එකක් ආව trainee Engineer - networks , 15k වගේ salary ලැබෙන මේ වෙනකොට batch එකේ අනිත් අයත් intern හොයනවා allowance 5K වගේ ඉතින් මම පැන්න ගමන් offer එක accept කරා.

    පටන් ගත්ත මුල් කාලේ මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි HR වලට marketing වලට තව කෙල්ලෝ 2 වගේ හිටියේ මුල් කාලේ හොදයි කන්න දෙනවා බොන්න දෙනවා salary දෙනවා, ටික ටික මාස ගෙවෙනකොට තමයි අවුල් උනේ සමහර මාස වල salary ලැබෙන්න මාස 2ක් විතර ගිහින්, ETF/EPF නෑ (ඒ කාලේ ඕව ගැන දන්නෙත් නෑ:baffled:). ඔතන මම අව්රුදු 2කට කිට්ටු වෙන්න හිටිය කරන වැඩ (Network) වලට ආසාව නිසා ඒ වෙනකොට position එක senior Engineer උනාට salary එක 35 වත් නෑ. :sorry:

    සමහර දවසට එක දිගට project complete කරන්න පැය 48 එක දිගට වැඩ කරපු දවස් තියෙනවා :oo:, ගොඩක් දවසට වැඩ ඉවර වෙන්නේ රෑට 9 වගේ transport වත් නෑ අතේ සල්ලි වලින් taxi අරන් ගෙදර ගියේ, ඉතින් ඕකට මට එපා වෙලා HR ට කිව්වා ට්‍රාන්ස්පෝර්ට් allowance එකක් ඕන කියල ඉතින් 30 වගේ salary එකට add කරන්න agree උනා. කොහොම උනත් ඒකත් නෑ ඊලග මාසේ salary එකත් delay ඇහුවම company එක පාඩු පිට ලු යන්නේ, එතකොට මෙච්චර දවස් project කරලා ගනිපු සල්ලි කෝ, company owner ලගදි අලුත් car එකකුත් ගත්ත පොරට සල්ලි කොහෙන්ද. :confused:

    ඔය මලටම මම account කරන කෙල්ලගේ shared storage එකේ file අවුස්සලා බැලුව මට මාර මලක් කලකිරීමක් දුකක් දැනුනේ ඇත්ත පාඩු පිට යන්නේ, අන්තිමට අපි කරපු infrastructure project එක 10M වලට වඩා වැඩි මටමයි කිව්වේ cheque එක ready ඇවිත් අරන් යන්න කියන්න කියල client. මම එවෙලේම හිහින් account කරන කෙනේගෙන් ඇහුව කෝ මේ cheque එකේ සල්ලි කියල එකී කියපි එහෙම එකක් ආවේ නෑ කියල, මෙච්චර කල් ආපු ඔක්කොම ලොකු ලොකු payments බහිරවය අරන් පොඩි පොඩි කෑලි ඇවිත්.:angry:

    දැන් ඔයාල කියාවි උබට පිස්සු හැදිලද ඔතන අව්රුදු දෙකක් වගේ හිටියේ කියල, මගේ මුල්ම ෆොර්මල් work place ඒක සිරාවටම මම මෙතෙනට ගොඩක් ආදරේ කරා වැඩ කරපු ටික දෙනා උනත් ගොඩක් හොද මිනිස්සු මුල් කාලේ හොදටම සැලකුවා, owner උනත් මනුෂයෙක් විදියට ගොඩක් හොදයි CEO කෙනෙක් විදියට fail උනාට. :dull: මම ඉතින් ඔය upset එකටම ගෙදර ගිහින් හිතල හිතල resignation letter එක හැදුව බැනල අනන් මනං නැතුව ෆොර්මල් විදියට, ඊලග දවසේ ලැප් එක company එකෙන් ලැබුන පෑන පැන්සල පවා තියල desk එකත් clean කරලා, HR ට resignation එක දීල ආව. (මාසෙකට කලින් කියන්න ඔය සීන් ජොබ් agreement එකේ තිබුනේ නෑ, තිබුනත් ඔය වෙලාවේ තිබුන මානසික මට්ටම එක්ක බෑ:sorry:)

    ඔය මාසෙම වගේ තමයි convocation එකත් තිබුනේ ජොබ් එකට වැඩි priority එක දුන්නත් class එකක් එක්ක සිරාවට වැඩේ ගොඩ දාගත්ත upset මූඩ් ටිකක් අඩු උනා ඔය සීන් එකත් එක්ක. ජොබ් එකත් නෑ studies මොකුත් නෑ නිසා ඇති වෙන්න වෙලාව තිබුන graphic යන්තමට පුළුවන් නිසා leaflet අනන් මනං හදල bill ටික ගෙවාගන්න ආදායමක් තිබුන:rolleyes: (p.s. කලින් ජොබ් එකෙන් ඉතුරු කරපු දෙයක් නෑ ඉතින්) ඔය වෙලාවේ උනන්දු උනා නම් හොද vacancy එකකට යන්න තිබුනත් එත් හිතට අවුල් වගේ ඔහොම මාස දෙකක් වගේ ගෙවිල ගිය ජොබ් එකක් නොකරම, කලින් වැඩ කරපු තැනින් යාලුවට කියල තිබුන job එකක් නැත්නම් ආයේ එන්න කියල, ඕවට මොකුත් කියන්න ගියේ නෑ ඉතින් HR කෙල්ල fit නිසා service letter එකක් මට හදලම පොරගේ අතේම පස්සේ එව්වා. :yes:

    graphic කරා කාලයක්, පස්සේ event management කරන යාලුවෙක් එක්ක සෙට් වෙලා ඌට උදව් කරා, tourism කරා ලොකු සල්ලියක් ලැබුනේ නැති උනත් කාලෙකට පස්සේ නිදහසක් සතුටක් ලැබුණා. කොහොම උනත් IT කියන්නේ මම ආස දේ Network කියන්නේ ආසම දේ:love:, ඉතින් ඒ knowledge එක outdated වෙන්න දුන්නේ නෑ Cisco certification title 3ක් කරා management related certification එකක් කරා වෙලාව ඕන තරම් තිබුන නිසා (ජොබ් එක කරන ගමන් කරන්න ගිය නම් එකක් වත් කරන්න වෙන්නේ නෑ) Cisco study group forum එකේ active member කෙනෙක් උනා , fb එකේ study group වලට සෙට් වෙලා පුළුවන් උන්ට උදව් කරා. Network related freelance project කීපයකුත් කරා.:D

    හරියටම කලින් ජොබ් එකේ ඉදන් අද වෙනකොට අව්රුද්දකුයි මාස 4 වගේ ගිහින් :oo: industry එකේ job එකක් නොකර නිසා unemployed (graphic, event management අදාල වෙන්නේ නැති නිසා) ට්‍රය් එකක් දුන්න degree එකයි certification ටිකකුයි තියෙන නිසා ලංකාවෙන් පිට ගැලපෙන ජොබ් එකකට experience මදි නිසා එකත් සාර්ථක නෑ. :(

    මොකද මචන් මම කරන්නේ,

    ටොප් ජොබ්ස් වගේ vacancy බැලුවම තියෙන ගොඩක් ඒවා match වෙනවා ඉල්ලන degree,certification තියෙන නිසා එත් experience කචල්, experience match වෙන ඒවත් තියෙනවා අව්ලකට තියෙන්නේ 1 y 4m ගැප් එක. අපේ යාලුවෝ සෙට් වෙලා පටන් ගනිපු software startup වගේ තියෙනවා මට ඕන නම් ඔය time frame එකට හරියන්න එකකින් service letter එකක් ගන්න පුළුවන් එත් ethical නෑ නේ background check එකක් වගේ කරොත් අවුල් නේ.

    අනික මම interview එකකදී මේ ගැප් එක ගැන ඇහුවොත් මම මොකද කරන්නේ අනික interview එකකට call කරන්න තියෙන ඉඩ පවා අඩුයි නේ . මම මුලින්ම ජොබ් එකට ටාට කිව්වා වෙලාවේ අලුතෙන් එකකට ඒ ගමනම ගිහිපු එක නම් මෝඩ වැඩක් තමයි ඉතින් දැන් මම මොකද කරන්න සුදුසුම දේ, සාමාන්‍ය reputed company එකක ආයෙත් වැඩ කරන්න ඕන මචන් මට සල්ලිම නෙවි මට ආයේ industry එකට එන්න ඕන. ????

    මුළු කතාවම පුළුවන් විදියට ගලපලා දැම්මේ මන් කරපු ගොන් කම් නොකරන්න තව කෙනෙක් දෙයක් ඉගෙන ගනීවි කියල හිතලා.

    ස්තුතියි :)

    ee3eab261a86c248ef2c3f37e20f6063.jpg
    hama detama welawak thiyanawa.....
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ වගේ සිද්ධි ගොඩක් අයට වෙනවා. මේ නූල දාපු කෙනාගේ company එක වගේ මම මුලින්ම වැඩ කරපු office එක බංකොලොත් උනා mismanagement නිසා. මාස ගාණක පඩි epf,etf මොකුත් නෑ. තමුන්ගේ career path එක හදා ගත්තනම් හරි දොස් කිය කියා ඉන්නේ නැතුව.