මේවා මානසික රෝග නෙමේද
පෙර උපතක් හෝ මතු උපතක් නෑ කියල හිතෙනව නම් එහෙම හිතන්ඩත් පුලුවන්.
පෙර/ පසු උපතක් තියෙනවා හෝ නැහැ කියලා හිතන දෙකම මිත්‍යා දෘස්ටීන්නේ. ඉතින් කොහොම හිතුවත් වැරදියිනේ.
එතකොට දැන් මොකක්ද කරන්නේ?
පෘථක්ජන මිනිස්සුන්ට මෙච්චර සරල ධර්මය අවබෝධ කරන් නිවන් දකින්න බැරි ඔය ඉන්න දෘස්ටීන් කන්දරාව හින්දා තමයි. ඉස්සර අවුරුදු 7 අය රෙදි කෑලි අතුල්ලලා නිවන් දැක්කා. දැන්, මෙච්චර වර්තමාන අරමුනු සමග වන දැනගැනීමේ ක්‍රියාවලිය සිදුවන මූලය ආපස්සට විමසලා, යෝනිසෝ මනසිකාරයට පත් වෙලා නිවන් දකින්න කිව්වහම බෞද්ධයෝ බලන බලන තැන මැරිලා උපදින එකක්ම කියනවා.
මැරිලා මොකක්ද උපදින්නේ? ආත්මේ නෙමෙයි, ඒක හින්දු අය කිව්වේ, ඒක වැරදියි, එහෙම එකක් නෙමෙයි "වින්යානය" කියන එක තමයි ප්රතිසන්ධිය ලබන්නේ.. එහෙමද? දැන් ඕකද සම්මා දිට්ටය? නිවැරදි-දැක්ම? දැන් ඕක සම්මා දිට්ටයනම් ඇයි තාම මාර්ගඵල ලබල නැත්තේ?
ඕක ආත්මේ කිව්වත්, වින්යානේ කිව්වත්, ධම්රෝ ෆ්‍රිජ් එකක් මැරිලා උපදිනවා.. කිව්වත් ඔය හැම තැනම සක්කාය දිට්ටය තියෙන්නේ. අවිද්‍යාව.
ඉතින් කරන්න තියෙන්න ඉන්න දෘස්ටීන් ගැන විපස්සනා තරන එක. හරි "වින්යානය" ආයේ උපදිනවා. මොකක්ද "වින්යානය" කියන්නේ? "වින්යානය" කියපු ගමන් මොකක් හරි අර්ථයන් එයි ඔයාලා අහල හෝ කියවලා තියෙන දේවල් වලට සාපේක්ශව. එතකොට ඒ ඒ අවස්ථාවල බාහිර අරමුනු මත, ඇසීම හෝ පෙනීම මගින් ලැබුන, අරමුනු වල යථා ස්වභාවය නොදැක, ඒවා නිත්‍ය, ආත්ම විදිහට අරගෙන නේද? එතන තමයි "ඇහුන/ පෙනුන දේ" සහ "ඇහුන/ පෙනුන ඔයා" උපදින්නේ. ඉතින් එහෙම අසිහියෙන් සකස් කර ගත්ත පැවැත්මක් හෝ ඇති/ නැති බවක් හෝ මොකක්මවත් පනවන්න බැරි දෙයක් "වින්යානය". දැන් මේක ආයේ උපදිනවා හෝ නැහැ කියන එක තව දුරටත් වලංගුද? එතකොට "උපදිනවා" කියන්නේ මොකක්ද ආයෙත්?
මේ හෑල්ල කියවද්දි වෙන්නෙත් ඕකම තමයි. රැවටිල්ලක් විතරයි. රැවටෙනකන් සසර තුලම තමයි.
බුදුහාමුදුරුවෝ උනත් කියලා තියෙන්නෙ මෙවා මං කියන පලියට විස්වාස නොකරන හොයලා balapiyaw කියල.
*කරල බලපියව්
මොකද හොයලා බලද්දි නිවන් දකින ඉතා සුලු පිරිසක් ඉන්නවා. ගොඩක් අයට ස්ටෙප් බයි ස්ටෙප් ටික ටික ප්‍රතිපදාවක් විදිහට යන්න ඕනේ. කායික සංවර සීලය ඉදන් සික්ෂා පනවලා, භාවනා කරන ඉරියව්වේ ඉදන් පැහැදිලි කරලා කිවවේ ඕන කෙනෙක්ට නිවන් දකින්න පුලුවන් වෙන්න.
සමහරුන්ට වචන දෙකක් ඇහෙද්දි ලැබෙන මාර්ගඵල, සමහරුන්ට විදර්ශනා මාර්ගය අවුරුදු 10 වඩලා ලැබෙන්න පුලුවන්. එතෙන්දි තමයි මිත්‍යා දිට්ටියක් වුනත් ශ්‍රද්ධාව වැදගත් වෙන්නේ. මොකද, "ඔය ඔක්කොම බොරු" කියන නියත මිත්‍යා දිට්ටයේ ඉන්නවට වඩා, "මේවා ඇත්ත" කියන මිත්‍යා දිට්ටයේ ඉන්න එක හොදයි. ඒ නිසාම මාර්ගය වඩද්දි නිවන් දකියි අන්තිමට. ඒත් දැන් මාර්ගය වඩන එකෙක්වත් නැහැ. වඩපු මාර්ගෙකුත් නැති, ලබපු මාර්ගඵලත් නැති, දැකපු නිවනකුත් නැති, අනිත් අයට නිවන් දකින්න බන කියන අය ඉන්නේ.