මේ ගැන ඔයාලා මොනාද හිතන්නේ??

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ........
අත හැරියත් ඔබ මගේ අතින් මට දෙනුනෙ නෑ......
විලවුන් තවරා ඔබ ලන් වූවත් මට සුවද නෑ..........
මිතුරියන් අතරෙ මා ගැන කිව්වට මම තරහ නෑ.......

ඇයි කළේ ......
මුළු හදින්ම ඔබ මට ආදරේ........
නැතිදෝ ඔබ මා ගැන දන්නේ..................
මං නෑ කළේ ......
කිසි දිනකදි ඔබ හට ආදරේ..............
නැතිදෝ ඔබහට එය වැටහුනේ..................
//








ඔය ඇස් රතුවෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ.........
මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනේ නෑ.............
මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ...........
ඔය මොනාව වුනත් ඔබ දුන් සැමදේ යළි දෙන්නේ නෑ...

ඇයි කළේ ......
මුළු හදින්ම ඔබ මට ආදරේ........
නැතිදෝ ඔබ මා ගැන දන්නේ..................
මං නෑ කළේ ......
කිසි දිනකදි ඔබ හට ආදරේ..............
නැතිදෝ ඔබහට එය වැටහුනේ................




නැතිදෝ ඔබහට එය වැටහුනේ.................. :dull:


Thanks aiya
3.gif
 
මුලින්ම සුබ පැතුම් සිංහල භාවිතය ගැන.
කවි සිතුවිල්ලකදී අදහසක් දෙයක් නිර්මාණය කිරීම සහ ප්‍රායෝගික ජීවිතයේ දී එය ගළපා ගැනීම යන දෙක අහසට පොළොව මෙන් නොපෑහෙන දෙකක්.
ආදරයේදී නම් සම්මතයට පිටුපා යෑමත් වරදක් නේ.වැරදි කර කර වෛර කරන්න එපා කීම විහිළුවක් වගේ මට නම් හිතෙන්නේ.


ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ


ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
අප එක්වෙළා කුමටදෝ

මේ ගැන ඔයාලා මොනාද හිතන්නේ?? මේ වගේ දෙයක් කෙනෙක්ට වෙන්න පුළුවන්ද ??? ඒ වගේ දෙයකදි ඒක වැරැද්දක්ද ?

:rolleyes::rolleyes::rolleyes:

PS:This is not relevant to me (Thanks amila_90210 aiya for Unicode)


මේ සින්දුවෙ මේ කියන දෙන්නා එයාගෙ බිරිදයි (පෙම්වතී?)අම්මයි....
(ඕන තරම් මේ වගේ දේවල් වෙනවා.ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
අප එක්වෙළා කුමටදෝ-, මෙතනින්ම කාරණය පැහැදිලියි නේ
)මේ වාද කරන්නේ කුමක් ගැනද කියා මට නම් තේරෙන්නෙ නෑ.Anjala අහන්නේ මේ ගැන නිවරදි වැටහීමකින් නොවේද කියලත් හිතෙනවා.සමස්තයක් විදිහට සිංදුවේ අර්‍ථ දෙකක් පේනවා.(මෙහි රචකයා කියා ඇති පරිදි)එකක් පෙම්වතුන් දෙන්නෙක් ‍හෝ පෙම්වතියන් දෙන්නෙකුට එකවර ආදරය(ආශා?) කිරීමක්. අනික මව ගේ සෙනෙහස හා පෙම්වතියගේ ප්‍රේමය අතර ගැටුම.
මේ දෙක කවරක් වුවත්මනුශ්‍යත්‍වය පැත්තෙන් බැලූ විට දෙකම ශොචනීයයි.වැරදියි.සම්මතයට පටහැනියි.(කරුනාකර ඉහත වචන නිවැරදිව තේරුම්ගන්න)
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    [සමස්තයක් විදිහට සිංදුවේ අර්‍ථ දෙකක් පේනවා.(මෙහි රචකයා කියා ඇති පරිදි)එකක් පෙම්වතුන් දෙන්නෙක් ‍හෝ පෙම්වතියන් දෙන්නෙකුට එකවර ආදරය(ආශා?) කිරීමක්. අනික මව ගේ සෙනෙහස හා පෙම්වතියගේ ප්‍රේමය අතර ගැටුම.
    මේ දෙක කවරක් වුවත්මනුශ්‍යත්‍වය පැත්තෙන් බැලූ විට දෙකම ශොචනීයයි.වැරදියි.සම්මතයට පටහැනියි.(කරුනාකර ඉහත වචන නිවැරදිව තේරුම්ගන්න)[/COLOR][/SIZE]

    මට පැහැදිලි නැහැ ඇයි මව සහ ලේලිය අතරට මැදිවෙන පුතාගේ ප්‍රශ්නය සම්මතයට පටහැනි වෙන්නේ කියලා..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට පැහැදිලි නැහැ ඇයි මව සහ ලේලිය අතරට මැදිවෙන පුතාගේ ප්‍රශ්නය සම්මතයට පටහැනි වෙන්නේ කියලා..
    මටත් ඕක හිතුනේ මෙයා කිව්වම...ලේලි නෙවෙ පුතාගේ පෙම්වතිය..අම්ම එනවා සම්බන්ධේ මැද්දට.අම්මගෙ ඉල්ලීම නිසා ආදරය නිමා කරන්න වෙන සිදු වීමක් :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් ඕක හිතුනේ මෙයා කිව්වම...ලේලි නෙවෙ පුතාගේ පෙම්වතිය..අම්ම එනවා සම්බන්ධේ මැද්දට.අම්මගෙ ඉල්ලීම නිසා ආදරය නිමා කරන්න වෙන සිදු වීමක් :)

    ඔව්..ඒ වගේ දේවල් සිද්ධ වෙනවා... හැබැයි විවාහක පිරිමියෙක් තවත් පෙම්වතියක් ඇසුරු කරනවානම් ඒක සම්මතයට පටහැනියි..