මොකක් හරි සෝන්ග් එකක් හිට් වෙන්නේ ඒකෙ හදවතට දැනෙන රසයක් තියෙන නිසා ඒ රසය අර්ථ රසය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ශබ්ද රසය වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් මේ දෙකේම එකතුව වෙන්න පුළුවන්....වෙනත් රටක හිට් වෙච්ච ඒ වගේ ගීතයක් එක්කෝ භාෂාව වෙනස් කරලා එහෙම නැත්නම් තනුවේ පොඩි වෙනසක් කරලා මෙහෙ නිර්මාණය කරාම මෙහෙත් හිට් වෙනවා තමයි....මොකද ඒ සින්දුව හිට් වෙන්න අවශ්‍ය රසවත් බව අර වගේ පොඩි වෙනස්කම් කරා කියල නැතිවෙන්නේ නැති නිසා අනිත් එක ඒ සෝන්ග් එක ඒ භාෂාවෙන් අපි අහල තියෙන්නත් පුළුවන් මීට කලින්, ඒ වගේ නිතර ඇහෙන කොටත් හිට් වෙන සොන්ග්ස් තියෙනවනේ...ඉතින් ඕකට අපේ ආටිස්ට් ලගේ දක්ෂතාවය කියන්න පුලුවන්ද....අපේ කට්ටිය කරලා තියෙන්නේ පොඩි වෙනස්කම් ටිකක් විතරයි, හරියට අපේ රටේ හදන වාහන වගේ...ඕනි කරන ප්‍රධාන කොටස් ඔක්කොම ගෙන්නලා ඒවා එකලස් කරන එකනේ මෙහෙ කරන්නේ, ඊට පස්සේ අපේ නමකින් එලියට දානවා....ඒක කමක් නෑ මොකද ඒ වගේ ලොකු නිෂ්පාදන කරන්න අපේ රටේ සම්පත් නැති හින්ද, ඒත් ගීත නිර්මාණය කරන්න එහෙම ප්‍රශ්නයක් නෑ නෙව...එහෙනම් ඇයි අපිට බැරි අපේම මෙලඩි වලින් ලස්සන සොන්ග්ස් හදන්න......? මම මේ එක සින්දුවක් ගැන විතරක් කියන්න හිතුවේ නෑ ඔය පරණ කොපි කරපු ඒවත් එක්කම තමයි කියල තියෙන්නේ....