මේ දෙන්නව හඳුනාගන්න කැමතිද? G3A3 and HK MP 5

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මේ දෙන්නව හඳුනාගන්න කැමතිද? G3A3 and HK MP 5

    isaf_1025bjbd-tfb.jpeg



    ලෝකයේ තිබෙන විවිධ ගිනි අවි වර්ග ගැන මා ඔබට සෑහෙන තරම් කරුණු කියාදී තිබෙනවා. නමුත් කවදාවත් එක පුද්ගලයකුට බැහැ ලෝකයේ තියන සියලුම ගිනි අවි ගැන තම ජීවිත කාලය තුලදී ලියා අවසන් කරන්න. එයට හේතු කීපයක් තියනවා.
    අපි නොදන්නා, රහසිගතව තබාගෙන ඇති, ගිනි අවි වර්ග සමහර රටවල තිබෙනවා. විවිධ අලුත් ගිනි අවි මෝස්‌තර, අපි නොසිතන තරම් වේගයෙන්, නිරතුරුව බිහිවෙනවා. මේ නිසා වාර්ෂිකව අළුත් ගිනි අවි පිළිබඳ ජර්නල්, (තාක්ෂණික විස්තර පොත්) නිකුත් වෙනවා. සමහර ගිනි අවි වර්ග දැක තිබුනත්, ඒවා ගැන තාක්ෂණික තොරතුරු රහසිගත නිසා, ලබාගන්නට බැහැ. ප්‍රධාන මෝස්තරය එක වුනත්, ලෝකයේ සමහර රටවලදී, හැඩය විවිධ වෙනස්කම් වලට භාජනය කල අවි තිබෙනවා.

    සාමාන්‍යයෙන් මම ඔබ සමග බොහෝවිට සාකච්ඡා කරන්නේ, ඔබ අපේ රටේ පාරතොටේ යනවිට, අපේ ආරක්ෂක හමුදා අතේ තිබෙනු දකින්නට ලැබෙන අවි ගැනයි. ඒ අවි ගැන ඔබට තිබෙන කුතුහලය එයින් තරමක් දුරට සංසිඳේ යයි මා සිතනවා. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් මම වක්‍රව අවි පුහුණුවක් දෙනවා කියලා. නමුත් හොඳින් මතක තබාගන්න. බයිසිකලයක් අතින්වත් අල්ලලා නැති කෙනෙකුට පුළුවන්ද, බයිසිකල් පැදීම ගැන දීර්ඝ විස්තරයක් කියවා, එක වරම බයිසිකල් පදින්න. බයිසිකලය දැකලා තියන නිසාත්, මිනිස්සු බයිසිකල් පදිනවා දැකලා තියන නිසාවත් සමහරවිට සෑහෙන සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙයි. නමුත් ගිනි අවි එහෙම නෙවෙයි. ඔබ දන්නවා ක්‍රියාදාම සහ යුද්ධ චිත්‍රපටිවල තුවක්කු හරඹ පෙන්වන හැටි. නමුත් ඒ දර්ශන වල ඉතා කලාතුරකින් තමයි පෙන්වන්නේ,


    වෙඩි තැබීම සඳහා මුලින්ම තුවක්කුව සූදානම් කරන ආකාරය,
    පතරොම් හිස්වූ විට පුරවන ආකාරය,
    වෙඩිතැබීමකදී තුවක්කුව හිර වුනොත් එය නිවැරදි කරගන්නා ආකාරය,
    තුවක්කුවේ සියලු කොටස්වල ක්‍රියාකාරිත්වය, ආදිය.

    මා ඔබට කියාදෙන කරුණු වලදීත්, මා ඉතා ගැඹුරට නොයන්නේ, මගේ පරමාර්ථය ඔබට සරල අවබෝධයක් ලබාදීම විනා, අවි පුහුණු පන්තියක් පැවැත්වීම නොවන නිසයි. කවුරුන් හෝ මෙවැනි සටහනක් මගින් එසේ අවි පුහුණුවක් දෙන්නට උත්සාහ කරනවානම්, එය හරියට තැපෑලෙන් පිහිනීම උගන්න උත්සාහ කිරීමක් වගේ. කවදාවත්,


    1. අවිය,
    2. පුහුණුවන්නා,
    3. පුහුණු උපදේශක,​

    එකතැන නොසිට අවි පුහුණුවක් ලබාදිය නොහැකියි. වීඩියෝවක් මගින් පෙන්නුවත්, අවිය අතට ගත්තමයි රඟේ තේරෙන්නේ. “තේරුනේ……දැන් තමයි” හොඳයි ,එහෙමනම් අද මා රැගෙනවිත් තිබෙන අවි එළියට ගන්නම්. අපි මුලින්ම මේ දෙකෙන් ලොකු අවිය ගැන ඉගෙනගනිමු.


    G3A3 ප්‍රහාරක රයිෆලය – G3A3 Assault Rifle

    hk2091.jpg


    මේ අවියේ උපත 1959 වර්ෂය තරම් ඈතට දිවයනවා. විශේෂත්වය වන්නේ මෙය අදටත් ලෝකයේ සමහර රටවල පාවිච්චි කරන අවියක් වීමයි. මේ අවිය අපේ යුද හමුදාවට 1980 දශකයේ දී ලැබී තිබුනා. තෝරාගත් සමහර රෙජිමේන්තු වලට පමණක් නිකුත්කළ බවයි මගේ මතකය. නමුත් එය හමුදාව තුළ ‘ජනප්‍රිය’ අවියක් වුනේ නැහැ. එයට හේතු කීපයක් තිබුණා.

    මේ අවිය සෑහෙන්න බරයි.
    අපිට ලැබුණු මෝස්තරය අර T 56 අවිය වගේ මිට (බට් එක) නවන්න හෝ හකුලන්න බැහැ) ඒ නිසා එහෙ මෙහෙ ගෙනයාමේදී ටිකක් කරදරයි.
    හරියට ගැස්සෙනවා. ඒ වගේම හෙණ ගහනවා වගේ ලොකු හඬක් දෙන්නේ වෙඩි තියනකොට.
    අපිට ලැබුන මෝස්තරය අර්ධ ස්වයංක්‍රීයව වෙඩි තැබීමේ හැකියාව පමණක් තිබුන මෝස්තරයක්. එය යුද්ධ භූමියට ගැලපෙන්නේ නැහැ. (ඒ වනවිට එල්.ටී.ටී.ඊ. සංවිධානය T 56 අවිය පාවිච්චි කරන්න පටන් අරං තිබුණේ)
    ඒ දිනවලම T 56 අවිය අපටත් ඇවිල්ලා තිබුණේ. ඉතිං එයාගේ ‘වැඩ කිඩ’ දැක්කම මෙයා එපාවෙන එක අහන්නත් දෙයක්ද?
    විවිධ තුවක්කු වර්ග රාශියක් නඩත්තු කිරීම අපිවගේ දුප්පත් හමුදාවකට නොගැලපෙන නිසා G3A3 අවිය භාවිතයෙන් ඉවත් කළා.


    හැබැයි මේ තුවක්කුව ස්නයිපර් තුවක්කුවක් ලෙස ඉතා හොඳ අවියක්. නමුත් ඒ කාලේදී ඒ අදහස ක්‍රියාත්මක කෙරුනේ නැහැ. මේ තුවක්කුවේ බටයේ (බැරල්) දිග සහ තුවක්කුවේ ශක්තිමත් නිමාව අනුව නම්, මෙය ඉතා හොඳ ස්නයිපර් අවියක් බව කියන්න පුළුවන්. අපිට ලැබී තිබුන අර්ධ ස්වයංක්‍රීය මෝස්තරය පාකිස්ථානයේ නිෂ්පාදිත එකක්. නමුත් ඇත්තටම අපට අවශ්‍යව තිබුණේ පූර්ණස්වයංක්‍රීයව වෙඩි තැබීමේ පහසුකමත් තිබෙන තුවක්කුවක්. මේ තුවක්කුවේ මුල්ම නිෂ්පාදනය කර තිබෙන්නේ ජර්මනියේ ‘හෙක්ලර් ඇන්ඩ් කොච් – Heckler & Koch’ සමාගම විසින්. ඒ සමාගම මෙය නිපදවා තිබෙන්නේ පූර්ණ ස්වයංක්‍රීය අවියක් ලෙසයි.

    dcb_shooting_g3_pictures.jpg

    තුවක්කුවේ තාක්ෂණික විස්තර මෙන්න
    (මේ කියන්නේ අපේ හමුදාවේ පාවිච්චි කල මෝස්තරය ගැනයි)

    තුවක්කුවේ කැලිබරය…………………………………..මිලිමීටර් 7.62 x 51
    තුවක්කුවේ දිග……………………………………………මිලිමීටර් 1025 යි
    තුවක්කු බටයේ දිග ……………………………………..මිලිමීටර් 450 යි
    තුවක්කුවේ බර (මැගසිනය රහිතව)…………………..කිලෝග්‍රෑම් 4.40 යි
    පතරොමක බර……………………………………………ග්‍රෑම් 24 යි
    වෙඩි තැබීමේ දුර සකසනයේ පාඨාන්ක………………මීටර් 200,300,400,
    විනාඩියකට වෙඩි තැබිය හැකි පතරොම් ගණන (අර්ධ ස්වයංක්‍රීය) 100 – 150
    වෙඩිල්ලක සාපේක්ෂ ප්‍රවේගය …………තත්පරයකට අඩි 2458 – 2624 අතර
    සඵල වෙඩි දුර…………………………………………….මීටර් 500 යි

    තුවක්කුවේ කොටස් සහ වෙඩි තැබීමට සුදානම් කිරීම

    g3-a3-1.jpg


    g3-a3-2.jpg


    g3-a3-3.jpg


    g3-a3-5.jpg


    g3-a3-6.jpg


    cartridge.jpg



    මේ තුවක්කුවේ මැගසිනයට පතරොම් 20 ක් දමන්න පුළුවන්. මීට කලින් ඔබ තුවක්කුවක මැගසිනය ගලවන සවි කරන හැටි ඉගෙනගෙන තියනවා. ‘මැගසින් කැච්’ එකක් තියෙන්නේ, මැගසිනය තුවක්කුවෙන් ගලවා ඉවත් කර ගැනීමට බව ඔබ දන්නවා. මා හිතනවා මේ තුවක්කුව හඳුනාගැනීම සඳහා මේ විස්තරය ප්‍රමාණවත් වේයැයි කියා. ප්‍රශ්න තිබෙනවානම් විමසන්න. අපි දැන් යමු ඊළඟ අවිය වෙත. එය නම් බොහොම ජනප්‍රිය අවියක්. G3 A3 අවියෙන් වෙඩිතබන අවස්ථාවක් පහත වීඩියෝවෙන් බලන්න.



    මේ වීඩියෝවෙන් පෙන්නන්නේ අර්ධ ස්වයංක්‍රීය G3 A3 තුවක්කුවෙන් වෙඩි තියන ආකාරයයි. බලන්න සෑම වෙඩිල්ලක් සඳහාම ට්‍රිගරය නැවත නැවත මිරිකිය යුතුයි.




    මීළඟට බලමු සම්පූර්ණ ස්වයංක්‍රීය G3 A3 අවියෙන් වෙඩි තියන හැටි. බලන්න මේ ශක්තිමත් පුද්ගලයා කොච්චර ගැස්සෙනවද කියා. මේ තුවක්කුව හරියට ගැස්සෙන බව මා ඉහත කිව්වා මතකද?



    HK MP 5 ස්වයංක්‍රීය තුවක්කුව


    hk-mp-5-a-2-additional-photo.jpg

    මේ තුවක්කුව තරම් ජනප්‍රිය, මේ තුවක්කුව තරම් විවිධ මෝස්‌තර සහිත, මේ තුවක්කුව තරම් බහුලව භාවිත කරන, තවත් තුවක්කුවක් නැති තරම් කියලා කීමේ වරදක් නැහැ. එමෙන්ම මේ තුවක්කුව තවමත් විවිධ වෙනස්කම්, නවීකරණය කිරීම් වලට භාජනය වන තුවක්කුවක්. මේ ලිපිය ලිවීම සඳහා කරුණු සොයා බැලීමේදී මට පෙනීගියා HK MP මෝස්‌තර 30 ක් පමණ තිබෙන බව. එයින්ම පෙනෙනවා නේද මේ අවිය කොයිතරම් වැදගත් ද කියන එක. අපේ හමුදාවේ විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව මේ තුවක්කුවේ මෝස්‌තර කීපයක් පාවිච්චි කරනවා. කෙසේ වෙතත් මා මෙහිදී මුල්තැන දෙන්නේ HK MP 5 මෝස්තරයට පමණයි. ඔබ දැන් දන්නවනේ HK කියන්නේ Heckler & Koch නමැති, ගිනි අවි හදන සමාගමේ නම කියලා. එතකොට MP කියන්නේ මොකක්ද? හාපෝ……අපිටනම් මේ MP කියන වචනය දැන් එපාවෙලා නේද තියෙන්නේ අපේ MP ලාගේ වැඩ නිසා. හැබැයි මෙතන කියන්නේ ජර්මන් භාෂාවේ වචනයක්. ඒ වචනය තමයි Maschinenpistole මෙය ජර්මන් භාෂාවේදී උච්ඡාරණය කරන්නේ ‘මෂීන්පිස්තෝල’ යනුවෙන්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් Machine Gun කියන එකයි. (තුවක්කු නිසා භාෂාවත් ඉගෙනගන්න වෙනවා) මේ තුවක්කුවේ උපත සිදුවී තිබෙන්නේ 1964 තරම් අතීතයේදී. 1966 දී තමයි වෙළඳපොළට ඇවිත් තියෙන්නේ. මේ තුවක්කුවේ මුල් නිෂ්පාදන සැලසුම් කීප වතාවක්ම ‘හෙක්ලර් ඇන්ඩ් කොච්’ සමාගමෙන් හොරකම් කර තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති මෙපමණ මෝස්‌තර අද තිබෙන්නේ.

    මුලින්ම තුවක්කුවේ තාක්ෂණික තොරතුරු පිළිබඳව අවබෝධයක් ලබාගනිමු. පහත දැක්වෙන්නේ ඒ තාක්ෂණික තොරතුරුයි.

    තුවක්කුවේ දිග (ස්ථිර බට් එක සහිත මෝස්තරය)…සෙ.මී. 68 යි (අඟල් 26.77 යි)
    හැකිලිය හැකි බට් එක සහිත මෝස්තරයේ දිග…සෙ.මී.66 යි (අඟල් 25.98 යි)
    අවියේ බර (ස්ථිර බට් එක සහිත මෝස්තරය)…කිලෝග්‍රෑම් 2.54 යි (රාත්තල් 5.59යි)
    මැගසිනය රහිතව අවියේ උස …සෙ.මී.62 යි (අඟල් 10.2 යි)
    විනාඩියකදී වෙඩි තැබිය හැකි පතරොම් ගණන …800 යි (මෝස්තරය අනුව අඩු වැඩි වේ)
    උණ්ඩ පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය …තත්පරයකට මීටර් 400 යි (අඩි 1312 යි) (මෝස්තරය අනුව අඩු වැඩි වේ)
    ප්‍රතිඵලදායි වෙඩි තැබීමේ දුර …මීටර් 200 යි (අඩි 656 යි)
    මැගසින් වර්ග …පතරොම් 15, 20, 30, 32, සාමාන්‍ය මැගසින් හෝ පතරොම් 100 රවුම් මැගසිනය

    තුවක්කුවේ කොටස් මේ රූපයෙන් බලන්න.(සරල හැඳින්වීමක් පමණි)

    hk-mp-5-a-21.jpg

    HK MP වර්ගයේ ප්‍රධාන මෝස්‌තර දෙක තමයි මේ.

    two-main-types.jpg

    අපේ හමුදාවේ පාවිච්චි කරන වෙනත් HK MP මෝස්‌තර

    mp5k-mp5ka1.jpg


    hk-mp-5-k1.jpg

    මේ මෝස්තරයේ විශේෂත්වයක් තිබෙනවා. රතු ඊතල වලින් පෙන්වන්නේ එයයි. බලන්න සේෆ්ටි ලිවරය Single කියන තැනට දැම්මොත් ට්‍රිගරය මිරිකන එක වරකට එක උණ්ඩයක් පමණයි පිටවෙන්නේ. හරියට අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවක් වගේ. ඊළඟට Three Burst කියන තැනට සේෆ්ටි ලිවරය දැම්මොත් ට්‍රිගරය මිරිකන වාරයක් පාසා උණ්ඩ තුන බැගින් පිටවෙනවා. අන්තිමට තියෙන්නේ Full Auto Mode එක. එතනට සේෆ්ටි ලිවරය දැම්මම මැගසිනයේ පතරොම් අවසන් වනතුරු සම්පූර්ණ ස්වයංක්‍රීය ක්‍රමයට වෙඩි තියන්න පුළුවන්. පහළින්ම තියන සුදුපාට තැනට සේෆ්ටි ලිවරය දැම්මම, තුවක්කුව ලොක් වෙනවා.

    දැන්නම් විස්තර කතාකරා ඇති නේද. මේ අවියේ එක එක මෝස්‌තර ගැන කියන්න ගියොත් ලිපි දහයක් විතර ලියන්න වෙනවා. ඔබට එපාවෙයි එකම අවිය ගැන එච්චර විස්තර ලිව්වම. ඉතුරු දේවල් වීඩියෝ වලින් බලමු.

    තුවක්කු පිස්තෝල වලට සයිලන්සර් සවි කරන්න පුළුවන් බව මම ඔබට කියලා දුන්නනේ ‘තුවක්කුවක කට වැසීම’ ලිපියෙන්. මෙන්න බලන්න සයිලන්සරය සහිත HK MP 5 W මෝස්තරයේ තුවක්කුවකින් වෙඩි තියන හැටි.




    තුවක්කුව දෙස පමණක් බලනු


    කොහොමද ‘තුවක්කුව’ ? +++ නේද? ඉතිං අදට මා ඔබෙන් සමුගන්නවා. ප්‍රශ්න තියනවනම් අහන්න. ඉදිරි කාලයේදී තවත් මෙවැනි තුවක්කු ගැන කතා කරමු.

    මේ ලිපියේ සමහර පින්තුර අනතර්ජාලය වෙතින්ද, තවත් සමහර පින්තුර මගේ පුස්තකාලයෙන්ද ලබාගත් ඒවාය.




    උපුටා ගත්තේ අසමි දකිමි සොයමි වෙබ් අඩවියෙන්...

    විශේෂයෙන් කියන්න ඕන අද මගේ රෙප් පවර් එක 6ක් උනා..එළකිරි එකට ඇවිත් අවුරුදු 4කුත් උනා අද ඉදන් ඉතින් 6 ඒවම පලන්න පුළුවන්..රෙප් කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩුව හෙක්ලර්&කොච් නම් තව වෙන කතා කුමට ද පුතා..............!!!:cool:
    HKMP5 මම පෞද්ගලිකව ඉතාම ප්‍රිය කරන ගිනි අවියක්.
    කොහොමත් හෙක්ලර්&කොච් කියන්නේ රජ බඩුය...........ඒවාට අලගු වත් තැබිය හැකි වන්නේ ස්මිත්&වෙසන් අවි වලට පමණි.
    +8
     
    • Like
    Reactions: s.a.s

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Good thred machan... machan oya 9mm wage pistol ekak ganat dapankoo.. umba damma nam ehema thred ekaka link eka mata ewapankoo... asai ehema ekak gana dana ganna.
     
    • Like
    Reactions: s.a.s